අප මෙම ව්‍යාපෘතිය සිදුකරනුයේ ශ්‍රී ලංකාවේ පවතින වර්ගික සහජීවනය, ආගමික විවිධත්වය ආදිය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනයට සහ ශ්‍රී ලංකාවේ වාර්ගික සහජීවනය සම්බන්ධව පුළුල් වූ දැනුමක් ලබා ගැනීමටයි.මෙහිදී අප අපගේ සොහොයුරු සොහොයුරියන් අතර ශ්‍රී ලංකාවේ පවතින සිංහල, දමිළ ,මුස්ලිම් , බර්ග ඇතුළු සියලු ජාතීන්ගේ විවිධත්වය සහ ඔවුන්ගේ පවතින සංස්කෘතිවල වෙනස , ආගමික පසුබිම,භාෂාමය වශයෙන් පවතින විවිධත්වය , ජාතීන් අතර සුහදව කටයුතු කිරීම ,භාෂාමය ඥානය දියුණු කිරීම , ජීවිතයට නවමු අත්දැකීම් ලබා ගැනීම යන කුසලතා වර්ධනය කිරීමට වැඩි නැඹුරුතාවයක් දැක්වුහ.
අපගේ මෙම ලියෝ සමාජ ව්‍යාපෘතිය යාපනය විශ්වවිද්‍යාලහි සොයුරු සොයුරියන් කිහිප දෙනෙකු සහ කොළඹ විශ්වවිද්‍යාලීය අප සහෝදරියක් සහ තවත් මිතුරන් සහභාගී වන ලදී.
මෙහිදී අපගේ සොයුරු සොයුරියන් ලබාගත් පෞද්ගලික අත්දැකීම් මෙන්ම අදාල ස්ථානවල සංචාරය කිරීමෙන් , සාමූහිකත්වයෙන් යුතුව ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් ලද අත්දැකීම් සමූහයකගේම සම්පින්ඩණ්ඩනයක් ලෙස අපට මෙම ලිපිය සකස් කිරීමට අවස්ථාව ලැබුණි.
මෙහිදී ප්‍රමුඛ වශයෙන් ශ්‍රී ලංකාවේ භාෂාමය වශයෙන් පවතින සුන්දරත්වය , සාමූහිකව කටයුතු කිරීමෙන් අන්‍යෝන්‍ය වශයෙන් භාෂාව වර්ධනය කරගත හැකි ආකාරය , භාෂා හැසිරවීමට ලබන පෲටුල දැනුම මෙන්ම ශ්‍රී ලංකාවේ පවතින සෞන්දර්යාත්මක විවිධත්වය පිළිබඳව පුළුල්ව විමර්ශනය කළ හැක.
අපගේ මෙම ලියෝ ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ වූ සොයුර සොයුරියන්ගේ අත්දැකී වලින් බිඳක් මෙසේ ගෙනහැර පා දැක්විය හැකිය.
අතීතය සුවපත් කරමින් සතුට සහ සෙනෙහස පිරි මිතුදම් කරා 🤍
තිස් වසරකට අධික කාලයක් මුළුල්ලේ අඳුරු යුගයක සෙවණැලි වලට යටවී ඔවුන් විඳි පීඩා අනන්තය. අප්‍රමාණය. උදාවන අනාගතය අප සැමට සුන්දර එකක් වනු ඇත. සංස්කෘතීන් ද්විත්වයක සුන්දරත්වය එකට මුසු කරමින් මෙවර අපි ඔවුන් හා ප්‍රථම වතාවට සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ සැබෑම අර්ථය ගෙන ඒමට මෙලෙස වෑයමක් දැරූවෙමු. එදා අපි බෙදාගත් සතුට, සිනහව හා නැවුම් කරගත් මිතුදම්හි සුන්දරතම අවස්ථා මෙලෙස සටහන් කර තබන්නෙමු.✨
Healing the
past and embracing new friendships with love and happiness
They have
lived enough under the shadow of a dark era full of terror for more than 30
years. A better future awaits for all of us. Embracing the beautiful
differences in our cultures, we were able to bring out the true meaning of
"Sinhala and Tamil New Year", for the first time with them. Here is a
glimpse of all the moments full of happiness , love and laughter we shared
together.
A.M.D.D.S.Amarasekara
Kilinochchi
Bharathipuram
මෙරට තිස් වසරක් පැවති කුරිරු ත්‍රස්තවාදයෙන් පසුව යළිත් ශ්‍රී ලංකාව එක්සේසත් වී
ජාති භේද වලින් තොරව සෑම දෙනාම එක්සත්ව එක්සිත්ව කටයුතු කළ යුතු බවත් එහි පවතින වටිනාකම වැදගත්කම පිළිබඳව මනාව ඉස්මතු කොට දැක්වීමට මෙම ප්‍රකාශයන් සමත් වේ.
ඔවුන් සමග සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමෙන් උතුර ප්‍රදේශයේ ජනතාවගේ පවතින ඔවුන්ගේ භාෂාවන් අපට හුරුපුරුදු කරගනිමින් සන්නිවේදනය කිරීමත් ඔවුන්ගේ සංස්කෘතික විවිධත්වයෙන් යුතුව සිංහල හින්දු නව අවුරුදු සැමරීම සහයෝගය යුතුව සිදුකිරීම තුලින් අප ජාතීන් අතර පවතින භාෂාත්මක සන්නිවේදන හැකියාවන් වර්ධනය වීම , භාෂාමය සහයෝගීතාවයන් වර්ධනය වීම, ජාතීන්ගේ විවිධ සංස්කෘතිකාංගයන් පිළිබඳව අප තුළ පවතින සහයෝගිතාවයන් වර්ධනය වීම මෙය හරහා සිදුවන ලදි .
එය මනාව සනාථ
සංස්කෘතීන් අතර පවතින සබැඳියාව , ආගමික වශයෙන් පවතින සහයෝගීත්වය ශ්‍රී ලාංකිකයන් වන අපට මාණික්‍යයක් බඳු ආශිර්වාදයකි .මේ පිළිබඳව පුළුල් වූ අදහස් ගොන්නක් පහත පරිදි ගොනුකොට දැක්විය හැක.
“ යාපනය
තල්ගස්,කෝවිල් මැද්දට වෙහෙර විහාර වලින් පරිපූර්ණ
බෞද්ධ
පන්සලක්
කිය්න්නේ හරි අමුත්තක් නේද ?
ඔව්.
ඒ සබැඳියාව කෙනෙක්ට කියන්න පුලුවන් ගැලපෙන්නේ නෑ කියලා.
එහෙම කියන කෙනෙකුට
පෙන්නන්න පුලුවන් තැනක් යාපනේ විශ්වවිද්‍යාලේ කිලිනොච්චි පරිශ්‍රයේ තියනවා.
ඒ සරසවි විහාරය
විශ්ව විද්‍යාල දරු දැරියන් හුගක් දෙනෙකුගේ දාඩිය මහන්සියේන් නිම උනු
ලස්සන තෝතැන්නක් .
පෝයට නොවරදවාම ඇහෙන බුදුගුණ ,බණ පද එක්ක සිංහල බෞද්ධ අපේ විතරක් නෙවේ,දමිළ කතෝලික වගේම අපේ මුස්ලිම් මිතුරු කැලත් එකට එකතු වෙන හරි අපූරු සංහිදියාවේ
මූලස්ථානයක් ඒක.
වෙසක් පොසොන් කාලෙට
බැති ගී වලින් දන්සැල් වලින්
වලින් කිලිනොච්චි පරිශ්‍රයම
එලිය කරන්න වට පිටාවම බුදුගුණ වලින් පුරවන්න අපේ සරසවි විහාරයට පුලුවන්
වෙසක් සද අරවියල් අහසට පායනකොට තියන ලස්සන
බලන්න නම් මෙහෙ එන්නම වෙනවා.”
“ This place in located in Mullaitivu
district and it was our first field visit in university life. As a catholic
girl that was a brand new experience to me. The sacred Hindu kovil is a
stunning display of vibrant colors and intricate designs. The exterior of the
kovil is adorned with intricate carvings and sculptures, depicting various gods
and goddesses from Hindu mythology. The walls are painted in bright hues of
red, yellow, blue, and green, creating a mesmerizing visual spectacle.
As you enter the kovil, you are
greeted by a riot of colors, with every inch of the interior covered in
elaborate paintings and decorations. The ceilings are adorned with intricate
mandalas and geometric patterns, while the floors are decorated with colorful
tiles and intricate mosaics.The main sanctum of the kovil houses a beautifully
crafted idol of the presiding deity, adorned with colorful silk robes and
garlands of fresh flowers. The idol is surrounded by offerings of fruits,
sweets, and incense, creating a sense of peace and serenity.
The beauty of the sacred Hindu kovil
lies not only in its colorful decorations but also in the spiritual energy that
permeates the space. It is a place of worship, meditation, and contemplation,
where devotees come to seek blessings and connect with the divine.”
“ ஓர் ஆவணி மாத அந்திப்பொழுதது;
காதுகளாலும் காகிதங்களாலும் கேள்விப்பட்ட அந்த திருவிழாவைக் காணச்சென்றிருந்தேன்;
கந்தனவன் விழாக்கோலம் காண
அந்த நிலா கூட சற்று முன்னதாகவே வந்திருந்தது;
தவில் முழங்க;
நாயனம் ஒலிக்க;
பூமழை நடுவிருந்து மயிலேறி வந்த ராஜன் முருகனின் காட்சி;
அலங்காரக் கந்தன் அவதாரம் பூண்டு நல்லூர்ப்பதி உலவினான்
தமிழிறையோன் தங்க முருகன்;
தணல் பறக்கும் தீப்பந்தங்கள்;
நாற்திக்கும் சனம் கூடி அனல் பறக்கும் விவாதங்கள்;
அரோகரா கோசம்;
சுற்றம் கமழ சந்தன வாசம்;
சேலையைத்துரத்தும் வேட்டி சால்வைகள்;
மாலையை மயக்கும் இசை வேள்விகள்;
எறும்புக் கூட்டம் செல்வது போல பிரதட்டை ஒருபுறம்;
சலசலவென்று சல்லாரிச் சத்தம் இன்னொரு புறம்;
மண்கோபுரம் கட்டி மகிழும் மழலைகளும்;
தீப்பந்தமிருந்து தெறிக்கும் செந்நிறத் திவலைகளும்;பண்பாட்டின் மணம் கமழ அந்த திருவிழாவை உருவகித்ததற்கு என்னுயிர் தான் சாட்சி;
ஓம் சரவணபவ.....”
Dharshani Xavier
University of Jaffna
: භාෂාමය වශයෙන් පවතින වෙනස වෙස්වලාගත් ආශිර්වාදයකි.අප සියල්ලෝම රටේ පවතින ප්‍රධාන භාෂා තුන පිළිබඳව හෝ කිසියම් දැනුමක් තබා ගැනීම අප සැමගේම සුභ සිද්ධිය තකා රුකුල් වන්නේය.එය ඉහත ප්‍රකාශවලින් මනාව ප්‍රකට වේ.
දමිළ කෝවිල් වලින් වටවූ පෙදෙසක බෞද්ධ පන්සලක් දැකීමෙන්
ශ්‍රී ලංකාවේ සංස්කෘතික වශයෙන් මෙන්ම ආගමික වශයෙන් පවතින සහජීවනය මනාව ප්‍රකට වේ.
භාෂාවේ වශයෙන් පවතින දුරස්ථභාවය ඉක්මවා රටේ සියලු ජාතීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් සියලු දෙනාටම මනාව එකිනෙකා සමග සන්නිවේදනය සිදුකළ හැක.සාමය සතුට සහජීවනයෙන් පිරි හෙටක් නිර්මාණය කළ හැක.
විවිධ ජාතීන් නමුත් එකම රටක ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත්වීමෙන් ලබාගත හැකි සතුට මෙන්ම අත්දැකීම් පහත රූප රාමු පෙළෙන් මනාව ප්‍රකට වේ.
ශ්‍රී ලංකාව බහු සංස්කෘතික , බහු ආගමික භාෂාත්මක විවිදත්වයෙන් යුක්ත රටකි. ශ්‍රී ලංකාවේ උතුරු කෙළවරේ සිට දකුණු කෙළවර දක්වා අධ්‍යයනය කළහොත් එකිනෙකට වෙනස් සංස්කෘතීන් ,ආගම්, ජාතීන් , භාෂා ගොන්නක් පිළිබඳව අපට හැදෑරිය හැක.
ශ්‍රී ලංකාවේ උතුරු කෙළවරේ ඇති ආගමික,
සංස්කෘතික ,සාමාජීය , ආර්ථික
මෙන්ම පාරිසරික විවිධත්වය පිළිබඳව කොළඹ ඇසින් දුටු අප ලියෝ සාමාජික සොයුරියගේ අත්දැකීම් මෙසේ විවරණය කළ හැක.
“එහේ ගියේම මම ඇත්තටම එහේ culture එක ගවේෂණය කරන්න.ඒ ටිකේම එයාලගේ කෑම ජාති කෑවේ.අපේ කොළඹ කෑම මිලත් එක්ක එහි කෑම මාර අඩුයි.හනයි ඩ්‍රාෆ්ට් දූපතේ නම් කෑම ගණන්.මොකද පැය එකහමාරක් බෝට්ටුවේ ගමනක් තියෙනවා.ඉතින් ඒ හැම බඩුවක්ම එහෙම
ගෙනියන නිසා කියල තමා කිව්වේ.යාපනය නගරය මාර ලොකුයි.අපේ පැත්තෙ වගේ හැම ජාතියෙම කඩ තිබ්බා.කෝවිල් වලදී නල්ලූර් කෝවිලෙදි එහෙම පිරිමි ළමයි කමිස
ගලවලා යන්න ඕනේ.නාගදීප පන්සල දැන් කොන්ක්‍රීට් වලින් හදපු තැනක් වගේ විතරයි
.ඒ අපි හිටපු ගෙදර අයිතිකාරයා කිව්වා රෑ වෙද්දි යන්න එපා අපි සිංහල හින්දා කියලා.
ඊට පස්සේ අලිමංකඩ වගේ අමතක නොවන තැන්වලට ගිහින් ඒ තැන්වල කතාව ඇහුවම හිතෙන්නේ එච්චර කැපකිරීම් කරලා ඇයි තාම ලංකාව ගොඩගන්න බැරි.ඇයි මෙච්චර ආර්ථික අර්බුදයක් ඇතිවුණේ කියලා.තාම හැමතැනම
හමුදාව
ඉන්නවා.එයාලා කියනවා තාම ගොඩක් කොටි ගම්මාන
තියෙනවා.කෑප්ම් වටේ නැවත පදිංචි කිරීම් කරවනවා කියලා.ඒ නිසා එහෙම බුරුලක් දෙන්නෙ නෑ කිව්වා.ඩෙල්ෆ් දූපත් අපි හිතුවට හරිම දුෂ්කරයි කියලා එහේ පවුල් 1500 වගේ ඉන්නවා.ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පොලිසිය වගේ හැම එකක්ම තියෙනවා.එහේ හුණුගල් තැන්පතු හැම තැනම තියෙනවා.ඒ වගේ අයිතිකාරයෝ රට ඉන්නේ.තල් රා විශේෂත් හැමතැනම තියෙනවා.අපි යන අතරමඟ හම්බුන තල්රා විකුණන තැනක්.ඒ පිරිමි අයට ගැහැණු අය දක්වාම හරිම අමුතුයි වගේ.එහේ අය හැමවෙලේම කිව්වේ එහෙ මිනිස්සුම සිංහල අය වැරදි විදිහට හිතුවට එහෙම නැහැ
හරිම හොඳයි එහේ බහුතරයකට දැන් සිංහල කතා කරන්න පුළුවන්.”
Leo club member.
අපගේ ලියෝ සාමාජිකාව ලබාගත් අත්දැකීම් වලින් බිදක් ...
ශ්‍රී ලංකාවේ උතුරු කෙළවර මෙන්ම නැගෙනහිර පළාත ද අප රටේ සංස්කෘතික වෙනස මෙන්ම පාරිසරික සුන්දරත්වය විදහාපාන ප්‍රදේශයකි.
අපගේ සොයුරු සොයුරියන් කිහිපදෙනෙකු මෙම සුන්දරත්වය විඳගැනීම සඳහා ත්‍රිකුණාමලය
ප්‍රදේශයේ සංචාරයේ යෙදුනෝය.මෙය දින තුනක සංචාරයක් වූ අතර ඔවුන් කන්තලේ වැව,
විල්ගම්වෙහෙර, උණුවතුර ලිං , නිලාවේලි වෙරළ , කින්නියා පාලම,
ලංකා පටුන ,සේරුවාවිල, මාබල් වෙරළ , ගෝ කන්න තිත්ත විහාරය තිරුකෝනේශ්වරම් කෝවිල හා නාවික කෞතුකාගාරය යන ස්ථානවල සංචාරය කළහ.
මෙම ප්‍රදේශය පාරිසරික සුන්දරත්වය අතින් ඉතා ඉහළ වටිනාකමක් පවතී.මෙම ප්‍රදේශයේ ඇති වෙරළබඩ සුන්දරත්වය සංචාරක කර්මාන්තය සඳහා මහඟු පිටුවහලක් වේ.එමෙන්ම ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට ද මෙම වෙරළබඩ ප්‍රදේශයේ වැදගත් වෙයි.මෙහි පවතින ස්වභාව සුන්දරත්වය ශ්‍රී ලංකා මාතාවගේ ප්‍රෞඩත්වය තවදුරටත් මනාව පිළිබිඹු කරයි.
: එලෙසම මෙම ප්‍රදේශයේ සිංහල ,දමිළ, මුස්ලිම් ආදී සියලුම ජාතීන්ගේ ජනතාව සහයෝගයෙන් එකමුතුකමින් ජීවත් වෙයි.මොවුන් වාර්ගික භේදවලින් තොරව සහයෝගයෙන් ධීවර රැකියාවල නිරත වේ.
එලෙසම මෙම නැගෙනහිර පළාතට අයත් ත්‍රිකුණාමල ප්‍රදේශය ඓතිහාසික වැදගත්කමින් යුක්ත බොහෝමයකට උරුමකම් කියයි.ඒවා අතර බෞද්ධ සිද්ධස්ථාන , හින්දු කෝවිල් ආදිය ප්‍රමුඛ වේ.
එමෙන්ම භූගෝල විද්‍යාත්මක අතින් ගත් කල මෙම ප්‍රදේශය භූ විෂමතා ලක්ෂණයකින් බොහෝමයකින් අනූන වේ.ඒවා අතර තුඩු ,බොකු , කලපු , වෙරළ දඹ ආදිය සමන්විතය.
සංස්කෘතික මෙන්ම ආගමික පසුබිම පිලිබදව ගතහොත් ත්‍රිකුණාමල ප්‍රදේශයට පැමිණෙන සියලු දෙනාම බෞද්ධ ඉස්ලාම්, කතෝලික ආගමික විවිධත්වයකින් තොරව තිරුකේනේෂ්වරම් කෝවිල වන්දනාමාන කරගනියි.
අපගේ මෙම ව්‍යාපෘතිය මගින් We are ஸ்ரீ ලංකා අපගේ ප්‍රමුඛ පරමාර්ථය වූයේ ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින අපගේ සමකාලීන සොහොයුරු සොහොයුරියන් , ඔවුන්ගේ අත්දැකීම් භෞතිකව අපහට දුරස්ථ වුවද මනුෂ්‍යත්වය නම් දම්වැලෙහි සංස්කෘතිය, භාෂාව නම් පුරුක් මගින් අපව එකිනෙකා හා සම්බන්ධ වී ඇති මනාව පිළිබිඹු කිරීමයි.භාෂාව, ජාතීන්, සංස්කෘතිය අතින් විවිධ වුවද සැමගේම හදවත් තුළ පවතින්නේ එකම ශ්‍රී ලාංකික නාමයයි.
විවිධාකාර වූ සංස්කෘතික පසුබිම් , ආචාර ධර්ම, විවිධ වූ භාෂා ශෛලීන් , ඒවා හැසිරි විය යුතු ආකාරය
, බහු සංස්කෘතික ජන සමාජයක ඇති වැදගත්කම , අන්‍ය අදහස් වලට ,මත වලට,
ජාතීන්ට ගරු කිරීම , සාමූහිකව කටයුතු කිරීම
ආදී බහු විද වූ
අත්දැකීම් මෙම පිරිස විසින් ලබාගෙන ඇති බව මොවුන්ගේ අව්‍යාජ වූ අදහස් වලින් මනාව ප්‍රකට වේ .