Sunday, September 8, 2024

මීතොටමුල්ල කුණුකන්දේ නායයෑම [ Safe Guard - Article 06 ]

 


Safe Guard

Phase - 1

Session - 1

දශක තුනකට වැඩි අතීත කතාවකට උරුමකම් කියන මේ මහා සුවිසල් කුණු කන්ද අප රටේජන ජීවිත වලට මහත් සේ පීඩාකාරි මෙන්ම දුක්ක දායක මතක ගොන්නක් ඉතිරි කිරීමට සමත් වූ ස්තානය කි..

මීතොටමුල්ල යනු කොළඹ දිස්ත්රික්කයේ කොළඹ නගර මායිමේ පිහිටි ග්රාමයකි. මෙම ගම කොලොන්නාව නගර සභාවට අයත් වන අතර කොලොන්නාව ඡන්ද කොට්ඨාසය තුළ පිහිටා තිබේ. දෙමටගොඩ කොලොන්නාව මාර්ගයේ කොලොන්නාව තෙල් සංස්ථා දොරටුව ඉදිරිපසින් හා ඔරුගොඩවත්ත වැල්ලම්පිටිය පරණ අවිස්සාවේල්ල මාර්ගයේ ප්රධාන දුම්රිය මාර්ගයට නුදුරින් මීතොටමුල්ලට ඇතුළු වන ප්රධාන මාර්ග දෙකකි.

මිනිස් ජීවිත , දේපල වලට පමණක් නොව සත්ව හා ස්වාභාවික පරිසර පද්දතියටද මහත් පිළිලයක් ලෙස වු මෙම කුණු කන්ද 2016 දී  නායයෑමට ලක් විය.නාය යෑමට පැය කීපයකට පෙර කුණු කන්දේ ගින්නක් හට ගෙන ඇති නමුත් අවට පදිංචිකරුවන් නිවාසවලින් ඉවත් නොවීම හේතුවෙන් මරණ සංඛ්යාව තවත් ඉහළ යාමට ඉඩකඩ ඇතිබව හදිසි ආපදා බලධාරීන් AFP පුවත් සේවයට පවසා තිබේ. මෙය අන්කිසිදු ස්වාභාවික සංසිදියක ප්රතිඵල යක් ලෙසින් බිහි වූවක් නොව දශක ගනනාවක  මානව බලපෑම මතම බිහි වූවකි.

අඩි තුන්සීයක් උස මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් විනාශයට පත් නිවාස සංඛ්යාව අවම වශයෙන් හතළිහකි.කුණු කන්ද හේතුවෙන් සෞඛ් ගැටලු පැන නැගී ඇති බවට මැසිවිලි නගන ප්රදේශවාසීහු එය වෙනත් ස්ථානයක් කරා රැගෙන යන ලෙස අවස්ථා ගණනාවකදීම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.වාර්තාවලට අනුව මීතොටමුල්ලට දිනකට බැහැර කරනු ලබන කසල ප්රමාණය ටොන් අටසීයකි.මීතොටමුල්ලට කසල බැහැර කිරීම ආරම්භ වන්නේ 2008 වසරේ දී කොළඹ 'බ්ලූමැන්ඩල්' කුණු කන්දට කසල බැහැර කිරීම නවතා දැමීමත් සමගය.

Ø මරණ දාසයයි, මීතොටමුල්ලට අදත් කුණු

මීතොටමුල්ල කුණු කන්ද හා සම්බන්ධ සමාජීය ගැටලු පිළිබඳ දීර්ඝ කාලයක සිට වාර්තාකරණයේ යෙදෙන මාධ්යවේදී කසුන් පුස්සෙවෙල බීබීසී සිංහල සේවයට කියා සිටියේ කුණු කන්ද පිහිටි භූමිය පැරණි කුඹුරක් බවය.

"ගම්වාසීන්ට අනුව 1989 වසර වනතෙක් පොතුවිල් කුඹුර ලෙස හඳුන්වපු කුඹුරු යායක් මෙතෙන තිබිලා තියෙන්නේ. නමුත් එම වසරේ කොළඹ නගරයට ආපු විශාල ගංවතුරෙන් මේ කුඹුරු යාය විනාශ වී තිබෙනවා" යනුවෙන් ඔහු කියා සිටියේය.

" කාලේදී තමයි මුල්ලේරියාව නගර සභාව විසින් මේ කුඹුර ගොඩ කරලා කොලොන්නාව කොටිකාවත්ත මුල්ලේරියාව නගර සභා සහ ප්රාදේශීය සභා තුනට අදාළ කසල බැහැර කිරීම ආරම්භ වෙන්නේ"

එවකට එම බල ප්රදේශවලට අයත් කැළිකසල පමණක් මීතොටමුල්ලට බැහැර කළ බව කී මාධ්යවේදී කසුන් පුස්සෙවෙල කුණු තට්ටු මත පස් තට්ටු අතුරමින් එවකට කසල ගොඩ කිරීම් සිදු වූ බව කියා සිටියේය.

Ø ශ්රේෂ්ඨාධිකරණ නියෝග

මාධ්යවේදී කසුන් පුස්සෙවෙල පවසන ආකාරයට ආරම්භයේ අක්කර දෙකක් පමණ වූ මීතොටමුල්ල කුණු කන්ද අද වනවිට අක්කර විස්සක් පමණ දක්වා වු භූමි ප්රදේශයක පැතිර තිබේ.ග්රාම සේවා වසම්අටකට අයත් මීතොටමුල්ල කුණු කන්ද අවට තිස්දහසකට ආසන්න පිරිසක් ජීවත්වන බවත් ඔහු කියා සිටියේය.

මීතොටමුල්ලට කුණු නොදමන ලෙස ශ්රේෂ්ඨාධිකරණය පසුගිය පාලන සමයේ නියෝගයක් දුන් නමුත් එවකට සිටි බලධාරීන් එම අධිකරණ නියෝගය නොතකා දිගටම කුණු බැහැර කළ බවත් මාධ්යවේදී කසුන් පුස්සෙවෙලවැඩිදුරටත් කියා සිටියේය.කොලොන්නාව මීතොටමුල්ල නායගිය කුණු කන්දට යට වීමෙන් මරණයට පත් සංඛ්යාව දහනවය දක්වා ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා යුද හමුදාව පවසයි.

හමුදා මාධ් ප්රකාශක බ්රිගේඩියර් රොෂාන් සෙනවිරත්න බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විනාශයට පත් නිවාසවල සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයන් බේරා ගැනීමට උපරිම උත්සහ දරන බවයි. මේ අතර කුණු කන්දට යට වීමෙන් පුද්ගලයන් ගණනාවක් මරණයට පත් වී ඇතත් අදත් (2017 අප්රේල්15) එතැනට කුණු දමමින් පැවති බව ප්රදේශවාසියෙක් බීබීසී සිංහල සේවයට ප්රකාශ කළේය.

කුණු කන්ද වෙනත් ප්රදේශයකට ගෙන යනමෙන් කොතෙක් ඉල්ලීම් කළත් සඳහා බලධාරීන් කිසිදු පියවරක් නොගත් බවට චෝදනා කරන ප්රදේශවාසීහු සම්බන්ධයෙන් ඔවුන්ගේ කෝපය පළ කරති.

Ø බේරා ගැනීමේ දිවා රෑ මෙහෙයුම්

ඒවන විටද( 2017 අප්රේල්15) නාය යාමට ලක් වූ කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්දට යට බොහෝ දෙනෙකු සිර වී සිටින බව ප්රදේශවාසීහු පවසති.

ජීවිත හානි හෝ තුවාල ලැබූවන් පිළිබඳව මෙතෙක් සනාථ වූ තොරතුරැ ලැබී නැති බව පවසන ආපදා කළමනාකරණ මධ්යස්ථානය, ත්රිවිධ හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව මෙහෙයුම්වල යෙදී සිටින බව කියා සිටියි.

එම ස්ථානයට සෙනග රැස්වීම සහන මෙහෙයුම්වලට බාධාවක් බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ නියෝජ් අධ්යක්ෂ ප්රදීප් කොඩිප්පිලි, එබැවින් එහි රැස්වීමෙන් වලකින මෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අනතුරට ලක්වූවන් පිළිබඳව තොරතුරු සොයා බැලීම සහ සහන සේවා ඇතුළු ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳව විමසීම පිණිස 117 දුරකථන අංකය  ක්රියාත්මක වේ.

Ø මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් 'නිවාස 60 ක් විනාශයි'

කුණු කන්දේ හටගත් ගින්න නිවා දැමීම පිණිස ශ්රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදාගෙන තිබේ.කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නාය යාම හේතුවෙන් අසල පිහිටි නිවාස 60 කට වැඩි ප්රමාණයක් යට වී ඇති අතර ජීවිත හානි සිදු වී ඇතැයි වාර්තා ලැබී තිබෙන බව එස්එම් මරික්කාර් මන්ත්රීවරයා පවසයි.

කුණු කන්ද නාය යාම හේතුවෙන් සියයකට අධික පිරිසක් පීඩාවට පත් වී සිටින්නේ යයි අනුමාන කළ හැකි බවත් මන්ත්රීවරයා බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.දහම්පුර ප්රදේශයේ හටගත් නාය යාමෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීම පිණිස හමුදාව සහ විශේෂ කාර්ය සාධක බලකාය කැඳවා තිබෙන බව ඔහු පැවසීය.කුණු කන්ද නාය යාම හේතුවෙන් ජීවිත හානි සිදු වී ඇති බව ස්වාධීන මාර්ගවලින් මෙතෙක් තහවුරු වී නැත.එය ඉවත්කරගන්නා ලෙසත්, තවදුරටත් එහි කසල බැහැර නොකරන ලෙසත් තමන් ඇතුළු ප්රදේශවාසීන් දිගින් දිගටම කළ ඉල්ලීමට ආණ්ඩුව සවන් නොදුන් බව පවසන එස්එම් මරික්කාර් මන්ත්රීවරයා, එම ඉල්ලීමට කන්දුන්නේ නම් මෙවැනි අනතුරක් වලක්වාගත හැකිව තිබුණු බවත් බීබීසී යට පැවසීය.

"මේක තමයි අපි පහුගිය කාලේ කිවුවේ. නියං කාලේ ආවහම කුණු කන්ද පුපුරනවා, වැස්ස ආවහම කඩන් වැටෙනවා කියල," ඔහු පැවසීය"පසුගිය දවස් ටිකේ කුණු ගේන එක නතර කළා නම් මේ වෙන්නේ නෑ.”  යැයි බොහො දෙනාගෙ මතයයි. කොළඹ නගර සීමාවට අයත් කොලොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද ජාඇල රජයේ ඉඩමකට බැහැර කිරීමේ සැලසුමට විරෝධය පා ජාඇල ඒකල ප්රදේශයේ ජනතාව විරෝධතාවක නිරත වූහ.

කුණු කන්ද සිය ප්රදේශයට බැහැර කිරීමේ සැලසුමට එරෙහිව පෙළ ගැසෙන බවයි මහජනයාට එක්ව සිටි ආගමික නායකයන් අවධාරණය කළේ. ඒකල මඩම මංසන්ධියේ පැවති විරෝධතා ව්යාපාරය සඳහා ප්රදේශයේ ආගමික නායකයන්, දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටියහ. එම විරෝධතාව හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් ගමනාගමනයට බාධා එල්ල වූ බවයි ප්රසාද් පූර්ණමාල් ජයමාන්න බීබීසී සිංහල සේවයට වාර්තා කළේ.

Ø මෙවන් ඛේදවාචක වලක්වා ගැනීමට අපට කල හැක්කේ මොනවාද?

    මූලිකවම කසල ප්රතිචක්රීකරණය , නිසි පරිදි බැහැර කිරීම , නොදිරන අපද්රව් භාවිතය හැකි උපරිමෙන්ම අවම කොට පරිසර හිතකාමි දිරාපත් වන නිශ්පාදන භාවිතය ආදිය  මානව ප්රජාවට සිදු කල හැක .මීට අමතරව මෙවැනි ගැටලු සම්බන්දව නීතිමය පියවර ගැනීම අත්යාවශ් කටයුත්තකි. මතු අනාගතයට මෙවැනි මානවයා විසින්ම ජනිත කරන්නා වූ ආපදා වලක්වා ගැනීමට මෙම මීතොටමුල්ල ඛේදවාචකය අප සැමට තරයේ අවධාරණය කරයි.


l

l

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...