Wednesday, February 21, 2024

අවදානම් අය කවු ද?


1.මව හෝ පියාට දියවැඩියාව ඇත්නම්

2.අධික බර සහ ස්ථුලතාවයෙන් පෙළෙයි නම්

3.ගර්භණියක් නම්

4.ක්‍රියාශීලීබව අඩු නම්

5.අධිකව මානසික ගැටලුවලට මුහුණ දී සිටින්නේ නම්

6.සෞඛ්‍යමත් නොවන ආහාර රටාවක් ඇති අයෙක් නම්

7.මත්පැන්, දුම්වැටි හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙක් නම්

8.වයස අවු. 45ට වැඩි නම්

9. හෘද රෝග, අධිරුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් ඇති අයෙක් නම්

10. ක්ෂය රෝගය ඇත්තෙක් නම්

11.උපත් බර ඉතා වැඩි හෝ අඩු අයෙක් නම්(POCS-Polycystic Ovarian Syndrome)

12.විටමින් D ඌනතාවය ඇති අයෙක් නම්

13.පූර්ව දියවැඩියා අවස්ථාවේ සිටින අයෙක් නම්

මීට පෙර දියවැඩියා රෝගයට ගොදුරු වූයේ මැදි වයස පසුකළ අය වුව ද මේ වනවිට වයස අවුරුදු 15 සිට 30 අතර වයසේ පසුවන්නන්ද මෙම රෝගයට ගොදුරුවන බවක් පෙනේ. විශේෂයෙන් ම රජයේ රෝහල්වල සායනවලට එන තරුණ පිරිස් ක්‍රමයෙන් වැඩිවෙමින් තිබේ. එය ඉතා අවදානම් තත්ත්වයකි. එනමුත් වයස සමග අවදානමද වැඩි වේ. එලෙසම වැඩිවියට පත්වීමේදී හා ගැබිණි අවස්ථාවේ මේ සඳහා නැඹුරුතාවයක් ඇත. අවුරුදු 40ට වඩා වැඩි අයට මේ සඳහා ඇති අවදානම වැඩිය.

මෙය පරම්පරාගත රෝගයකි. විශේෂයෙන් ම මෙය දෙමව්පියන්ට හා සහෝදර සහෝදරියන්ට ඇත්නම් ඔබට මෙය වැළඳීමට ඇති හැකියාව ඉතා වැඩි ය. මෙය වඩාත් ම පළමු වර්ගය කෙරෙහි බලපායි.

දියවැඩියාව දෙවන  වර්ගය පරම්පරාවෙන් දායාද වීමට ඉඩ ඇති නමුත් එයින් මෙම රෝගයට ගොදුරු වන්නේ 80%-85% පමණය. එනම්

වයස වැඩි (40) අයයි.

තරබාරු බව තීරණාත්මක සාධකයක් වන බව සලකනු ලබයි.එවැනි අය ද දියවැඩියා රෝගය වැළදීමේ අවදානම් කාණ්ඩ ලෙස හදුනා ගෙන ඇත.

දියවැඩියා දෙවන වර්ගයේ  රෝගීන්ගෙන් 80%-85% අය තරබාරුය. එහෙත් සියළු ම තරබාරු අයට දියවැඩියාව නොමැත. නමුත් ඔබ තරබාරු නම් ඉදිරි අවුරුදු 10 හෝ අවුරුදු 20 කදී දියවැඩියාව රෝගය වැළඳිය හැක.

(තරබාරු යැයි සලකනු ලබන්නේ වයසට සරිලන බරට වඩා ඔබගේ බර 20% කට වඩා වැඩි වීමය.)

අධික රුධිර පීඩනය ,

අසාමාන්‍ය රුධිර මේද මට්ටම් තිබීම, HDL මට්ටම 35mg/dl හෝ ඊට වැඩි වීම , 

ඉහල කොලෙස්ටරෝල් මට්ටමේ  (240mg/dl හෝ ඊට වැඩි)  ඇති අයද මෙම අවදානම්  සහිත කාණ්ඩ ලෙස හදුනා ගෙන ඇත.

එලෙසම මවුපියන්ගෙන් එක් අයෙකු 1වන වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන්නේ නම් ඔවුන්ගේ දරුවන්ගෙන් 5% දෙනෙකුට හෝ 6% දෙනෙකුට පමණ නියත වශයෙන් ම දියවැඩියොව සෑදීමේ අවස්ථාව ඇත. මවුපිය දෙදෙනාටම දියවැඩියාව ඇත්නම් ඔවුන්ගේ දරුවන්ගේ ජීවිත කාලයේ යම් අවස්ථාවකදී දියවැඩියාව ඇතිවීමේ අවදානම 25% - 30% පමණ දක්වා වේ.

මෙම හේතූන්ගෙන් එකක්  තිබීමෙන් ඔබට දියවැඩියා තිබෙන බව හෝ ඇතිවිය හැකි බව කිව නොහැක. එනමුත් ඔබට තිබෙන අවදානම් සාධක ප්‍රමාණය වැඩි වන විට දියවැඩියාව සෑදීමේ ඉඩකඩද වැඩිවේ.

Leo Rashmi Shashikala

Faculty of Arts

University of Colombo

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...