Sunday, June 16, 2024

ලෝක කාන්තාරකරණය වැළැක්වීමේ දිනය


එක්සත් ජාතීන්ගේ ලෝක කාන්තාරකරණය වැළැක්වීමේ දිනය සෑම වසරකම ජුනි මස 17 වන දින ලොව පුරා සමරයි .1994 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කාන්තාරකරණය වැළැක්වීමේ හා නියඟයේ ආදීනව පිටුදැකීමේ ජාත්‍යන්තර සම්මුතිය කාන්තාරකරණය වැළැක්වීමේ දිනයක් සම්මත කර ගැනීමෙන් පසුව මෙම දිනය ප්‍රකාශයට පත් කර ඇත.ලෝකයේ බොහෝ රටවල් මෙම සම්මුතියේ කොටස්කරුවකු බවට පත්ව ඇත.ශ්‍රී ලංකාවේ කාන්තාරකරණයට ලක් වූ බිම් ප්‍රතිස් දක්නට නොලැබුණත් විවිධ හේතූ සාධක නිසා සිදුවන භූමි හායනය එනම් භූමියේ ඵලදායිතාවය අඩුවීම නිසා 19 1998 වර්ෂයේ දී ලංකාවද එම සම්මුතියේ කොටස්කරුවකු බවට පත්විය.

ලෝකයේ බොහෝ රටවල කාන්තාරකරණයට ලක් වූ  භූමි පෙදෙස් මෙන්ම භූමියේ ඵලදායිතාවය අඩු වූ ප්‍රදේශ ද විශාල වශයෙන් දක්නට ඇත. පෘථිවි තලයේ කාන්තාරිකරණයට ලක් වූ ප්‍රදේශ බහුල වීමට බලපාන ප්‍රධාන හේතු සාධකය වන්නේ මානව ක්‍රියාකාරකම් ය.වන විනාශය ,පරිසර දූෂණය, අනවසර ඉදිකිරීම්, විවිධ අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම ආදී මානව ක්‍රියාකාරකම් නිසා භූමියේ ඵලදායිතාවය අඩුවීමත් සමග කාන්තාරිකරණයට විශාල වශයෙන් ලෝකයේ බොහෝ රටවල් ගොදුරු වී ඇත.

කාන්තාරකරණය වැළැක්වීමේ අරමුණින් ලෝකයේ විවිධ රටවල්, විවිධ ජාත්‍යන්තර හා ජාත්‍යන්තර නොවන සංවිධාන විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත.ලංකාවේ කාන්තාරකරණයට ලක් වූ ප්‍රදේශ දක්නට නොලැබුණ ද  පරිසරය සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් විවිධ ක්‍රියාමාර්ග දීප ව්‍යාප්තව සිදුකර ඇත.කාන්තාරකරණයට ලක් වූ ප්‍රදේශ මෙන්ම ඵලදායිතාවය අඩු භූමි නැවත යථා තත්ත්වයට පත් කිරීමට නම් වනාන්තර  විනාශයට පත් නොකර ඒවා පෝෂණය කළ යුතු ය.පරිසරය සුරක්ෂිත කරමින් කාන්තාරකරණය ලෝකයෙන් පිටුදැකීමට ක්‍රියා කිරීම අප සැමගේ යුතුකමකි.

Leo Nisansala Mihirani

Second Year

Faculty of Arts

Thrive Phase 02 - Article 10 - අනාගත වෘත්තිය සැලසුම්කරණය

Thrive Phase 02 - Article 10 - Future Career Planning THRIVE PHASE 02 – ARTICLE 10 අනාගත වෘත්තිය සැලසුම්කරණය අනාගත වෘත...