Monday, July 1, 2024

කාර්‍යබහුල ජීවිතයත් සමග මානසික ආතතියෙන් හෙබි පීඩිත ජනයා බිහිවීමේ මංපෙත් විවර වීම

 



රටේ පවතින ආර්ථික උද්ධමනය නිසා ජනයාගේ ජීවන බර ඉහළ යාම ක්‍රමයෙන්‌ සිදුවෙයි. ඔරලෝසුවේ කටුවලට සීමා වූ පංතියක්‌ වන රැකියාවල නියැලෙන ජනපංතිය හෙවත්‌ ශ්‍රම බලකාය මගින්‌ තවමත්‌ අපේ රටේ ආර්ථිකය යම්‌ ප්‍රමාණයක උසුලා දරා සිටීම ඔවුනොවුන්ගේ ශ්‍රම බලය නිසා සිදු වේ. නමුත්‌ දරිද්‍රතාවෙන්‌ පෙළෙන ජනයා එදිනෙදා ආහාරවේල සොයාගන්නේ කුලී වැඩක්‌ හෝ අනෙකුත්‌ සාමාන්‍යපරිදි කළ නොහැකි, නුසුදුසුතත්ත්වයේ පවතින රැකියාවල නියැලෙමිනි.

කෙසේ නමුත්‌ මේ ජන කොට්ඨාශ

දෙකම වැඩකටයුතු සිදු කරනුයේ

තමාගේ එදිනෙදා ජීවන රටාව හා

ආහාර වේල සපුරා ගැනීම සඳහායි.මේ සඳහා ප්‍රබල පහරක්‌

වැදී ඇත්තේ රටේ පවතින ආර්ථික අර්බුදය හා දැරිය නොහැකි බදු බර හේතුවෙන්‌

ජනයාගේ ජීවන වියදම ඉතා ශීඝ්‍රයෙන්‌ ඉහළ යාම සිදුවීමයි.

උදෘහරණයක්‌ ලෙස රටේ කාර්මික නගරය වන කොළඹ නගරය ගත්විට මේ ජීවන තත්වයේ පීඩාකාරී බව අපහට සියැසින්‌ දැක බලා ගත හැක.මිනිසුන්ගේ කාර්යබහුලත්ය ගත්විට, සාමාන්‍ය ජනයාගේ සිට මධ්‍යමපංතික ජනකොට්ඨාශවල

එදිනෙදා ජීවන රටාව ඔවුනොවුන්‌

ගෙනයන ආකාරය පිළිබඳවත්‌

"ජනයාගේ ජීවිතයේ මහන්සි වූ

තරමට තමන්ට එය දවසේ ජීවන

වියදම සපුරා ගැනීමට තරම්වත්‌

වැටුපක්‌ නොලැබීමත්‌ මේ

හේතුවෙන්‌ මංකොල්ලකෑම,

ගණිකා වෘත්තිය, මත්ද්‍රව්‍යවිකිණීම, අවි ආයුධ සොරරහසේ විකිණීම යනාදී සමාජයට පටහැනි සමාජ ක්‍රියාවන්වල ජනයා බහුල

ලෙස නියැලීම අයහපත්‌ තත්වයකි. විශේෂයෙන්‌ මුඩුක්කු

නිවාස ආශ්‍රිත ප්‍රදේශවල මේ

සමාජයට නුසුදුසු සමාජ

සදාචාරයන්ට පටහැනි රැකියාවල

නියැලීම වත්මන්‌ තත්ත්වයේදී

බහුලව සිදුවේ. ආර්ථික වශයෙන්‌ රට කඩා වැටීමත්‌ නිසා  මිනිසුන්ට මුදලට ඇති ඉල්ලුමත්

වටිනාකමත්‌ අතීතයට සාපේක්ෂව ශිඝ්‍රයෙන්‌ ඉහළ යයි.


ඇතැම්‌ ජනයාගේ ජීවන තත්ත්වය ගත්‌ විට ඇතැම්‌ පවුල්වල දරුවන් පොතපතක්වත් මිලදී ගැනීමට අවශ්‍ය තරම්‌ මුදලක්‌ තමන්‌ සතුව නොපැවතීම අද වන විට පවතින ආර්ථික ගැටලුවකි.

එමගින්‌ රටේ අධ්‍යාපනයට ද ප්‍රබල පහරක්‌ එල්ල වේ. කෙසේ නමුත්‌ කුමන හෝ රැකියාවක්‌ සිදුකරමින්‌ තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන්‌ සපුරා ගැනීමට මිනිසුන්‌ උත්සාහ කිරීම අද සමාජයේ දක්නට ලැබෙයි.

එයට හොඳම නිදසුනකි, කාර්මික අගනගරය වූ "කොළඹ නගරය".කම්කරු වෘත්තිය තුළදී (නාට්ටාමි රැකියාවන්‌ වැනි දෑ) පවා ඔවුනොවුන්ගේ ජීවන රටාව තුළ මහන්සිවී වැඩකටයුතු සිදුකරන අතර රජයේ රැකියාවල හා පෞද්ගලික අංශයේ රැකියාවල නියැලෙන වෘත්තිකයන්‌ පවා කාර්යබහුල වෙහෙසකර ජීවන මංපෙතකට ගමන්‌ කරන ආකාරය අද සමාජය තුල දැකගත හැකිය. සරලව කිවහොත්‌,රටේ ජනතාවගේ ශ්‍රමයට සරිලන

වැටුපක්‌ නොලැබීමත්‌ නාගරීකරණයත්‌ හේතුවෙන්‌

වාහන තදබදය, මහල්‌ නිවාස,

ගොඩනැගිලි, මුඩුක්කු නිවාස

යනාදී ඉදි කිරීම්‌ නිසා හුස්ම

පොදක්‌ ගැනීමට තරම්වත්‌ නොහැකි පරිද්දෙන්‌ ඉඩකඩ සීමිතවීම හේතුවෙන්‌ යම්‌ පීඩිත

තත්ත්වයක්‌ කොළඹ නගරය තුළ

දැකිය හැකිය.


මෙමගින්‌ ජනයාගේ නිදහස යන

කාරණය එක රාමුවකට කොටු

කිරීමට සිදුවී ඇත. "නිදහස සීමිතයි.කළ යුතු වැඩ ප්‍රමාණය අසීමිතයි"යනාදී වශයෙන්‌ සමාජ කියමන්‌ ද නිර්මාණය වී ඇත්තේ මේ හේතුවෙනි. මේවායේ අහිතකර ප්‍රතිඵල වශයෙන්‌ කායික පමණක්‌ නොව මානසික වශයෙන්‌ සිදුවී ඇති ආතති තත්ත්වයන්‌ පෙන්වාදිය

හැකිය. ඒ අනුව භින්නෝන්මාදය, SubstanceAbuse යනාදී මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු වීම

මෙහි අහිතකර තත්ත්වයක්‌ ලෙස පෙන්වාදිය හැක. ඉහත සඳහන්‌ කළ පරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්වල නියැලෙන්නන්‌, පාතාලක්‍රියාකාරීත්වයන්‌, ගණිකාවෘත්තිකයන්‌ යනාදී සමාජ සදාචර්ම වලට පටහැනි ක්‍රියාවල නියැලෙන්නන්‌ අවසානයේ දී ඔවුනොවුන්ට සිදුවන පීඩාවන්‌ දරාගත නොහැකි තත්ත්වයට පත්‌ වූ

විට මානසික රෝගීන්‌ බවට පත්වේ.අද සමාජය තුළ දකින ප්‍රබල කරුණක්‌ ලෙසද මෙය පෙන්වාදිය හැක.


තවත්‌ සමාජ නිදසුනක්‌ ලෙස උසස්‌අධ්‍යාපන පද්ධතීන්හි

 ක්‍රියාකාරීත්වයන්ද ගත හැකිය.

කාර්යබහුල ජීවිතයකට මංපෙත් විවර කරන තවත්‌ සංදිස්ථානයක්‌ ලෙස මේ අධ්‍යාපන පද්ධතිය හැඳින්වීය හැකිය. බොහෝ දුරට උසස්‌ අධ්‍යාපනයෙහි නියැලීමට

පැමිණෙන්නේ දුෂ්කර ගම්බද

ප්‍රදේශවල වාසය කළ දුප්පත්‌

අහිංසක සිසුන්ය. ඔවුන්‌ කටුක

ජීවිතයක්‌ ගත කර වෙහෙස

මහන්සි වී ඉගෙන ගත්‌ දරුවන්ය.

නමුත්‌ රටේ පවතින අර්බුදකාරී

තත්ත්වයන්‌ නිසා ඔවුන්ගේ ජීවිත

වලටද එම තත්ත්වයන්‌ ප්‍රබල

පහරක්‌ එල්ල කරයි. අධ්‍යාපනික

කටයුතු පමණක්‌ නොව ඔවුනොවුන්ගේ එදිනෙදා ආහාර

වේල සඳහා යන අධික වියදම නිසා එය සපුරා ගැනීමට තරම්වත්‌ හැකියාවක්‌ නොපවතින සිසුන්‌ අපට සමාජය තුළින්ම දැක ගත හැකිය.


මේ සඳහා රජය විසින්‌ යම්‌ යම්‌

පහසුකම්‌ සැලසුවද එය තමන්ගේ දවසේ වියදමටවත්‌ නොසෑහේ, මේ හේතුවෙන්‌ අධ්‍යාපනයට අමතරව අර්ධ කාලීන රැකියාවල නිරත වීමට

වීමට බහුතරයක්‌ උසස්‌අධ්‍යාපනය ලබන සිසුන්‌ යොමු වී ඇත.එමගින්‌ ඔවුන්ගේ ජීවිතය තවදුරටත්‌ ශීඝ්‍ර කාර්යබහුලත්වයක්‌ කරා ගමන්‌

කරයි. එමගින්‌ විශ්ව විද්‍යාලවල

අධ්‍යයන කටයුතු පවා ගොඩ ගැසී නිසි ආකාරයේ අධ්‍යයන වැඩවල නිරතවීමට නොහැකිවීමත්, මුදල්‌සෙවීමට යොමු වීමෙන්‌ තමන්ගේ

ඉලක්කයන්‌ කරා නිවැරදිව ගමන්‌කිරීමට නොහැකි වීමත්‌ අහිතකර තත්ත්වයකි. ඔවුන්ගේ නිවෙස්‌ වල පවතින ආර්ථිකමය ගැටලු, පවුල්‌ ප්‍රශ්න (දෙමව්පියන්‌ අහිමිවීම,සහෝදර සහෝදරියන්‌ රැකබලාගැනීමට නොහැකිවීම) යනාදී නොයෙකුත්‌ අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවී ඇත. මේ නිසා මානසික වශයෙන්‌ කඩාවැටීමට ලක්වී, ඇතැම්‌ සිසුන්‌ විශ්ව විද්‍යාල ජීවිතය අතහැර යාමට පවා යොමුවීම අද සමාජයේ දැකිය හැකි අසුබවාදී කරුණකි. මේ හේතුවෙන්‌

ඔවුන්ගේ මානසික ආතතිය වැඩි වී එය රෝගී තත්ත්වයන්‌ දක්වා

උත්සන්න වීම සිදුවිය හැකි

අහිතකර තත්වයකි.   


කාර්යබහුලත්වය හේතුවෙන්‌

පවුල්වල අසමගිය ඇති වීම,

දරුවන්‌ භා දෙමාපියන්‌ අතර පවතින බැඳීම්‌ දුරස්ථ වීම, සාර්ථක පවුලක වගකීම්‌ ඉටු කිරීමට කාලයක්‌ නොමැති කම, සතුට, ආදරය,කරුණාව දරුවන්‌ හට පමණක්‌ නොව සැමියා හා බිරිඳ අතරවත්‌ නිසි ආකාරයෙන්‌ ලබාදීමට කාලයක්‌ ඉතිරි කර ගැනීමට නොහැකි තත්ත්වයක්‌ අද සමාජය තුළ දැකිය හැක.


"ජීවිතය විඳින්න කාලය සීමිතයි".

තරුණ ජීවිතවලට මේ

කාර්යබහුලත්වය යන කරුණු ප්‍රබල පහරක්‌ එල්ල කරයි. එමගින්‌ මානසික වශයෙන්‌ කඩා වැටුණු පීඩිත පංතියක්‌ නිර්මාණය වීමේ දොරටු විවර වෙයි. මෙහි දිගු කාලීන

ප්‍රතිඵලයක්‌ ලෙස මානසික 

ආතතීන්ට ගොදුර වී, ඔවුනොවුන්ගේ ජීවිතය ගැන

කලකිරීමට ලක්වී, මානසික පීඩනය,වැඩි වූ විට එය සියදිවි  නසාගැනීමේ අහිතකර තත්ත්වයන්‌ කරා ගමන්‌ කරයි.මෙය රටක්‌ වශයෙන්‌ මුහුණ දෙන ප්‍රබල ගැටළුවකි.


සිතීමට යමක්‌, 


 ඔබත්‌ , ජීවිතයේ විඳිය 

 යුතු සොඳුරැ තැන්‌ මගහැරුණු, 

 ඔරලෝසුවට වහල්‌ වූ, 

 නිදහස නම් ආලෝකය දෙස 

 බැලීමට තරම්වත්‌ කාලයක්‌ 

 නොමැති, පීඩාකාර ආතතියකින්ද පීවිතය 

 නම් නෞකාව ගෙනයන්නේ ?


Leo Sanjana Nethmini

First year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...