යහපත් වර්තමානයක් ගොඩනැගෙන්නේ අතීතය තුළ සිදු වූ අසීමිත කැපකිරීම් සහ පරාර්ථකාමී අත්දැකීම්වල ප්‍රතිඵලයන් මගිනි.එම නිසා සෑම වසරකම අගෝස්තු මස 21 වන දිනය අන්තර්ජාතික වශයෙන් ලෝක ජ්‍යෙෂ්ඨ පුරවැසි දිනය වශයෙන් නම් කර තිබේ.ඉතිහාසය තුළ ප්‍රථම වරට මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසි දිනය සමරා තිබෙන්නේ 1991 වර්ෂය තුළය.මෙම දිනය ජේෂ්ඨයින් ඇගයීම සඳහා සහ ඔවුන්ගේ අසීමිත කැපකිරීම් සිහිපත් කිරීම සඳහා එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිව සිටි රෝනල්ඩ් රේගන් මහතා විසින් සෑම වසරකම අගෝස්තු මස 21 වන දිනය ලෝක ජ්‍යෙෂ්ඨ පුරවැසි දිනය වශයෙන් නම්කර තිබේ.
සමාජයේ ජීවත්වන කුඩා දරුවන් හා තරුණ තරුණියන් සේම සමාජයට අයිතිවාසිකම් සපයන පිරිසක් වශයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හඳුනා ගත හැකිවේ.මොවුන් මානව ජීවිතය තුළ හොඳ සහ නරක කියා දී දෙපයින් නැගී සිටිය හැකි නව පුරවැසියන් නිර්මාණය කරනු ලබනවා සේම සමාජ දායකත්වය උදෙසා තමන්ගේ ජීවිතය කැප කරනු ලබයි. එසේම ඇතැම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තවමත් රටේ ක්‍රියාශීලී ශ්‍රම බලකාය නියෝජනය කරමින් රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා අවශ්‍ය කරන කායික ශ්‍රමය මෙන්ම මානසික ශ්‍රමයද සපයනු ලබයි.
මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසි දිනය සැමරීමේ අරමුණු වශයෙන්,
ජ්‍යෙෂ්ඨ පුරවැසි හිංසනය වැළැක්වීම.
ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම.
දැනුම සහ කුසලතාවයන් ප්‍රවර්ධනය කිරීමට අනුග්‍රහය දැක්වීම.
යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම.
ඔවුන් අගය කිරීම මෙන්ම ගෞරව දැක්වීම.
යන කාරණයන් දැක්විය හැකි අතර සමාජයේ සෑම කෙනෙකුගේම යහපත සඳහා බලපෑම කල හැකි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා අපගේ කෘතවේදීත්වය විදහා දැක්වීමට ලෝක ජ්‍යෙෂ්ඨ පුරවැසි දිනය ඉවහල් වේ.
Leo Supun Dilshan
Second Year
Faculty of Arts