Saturday, November 30, 2024



තිරසාර කසළ කළමණාකරණයක් ඔස්සේ විසිතුරු භාණ්ඩ සහ සේවා ප්‍රවර්ධනය කරන සන්නාම සහ එමගින් සමජායට ඇති කරන ධනාත්මක බලපෑම


වර්තමානය වන විට ප්‍රතිචක්‍රීකරණය කරන ලද භාණ්ඩ හා ඒ ආශ්‍රිත නිෂ්පාදනය කරන විලාසිතා මෙතරම් වැදගත් වන්නෙ ඇයි ? 

ප්‍රතිචක්‍රීකරණය කරන ලද විලාසිතා, තිරසාර සංවර්ධිත විලාසිතා ලෙස ද හැඳින්වේ. ගෝලීය වශයෙන් කැපී පෙනෙන සාර්ථක විවිධ වූ ක්‍රේෂ්ත්‍රයන් තුළ කසල කළමණාකරණය  දැක ගත හැකි අතර, ප්‍රතිචක්‍රීකරණ අපද්‍රව්‍ය මගින් නිෂ්පාදනය කරන විලාසිතා මගින් පරිසර හිතකාමී භාවිතය,ලාභදායී මෙන්ම ලෝක බලපෑම් සහගත මාතෘකාවක් ඔප් නැංවිය හැකි බවට   වර්තමානයේ ඔප්පු කරමින් පවතී.එහිදි ලෝක ජනප්‍රිය නිෂ්පාදන සන්නායක ආයතන මගින් තිරසාර ලෙස කසල මගින් විලාසිතා,භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන බවට පහත පරිදි පෙන්වා දිය හැකි ය.


1. Patagonia, an outdoor clothing brand ආයතනය - අපද්‍රව්‍ය මගින් මිනිසුන්ට පැළඳිය හැකි ඇඳුම් බවට පත් කිරීම.

ජනප්‍රිය ඇඳුම් සන්නාමයක් වන පැටගෝනියා 1990 ගණන්වල සිට ප්‍රතිචක්‍රීකරණය කරන ලද කසල ඔස්සේ විලාසිතා නිෂ්පාදනය කරන ආයතනයක් ලෙස පුරෝගාමියා ලෙස කටයුතු කරයි.ඔවුන් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් බෝතල් වලින් සාදන ලද ලොම් ජැකට් හඳුන්වා දුන් අතර ඉවත දමන ලද මාළු දැල් වැනි  ප්‍රතිචක්‍රීකරණය කළ හැකි   ද්‍රව්‍ය වලින් විවිධ වූ  නිෂ්පාදන  කිරීමටත්,කසල කළමණා කරන ක්‍රේෂ්ත්‍රයේ පෙරමුණ ගෙන ඇති බවට පෙන්වා දිය හැකිය .

විශේෂයෙන් ම ඔවුන්ගේ "Worn Wear" වැඩසටහන හරහා, , කසල  ප්‍රතිචක්‍රීකරණය කිරීම, අමුද්‍රව්‍ය නාස්තිය අවම කිරීමට සහ තිරසාර පරිභෝජනය දිරිමත් කිරීම ඉලක්කය ලෙස ලොවට පෙන්වා දේ.


 2. Aquafil විසින් Econyl - සාගර අපද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන විලාසිතා.

Econyl ආයතනය විසින්, ඉවතලන ධීවර දැල් සහ අනෙකුත් නයිලෝන් අපද්‍රව්‍ය වලින් සාදන ලද ප්‍රතිචක්‍රිකරණය  කරන ලද නයිලෝන් ඔස්සෙ ජනප්‍රිය සන්නාම වන , Gucci, Prada සහ Adidas වැනි ප්‍රධාන වෙළඳ සන්නාම සහිත ආයතන ඔවුනගෙ නිෂ්පාදන  අමුද්‍රව්‍ය සදහා  Econyl ආයතනය සමග කටයුතු කරමින් ඇත.මෙම නව්‍යකරණය කරණ ලද රෙදි නිසා සාගරවලින් අපද්‍රව්‍ය පිරිසිදු කිරීම පමණක් නොව   නයිලෝන් නිෂ්පාදනයේ කාබන්  වැය වීම 50% කින් අඩු කරයි.


 3. ස්ටෙලා මැකාට්නි (Stella McCartney) සුඛෝපභෝගී නිෂ්පානදන ඔස්සේ තිරසාරත්වය ලෝකයට ව්‍යාප්ත කිරීම. 

විලාසිතා කරණයේ නිර්මාණකරුවෙකු වන ස්ටෙලා මැක්කාට්නි සුඛෝපභෝගී ලෙස නිෂ්පාදනය කරන විලාසිතාවලින්, ප්‍රතිචක්‍රීකරණය කරන ලද කසල ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙස ස්ථාන ගත වී ඇත.ඇය ප්‍රතිචක්‍රීකරණය කරන ලද පොලියෙස්ටර්, ප්‍රතිනිෂ්පාදනය කරන ලද කැෂිමියර් සහ ඉහළ චක්‍රීය රෙදිපිළි වැනි රෙදි ඇගේ නිෂ්පාදන භාණ්ඩ එකතුවෙහි ඉහළින් ම ඇත.

සත්ත්ව හිංසන නිෂ්පාදනය වන එනම් හම් ආශ්‍රිත කරණ නිෂ්පාදන වලට විරුද්ධවන ඇය  තිරසාර ලෙස භාණ්ඩ හා සේව භාවිතා කිරීම පිළිබද , ඇයගේ උපදේශනය ලෝක මට්ටමින් ව්‍යාප්ත කරන අතර සුඛෝපභෝගී  වෙළඳපොල තුළ පාරිසරික තිරසාරාත්මක  විලාසිතා පිළිබඳ ලෝකයේ සංජානනය නැවත සකස් කර ඇත.


  4. H&M's Conscious Collection

කාබනික කපු, ප්‍රතිචක්‍රීකරණය කරන ලද පොලියෙස්ටර් සහ ටෙන්සෙල් වලින් සාදන ලද ඇඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා H&M සිය "Conscious Collection" ව්‍යාප්තෘතිය ගොඩ නගන ලදි.මෙම සමාගම විසින් ගෝලීය ඇඟලුම් එකතු කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කර ඇති  අතර, පැරණි ඇඳුම් ප්‍රතිචක්‍රීකරණය කිරීමට පාරිභෝගිකයින්ට උපදේශන සේවා ලබා දෙන ලදි.


  5. රොතිගේ -  ප්‍රතිචක්‍රීකරණය කළ සපත්තු සහ බෑග්. Rothy’s – Recycled Shoes and Bags

රොතී විසින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් බෝතල් සහ සාගර අපද්‍රව්‍ය වලින් ලෝක ජනප්‍රිය  සපත්තු සහ බෑග් නිර්මාණය කරයි.මෙම සමාගම විසින් මිලියන ගණනක් බෝතල් ඔස්සෙ විසිතුරු භාණ්ඩ ප්‍රතිනිර්මාණය කර ඇති අතර නිෂ්පාදනයේදී  අමු ද්‍රව්‍ය නාස්තිය අවම වෙන ත්‍රිමාණ ගෙතුම් ක්‍රියාවලියක් සංවර්ධනය කර ඇත.


  6. අයිලීන් ෆිෂර්   (Eileen Fisher)- 

 ව්‍යාප්තෘතීන් මගින් නව නිර්මාණය උත්පාදනයට මිනිසුන්ව පොළඹවයි.Eileen Fisher ගේ "Renew" වැඩසටහන මගින් පාරිභෝගිකයන්ගෙන් පැරණි ඇඳුම් ඉවත් කිරීම වෙනුවට ඒව අළුත්වැඩියා කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම සහ ඒවා මගින් නව නිෂ්පාදන බවට ප්‍රතිචක්‍රීකරණය කිරීමට උපදේශන සේවා ඔස්සෙ දැනුවත්  කරයි.ඔවුන්ගේ "Waste No More" වැඩසටහන මඟින් භාවිතයට ගත නොහැකි ඇඳුම් මගින් විවිධ වූ කලා නිර්මාණ සහ ගෘහ අලංකරණය බවට ඒවා පරිවර්තනය කරන්නෙ කෙසේද? යන්න උපදේශනයන් මෙහෙයවයි.


  7. Nike's Space Hippie Sneakers

 Nike විසින් "Space Hippie" ජාලය නිර්මාණය කරන ලද අතර, කර්මාන්තශාලා ඔස්සෙ පරිසරගත වන අපද්‍රව්‍ය සහ ඒව ප්‍රතිචක්‍රීකරණය කරන අතර එමගින් විවිධ විසිතුරු භාණ්ඩ සහ සේව සහ ඉහළ ක්‍රියාකාරී තත්වයන්ගෙන් යුත් සපත්තු නිෂ්පාදනය කරයි.මෙම ව්‍යාපෘතිය නව නිර්මාණ ගොඩ නැගීමට ලෝකය පොළඹවන අතර   එමගින් පාරිසරික දූෂණය  අවම කිරීමට Nike දරන උත්සාහය අගය කළ යුතුය.


මේ අතර ම ඉහතින් සඳහන් කරන ලද්දේ ලෝකයේ ඉහළ සන්නාම සහිත ආයතන පාරසරික අපද්‍රව්‍ය ඔස්සෙ කුමන ආකරයෙන් තිරසාර ඉලක්ක ළඟා කරගන්නෙ ද යන්නයි. එමෙන්ම ලෝකයේ කුඩා පරිමාණ සහ මධ්‍ය පරිමාණ ව්‍යසායකයින් ද අද වන විට කසල කළමනාකරණය ඔස්සේ විවිධ විසිතුරු භාණ්ඩ සහ සේවා නිෂ්පාදනයට පෙළඹී ඇත එහිදී,.

 Reformation, Amour Vert, සහ Zero Waste Daniel වැනි සන්නාමයන් තිරසාර කසළ කළමනාකරණය ඔස්සේ විවිධ විලාසිතාවන් හදුන්වා දීම සහ ඒ ඔස්සේ ජනතා ප්‍රසාදය ලබා ගනිමින් කීර්තීනාමය අතර දිනෙන් දින බැබෙළෙමින් ඇති බවට අද සමාජය දෙස බලන විට දැක ගත හැකි වේ.


  මෙම විවිධ සිද්ධීන් අද සමාජයයට වැදගත් වන්නේ ඇයි?

මෙම සාර්ථක වෙළඳ සන්නාම ආයතන ඔස්සෙ ගොඩ නගන ප්‍රතිචක්‍රීකරණය කරන ලද විලාසිතා වල ආර්ථික හා පාරිසරික ප්‍රතිලාභ එම ආයතන වලට මෙන් ම ලෝක වාසී සියලු ප්‍රජාවට හිතකර ප්‍රතිලාභ ලැබෙති එහිදී,


  • අපද්‍රව්‍ය අඩු කිරීම: 

ගොඩ බිම් සහ සාගරවලින් අපද්‍රව්‍ය ටොන් ගණනක් පිරිසිදු වීම.


  • අඩු සම්පත් භාවිතය: 

නව මූල ද්‍රව්‍ය මත යැපීම අඩු කරයි, එමගින් බලශක්තිය සහ ජලය ඉතිරි කරන අතර අනාගත පරපුරට පරිබෝජනය කිරීමට නිෂ්පාදන මූල ද්‍රව්‍ය ඉතිරි වේ.


  • නවෝත්පාදනය: 

වරක් අපද්‍රව්‍ය ලෙස සැලකූ ද්‍රව්‍ය සඳහා ඒ ඔස්සේම  නිර්මාණාත්මක විසඳුම් මෙහෙයවයි.


  • පාරිභෝගික සහභාගීත්වය:

තිරසාර ලෝකයක්  ගැන සංවේදීව  සිතීමට ජනතාව දිරිමත් කරයි.


අවසාන වශ්‍යෙන් මෙම කසළ කළමාණාකරණය ඔස්සෙ තිරසාර ලොවක් , නිරෝගිමත් පරපුරක්,නව ව්‍යසායික තේමාවක්,සහ පාරසරික සංවේදී ජනතාවක්, නවෝත්පාදන විසිතුරු භාණ්ඩ සහ සේවා නිෂ්පාදන ක්‍රීයාවලිය ඔස්සෙ ලොවට දායාද කිරීම දැක ගත හැකි අතර ලෝකය නව මාවතක මෙහෙයවනවා සේම ලෝක ප්‍රජාවට සිතීමට යමක් ඉතිරි කිරීම මෙම ලිපීයේ ප්‍රධාන අරමුුණ විය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට මත්ද්‍රව්‍ය වල බලපෑම

  ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ගැටලුව පැන නැගුණේ මෑතකදී නම් නොවේ. එය පෘතුගීසි යුගය දක්වා දිවයන්නකි. එනම් පෘතුගීසින් විසින් ලංකාවට අබිං යන මත්ද්‍...