ප්‍රතිචක්‍රීකරණය
භාවිත කර අවසන් වූ ද්‍රව්‍ය නැවත පිරිපහදු කර උපයෝගී නිශ්පාදන බවට පත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රතිචක්‍රීකරණය ලෙස හදුන්වයි. මෙහිදී විශේෂයෙන් කාඩ්බෝඩ්, කාච, ලෝහ, ප්ලාස්ටික් කඩදාසි වැනි ද්‍රව්‍ය සදහා භාවිතා කරයි.
ප්‍රතිචක්‍රීකරණයේ වැදගත්කම:
• පරිසරය ආරක්ෂා කිරීම: අපද්‍රව්‍ය හා කුණු ගොඩකිරිමේ ස්ථානවලින් සිදුවන වායු දූෂණය අවම කිරීම.
• සම්පත් සුරක්ෂිත කිරීම: ස්වභාවික සම්පත්, වානේ, ඇලුමිනියම්, හා ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සුරක්ෂිත කරයි.
• ජලය සහ ශක්තිය සුරක්ෂිත කිරීම: නව නිෂ්පාදන සඳහා වඩාත් අඩු ශක්තිය සහ ජලය අවශ්‍ය වේ.
කසළ ප්‍රතිචක්‍රීකරණය නොකිරීමෙන් ඇති වන බලපෑම්
* වායු දූෂණය
* ජල දූෂණය
* කුණු ගොඩගැසී භූමි අභ්‍යන්‍තරටයට විෂ සහිත රසායන ද්‍රව්‍ය එකතු වීම
* විෂ සහිත කසළ ද්‍රව්‍ය මගින් සෞඛ්‍ය ගැටලු ඇති වීම
ප්‍රතිචක්‍රීකරණයේ වාසි:
• අපද්‍රව්‍ය මට්ටම අඩු කිරීම: කුණු ගොඩ ගැසීම අවම කරයි.
• රැකියා අවස්ථා බිහි කිරීම: ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තය නව රැකියා මාර්ග සැලසිය හැක.
• පරිසර හිතකාමී සමාජයක් ගොඩනැගීම: පරිසර දුෂණය අවම කිරීම හරහා පරිසරය රැකගත හැක.
ප්‍රතිචක්‍රීකරණය මුහුණ දෙන අභියෝග:
• ප්‍රතිචක්‍රීකරණ උපකරණ නොමැතිකම: බොහෝ පළාත් වල ප්‍රතිචක්‍රීකරණය සඳහා පහසුකම් සීමිත ය.
• ප්‍රජාවගේ අවධානය අඩු වීම: දැනුවත් කිරිම, හෝ සමාජයේ සහභාගීත්වය සම්බන්ධයෙන් අපහසුතා ඇතිවිය හැක.
• කාර්යක්ෂම කළමනාකරණයක් නොමැතිකම: ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ හා කාලය ගත වේ.
ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් අපට දායක විය හැකි ආකාර:
• පොලිතින්, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම
• අපද්‍රව්‍ය වර්ගීකරණය (කඩදාසි, ප්ලාස්ටික්, ලෝහ, ආහාර ඉතිරිය වෙන් වෙන්ව වර්ගකිරීම)
• ප්‍රතිචක්‍රීකරණ ස්ථාන වලට අපද්‍රව්‍ය ලබාදීම.
ප්‍රතිචක්‍රීකරණයේ නව නිපැයුම් ලෙස:
* ජපානයේ කාඩ්බෝඩ් කසලින් අඩු වියදම් නිවාස ඉදිකිරීම
* නෙදර්ලන්තයේ ප්ලාස්ටික් කසලින් මාර්ග වල කොටස් නිපදවීම
* බංගලාදේශය තුළ කසල වලින් පොහොර නිශ්පාදනය
* Patagonia සමාගම විසින් ඇගලුම් කසල නැවත යාවත්කාලීන කර නව නිශ්පාදන ලෙස විකිණීම.
ප්‍රතිචක්‍රීකරණය සරල ක්‍රියාවක් ලෙස පෙනුනද, ඒ තුළින් ලෝකයට, පරිසරයට අති විශාල සේවාවක් කළ හැක.”