Trash to Treasure (T2T)
Phase 1
Session 1
🍀♻️💎
Article 10 ✨
*ඊ අපද්‍රව්‍ය කළමනාකරණය*
ඊ අපද්‍රව්‍ය නොහොත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය යනු, භාවිතයේ නොමැති ඉවතලන ඉලෙක්ට්‍රොනික උපකරණ හා ඉලෙක්ට්‍රොනික කොටස් වේ. වර්තමානය වන විට ඊ අපද්‍රව්‍ය මුළු ලෝකය කෙරෙහිම දැඩි තර්ජනයක් එල්ල කර ඇත.
මුළු ලෝකයෙන්ම ටොන් මිලියන 62ක් පමණ ඊ අපද්‍රව්‍ය පරිසරයට මුදා හරින බවත් එයින් 22.3%ක් පමණ ප්‍රතිචක්‍රීකරණය සඳහා යොදා ගෙන ඇති බවත් 2022 දී වාර්තා වී ඇත.
මෙසේ මෙම අපද්‍රව්‍ය පරිසරයට එකතු කරන්නන් අතර ප්‍රමුඛ ස්ථානය චීනය හිමිකරගන්නා අතර දෙවැන්නා වනුයේ ඇමරිකා එක්සත් ජනපදය යි.
කාර්මික විප්ලවයත් සමග ලෝකය යාන්ත්‍රීකරණය වීමට ආරම්භ විය. මිනිසා තම සියලු කාර්යයන් පහසුවෙන් කරගැනීම උදෙසා විවිධ ආකාරයේ උපකරණ භාවිත කෙරේ. ඉලෙක්ට්‍රොනික උපකරණ මගින් ඉතා පහසුවෙන් හා අවම කාලයකින් කාර්යයන් සිදු කරගැනීමට හැකි නිසා මෙම උපාංග භාවිතය ඉහළ ගොස් ඇත. මෙම උපකරණ විවිධ හේතු නිසාවෙන් භාවිත තත්ත්වයෙන් ඉවත් වන විට එම උපකරණ පරිසරයට මුදා හරී. ඒවා ඊ අපද්‍රව්‍ය නම් වේ. ඊ අපද්‍රවය සඳහා නිදසුන් කිහිපයක් පහත වේ.
ඉවතලන සන්නිවේදන උපකරණ.(දුරකථන,රූපවාහිනී)
ගෘහ උපකරණ.(ශීතකරණ)
ආලෝක උපකරණ.(LED බල්බ)
පරිපථ කොටස්.
ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය විවිධ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වී අති ඝන ද්‍රව්‍ය වේ.එමනිසා මේවා දිරාපත් නොවේ.එමෙන්ම ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය වල අන්තර්ගත රසායනික ද්‍රව්‍ය විෂ සහිත ලෙස පරිසරයට බලපෑම් එල්ල කරයි. මෙම අපද්‍රව්‍ය පසට,ජලයට,වාතයට මෙන්ම මිනිසුන්,සතුන්, ශාක ආදිය ඇතුළත් මුළු ජෛව ගෝලයටමද බලපෑම් එල්ල කරයි.
• ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයන්හි රසායනික ද්‍රව්‍ය උණුසුමත් සමග දිය වන අතර ඒවා පසට මුහු වේ.මේ නිසා පස නිසරු භාවයට මෙන්ම විෂ සහිත බවට පත් වේ.
• විද්‍යුත් අපද්‍රව්‍ය රත් කිරීම ඔස්සේ කැඩියම් හා බෙරලියම් වැනි විෂ සංයෝග වාතයට මුහු වේ. මෙමගින් වාතය දූෂණය වන අතර එමගින් ගෝලිය උෂ්ණත්වය වැඩි වීම, අම්ල වැසි ඇති වීම ආදී තත්ත්වයන් ඇති වේ.
• අම්ල වැසි මගින්,පාංශු වල ඇති විෂ ද්‍රව්‍ය ජලයට එක් වීම ආදී ක්‍රම මගින් භූගත මෙන්ම භූතල ජලයද දූෂණය වේ.
ඉහත ආකාරයේ බලපෑම් මගින් විවිධ රෝගාබාධ ඇති වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇති අතර එවැනි රෝගාබාධ කිහිපයක් පහත වේ.
නොමේරූ දරු උපත් සිදු වීම.
ඍණ උපත් ප්‍රතිඵල.
ශ්වසන ආබාධ .
පෙනහළු ක්‍රියාකාරීත්වයේ වෙනස්වීම්.
ඊ අපද්‍රව්‍ය කළමනාකරණය යනු, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හැසිරවීම හා කළමනාකරණය කිරීමයි.
ඊ අපද්‍රව්‍ය කළමනාකරණයට හොඳම ක්‍රමය ලෙස ප්‍රතිචක්‍රීකරණය දැක්විය හැක. ප්‍රතිචක්‍රීකරණය යනු ඉලෙක්ට්‍රොනික උපාංග කොටස් කොට ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට ලක් කොට නැවත භාවිත කළ හැකි තත්ත්වයට පත් කිරීම වේ.
ඊ අපද්‍රව්‍ය කළමනාකරණයට,
නව උපාංග සඳහා මාරු වීම සඳහා වැඩි කාලයක් ගැනීම.
උපකරණ යාවත්කාලීන කරමින් භාවිත කළ හැකි උපරිමයෙන් භාවිත කිරීම.
භාවිත කළ නොහැකි තත්ත්වයට පත් වූ පසු ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වෙත ගෙන යෑම.
වැනි දේ ජනයාට කළ හැකි අතර ඊ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා,
ගෝලීය වශයෙන්ම මෙන්ම රාජ්‍ය වශයෙන්ද නීති රීති සම්පාදනය කිරීම.
රාජ්‍යයන් අතර ගිවිසුම් ඇති කරගැනීම.
ප්‍රතිචක්‍රීකරණය උදෙසා පහසුකම් සැලසීම.
ආදී ක්‍රියා මාර්ග රාජ්‍යයන් වශයෙන් ගත හැක.
ඉහතින් සඳහන් කරන ලද බලපෑම් වලින් මිදීමට මෙසේ ඊ අපද්‍රව්‍ය කළමනාකරණය අත්‍යවශ්‍ය වේ.
පිරිසිදු ආරක්ෂිත පරිසරයක් අනාගතයට සුරක්ෂිතව ලබා දීමෙහි මෙහෙයුම උදෙසා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණයට
අපද එක්වමු.
සමාජයද දැනුවත් කරමු.