Friday, December 6, 2024





කසලෙන් හරිත සොබාදහමක්ති;රසාර ගෙවතු වගාවේ නව මාවතක්


කසල යන වචනය අපට ඇති කරන්නේ පිළිකුලක් හා අපිරිසිදු බවක්. එහෙත්, මදක් නිර්මාණාත්මකව සිතන්නට තිබේ නම්, කසල අපගේ ගෙවතු වලට අමුද්‍රව්‍යයක් බවට පත් කළ හැකිය. ඔව්, ඔබ නිවැරදිව කියවා ඇත! කසලෙන් හරිත පරිසරයක් ගොඩනගා ගත හැකිය.


පළතුරු හා එළවළු වල පොතු, කෝපි තේ පැකට්, කඩදාසි, පොළොවට වැඩි කරන ඕනෑම ද්‍රව්‍යයක් පොහොර බවට පත් කළ හැකිය. මෙම පොහොර ගස් වැල් වලට අතිශයින් පෝෂ්‍යදායී වන අතර, ඒ හරහා අපට සෞඛ්‍ය සම්පන්න ආහාර වගා කර ගත හැකිය.


කොම්පෝස්ට් යනු මෙම නිෂ්පාදන ක්‍රියාවලිය  හඳුන්වන නමයි. කොම්පෝස්ට් යනු ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියක් වන අතර, එය බැක්ටීරියා, දිලීර ආදී ක්ෂුද්‍ර ජීවීන්ගේ උපකාරයෙන් සිදුවේ. මෙම ක්‍රියාවලියේදී කාබනික ද්‍රව්‍ය කුඩා අංශු බවට පත්වී පසට මිශ්‍ර වේ.


කොම්පෝස්ට් භාවිතයෙන් ගොඩනඟන ගෙවතු  තුළින් බොහෝ පරිසර හිතකාමී මෙන් ම සෞඛ්‍ය අංශයෙන් ද  ප්‍රතිලාභ රාශියක් අත්පත් කොට ගැනීමේ ඉඩප්‍රස්ථාව පවතී. තව ද එම කාබනික පොහොර වර්ග  පස සාරවත් කරන අතර, ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩි කරයි. එමෙන්ම, එය පසෙහි වාතාශ්‍රය වැඩි දියුණු කරන අතර, පළිබෝධ පාලනයට ද උපකාරී වේ.


කසලෙන් හරිත පරිසරයක් ගොඩනැඟීම සඳහා දායකත්වය දැක්වීම තුළින් පරිසරය ආරක්ෂා කිරීම සඳහා ද ඉහල දායකත්වයක් විය හැකිය.  ඒ අනුව කසල ප්‍රමාණය අවම කරලීම, පාංෂු ඛාදනය වීම වැළැක්වීමට සහ ජල දූෂණය අවම කරලීම සඳහා ද  මෙම ක්‍රියාවලිය ඉතා වැදගත් ක්‍රමයක් ලෙස දැක්විය හැකි වේ.


මේ අනුව අප සැමට අපගේ නිවෙස් වටා කුඩා ගෙවතු වගා කළ හැකිය. එයට විශාල ඉඩක් අවශ්‍ය නොවේ. බෝතල්, පැරණි බේසම් ආදිය භාවිතා කර මෙම වගා කටයුතු සඳහා අවැසි වන පොහොර නිෂ්පාදනය සඳහා කුඩා කොම්පෝස්ට් බඳුනක් සාදා ගත හැකිය.


මෙරට තුළ විශේෂයෙන් ම වර්තමානයේ දැකිය හැකි සුලභ රෝග තත්වයක් ලෙස, වකුගඩු ආශ්‍රිත රෝගයන් දැක්විය හැකිය. මෙම රෝග තත්වයන්ට ප්‍රධාන හේතුකාරකය වී ඇත්තේ වගාවන්ට මහා පරිමාණයෙන් යොදනු ලබන රසායනික පොහොර වර්ග සහ වෙනත් රසායනික අමුද්‍රව්‍ය වර්ගයන් ය. මෙම රෝගවලින් තොර නීරෝගීමත් දේශයක් බිහි කරලීමට නම්, ඉවතලන අපද්‍රව්‍ය යොදා කොම්පෝස්ට් සහ කාබනික දියර පොහොර වර්ග නිෂ්පාදනය කර්මාන්තයක් ලෙසින් ඇරඹීම සිදු විය යුතු වේ. 


කාලාන්තරයක් තිස්සේ ලක්වාසීන් රෝගීන් කරලීමට රසායනික පොහොර වර්ග ආනයනය සිදු වෙයි. මෙරට නව නිපැයුමෙහි දස්කම් ඇති නිර්මාණකරුවන් විසින්  විවිධ අවස්ථාවන්හි දී අපද්‍රව්‍යවලින් කාබනික පොහොර නිපදවන යන්ත්‍ර නිර්මාණය කොට හඳුන්වා දී තිබෙන නමුත්, එම යන්ත්‍රවල සේවාව ලබා ගැනීම සඳහා ඉඩ සැලසීම වෙනුවට සිදුවන්නේ රටෙහි ඉහල බලවතුන් විසින් එම නිපැයුම් ක්‍රියාවට නැංවීමට අල්ලස් ආදිය ලබා ගැනීම හෝ එම යන්ත්‍ර විදේශයන්ට අළෙවි කරමින් අයතා මුදල් ලබා ගැනීමත් ය. ඔවුහු එසේ ලාභ ලබා ගනිමින් රසායනික ද්‍රව්‍ය ආනයනය කර, එම ද්‍රව්‍යවලින් ද මුදලක් උපයමින් අති සුඛෝපබෝගී ජීවිත ගත කරන අතර, සාමාන්‍ය ජනයා රෝගීන් කරවීමට එසේ ආනයනය කළ රසායනික ප්‍රවර්ධනය කිරීම සිදු කරයි. 


සිදු විය යුත්තේ මෙය නොවෙයි, ඉතා සුළු පරිමාණයේ සිට ම කසල කලමනාකරණ ව්‍යාපෘති ඇරඹීම, එම කටයුතු සඳහා රාජ්‍ය අනුග්‍රහය සැපයීම මෙන්ම රසායනික ද්‍රව්‍ය ආනයනය වලක්වාලමින් ස්වදේශික ව්‍යවසායකයින්ට අවස්ථා හා ප්‍රතිපාධන සැපයීම සිදු විය යුතු වෙයි. එසේම කාලාන්තරයක් රසායනික ද්‍රව්‍ය ආනයනය කරමින් බලවතුන් පොහොසත් කොට, රටවැසියන් රෝගීන් කොට ගෙන යන කූඨ ව්‍යාපාර සහ සියලු මාෆියාවන් සදාකාලික නින්දට පැමිනවීමට ද කාලය එළඹ තිබේ.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය

 *ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආගමික ඉගැන්වීම්වල සංස්කෘතික වැරදි අර්ථකථන ලොව පුරා සමාජ වල ව්‍යාප්ත වී ...