Wednesday, February 12, 2025

ප්‍රඥාවේ දොරටු විවර කළ නවම් පුන් පොහොය

 

ප්‍රඥාවේ දොරටු විවර කළ නවම් පුන් පොහොය


අද ශ්‍රී බුද්ධ වර්ශ 2568  ක් වූ නවම් පුර පසළොස්වක පොහෝ දින පෙබරවාරි 12 වෙනි  බදාදා දිනයයි.


අවුරුද්දේ දෙවැනි පොහොය ලෙස හැදින්වෙන්නේ නවම් පොහොය යි. 


දුරුතු පොහොය ශාසනයට වැදගත් වන්නේ යම් සේ ද නවම් පොහොයත් එසේම ය.මිනිසාගේ සිත්සතන්හි මෝක්ශ මාර්ගයට දොර විවර කරන්නට පාදම දමා ඇත්තේ ද නවම් පොහොය දා ය.


මෙහි සිදු වූ වැදගත් සිදුවීම් කිහිපයක් අප පහතින් විමසා බලමු.    

                                                                                             මෙහිදී සිදු වූ වැදගත් සිදුවීම්...


☑️ සැරියුත් - මුගලන්‍ රහතන් වහන්සේ දෙනමට අගසව් තනතුරු ලැබීම.

☑️ ඕවාද ප්‍රාතිමෝක්ශ දේශනා කිරීම.

☑️ බුදුරදුන් ආයු සංස්කාරය අත් හැරීම.

☑️සැරියුත් - මුගලන් දෙනමගේ පිරිනිවන් පෑමෙන් පසු රජගහ නුවරින් නික්ම බුදුරදුන් චාපාල චෛත්‍යය වෙත වැඩම කිරීම.


මේ නවම් පොහොය  සිද්ධි සමුදායකින් උපකල්ශිත වී ඇත.ඒ සිද්ධි අතර ප්‍රමුඛ වන්නේ සැරියුත් - මුගලන් මහ රහතන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ අගසව් තනතුරු ලැබීමේ සිද්ධිය යි. එමෙන් ම ප්‍රථම ධර්ම සංගානයනාව සිදු වූයේ ද නවම් පොහෝ දා ය.තව ද මහා සංඝ රත්නයට ඕවාද ප්‍රාතිමෝක්ශය දේශනා කළේත් නවම් පෝ දාකය.බුදුරදුන් පිරිනිවන් පෑමට තුන්මසකට ප්‍රථමයෙන් ආයු සංස්කාරය අත් හළේත් නවම් පුන් පොහෝ දිනක ය.


තරු පිරිවරා ගත් සද මඩල මෙන් බුදුරදුන් උරුවේල කස්සප,නදී කස්සප හා ගයා කස්සප යන තුන් බෑ ජටිල භික්ෂූන් ප්‍රධාන දහසක් භික්ෂු පිරිස ද, එක්දහස් දෙසිය පනසක් රහතන් වහන්සේද වේළුවනය එදා බබළවන්නට වූහ.මහා සගරුවන පිරිවරා ගත් බුදුරදුන් සාරිපුත්ත හා මොග්ගල්ලාන යන මහාක්ශීණාශ්‍රවයන් වහන්සේ දෙනම දකුණත් සහ වමත් සව්වන් වශයෙන් සංඝ සමාජයට හදුන්වා දුන්නේ මේ උතුම් නවම් පුන් පොහෝ දා ය.මෙම අග්‍ර ශ්‍රාවක තනතුරවලට පත් වීම මහත් අසිරියක් නොවන්නේද?


' *ඕවාද* *ප්‍රාතිමෝක්ෂය* ' දේශනා කළේද නවම් පුන් පොහෝදාක ය.එය බුදුරදුන්ගේ ශාසනයෙහි ප්‍රථම බෝධියෙහි ( විසි වසක්) පිරිසිදුව නොකැළැල්ව පැවැතුණි.එබැවින් මහ සගරුවන සම්බන්ධයෙන් විනය පැනවීමට කිසිදු අවශ්‍යතාවයක් නොවීය.ඉන් අනතුරුව කාලයාගේ ඇවෑමෙන් සංඝ සමාජයේ වැරැදි සිදු වන්නට විය.ඒ හේතුව මත ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නට විය.


බුදුරදුන් කිසිවකුට කිසිම දිනක විනයක් පනවන්නට ගියේ නැත.විනය පනවන්නට යොමු වූයේ වැරැද්දක් කළවිට දී ය.සංඝ සමාජයේ දැඩි නීති - රීති පනවා සගරුවන අතිශය අසීරුතාවට පත්කිරීමට බුදුන් වහන්සේ නොපෙළඹුණහ.එකිනෙකා අතින් සිදු වුණ වැරැදි පදනම් කරගෙන යළිත් එකම වැරැද්ද නොකිරීමට කටයුතු යෙදීම බුදුරදුන්ගේ පිළිවෙත විය.අපට විනය පිටකයක් ඇති වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.


බුදුරදුන්ගේ ආයුසංස්කාරය අත්හළේද නවම් පුන් පොහෝ දාක ය.බුදුරදුහු සැරියුත් හා මුගලන් දෙනමගේ පිරිනිවන් පෑමෙන් පසු රජගහ නුවරින් නික්ම චාපාල චෛත්‍යය වෙත වැඩියහ.එහිදී බුදුරදුහු ආනන්ද හිමියන් අමතා " *ආනන්දය* , *සතර* *ඉර්ධිපාද* *වැඩූවහුට* *කැමැති* *නම්* *ආයුස්කල්පයක්* *වුවද* *ජීවත්* *විය* *හැකි* *ය* " *යි* වදාළහ.බුදුරදුන් තෙවරක්ම මෙය අවධාරණය කළදා ආනන්ද හිමියන්ට මෙය නොවැටහිණි.ආයුස්කල්පයක් ජීවත් වීමට ඉඩකඩ තිබුණ ද අදහසක් ප්‍රකාශ කිරීම යටපත් වූ හෙයින් ආයුසංස්කාරය තුන් මසකින් හරින බව පැවැසීමෙන් අනතුරුව කල්පයක් වැඩ සිටින ලෙස ආනන්ද හිමියන් කීව ද එයින් පලක් වූයේ නැත.


ආයුසංස්කාරය අත්හළ කෙණෙහිම මහා භූම් චලනයක් එදා ඇති විය.එය සිදු වූයේ ද නවම් පෝ දා ය.චාපාල චෛත්‍යයයෙන් විසල් පුරයට වැඩම කළ තථාගතයන් වහන්සේ කූඨාගාරයට රැස් වූ භික්ශූන් අමතා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වදාරා අන්තිම අවවාද කළහ. ' *යො* *ධම්මං* *පස්සති* *සො* *මං* *පස්සති* ' යනුවෙන්  " යමෙකු ධර්මයට වදින්නේ නම් ඒ මට (බුදුරදුන්ට) වැදීමක් වන්නේ යි" යනුවෙන් වදාළහ.ධර්මය ප්‍රථම තැන තබා ජීවිතයට මෝක්ෂ මාර්ගය හෙළි කලේ සත්වයා සසරේ වැටී ඇති ආගාධයෙන් ගොඩගැනීම උදෙසා ය.


ප්‍රඥාවන්තයින්ගේ අරබයා දෙසූ දහම දුක්ඛ, සමුදය, නිරෝධ,මාර්ගය යන චතුස්සත්‍ය නුවණින් දැක නිවන දකින්නට ය.නවම් පොහොය අප ජිවිතයට කඩඉමක් කරගන්නේ ඒ හේතුව මතය.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය

 *ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආගමික ඉගැන්වීම්වල සංස්කෘතික වැරදි අර්ථකථන ලොව පුරා සමාජ වල ව්‍යාප්ත වී ...