Wednesday, February 12, 2025

...නාය යෑමක අඳුරු ආදර මතක...


 ...නාය යෑමක අඳුරු ආදර මතක...




1.නිවේදකයා: ආයුබෝවන්, මට  කණගාටුයි ඔබේ පවුල මුහුණ දුන් අන්තරාව පිළිබඳව. ඇත්තට ම මොකක්ද ඒ අමිහිරි මතකය.

 

දත්ත සපයන්නා:

ඒ දවස දැනුත්  මතකෙට එනකොට  මට හරි වේදනාවයි. ඒ දවස් වැස්ස හොඳට ම වැඩියි. මගේ බිරිඳයි දුවයි තමයි එදා ගෙදර හිටියේ.මම එදා අපේ මහ ගෙදර ගිහින් හිටියේ අපේ අම්මට ටිකක් අසනීප වෙලා හිටපු නිසා. කොහොමහරි මට එදා පාන්දර 2ට වගේ අසල්වැසි නිවසකින් දුරකථන ඇමතුමක් ලැබුණා මගේ ගෙදර නාය ගිහින් කියලා.මම ඒත් එක්ක ම ආවා.ඒ වෙනකොටත් ඒ දෙන්නන ම මාව දාලා ගිහින් ඉවරයි.එයාලා ඒ වෙනකොට නිදා ගෙන තමයි ඉඳලා තියෙන්නේ.



2. නිවේදකයා: ගැටලුවට මුහුණ දෙන්න ඔබට අනිත් පාර්ශ්වයන්ගෙන්  ලැබුණු සහය කොහොමද?


දත්ත සපයන්නා:හමුදාවේ අයත්,  පවුලේම එකිනෙකාත් මට ගොඩක් උදව් කළා. නමුත් ඒ වෙලාවේ මට මගේ හදවතේ වේදනාවට ප්‍රතිකාරයක් කරන්න බැරිවුණා.හමුදාවේ අයයි , අසල්වැසි අයයි එකතු වෙලා පැය 7ක් 8ක් ගියාට පස්සේ තමයි හරියට ම එයාලගේ සිරුරු හොයා ගත්තේ.



3. නිවේදකයා: නාය යෑමෙන් පසුව ඔබගේ ආර්ථික තත්ත්වය කොහොමද?


දත්ත සපයන්නා: ගොඩක් ලොකු අර්බුදයකට මට මුහුණ දෙන්නට සිදු වුණා. ගෙදරත් , මගේ ව්‍යාපාරයත් නැති වුණා.ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ව්‍යාපාරයේ උපකරණ, ලියවිලි, සහ සොඳුරු මතකවලින් පිරුණු දේවල් එකටම නැති වුණා. එකම දුවත් අහිමි වුණ එක මට ලොකු වේදනාවක්. 


4.නිවේදකයා: මට තේරෙනවා ඔබ දරුණු කම්පනයකට ඒ අවස්ථාවේ පත් වෙන්න ඇති කියලා.ඔබ ඒ අවස්ථාවේ ඔබේ මනස හදාගන්න අනුගමනය කළේ මොනවාද ?


දත්ත සපයන්නා:බිරිඳයි දුවයි නැති වුණාට පස්සේ මට තවදුරටත් ජීවත් වෙන්න ලොකු ආසාවක් ඇත්තට ම තිබුණේ නෑ.ඒත් මගේ අම්මා ඒ වන විට ජීවතුන් අතර හිටියා.මට ජීවත් වෙන්න ලොකු ම ශක්තිය වුණේ එයා.මගේ යාළුවෝ සහ නෑදෑයෝ මාව තනි කලේ නෑ.එයාලා ළඟින් ඉඳලා මට අලුතෙන් ජීවීතේ පටන් ගන්න උදව් කලා.මට මානසික වේදනාවෙන් ගොඩ එන්න උදව් කලේ එයාලා.



5.නිවේදකයා: මේ අත්දැකීමෙන් ඔබට ලැබුණු අත්දැකීම් මොනවාද?


දත්ත සපයන්නා: ජීවිතේ තාවකාලික බවත් කල්පනා කරන්න හිතුනා. අමාරුකම් මැද්දෙදිත් ජීවිතේ සටන් කරන්න ඕනේ කියලා මට වැටහුණා.ඒ වගේ ම අපි ආපදා ගැන මීට වඩා හිතුවනම් අදත් ඒ දෙන්නා ජීවත් වෙනවා කියලා මට හිතෙනවා.මොකද අපේ පැත්ත නාය යෑම් අවදානම් කලාපයක් කියලා නම් කරලා තියෙනවා.ඒත් ඒවා ගැන අපේ තියෙන් අඩු සැලකිල්ල මේවාට හේතු වෙනවා දැන් මට හිතෙනවා.ආපදා සදහා සූදානම් විය යුතු බව මම දැන් ගොඩක් විශ්වාස කරනවා.


ආරක්ෂක රැකවරණ, රක්ෂණ සහ ආපදා කළමනාකරණය මේ වගේ අවස්ථාවක දී  වැදගත් බවද  දැකගත්තා.මොකද මට ජීවිතේ ඉස්සරහට ගෙනියන්න එයාලත් ගොඩක් උදව් කළා.


මට මානසික ප්‍රතිකාර වලට නම් යොමු වෙන්නට අවශ්‍යතාවක් ඇති වුණේ නෑ.


6.නිවේදකයා:දැන් ඔබතුමා අපදාවකට පෙර , ආපදා අවස්ථාවක දි සහ ආපදාවකට පසු කළ යුතු තත්ත්වයන් ගැන දැනුවත් ද?


දත්ත සපයන්නා:

ඔව්, දැන් මම ඒ ගැන හොඳටම දැනුවත්. නමුත් ඊට පෙර ඒ තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් තිබුණේ නෑ. නාය යෑමේ අත්දැකීමෙන් පසුව ඒවා පිළිබඳ වටහා ගත්තා.


7.නිවේදකයා:ඔබට පුළුවන් ද ඔබේ වචන වලින් ම ඒ ක්‍රියාදාමය මට පැහැදිලි කරන්න.


දත්ත සපයන්නා:ඔව්.මට පුළුවන්.


♦️අපදාවකට පෙර කළ යුත්තේ:


✔️ආපදා අවදානමක් ඇති ප්‍රදේශයක සිටිනවා නම් නාය යෑම් හෝ අනෙකුත් ස්වභාවික ආපදා ගැන සකසන රජයේ මාර්ගෝපදේශයන් පිළිබඳ ව අවබෝධයෙන් සිටීම.


✔️ගෙදර තිබෙන මූලික ලේඛන, මුදල් සහ දේපළ ආරක්ෂා කර ගැනීම.


✔️ආරක්ෂක රක්ෂණාවරණ ලබා ගැනීම.


✔️ආපදා සූදානමක්  සකස් කර ගැනීම.


✔️ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දුරකථන අංක, ආරක්ෂිත තැනන් පිළිබඳව දැනුවත් වීම.



♦️අපදාවකදි කළ යුත්තේ:


✔️ප්‍රථමයෙන්ම ආරක්ෂිත තැනකට ආරක්ෂා ලබා ගැනීම.


✔️පවුලේ සාමාජිකයින් එක් කරගෙන එකට සිටීම.


✔️ආපදා මධ්‍යස්ථානයේ සහය ලබාගැනීම.


✔️විශේෂයෙන් ආධාර සහ ප්‍රතිකාර සඳහා සූදානමක් තිබීම.



♦️අපදාවෙන් පසුව කළ යුත්තේ:


✔️රාජ්‍ය ආධාර ලබා ගැනීමට අවශ්‍ය ලේඛන සකස් කිරීම.


✔️ආධාර හා සහන ලබා ගෙන නැවත දිවි ගමන ආරම්භ කිරීම.


✔️නව ජීවිතයක් සඳහා ආර්ථික සැලැසුම් සැකසීම.


✔️පසුගිය දේවල් පසෙක තබා, ජීවිතය යළි ගොඩනැගීම සඳහා මනෝ ශක්තිය රැඳවීම.



දැන් මට මනා අවබෝධයක් තියනවා නාය යෑම් වැනි ආපදා වලින් වළකින හෝ මුහුණ දෙන ක්‍රියාමාර්ග ගැන.


8.නිවේදකයා:ඔබ කොහොමද ඔබේ ව්‍යාපාරය නැවත ගොඩනඟා ගත්තේ.


දත්ත සපයන්නා:මම ව්‍යාපාරය ගොඩනඟ ගන්න ණය ආධාර ලබා ගත්තා.ඒවගෙන් තමයි මම ආර්ථික පැත්ත නැවත හදා ගත්තේ.


9.නිවේදකයා: ඔබට මේ ආපදාවේ දී රාජ්‍ය අංශයෙන් ලැබුණු දායකත්වය කොහොමද?


දත්ත සපයන්නා:

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් අධික වර්ෂාව සහ නාය යෑම් අවසන් වූ පසු ආරක්ෂාව සඳහා සහන කඳවුරු සකස් කළා. මට  ආපදා ආධාර වශයෙන් මූලික ආහාර, ජලය, සහ ඇඳුම් ලබාදුන්නා.


ආරක්ෂාව සඳහා රජයේ පාසැල්වල නවාතැන් සලසා දුන්නා. එහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විවිධ පහසුකම් ලබා දුන්නා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් පලාතේ විශේෂිත ගිණුමකට පවුලකට රුපියල් 15,000ක් වගේ මුදලක් සීමිත සහනයක් විදියට ලබාදුන්නා. 

මගේ බිරිඳට සහ දුවට රජයේ විශේෂ ජීවිත රක්ෂණ වාසි තිබුනා. එමඟින් අයදුම් පත්‍ර ඉදිරිපත් කිරීමෙන් පසු මූල්‍යමය වන්දි ලබා දුන්නා. 


10. නිවේදකයා: ඔබට පවුලේ අහිමිවීම ගැන මට ඇත්තට ම කනගාටු යි.ඔබේ මේ අමිහිරි අත්දැකීම අප සමඟ බෙදා ගත්තට බොහොම ස්තුතියි.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය

 *ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආගමික ඉගැන්වීම්වල සංස්කෘතික වැරදි අර්ථකථන ලොව පුරා සමාජ වල ව්‍යාප්ත වී ...