ඩෙල්ටා කාන්තාවන්
සමාජ ගතිකත්වයන් සහ පෞරුෂ මූලාශ්‍රයන් තුළ ඩෙල්ටා කාන්තාවන් ලෙස හඳුනා ගනු ලබන්නේ සාමාන්‍ය කාන්තාවන්ය.එනම් ඇය සමාජ ධූරාවලියේ ඉහළම හෝ පහළම යනුවෙන් එක් ස්ථානයකට සීමා වී නොමැත. මෙම කාන්තාවන් තුළ දැකගත හැකි ප්‍රධාන ලක්ෂණයක් වනුයේ ඔවුන්ගේ යථාර්ථවාදී ස්වභාවය මත පදනම් වූ ප්‍රායෝගික සහ ඉවසිලිමත් ස්වභාවයයි.
ඩෙල්ටා කාන්තාවන් ඔවුන්ගේ අත්දැකීම් හේතුවෙන් අශුභවාදී ලෙස පෙනී සිටිය හැක.ජීවිතය සෑම විටම හොඳම ප්‍රතිඵල ලබා නොදෙන බවට විශ්වාස කරන ඔවුන් විවිධ සමාජ තත්ත්වයන් තුළ ඇයගේ නියැලීමට බාධාවක් විය හැකි අනාරක්ෂිතභාවය සහ ස්වයංඥානය සමඟ සටන් කිරී කිරීමද සිදු කරයි.එමෙන්ම මොවුන් සංයමයෙන් සහ නිහඬව කටයුතු සිදුකරන අතර ඩෙල්ටා කාන්තාවන්ට ඵලදායි සන්නිවේදන කුසලතා හැකියාවන් පවතී.
විශේෂයෙන් ඔවුන් වෙනත් පුද්ගලයින් සමග කටයුතු සිදු කිරීමේදී ගැඹුරු අවබෝධයකින් යුතුව කටයුතු සිදු කරන අතර ක්ෂණිකව ,අතිශය හැඟීම් බර වී කටයුතු සිදු නොකරයි.සෑමවිටම පුද්ගලයින්ව දැඩි ලෙස විශ්වාස නොකරනු ලබන අතර තමාට අවශ්‍ය සබඳතා පමණක් ඇති කර ගනු ලබන අතර පුද්ගලයකු සමග සබඳතාවයක් ඇති කර ගැනීමේ දී එය සඳහා විශාල කාලයක් ලබා ගැනීම සිදු කිරීම ද මෙම කාන්තාවන්ගේ විශේෂ ලක්ෂණයක් ලෙස හඳුනා ගත හැකිය .එනම් ඔවුන් නව පුද්ගලයින් සමග මතු පිටින් පමණක් සබඳතා ඇති කරගනු නොලබන අතර අර්ථවත් සබඳතා පමණ ක් ඇතිකර ගැනීමට සෑම විටම උත්සාහ කරනු ලබයි.
ඩෙල්ටා කාන්තාවන් සතුව ශක්තින් සහ විවිධ දුර්වලතා පවතින බවද හඳුනා ගත හැකිය.
• මොවුන් සතු ප්‍රධාන ශක්තියක් ලෙස ස්වාධීනත්වය හඳුනාගත හැකිය.වෙනත් පුද්ගලයන්ගේ අදහස් විවේචන හමුවේ පසුබැසීම් සිදු නොකරන අතර සෑම විටම ස්වාධීනව තීරණ ගැනීමට ඔවුන්ට හැකියාවක් පවතී.
• එමෙන්ම තමන්ට අවශ්‍ය සතුට තෘප්තිය ළඟා කර ගැනීමට අනෙක් පුද්ගලයන්ගේ සහයක් ඔවුන් බලාපොරොත්තු නොවේ.එනම් වෙනත් පුද්ගලයකු මත යැපීම සිදු නොකරන අතර තමාට අවශ්‍ය දේ තනිවම සිදුකර ගැනීමේ හැකියාවක් පවතින බව හඳුනාගත හැකිය.
• මොවුන් සතුට අවශ්‍ය ශක්තියක් ලෙස ඔවුන් සෑම විටම තමන් පරිපූර්ණ යැයි නොසිතන අතර තමන්ගේ වැරදි පවතින විට ඒවා නිවැරදි කර ගැනීමට උත්සාහ කරයි.
• ඩෙල්ටා කාන්තාවන් සතුව පවතින දුර්වලතාවයක් නම් ඔවුන්ට සමාජගත වීමට පවතින අවස්ථාවන් ප්‍රමාණය අඩුවීමය.එනම් සෑමවිටම තමන්ට අවශ්‍ය සබඳතාවයන් පමණක් ළඟා කර ගැනීමට උත්සාහකිරීමේදී සහ සමාජය තුළට නොයාමෙන් ඇයට පවතින අවස්ථාවන් මඟ හැරී යාමේ හැකියාව ඉහළය.
• එමෙන්ම සමාජගත වීම වැළැක්විය නොහැකි අවස්ථාවන්වලදී සමාජය තුළට යාමට සිදුවූ විට ඇයට විවිධ අපහසුතාවලට මුහුණ දීමට සිදුවේ.
• උදාහරණයක් ලෙස විවාහ උත්සවයකට අනිවාර්යයෙන් සහභාගී වීමට සිදුවූ අවස්ථාවකදී ඇයට අනෙත් පුද්ගලයන්ගෙන් වෙන් වී තනිවම කාලය ගත කිරීමට බොහෝ විට සිදුවේ.
• ඇයට සමාජය තුළ අනෙක් කාන්තාවන් නිසා අපේක්ෂව අනාරක්ෂිත බවක් පවතී.එනම් අන් අයගේ පිළිගැනීම සඳහා ක්‍රියා නොකිරීම නිසා සමාජයෙන් කොන් වීමට පවතින අවස්ථාව ඉහළ වීම තුළින් කණගාටුව සහ අනාරක්ෂිතභාවයට ඔවුන් පත්විය හැකිය.