ස්වභාවික සෞඛ්‍ය ප්‍රතිකාර යනු ස්වභාවික ක්‍රම මගින් සෞඛ්‍ය හා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් පුළුල් පරාසයක භාවිතයන් ඇතුළත් වන, බොහෝ විට ශරීරය සුවපත් වීමේ සහජ හැකියාව අවධාරණය කරන ක්‍රමයකි. මෙම ප්‍රතිකාරයන්ට ආහාර වෙනස් කිරීම ,ඖෂධ පැළෑටි පිළියම් ,භෞතික ප්‍රතිකාර යනාදිය ඇතුළත්ය .
ස්වභාවික සෞඛ්‍ය ප්‍රතිකාර වර්ගයන් අතර ඖෂධීය ගුණයකින් යුතු ඖෂධ භාවිතා කිරීම විශේෂයෙන් දෘෂ්ටිමානය. ඖෂධ භාවිතා කිරීම සම්බන්ධයෙන් ඉතා දිගු ඉතිහාසයක් ඇත. බුදු දහමේ සඳහන් වන්නේ ඖෂධයකට ගත නොහැකි කිසිදු පැළෑටියක් නොමැති බවයි.
මස්බැද්ද ශාකයේ පත්‍රවල යුෂ පානය කිරීම මගින් කුඩා බඩවැල් බිත්ති වලින් සීනි උරා ගැනීම අඩු කරන අතරම රුධිරගත සීනි ප්‍රමාණයද අවම කර ගැනීමට හැකිය .තවද තරබාරුකම අඩු කිරීමටද සපයන්නේ මහඟු රුකුලකි. ඖෂධීය ශාක අතර කටුපිල ශාක විශේෂය මගින් පිළිකා සුවකිරීම සිදුවේ. අමුක්කරා ශාකය ක්ෂය රෝග හා කාශ රෝග නාශකයක් ලෙසින් ක්‍රියාකරයි. අද ලෝකයේ අතිශය කාර්යබහුල ජීවිතයක් ගත කරන විශාල පිරිසක් බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳව විශ්වාසය තබා ඇත්තේ එය දියුණු රටවල සිදුකෙරෙන පර්යේෂණ හා අත්හදා බැලීම් ඔස්සේ විධිමත්ව ක්‍රියාත්මක වන ප්‍රතිකාර සමුදායක් සහිත වෛද්‍ය ක්‍රමවේදයක් යැයි පිළිගන්නා බැවිනි.මෙවන් වූ විවිධ හේතුකාරණා මූලාශ්‍ර කරගනිමින් දේශිය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පිළිබඳ අවධානය කාලයක් පහළ ගොස් තිබුණු නමුදු මෑත කාලයේදී ලොවපුරා ඇති වූ වසංගත තත්ත්වය හේතුවෙන් දේශිය ඖෂධ ප්‍රතිකාර කෙරෙහි වඩාත් අවධානය යොමු විය .
ස්වභාවික සෞඛ්‍ය ප්‍රතිකාර අතර ස්වභාවික වෛද්‍ය විද්‍යාවට හිමිවන්නේ ද සුවිශේෂී ස්ථානයකි .මෙහිදී මුළු පුද්ගලයාම එනම් ශරීරය, මනස සහ ආත්මය සලකා බලන පරිපූර්ණ ප්‍රතිකාර ප්‍රවේශයන් කෙරෙහි අවධානය යොමු කරයි. ස්වභාවික වෛද්‍යවරුන් රෝගාබාධ වැළැක්වීම සඳහා සමබල ආහාරවේලක් ගැනීම, ව්‍යායාම කිරීම ,අවදි වූ විගස වතුර වීදුරුවක් පානය කිරිම වැනි උපක්‍රමයන් යෝජනා කරයි.
තවද කටුචිකිත්සාව වැනි සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම ද මේ සඳහා යොදාගත හැකිය. කටුචිකිත්සාව තුළින් ශක්ති ප්‍රවාහය සමතුලිත කිරීම විවිධ සෞඛ්‍ය ගැටළු සමනය කිරිම සදහා පාදකවන අතර ශරිරයේ නිශ්චිත ස්ථානවලට සිහින් ඉදිකටු ඇතුල් කිරිම එහිදී සිදුවේ.
භාවනාව, යෝග හා තායිචී වැනි මානසික චිත්තාග්‍රතාව වර්ධනය කරන ක්‍රම අනුගමනය මගින් නිරෝගී දිවියකට මංපෙත හෙළි කරනු ලබයි. මේවා ස්වභාවික සෞඛ්‍ය ප්‍රතිකාරයන්ය. විටමින් අධික එළවළු, පළතුරු වර්ග ආහාරයට ගැනීම මගින් ද සපයනුයේ නිරෝගී දිවි පෙවෙතකි. විටමින් C අධිකව අඩංගු දෙහි, නාරං, අන්නාසි ,වෙරළුද විටමින් D අඩංගු පීකුදු ,මෝර තෙල්ද විටමින් E අඩංගු කතුරුමුරුංගා, ගෝවා, පලා වර්ගද විටමින් K අඩංගු නිවිති, පීකුදු, කොළපාට එළවළු ආදී ආහාරයන්ද ප්‍රමුඛස්ථානයක් ලබා ගනියි.
සාම්ප්‍රදායික පාරිසරික ක්‍රම යනු සංස්කෘතික උරුමයන් හා පරිසරික සමතුලිතතාවයට ගරු කරමින් දේශීය සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීමය .මෙමගින් දේශීය ප්‍රජාවන්ට ඖෂධීය අරමුණු සඳහා භාවිතා කළ හැකි දේශීය ශාක හා සත්ත්ව විශේෂ පිළිබඳ පුළුල් දැනුමක් ලබාදීම මගින් දේශීය දැනුම් පද්ධතිය වර්ධනය කළ හැකිය. සම්පත් ක්ෂය නොවී අවශ්‍ය දේ පමණක් ගැනීම වැනි භාවිතයන් ඇතුළත්වන තිරසාර අසවනු නෙළීමේ පිළිවෙතක්ද මෙහිදී මැනවින් අවධාරණය කරනු ලබයි. සාම්ප්‍රදායික පාරිසරික ක්‍රම අතර සංස්කෘතික චාරිත්‍ර ද එක් පැතිකඩක් ආවරණය කරයි .
විවිධ සංස්කෘතික සෞඛ්‍ය ආරක්ෂණ භාවිතයන් තුළ ස්වභාවධර්මයේ භූමිකාවට ගරු කරන චාරිත්‍ර ඇතුළත් වේ. සමහර ආදිවාසී කණ්ඩායම් ශාක අස්වැන්න නෙළීමට පෙර උත්සව පවත්වනු ලබයි . ප්‍රජාපාදක සංරක්ෂණය ද සාම්ප්‍රදායික පාරිසරික ක්‍රම තුළ අන්තර්ගතය. ඖෂධීය ශාක ස්වභාවිකව වැඩෙන වාසස්ථාන ආරක්ෂා කිරීම මගින් ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම කෙරෙහි ප්‍රජා කණ්ඩායම් අවධානය යොමු කරන අතරම පුළුල් පාරිසරික සංරක්ෂණ ප්‍රයත්නයන්ද යොදා ගනියි.
විද්‍යාත්මක සාක්‍ෂි සහ සංස්කෘතික සම්ප්‍රදායන් යන දෙකටම ගරු කරන සෞඛ්‍ය සේවා වඩාත් පරිපූර්ණ ප්‍රවේශයක් නිර්මාණය කිරීම සඳහා සාම්ප්‍රදායික පරිසරික ක්‍රම නවීන වෛද්‍ය පිළිවෙත් සමඟ ඒකාබද්ධ කිරීමේ වැදගත්කම වැඩිවෙමින් පවතියි.
ස්වභාවික සෞඛ්‍ය ප්‍රතිකාරවලට ස්වභාවික ක්‍රම හරහා යහපැවැත්ම වැඩිදියුණු කිරීම අරමුණු කරගත් විවිධ සාකල්‍ය ප්‍රවේශයන් ඇතුළත් වන අතර සාම්ප්‍රදායික පාරිසරික ක්‍රම මගින් සෞඛ්‍ය ආරක්‍ෂණය සහ පාරිසරික සමතුලිතතාවය යන අංශයන් ප්‍රවර්ධනය කරමින් දේශීය දැනුම් පද්ධති තුළ මුල් බැසගත් තිරසාර භාවිතයන් අවධාරණය කරයි.
Leo Hansi Prabha Kaushalya