දර්ශනය යනු ආශ්වාදජනක මෙන්ම සමාජය පරිවර්තනය කළ හැකි එදිනෙදා භාවිතයකි. තර්කානුකූල සිතීමටත් තර්කානුකූල මත ගැටුමකට මනස අවදි කිරීමටත් ගෞරවනීය සමාජයක් ගොඩ නැගීමටත් දර්ශනය උපකාරී වේ.
මුල්ම වරට යුනෙස්කෝව විසින් 2002 වර්ෂයේ ලෝක දර්ශන දිනය සැමරූ අතර 2005 වර්ෂයේ සිට එය සෑම වසරකම සමරනු ලබන පරිදි ස්ථාපිත කරන ලදී.දර්ශනයේ වැදගත්කම කෙටියෙන් පැහැදිලි කළහොත් දර්ශනය අපගේ අදහස් වල සුවිශේෂීතා ප්‍රකාශ කිරීමටත් දුෂ්කර කරුණු පැහැදිලි කිරීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීමටත් අපගේ ලිවීමේ හා කථන අපැහැදිලිතාඉවත් කිරීමටත් උපකාරී වන බව පෙන්වා දිය හැකිය.දර්ශනයට උදාහරණ ලෙස පාරභෞතික විද්‍යාව, ආචාර ධර්ම විද්‍යාව, ඥාන විද්‍යාව, තර්කනය,සෞන්දර්ය යන විෂයන් වැදගත් තැනැක් ගනී.2023 වර්ෂයේ ලෝක දර්ශනය දිනයේ තේමාව වී ඇත්තේ බහුසංස්කෘතික ලෝකයක දාර්ශනික පරාවර්තනය යන්නයි. මෙම තේමාව විවිධ සංස්කෘතීන් හා ඉදිරි දර්ශන අතර අවබෝධය හා සංවාදය ප්‍රවර්ධනය කිරීමේ දී දර්ශනයේ ඇති වැදගත්කම ඉස්මතු කරයි.
දර්ශනය නොමැතිව, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වයෙන් යුතු ලෝකයක් ගැන සිතීමට අප භාවිතා කරන බොහෝ සංකල්ප අපට නොතිබෙනු ඇත. තාර්කිකවාදය, අනුභූතිවාදය සහ විඥානවාදය වැනි ලෝකය ගැන සිතීමේ විවිධ ක්‍රම ද අපට නොතිබෙනු ඇත.
Leo Madhavi Maheshika
First Year
Faculty of Arts