ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නත් ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සඳහා සෑම වසරකම නොවැම්බර් 10 වන දින ලෝක ප්‍රතිශක්තිකරණ දිනය ලෙස නම් කර තිබේ.ලෝක ප්‍රතිශක්තිකරණ දිනය සමරනු ලබන්නේ භයානක රෝග වලින් ආරක්ෂා වීමට ලාභදායී හා ඵලදායි විසඳුමක් ලෙස එන්නත්කරණයේ වාසිදායක තත්ත්වය පිළිබඳව පෙන්වා දීමේ අරමුණ ඇතිවය.
ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ ඉතිහාසය චීනයේ 11 සියවස දක්වා ඈතට දිව යන අතර 1796 එංගලන්තයේ වසූරිය රෝගයට එන්නතක් සොයාගැනීමේ පුරෝගාමියා වූ එඩ්වඩ් ජෙනර් ට ගෞරව කිරීම සඳහා ලෝක ප්‍රතිශක්තිකරණ දිනය ඇරඹී ඇත.වසූරිය සඳහා නිපදවූ මෙම එන්නත ලොව පළමු එන්නත ලෙස සැලකේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ප්‍රතිශක්තිකරණය යනු සාමාන්‍යයෙන් එන්නත් ලබා දීමෙන් යම් පුද්ගලයකු රෝගයකට ඔරොත්තු දෙන ක්‍රියාවලියකි.එන්නත් මගින් පසුකාලීන ආසාදන හෝ රෝග වලින් පුද්ගලයා ආරක්ෂා කිරීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරයි.එන්නත්කරණ ක්‍රියාවලිය වැඩි කිරීමේ අරමුණෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය 1974 දී ගෝලීය වශයෙන් ව්‍යාප්තිත ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ආරම්භ කරන ලදී.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද ඇස්තමේන්තුවලට අනුව මිනිසුන්ගේ මරණ මිලියන 2-3 අතර ප්‍රමාණයක් එන්නත්කරණය තුළින් වළක්වා ගත හැකිය.සරම්ප, පෝලියෝ, පිටගැස්ම,පාචනය,නිව්මෝනියාව ඇතුළු භයානක රෝග එන්නත්කරණ ක්‍රියාවලිය තුළින් වළක්වාගැනීමට හැකි බවත් මෙම රෝග බොහොමයක් වයස අවුරුදු 5 ට අඩු දරුවන්ට මාරාන්තික විය හැකි බවත් පෙන්වා දී තිබේ.එන්නත් ලබා ගැනීමේ වැදගත්කම කොතෙක්ද යන්න පිළිබඳව පෙන්වා දීමට ඇති මෑත කාලීන හොඳම උදාහරණය වන්නේ මාරාන්තික corvid-19 වෛරස් රෝගය එන්නත්කරණය මගින් පාලනය කර ගත් ආකාරයයි.
අද ලෝකයේ එන්නත් ලබා නොගත් හා අඩු එන්නත් ප්‍රමාණයක් ලබාගත් දරුවන් මිලියන 20 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බව අධ්‍යයන වලින් පෙන්වා දී ඇත.
එන්නත්කරණයේ වැදගත්කම පිළිබඳව තවදුරටත් පැහැදිලි කළහොත් එන්නත් මගින් බෝ වන රෝග වලක්වා ගනිමින් ජීවිත සුරක්ෂිත කිරීම සඳහා එය වැදගත්කාර්‍යභාරයක් ඉටු කරන බවත් ළදරුවන් හා වැඩිහිටියන් වැනි අවදානමට ලක්විය හැකි ජනගහනය වසංගත රෝග වලින් ආරක්ෂා කිරීමත්,බරපතල සංකූලතා හා මරණ පවා ඇති කළ හැකි රෝග වලට ගොදුරු වීම වැළක්වීම එමගින් සිදු කරන බවත් පෙන්වා දිය හැකිය. එන්නත්කරණයේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට වසූරිය රෝගය ලෝකයෙන් තුරන් වී ඇති අතර පෝලියෝ රෝගය බොහෝ රටවල් වලින් වාර්තා නොවීම සාධනීය ලක්ෂණයකි.
ලෝක ප්‍රතිශක්තිකරණ දිනය රෝග වැලැක්වීම හා ගෝලීය සෞඛ්‍ය වැඩි දියුණු කිරීම සඳහා තීරණාත්මක මෙවලමක් ලෙස එන්නත්කරණ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කරන්නක් ලෙස අවසන් වශයෙන් පෙන්වා දිය හැකිය.
Leo Madhavi Maheshika
First Year
Faculty of Arts
University of Colombo