Tuesday, December 5, 2023

නිරාගමිකවාදය හා ආගම අතර ගැටෙන නූතන තරුණයා


ආගම හුදෙක්ම මනූෂ්‍යයා විමුක්ති මාර්ගයේ ගමන් කරවීමට හා යහපත් දිවියක් ගත කරලීමට පූර්වාදර්ශ සපයන දර්ශනයකි . ලොව ප්‍රමුඛ පෙළේ ආගම් ලෙස කිතුනු දහම , බුදු දහම , හින්දු , ජෛයින , ජුදා හා ඉස්ලාම් වැනි ආගම් දැකිය හැකිය .ආගමික ශාස්තෘවරුන් ආගමින් ආගමට වෙනස් වුවද ඔවුන්ගේ පණිවිඩ හා ඉගැන්වීම් තුළින් ගම්‍යමාන වන හරය සමාන බව කීම කිසිවිටෙකත් අසත්‍යය නොවේ. නමුදු ආගම යන්න වර්තමානයේ මූල්‍යමය මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වෙමින් පවතී . ඇතැම් ආගමික නායකයන් ගෙවන සුඛෝපභෝගි දිවිය එහි අනුගාමිකයන්ට ආගම පිළිබඳ පවතින විශ්වාසය දිනෙන් දින අහිමි කරමින් ඇත. 

මෙම තත්තවය තුළ නිරාගමීකවාදය යන සංකල්පය ඉස්මතු වේ . ආගම් ප්‍රතික්ෂේප කරමින් දිවි ගෙවීමට වර්තමාන තරුණයා උත්සහා ගෙන ඇත . නිරාගමීකවාදය හමුවේ  තරුණයා අත්කර ගනිමින් ඇත්තේ සැබවින්ම යහපත් ජීවන රටාවක්ද ?නැතිනම් තවදුරටත් මනුෂ්‍යත්වය පරිහානීයට පත් කරන ජීවන ක්‍රමයක් ද ? යන්න ගැටළු සහගතය  . බොහෝ යූරෝපා රටවල මිනිසුන් නිරාගමීකවාදීන් වන අතර ඔවුන්ගේ ආකල්ප හා හැසිරීම් රටාවන් ඒ හරහා දූෂණය වී නොමැති බව බැලූ බැල්මට අපට ගම්‍යමාන වේ . නමුත් දකුණු ආසියානු කලාපයේ ජීවත් වන්නන්ට මෙම සංකල්පය කෙතරම් ප්‍රායෝගික දැයි ප්‍රශ්නයකි. මක්නිසාදයත් ආසියානු සංස්කෘතිය හා ආගම අතර පවතින අවියෝජනීය සබදතාව බිද දැමීමට නිරාගමීකවාදයට නොහැක. නමුත් නූතන තරුණයන් එය එසේ කළ ද ඒ හරහා සමාජය තුළින් එල්ල වන පීඩනය මෙන්ම යහපත් මානූෂීය ගුණධර්ම පෝෂණය කිරීමෙහිලා ආගම තුළින් කරන කාර්‍යයභාරය් හස්තයෙන් මිදීමට ඔවුන්ට නොහැක. 

නිරාගමිකවාදය අයහපත් දෙයක් යැයි කීමට වඩා ඒ හරහා නිර්මාණය වන තරුණ ස්වාධීන හා නිදහස් මතයන්ට ගරු කිරීම වටී . නමුත් ආගම තුළින් ලබන ආත්මීක පෝෂණය හා මානසික නිදහස නිරාගමීකවාදය තුළින් ලැබිය හැකිද ? යන්න ප්‍රශ්න කළ යුතුමය . නූතන තරුණයාගේ මානසික අසහනය , සියදිවි නසා ගැනීම් , ආකල්ප හා හැසිරීම්වල පවතින දුෂ්කරතාවයන් මගහරවා ගැනීමට ආගමීක ඉගැන්වීම් අසමත් නොවේ . 

ආගම යන්න ඇදහීම හෝ එසේ නොකිරීම පුද්ගල අයිතියකි. එය පුද්ගල නිදහසකි .එයට අප සැම ගරු කළ යුතුමය. ඇතැම් ආගමික නායකයන්ගේ ක්‍රියාකලාපයන් මෙන්ම ඇතැම් මූලධර්මවාදීන්ගේ අදහස් හමුවේ නිර්මාණය වන ත්‍රස්තවාදී ආකල්ප හා ඒ හරහා සිදුවන මනූෂ්‍යය ඝාතන සමස්ත ආගම් සියල්ලම ප්‍රතික්ෂේප කිරීමට තරුණයාට සාධක සැපයුවද එය එසේ කිරීමෙන් මෙවැනි ප්‍රශ්න අවසන් යැයි සිතීම දුෂ්කරය . මනූෂ්‍යයා නිවන , සුවපත් කරන හා ආත්මීක සැනසීමක් ලබා දෙන ආගම අත් හැරීම නොකළ යුතුය. තරුණයන් වශයෙන් එහි හරය වටහා ගෙන ඒ අනුව ක්‍රියා කිරීම සමාජයේ පවතින දුර්මත තුරන් කිරීමට අවශ්‍යය පූර්වාදර්ශයන් සපයනු නොඅනුමානය. එබැවින් නිරාගමීකවාදය හා ආගම අතර ගැටෙන තරුණයා තම ස්වාධීන මත දරමින් ආගමීක වටිනාකම් හා හරයන් මෙන්ම මානූෂීය වටිනාකම් රැක ගනිමින් දිවි ගෙවීම කළ යුතු බව  පැහැදිලියි. 

Leo Shashin Dewthilina

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...