Sunday, January 14, 2024

අභිරහස් කතා කලාවෙ රැජිණ


රහස් පරීක්ෂක, අභිරහස් ප්‍රබන්ධ කතා ආදි කතාංගයන්ට සාහිත්‍ය ලෝකය තුළ ලැබී තිබෙන්නේ අද්විතීය ස්ථානයකි.ඒ පාඨකයා කිසිදු ලෙසකින්වත් නොසිතන ආකාරයේ  සිදුවීම් ආදිය අපූරුවට ගළපා කුතුහලය දනවන ආකාරයට එම කථා රචනා වී ඇති නිසාවෙනි.

එවැනි කතා බොහෝමයක් නිර්මාණය කළ අගතා ක්‍රිස්ටි  "අභිරහස් කතා කලාවේ රැජිණ" ලෙස හඳුන්වන අතර ඇය ලෝක සාහිත්‍ය සාහිත්‍ය තුළ නොමියෙන කීර්තිමත් චරිතයකි.ලොව මෙතෙක් වැඩියෙන්ම අලෙවි වී ඇති ග්‍රන්ථ අතර මුල් තැන අද වන තෙක්ම අගතා ක්‍රිස්ට්ගේ ග්‍රන්ථවලට හිමි වන්නේ ඇයගේ ග්‍රන්ථකරණය රසික සිත් තුල කොතරම් දුරට කාවැදී ඇත්දැයි යන්න පෙන්වා දෙමින්ය.

1890 වර්ෂයේ සැප්තැම්බර් 15වන දින එංගලන්තේ උපත ලැබූ අගතා ක්‍රිස්ටි තම අධ්‍යාපනය ලබා ඇත්තේ නිවසේදී ඇගේ මවගෙනි.ක්‍රිස්ටි පළමු ලෝක යුධ සමයේදී හෙදියක් ලෙස සේවය කරන කාලය අතරතුර රහස් පරීක්ෂක ප්‍රබන්ධ කතා ලිවීම ආරම්භ කොට තිබේ. ඇගේ පළමු නවකතාව "The mysterious affair at style" වූ අතර වැඩිම විකුණුම් ප්‍රමාණයකට හිමිකම් කියනු ලබන්නේ වරද හා යුක්තිය යන තේමාව වටා ගෙතුණු "And then there were none" නම් රහස් පරීක්ෂක නව කතාවයි."Muder on the orient express","The muder of roger ackroyd","Death on the nile" ඇගේ වඩාත් ප්‍රසිද්ධ කෘති කිහිපයකි.

රහස් පරීක්ෂක කතා 66ක් ද කෙටි කතා 14ක්ද රචනා කර ඇති ක්‍රිස්ටි වසර 20ක් පුරා රහස් අන්වර්ථ නාමයකින් ආදර කතා කිහිපයක්ද  රචනා කර  ඇත.ක්‍රිස්ටි වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ Hercule poirot හා Miss marple  වැනි සංකේතාත්මක ප්‍රබන්ධ රහස් පරීක්ෂකයින් නිර්මාණය කිරීම නිසාවෙන් වන අතර ඇගේ කතා බොහෝ විට සංකීර්ණ, විස්මිත අවසානයක් හා මානව මනෝවිද්‍යාව කෙරෙහි අවධානය යොමුව ඇති ඉතා සාර්ථක කතාංගයන් වේ.ඇගේ බොහෝ කෘති ප්‍රමාණයක් රූපවාහිනි කතා මාලා හා වේදිකා නාට්‍ය නිෂ්පාදන වලට අනුවර්තනය වී ඇති අතර ඇගේ ග්‍රන්ථ පිටපත් මිලියන සියයකට වඩා අලෙවි වී තිබේ.එපමණක් නොව ඇගේ ග්‍රන්ථ භාෂා සියයකට වඩා අධික ප්‍රමාණයකට පරිවර්තනය වී තිබෙන්නේ ලොව පුරා අතිමහත් රසික ප්‍රජාවක් ඇය වටා එකතු කරමින්ය.

"Mistress of mystery","මරණයේ ආදිපාදවරිය" යන අන්වර්ථ නාමවලින්ද ඇයව හදුන්වනු ලබන අතර "අභිරහස් කතා කලාවේ රැජිණ" ලෙස ඇයව හැදින්වීමට මූලිකවම හේතු වී ඇත්තේ ඇගේ ග්‍රන්ථ සංකීර්ණ කතා ශෛලියකින් හා කුතුහලය පිරි එමෙන්ම කිසිලෙසකින්වත් අමතක නොවන චරිත සැකසීමේ ඇගේ දක්ෂතාව හේතුවෙනි.

නව පරපුරේ ලේඛකයන් දිරිමත් කරමින් රහස් පරීක්ෂක ග්‍රන්ථ ප්‍රභේදයට අගතා ක්‍රිස්ටිගෙන් ලැබුණු දායකත්වය ලෝක සාහිත්‍යය තුළ සදාකාලික බලපෑමක් ඇතිකෙරිණි.සිය ජීවිතය අවසන් සමය තෙක් ග්‍රන්ථකරණයේ යෙදී වයස අවුරුදු 85දී අගතා ක්‍රිස්ටි මිය ගියේ ඇගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ කුතුහලය දනවන ප්‍රශ්න රැසක් ඉතිරි කරමින් ය.ඇය මිය ගියද ඇගේ ග්‍රන්ථ අදටත් පාඨක ප්‍රජාව නවමු ලොවකට රැගෙන යන සදාකලික සාහිත්‍යංගයන් බවට පත්වී තිබෙන්නේ ඇගේ අපූරු දක්ශතාවයන් තවදුරටත් පසක් කරමිනි.

Leo Madhvi Maheshika

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...