Monday, January 22, 2024

දඬුලේනා (Nature Eye - Article 17)

 


*පොදු නාමය- දඬුලේනා

* විද්‍යාත්මක නාමය-Ratufa marcroura

*ඉංග්‍රීසි නාමය-Sri Lanka giant squirrel

*දෙමළ නාමය-පෙරිය අනිල්

දඬුලේනා ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා වේ.සාමාන්‍යයෙන් වැඩුණු දඬු ලේනෙකුගේ ශරීර ප්‍රමාණය සෙ.මී.25 ත් 45 ත් අතර වෙයි.ගැහැනු හා පිරිමි සතුන් අතර,ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා තරමක් ප්‍රමාණයෙන් විශාලය. ඝන ලෝම තට්ටුවකින් වැසුණු සම සීත කාලයේ දී ඔහුට කාලගුණයට ඔරොත්තු දීමට උදව් වෙයි.ගස් නැගීමට සහ ගසින් ගසට පැනීමට ශූරයෙකු වූ දඬුලේනාට මේ සඳහා උදව් වන ප්‍රධාන ම දෙය වන්නේ උගේ දිගු ශක්තිමත් වලිගයයි.දුඹුරු ,රතු,අළු හා කළු වර්ණවල ශරීර මේ සත්ත්වයාට හිමිව ඇත.

      ජීවත්වන ප්‍රදේශ පිළිබඳ සඳහන් කිරීමේ දී වයඹ පළාතේ මොවුන් වැඩි වශයෙන් ජීවත් වෙයි.මීට අමතරව දකුණු ඉන්දියාවේ ද සුළු වශයෙන් දක්නට ලැබේ.

               මොවුන්ගේ ආහාර පිළිබඳ සඳහන් කිරීමේ දී,

 *පලතුරු

*පොල්

*ඇතැම් ගස්වල පොතු

*කුඩා කෘමි සතුන්

      ආහාර ලෙස ගනු ලබයි.ඝන ලෝම තට්ටුවකින් වැසුණු නිසා සම සීත කාලයේ දී ඔහුට කාලගුණයට ඔරොත්තු දීමට උදව් වේ.

      මෙම සත්ත්වයා වඩාත්  ක්‍රියාකාරී වන්නේ උදය කාලයේ හා  සන්ද්‍යා කාලයේ මුල් භාගයේ ය.එක් ගසක සිට 6m ක් දුරින් පිහිටි ගසකට පවා පැනීමේ හැකියාව ඇත.උදය සහ දවල් කාලයේ දී ක්‍රියාකාරී වන මෙම සත්ත්වයා රාත්‍රි කාලයේ දී හොඳින් නින්දට වැටෙයි.විවේක කාලයේ දී සහ රාත්‍රීයේ දී නිදා ගැනීම සඳහා තනාගත් කූඩුවල වෙසෙයි.සෙසු සෑම අවස්ථාවකම පරිසරයේ ඔබමොබ සැරිසරයි.

      සාමාන්‍යයෙන් තනිව හෝ ඉඳහිට යුගල වශයෙන් දක්නට ලැබෙන අතර බියට පත් වූ විට අනතුරක් අත ළඟ බව දැනෙන විට පලායාම සිරිතකි.විලෝපිකයන්ගෙන් බේරීම සඳහා ඉතා කලාතුරකින් බිමට පැමිණේ.

      මෙම සත්ත්වයා දැනට වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇත.හිතක් පපුවක් නැති දඩයක්කරුවන්ගේ හා දරුණු විලෝපිකයන්ගේ ගොදුරු බවට ද මේ අහිංසක සත්ත්වයා ගොදුරු වෙමින් ඇත.එමෙන්ම මෙම සත්ත්වයා පොල් වගාවට ද තර්ජනයක් වී ඇත.එනමුත් ඉතා අහිංසක මේ සත්ත්වයා සුරැකීමට ක්‍රියා කළ යුතුය.එය අපි  සැමගේම  මහඟු යුතුකමක් වේ.අපි ඒ සඳහා හදවතින් ම එක්විය යුතුය.

Leo Sadali Panagoda
First Year
Facultyy of Arts

Medin Full Moon Poya Day - 2026

Medin Full Moon Poya Day - 2026 Medin Full Moon Poya Day: Historical Phenomena and Philosophical Meaning Medin Full Moo...