Tuesday, April 23, 2024

කියන තරම් මත්ද්‍රව්‍ය අපිට අහිතකර ද?


ශරීරයේ ස්නායු පද්ධතිය මත ක්‍රියාත්මක වන කාලයක් භාවිත කළ විට ඇබ්බැහි වීම ඇති කරවන කවර ප්‍රමාණවලින් භාවිත කළ ද ශරීරයට හානිදායක වූ රසායන ද්‍රව්‍යවලට පොදුවේ මත්ද්‍රව්‍ය යන නාමය යෙදේ.වර්තමාන ලෝකයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවත්නා මත්ද්‍රව්‍ය භාවිතය ඇමරිකාව, ජර්මනිය , බ්‍රිතාන්‍ය වැනි දියුණු රටවල් වල පමණක් නොව ඌණ සංවර්ධිත රටවල පවා සීමා මායිම් නොතකමින් විවිධ අයුරින් භාවිත වේ.වර්තමානය වන විට තාක්ෂණයේ පිබිදීමත් සමඟ නව ආරයන්ගේ මත්ද්‍රව්‍ය සමාජගත වීම පැහැදිලි සමාජ ගැටලුවක් වී අවසන්.

*මධ්‍යසාර (අරක්කු,කසිප්පු, බියර්) 

*දුම්කොළ 

*ගංජා 

*හෙරොයින්

*ක්‍රොකඩීල් 

*වූන්ගා 

*ෆ්ලැකා

*AH-7921

*ක්‍රිස්ටල් මෙත් (අයිස්)

*කොකේන්

ආදිය වර්තමානයේ බහුල වශයෙන් භාවිත වන මත්ද්‍රව්‍යවලට උදාහරණ කිහිපයකි.

මධ්‍යසාර ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් ඒවා භාවිතයට හේතු වශයෙන් කරුණු ගණනාවක් ඉදිරිපත් කරයි.උදාහරණ වශයෙන් ගත් කල

* සතුටක් විනෝදයක් ලැබීමට 

•ආත්ම විශ්වාසය වැඩි කර ගැනීමට 

•ප්‍රශ්න අමතක කිරීමට 

•මහන්සිය නිවා ගැනීමට 

•ලිංගික හැකියාව වැඩි කර ගැනීමට 

ආදිය ඉන් කිහිපයකි. 

නමුත් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය පිළිබඳ ලොව පුරා පවත්වා ඇති පර්යේෂණ මගින් හෙළි වී ඇත්තේ කිනම් මත්ද්‍රව්‍යක් භාවිත කළද ඒවා  මගින් කිසිදු උත්තේජයක් ලබාදීමට හැකියාවක් නොමැති බවයි.

සෑම මත්ද්‍රවයක්ම කායික සෞඛ්‍යමත් බව පහත හෙලන අතර අවසානයේ රෝගාබාධ ගණනාවක් ඇති කර මරණය  ඉක්මනින් ළඟාකර දෙයි.


කායික හානි

°දුම් පානය

පිළිකා - පෙනහළු ,උගුර, ආහාර මාර්ගය, ගැබ් ගෙල ආශ්‍රිත 

පෙනහළු රෝග - ඇදුම ,හතිය 

නූපන් දරුවන්ට ඇතිවන සංජානන ආබාධ

හම රැලි වැටීම, අවලස්සන වීම 

හෘදයාබාධ

අධි රුධිර පීඩනය

අංශභාග තත්ත්වයන් 

ලිංගික අප්‍රාණිකත්වය 


°මධ්‍යසාර

අක්මාරෝග - සිරෝසිස් ,අක්මාව අක්‍රිය වීම

අධිරුධිර  පීඩනය

පිළිකා - අක්මාව හා ආහාර මාර්ගය අශ්‍රිත

ස්නායු ආබාධ

ලිංගික බෙලහීනතාව 

මන්දපෝෂණය


මානසික හානිය 

සතුට,නිදහස සීමා වීම .

මානසික ඇබ්බැහිය .

මානසික ආතතිය වැඩිවීම .

දරුණු මානසික රෝග ඇතිවීම .


සමාජ හානිය

ප්‍රචණ්ඩත්වය

අපචාරි ක්‍රියා 

හදිසි අනතුරු 

පවුල් සම්බන්ධතා පිරිහීම

°අයිස් භාවිතය 

*අධික ලෙස ආවේගශීලී වීම .

*ආඝාතය .

*හෘදයාබාධ ඇතිවීම හෝ මරණය සිදුවීම .

*සුවදායී නින්දක් නොලැබීම .

*අධික ලෙස ශරීරයේ බර අඩුවීම හා ආහාර රුචිය අවම වීම .

*මායාරූප පෙනීම හා වික්ෂිප්ත ස්වභාවය .

*මානසික බිදවැටීම .

මෙම මත්ද්‍රව්‍යයෙන් උද්වේගකර හැඟීමක් මිනිත්තු කිහිපයක් තුල  ඇතිවන අතර ඉන්පසු එහි සාමාන්‍ය බලපෑම පැය කිහිපයක් පුරා රඳා පවතී. මේ නිසා මත්ද්‍රව්‍ය මට්ටම අඛණ්ඩව රුධිරයේ තබා ගැනීමට දිගින් දිගටම මෙම මත්ද්‍රව්‍ය ලබාගැනීමට භාවිත කරන්නාට සිදුවේ.

ඇබ්බැහිය  ආරම්භ වන්නේ මෙවිටයි.

ඉහතින් පෙන්වා දී ඇත්තේ බහුලව භාවිත වන මත්ද්‍රව්‍යය කිහිපයක හානිකර බලපෑම පමණයි.

මෙරට 20 000 000 වූ ජනගහනය අතුරින් 5 000 000 පමණ විවිධ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බවත් වාර්ෂිකව 40 000 පමණ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මිය යන බවත් අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ  දත්ත වාර්තා කරයි.

මත්ද්‍රව්‍ය භාවිතයේදී කිසිදු ආකාරයක ආරක්ෂිත මාත්‍රාවක් නැත. මත්ද්‍රව්‍ය භාවිතය සෑම අවස්ථාවකදීම ඉහළ  අවදානමක් සහිතවේ.

කිසියම් හෝ මත්ද්‍රව්‍යයක් භාවිතය මගින් ලැබෙන තාවකාලික වින්දනයක් වෙනුවෙන් ඔබ ඔබේ මුළු ජීවිතයම උකසට තබනවාද යන්න පිළිබඳව නැවත වරක් සිතා බැලිය යුතු කරුණකි.

Leo Madhavi Maheshika

First year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...