Tuesday, April 23, 2024

මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙන්නේ කෙසේද?

 


    ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන කාලීන ගැටලුවක් ලෙස මුළු මහත් සමාජ ක්‍රමයට ම හානිදායක වන අයුරින් වයස් භේදයකින් තොරව මත්ද්‍රව්‍ය භාවිතය දක්නට ලැබේ. එය ගැහැනු පිරිමි, දුප්පත් පොහොසත්, ග්‍රාමීය නාගරික සීමා බිඳ දමමින් පැතිර ගොස් ඇත. පසුගිය ආසන්න කාලය තුළ පාසල් සිසුන් ඇතුළු ළමා සහ තරුණ ප්‍රජාව වෙත මත්ද්‍රව්‍ය බෙදාහැරීම පිලිබඳ ප්‍රවෘත්ති ගණනාවක්ම වාර්තා වී තිබේ. මෙම තරුණ පරපුර අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීමේ වැඩි ප්‍රවණතාවක් ඇත.

     සාමාන්‍යයෙන් පුද්ගලයෙකු එක් වරක් හෝ කිහිපයක් මත්ද්‍රව්‍ය භාවිතා කළ⁣හොත් එම පුද්ගලයාට එම මත්ද්‍රව්‍ය නැතිවම බැරි තත්වයකට පත් වේ. මෙහි භයානකම අවස්ථාව නම් මේ හේතුවෙන් ඝාතන සහ සියදිවි නසාගැනීම් ද වාර්තා වීමයි. කෙසේ වෙතත් මෙම මත්ද්‍රව්‍ය කෙනෙකුගේ කායික, මානසික මෙන්ම ජෛව රසායනික ක්‍රියාවලිය ද අඩපණ කරන බව සොයාගෙන ඇත.

     පාසල් වියේ සහ නව යොවුන් වියේ පසුවන තරුණ ප්‍රජාව අයිස් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි කරගැනීමට සංවිධානාත්මක වැඩසටහන් ජාලයක් ක්‍රියාත්මක වන බව සොයාගෙන ඇත. දරුවන් පිලිබඳ දෙමව්පියන්ගේ අවධානය ගිලිහීම, සමාජ අවබෝධය නොමැතිකම ආදි කරුණු දරුවන් මේවාට ඇබ්බැහි වීමට හේතු වී ඇත.

     මෙය වළක්වා ගැනීමට නම් ප්‍රජාව නිසියාකාරව දැනුවත් කිරීම, අදාළ නීති රීති ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම, දරුවන්ට ආරක්ෂාව හා ආදරය ලබාදීම, කායික මානසික සුවතාවය වර්ධනය කිරීම වැනි දෑ සිදුකළ යුතුය. ඒ සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් පහත ප්‍රතිපත්ති අනුගමනය කිරීමට කටයුතු යොදා ඇත.

   •නීත්‍යානුකුල මත්ද්‍රව්‍ය වර්ග පාවිච්චි කිරීම (අවසරලත් දුම්කොළ හා මද්‍යසාර නිෂ්පාදන) අධෛර්යමත් කිරීම 

   •මත්ද්‍රව්‍ය ගැන හා මත්ද්‍රව්‍ය දුර්භාවිතය ගැන තහවුරු වූ හා විද්‍යාත්මක තොරතුරු අධ්‍යාපන ආයතන වලට හා පුස්තකාල වලට බෙදාහැරීම 

   •පාසල් සිසුන් හා තරුණ පිරිස් වල අවදානම් චර්යා අවම කිරීම සඳහා ඔවුන්ගේ තීරණ ගැනීමේ දක්ෂතා, අධ්‍යාත්මිකව හා සදාචාරාත්මකව වටිනාකම් වැඩිදියුණු කිරීමට සියලු අධ්‍යාපන ආයතන යල වැඩසටහන් සම්පාදනය කිරීම 

   •මත්ද්‍රව්‍ය විශේෂී නොවන ප්‍රවේශ විධි භාවිතය දිරිමත් කිරීම 

   •ප්‍රජා සේවා මට්ටමේ නිලධාරීන්ව මූලික උපදේශන කුසලතා ඇතුළත් මත්ද්‍රව්‍ය නිවාරණයෙහි නිසි පුහුණුවක් ලබාදීම 

   •මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා සම්බන්ධ මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් පවත්වාගෙන යාමට මාධ්‍ය ආයතන උනන්දු කරවීම  

     කවර රටකට වුවද මත්ද්‍රව්‍ය පිලිබඳ ගැටලුව තනිව විසඳා ගැනීමට නොහැකිබව පිළිගෙන ඇත. එබැවින් මෙම පිළිවෙත් එක් අංශයකට පමණක් යොමු නොකර මෙම කටයුතු සඳහා හැකි අයුරින් දායකත්වය ලබාදීම අපගේ යුතුකමක් හා වගකීමක් මෙන්ම පුණ්‍ය ක්‍රියාවක් ද වන්නේය.

Leo Hiruni Aththanayaka

First year

Faculty of Arts

Thrive Phase 02 - Article 10 - අනාගත වෘත්තිය සැලසුම්කරණය

Thrive Phase 02 - Article 10 - Future Career Planning THRIVE PHASE 02 – ARTICLE 10 අනාගත වෘත්තිය සැලසුම්කරණය අනාගත වෘත...