Friday, September 6, 2024

2017 ශ්‍රී ලංකාවේ ගංවතුර තත්ත්වය [ Safe Guard - Article 04 ]


Safe Guard

Phase - 1

Session - 1


2017 ශ්‍රී ලංකාවේ ගංවතුර තත්ත්වය ඇති වූයේ මැයි 18,19 පමණ සිට ආරම්භ වූ නිරිතදිග මෝසම හේතුවෙනි.    ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ කෘෂි ආර්ථිකය රඳා පවතින හා ජල විදුලිබලාගාර ආශ්‍රිත ජලපෝෂක ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් ලැබෙන, දිවයිනේ බටහිර කලාපයට බලපාන්නාවූ නිරිතදිග මෝසමේ උච්චතම අවස්ථාව මැයි අග සිට ජූනි මස මුල දක්වා ය.මැයි 27 දින බෙංගාල බොක්කෙහි සංවහන ගිගුරුම් සහිත ප්‍රදේශයක් අභිසාරී වීමට පටන් ගෙන ඊසාන දෙසට ගමන් කර මැයි 28 දින මෝරා සුළි කුණාටුව බවට පත් වීම සමඟ උග්‍ර ගංවතුර තත්වයක් බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාතේ ප්‍රදේශවලට දැඩිව බලපෑවේය.

මැයි 25 වන විට පැය 24ක කාලයක් තුළ 300 mm – 500 mm අධික මෝසම් වර්ෂාවක් ලැබී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පුළුල් ගංවතුර තත්ත්වයක් ඇති විය. වාර්තාගත වැඩිම වර්ෂාපතනය කුකුළේගඟේ 533mmකි. මැයි 25 වැනි දින දිවයිනේ නිරිතදිග ජල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබිණි. කළු, නිල්වලා, ගිං ගංඟාවල නමුනුතැන්න (මි.මී. 619), බුලත්සිංහල (මි.මී. 419), මොරවක සහ වලස්මුල්ල ඇතුළු ගංඟා ප්‍රධාන ගංවතුර ප්‍රදේශවලට පැය 12 ක් ඇතුළත විශාල වර්ෂාපතනයක් ලැබිණි. ගාල්ලට 223mm  සහ රත්නපුරයට මැයි 27 සිට 30 දක්වා කාලය තුළ 453mm වර්ෂාපතනයක් ලැබී ඇති අතර කැලණි ගඟ මැයි 27, 28 වන විට උපරිම මට්ටමට ළඟා විය.එය දැඩි අභ්‍යන්තර ගංවතුරකට තුඩු දුන්නේය. කොළඹ-මාතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් ගංවතුර හේතුවෙන් කොටසක් වසා දැමේ.  

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 න් 15 ක්ම බලපෑමට ලක්ව ඇති බව වාර්තා වී ඇත. Al Jazeera පුවත් සේවයට අනුව ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 600,000ක් පමණ අවතැන් වී ඇත. වඩාත්ම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක වූයේ කළුතර, මාතර සහ රත්නපුර ය. කළුතර දිස්ත්‍රික් අගලවත්ත ප්‍රදේශයේ මැයි 29 වන විට මරණ 47 ක් සහ පුද්ගලයින් 62 ක් අතුරුදහන් වී ඇත.රත්නපුර දිස්ත්‍රික්කයේ මැයි 30 වන විට මරණ 79ක් වාර්තා වුණි. පුද්ගලයින් 717,622 ක් පමණ පීඩාවට පත්ව ඇත. 2017-06-04 පැය 1800 DMC විසින් නිකුත් කළ තත්ව වාර්තාවට අනුව මරණ 212 ක් වාර්තා විය. නිවාස 2,313 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවාස 12,529 ක් පමණ අර්ධ වශයෙන් හානි විණ. මියගිය සංඛ්‍යාවට අවම වශයෙන් පාසල් සිසුන් 45 ක් ඇතුළත් වේ. ජූනි 1 වනදා වන විට පුද්ගලයින් 95ක් පමණ අතුරුදන්ව සිටියහ. 

මෝසම් වර්ෂාව හේතුවෙන් දරුණු ගංවතුර සහ මඩ කඩා වැටීම් හේතුවෙන් මිලියන භාගයකට වඩා පීඩාවට පත් විය.මිනිසුන් වින්ද දුක්ගැහැට අපමණය.මන්ද, ජුනි මාසයේදී ගංවතුර බැස ගිය අතර විපතට පත් ජනතාව තම ගම්බිම් වෙත ආපසු ගිය ද ඔවුන්ගේ නිවාස මාස ගණන් පුරා ජලයෙන් පිරී තිබීම හා ජලපහරින් නිවාස බොහොමයක් විනාශ වීම නිසා තවදුරටත් අපහසුතාවයට ලක්විය. ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍ය, පාරිසරික ආදී සියලුම ක්ෂේත්‍ර ඇනහිටියේය. කුඹුරු විනාශ වීම සහ පශු සම්පත් මිය යාම නිසා කෘෂිකර්මාන්තය අඩාල විය. මේ වසරේ ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ වැඩි වීම පුද්ගලයින් 600 000කට බලපෑවේය. (WHO, 11 ජූලි 2017) මිනිසුන් මෙන්ම සතුන් ද අසරණ විය.මෙරට නාවික හමුදාව සහ සහාය වූ ඉන්දීය නාව්ක හමුදාව ගංවතුරට හසුවූ සුනඛයන් බේරාගත් මොහොතකි.

 මෙතෙක් ආපදා තත්ත්වයක විශාලතම හමුදා යෙදවීම ලෙස විපතට පත් ප්‍රදේශවල හදිසි සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාවත් විපතට පත් වූවන්ට ස්වේච්ඡාවෙන් ආධාර සපයන පුණ්‍යායතන සහ සහන සංවිධානත් එකට එක්විය. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සහන උපකාර සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා 10,000කට ආසන්න පිරිසක් සහ උපකරණ යෙදවීය. කමාන්ඩෝ, විශේෂ බළකා, යාන්ත්‍රික පාබල හා යුද හමුදා වෛද්‍ය නිලධාරීන් ඇතුළු බලඇණි 17කට අයත් යුද හමුදා සාමාජිකයින් 1700කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යොදවයි. ගලවා ගැනීමේ මෙහෙයුමට යුද හමුදාව විසින් BTRs, WMZs troop carriers සහ යුධ හමුදා බෝට්ටු 30 ක් සහ අනෙකුත් යන්ත්‍රෝපකරණ යොදවා ආරක්‍ෂාව සඳහා යුද හමුදාව වැලි කොට්ට යෙදවීය. නාවික හමුදාව සහන යාත්‍රා 116ක් සමඟ නාවික භටයින් 776කින් සමන්විත සෝදිසි සහ මුදවාගැනීමේ කණ්ඩායම් 110කට අධික සංඛ්‍යාවක් යොදවා ඇත. ගුවන් හමුදාව B200 Beechcraft සම්බන්ධ ගුවන් යානා විපතට පත් ප්‍රදේශවල අඛණ්ඩ නිරීක්‍ෂණ සඳහා යෙදවීය. ඒ අනුව, අවම වශයෙන් පුද්ගලයින් 77,000 ක් ගංවතුරෙන් ඉවත් කර ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත (Wikipedia contributors, 2024). UNICEF විසින් සුරක්ෂිත ජලය හා සනීපාරක්ෂක පහසුකම් ලබාදිණ. ජලය බැසයාමෙන් පසු පිරිසිදු කිරීමේ කටයුතුවලට Red Cross ආයතන සහාය හිමිවිය.

ඉන්දීය නාවික හමුදාවේ සිය වරින්වර නෞකා 3ක් යොදවා සහන ද්‍රව්‍ය, විශේෂිත ගලවාගැනීම්, කිමිදුම් සහ වෛද්‍ය කණ්ඩායම් සහ අමතර සහන ද්‍රව්‍ය මෙරටට එවීය. චීනය US$ මිලියන 2.2ක සහනාධාර එවීය.  මානුෂීය ආධාර මෙහෙයුම් වලදී එක්සත් ජනපද නාවික හමුදාවේ නාවිකයින් මාතර ශ්‍රී ලාංකික නාවිකයින් සමඟ වැඩ කරති.  සිංගප්පූරු රතු කුරුස සංවිධානය හරහා US$ 100,000ක් පරිත්‍යාග කර විපතට පත් ප්‍රජාවන් වෙත US$ 50,000ක් වටිනා සහන ද්‍රව්‍ය බෙදා හැරියේය.  පකිස්ථානය වෛද්‍යවරුන් සමඟ භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් දෙකක් හරහා රෝහල් සහ සහන ද්‍රව්‍ය යවා ඇත. ඔස්ට්‍රේලියාව විසින් හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා AUD $500,000 හා  සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉහළ ශ්‍රේණියේ පිම්බෙන බෝට්ටු ලබාදිණ. මාලදිවයින් රජය US$250,000 හා කොරියානු රජය US$250,000 සහ ගංවතුර සහනාධාර පරිත්‍යාග කළේය.  

2017 ගංවතුර සහ නායයෑම් සඳහා වැය වූ මුදල ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 415.5 කි. 2017 වැනි පසුගිය වසරවල නිරිත දිග මෝසම් තත්ත්වය යටතේ වූ ආපදා තත්ත්වයන් හා හානි පිළිබඳව අවධානය යොමු කරමින් 2024 මැයි මස 15 වන දින ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම වැනි අවශ්‍ය සැලසුම් සකස් විය. ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය විසින් 2024 වර්ෂය තුළ රුපියල් මිලියන 61 ක් පමණ දිස්ත්‍රික් ලේකම්වරු වෙත යොමු කිරීමේ තීරණය ඒ බව පැහැදිලි කරයි.

ශ්‍රී ලංකාවේ ආපදා අවදානම හා උපද්‍රව බලපෑම වැඩි කරන ජනගහන ගතිකත්වය නිසා නාගරික හා ග්‍රාමීය ජනාවාස ව්‍යාප්ත කිරීම සහ අවදානම් සහිත ප්‍රදේශවල ආර්ථික ක්‍රියාකාරකම් ව්‍යාප්තිය වැලැක්වීමට වූ ක්‍රියාමාර්ගවල අවශ්‍යතාවය ආපදාවට ලක් වූ සෑම ස්ථානයකම පාහේ පැහැදිලිව පෙනේ.  2017 ගංවතුර බැසයාමට ගතවූ කාලයෙන්ම ඒ බව තවදුරටත් පසක් වේ. මාස ගණන් වැසි ඇදහැලුන ද විධිමත් කාණු පද්ධතියේ සිට ක්‍රමවත් නාගරික සැලැස්ම දක්වා වූ ජාතික ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම හරහා මේ සා විශාල බලපෑම් වලකාගත හැක. සරලවම කිවහොත් මිනිසා යටතේ සොබාදහම නොව සොබාදහම යටතේ මිනිසා ජීවත්වන බව මිනිසා විසින්ම තේරුම්ගත යුතුව ඇත.                                               

 Leo Harindi Maheesha 

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...