Thursday, January 23, 2025

දියවැඩියා රෝගයට මාංශමය ආහාරවල බලපෑම.


.දියවැඩියා රෝගයට මාංශමය ආහාරවල බලපෑම.


දියවැඩියාව යනු රුධිරයේ ඇති ග්ලූකෝස් නියමිත ප්‍රමාණයට වඩා වැඩිවීමෙන් ඇතිවන රෝගී තත්ත්වයකි. දෛනික කාර්යන් සදහා ශක්තිය නිපදවීමට ශරීරයෙ සයිලවලට ග්ලූකෝස් අවශ්‍ය වේ. අප ගන්නා ආහාරයෙ අඩoගු කාබෝහයිඩ්‍රේට් ජීරණයේ අන්තර් ඵලයක් ලෙස සෑදෙන ග්ලූකෝස් රුධිරයට අවශෝෂණය වී දේහයේ විවිධ සයිලවලට ළගා වේ. දේහ සයිල තුළට ග්ලූකෝස් ඇතුළුවීමට අග්න්‍යාශය නිපදවන ඉන්සියුලින් හෝමෝනය අවශ්‍යවේ.

සාමාන්‍ය නිරෝගී මිනිසෙකු නිරාහාර අවස්ථාවේ රුධිරය 100mlකට ග්ලූකෝස් 70-110mgක ප්‍රණයක් පවතී. මෙම ප්‍රමාණයට වඩා වැඩියෙන් රුධිරයෙහි ග්ලූකෝස් පැවතිම නිසා දියවැඩියා තත්ත්වය ඇති බව හඳුනාගත හැකිය.මිනිසුන් වැඩිපුර පැණිරස ආහාරවලට කැමති නමුත් මේවා ප්‍රමාණය ඉක්මවා ගැනීම නිසා ද දියවැඩියා රෝගය ඇති වේ. මෙම තත්ත්වය නිසා තවත් බෝ නොවන රෝග රාශියක් වැළදේ. හදවත් රෝග, ආගාතය, රුදීරපිඩනය,වකුගඩු රෝග, ඉන් කිහිපයකි.


 ප්‍රමාණවත් ව්‍යායාම හා නිවැරදි ආහාර රටාවක් හෙවත් සමබර ආහාරවෙලක්  ගැනිම තුළින් මෙම තත්ත්වය පාලනය කරගත හැකිය.මෙහිදී මාංශමය ආහාර වැදගත් තැනක් ගනී. උදාහරණ ලෙස මාළු මගින් ශරීරයට ප්‍රෝටීන් හා ඔමේගා 3 මේද අම්ල ලැබෙන බැවින් ඉන් දියවැඩියාව පාලනය කරගත හැකිය. ඊට අමතරව  හදවත් රෝග පාලනය හා ශරීරයට ඉතාම ගුණදායී ආහාරයක් ලෙස මාළු හදුනාගත හැක. සාඩි, මැකරල්, හුරුල්ලා, වැනි මාළු වර්ග දිනපතා  ගැනිම යෝග්‍යවේ. බිත්තර අනුභවයද ගුණදායී වේ.මෙහි පොෂ්‍යපදර්ථ රැසක් ඇත. අවම කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ඇත. ප්‍රෝටීන් හා හිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණයක් ඇත.මෙහිදී මාළු පිසීමේදී භාවිතාකරන කහ,සුදුළූණු,කුරුදු,  වැනි කුළුබඩු තුලින්ද දියවැඩියා රෝගය පාලනය කරගත හැකිය.බිත්තර සුදුමදය දියවැඩියා රෝගීන්  ගැනීම මගින් මෙම රෝගී තත්වය පාලනය කරගත හැක.දිනකට බිත්තර 1ක් ගැනීම යෝග්‍ය බව ප්‍රයෙක්ෂන මගින් ඔප්පු කර ඇත. මීට අමතරව. සීනි නොදමා මේදය අඩු කිරි, සම ඉවත්කළ කුකුල් මස්, මාංශ බෝගද දියවැඩියා රෝගයට ඉතා ගුණදායී ආහාරයන් කිහිපයකි.මේවා මගින් දියවැඩියාව පාලනය කළ හැකිය.දිනපතා සමබර ආහාර වේලක් ගනිම මගින් නිරෝගී ජීවිතයක් ගත කලහැකිය.


K.A.C.Dinukshi Bandara

Bak Full Moon Poya Day 2026

Bak Full Moon Poya Day 2026 – A Sacred Day of Peace, Wisdom & Reflection ☸ ✦ ✦ ✦...