Tuesday, February 18, 2025

අධ්‍යාපනය හා කාන්තාව

 

අධ්‍යාපනය හා කාන්තාව


අධ්‍යාපනය යනු සමාජ සංවර්ධනයේ මූලික සාධකයකි. එමෙන් ම අධ්‍යාපනය කාන්තාවකට නම්  සුවිශේෂි ආභරණයකි. කාන්තාවන් සඳහා, අවස්ථා, ස්වාධීනත්වය සහ සමානාත්මතාවය අගුළු ඇරීමේ යතුර එයයි. විශේෂයෙන්ම කාන්තා අධ්‍යාපනය යනු එක් පවුලක් පමණක් නොව සමාජයම ව්‍යාප්ත ලෙස ඉදිරියට ගෙන යාමේ නියමිත මාර්ගයකි. ශ්‍රී ලංකාවේ කාන්තා අධ්‍යාපනයේ තත්ත්වය දශක ගණනාවක් තුළ දී සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ. කෙසේවෙතත්, තවමත් මතු වන අභියෝග රැසක් පවතී.  

අධ්‍යාපනය කාන්තාවන් සඳහා වැදගත් වන්නේ ඇයි? යන්න විමසා බැලිමේ දී, අධ්‍යාපනය යනු කියවීම සහ ලිවීමට වඩා වැඩි දෙයකි. එය පුද්ගලික වර්ධනය, ආර්ථික ප්‍රගතිය සහ සමාජ සංවර්ධනය සඳහා පදනමයි.  කාන්තාවන් අධ්‍යාපනය ලබන විට:ඔවුන් නිදහස ලබා ගනී , අධ්‍යාපනය ඔවුන්ගේ වෘත්තීන්, සෞඛය හා අනාගතය පිළිබඳ දැනුවත් තීරණ ගැනිමට පෙළඹේ. ඔවුන් ආර්ථිකයට දායක වේ,උගත් කාන්තාවකට ශ්‍රම බලකායට සහභාගී වීමට, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සහ රටක ආරථිකය නංවාලීමට උපකාරී වේ.


ශ්‍රී ලංකාවේ කාන්තා අධ්‍යාපනයේ ඉතිහාසය සැලකු කල,  අධ්‍යාපනය සෑම පුද්ගලයෙකුටම අයිතියක් වුවද, අතීතයේදී කාන්තාවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට අඩු අවස්ථා තිබුණි. නමුත් නිදහස ලැබූ පසු ශ්‍රී ලංකා රජය නොමිලේ අධ්‍යාපනය ලබාදීම සහ පාසල් ජාලය පුළුල් කිරීම මඟින් කාන්තා අධ්‍යාපනය වර්ධනය විය.  

 වර්තමාන තත්ත්වය  යටතේ ශිෂ්‍යාවන්ගේ  අධ්‍යාපන සහාභාගිත්වය  ඉතා ඉහළ ය. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වැනි තරග  විභාගවලදී කාන්තා ශිෂ්‍යාවන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගනිති.  

උසස් අධ්‍යාපනය යටතේ විශ්වවිද්‍යාලවල සහ වෘත්තියමය පුහුණු මධ්‍යස්ථානවල කාන්තා ප්‍රමාණය වැඩිවෙමින් පවතී. විශේෂයෙන් වෛද්‍ය, ඉංජිනේරු, ගණිතය, තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල කාන්තාවන් වැඩි ලෙස සම්බන්ධ වේ. මෙලෙස ශ්‍රී ලංකාවේ කාන්තා අධ්‍යාපනයේ තත්ත්වය දශක ගණනාවක් තුළ දී සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ. කෙසේවෙතත්, තවමත් මතු වන අභියෝග රැසක් පවතී.   

සමාජ හා සංස්කෘතික බාධක – කිසියම් ප්‍රදේශවල තවමත් කාන්තා අධ්‍යාපනයේ වැටුප්මය හා පවුල් වගකීම් බලපෑම් ඇත.  

-රැකියා වෙළඳපොළේ සීමා– උසස් අධ්‍යාපනය ලැබූ කාන්තාවන්ට මෙන්ම විශේෂිත ක්ෂේත්‍රවල රැකියා අවස්ථා සීමිත වීම.  

විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රවල අඩු සහභාගීත්වය– විශේෂයෙන් STEM (Science, Technology, Engineering, Mathematics) ක්ෂේත්‍රවල කාන්තාවන්ගේ අඩු සහභාගීත්වය දැක්විය හැක.  

අධ්‍යාපනය හා  කාන්තාව අතර ඇති මෙම අභියොග බිදලීමට නම්,වඩාත් සමානාත්මක අධ්‍යාපන ප්‍රවේශයක් ඇති කිරීම ,STEM ක්ෂේත්‍රයට කාන්තා සහභාගීත්වය වැඩි කිරීම,  

රැකියා වෙළඳපොළෙහි සමානාත්මක අවස්ථා ඇති කිරීම හා කාන්තා නායකත්වය දිරිමත් කිරීම සිදු කල හැක.

 

ශ්‍රි ලංකාවේ කාන්තා අධ්‍යාපනය පිළිබඳව දැන් දැන් ඉතාමත් යහපත් ප්‍රවණතාවයක් පවතින නමුත්, තවමත් ජාතික සංවර්ධනයට අනුකූල වන පරිදි ප්‍රායෝගිකව එය ප්‍රයෝජනයට ගන්නා ආකාරය සැලකිල්ලට ගැනිය යුතුය.  

මෙම කරුණු විස්තරාත්මකව සලකා බලමින්, කාන්තා අධ්‍යාපනය වඩාත් ප්‍රායෝගික සහ සමානාත්මක පදනමකින් වර්ධනය කරගැනීම ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට මූලික මඟකි.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය

 *ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආගමික ඉගැන්වීම්වල සංස්කෘතික වැරදි අර්ථකථන ලොව පුරා සමාජ වල ව්‍යාප්ත වී ...