Thursday, February 6, 2025

ඛේදවාචකයක් වූ අලි මිනිස් ගැටුම

ඛේදවාචකයක්  වූ අලි මිනිස් ගැටුම 


වන සත්ත්ව හා  වෘක්ෂලතා  පනතෙහි දොළොස්වන වගන්තියට අනුව අලි ඇතුන් දඩයම් කීරීම නීති විරෝධී අපරාදයකි. පසුගිය වසර  කිහිපය තුළ අලි ඇතුන් දඩයම් කීරීම ශීඝ්‍ර ලෙස ඉහළ  ගොස් ඇත.ජනාවාස ප්‍රසාරණයත් සමග මිනිසුන්  තම සීමාව ඉක්මවා සතුන්ගේ වාස භූමිද ආක්‍රමණය කරයි.සොබාදහම සෑම ජීවියෙක් සදහාම  නවතැන් සපයා ඇත. නමුත් මානව වර්ගයා සොබාදහමේ නීති ආක්‍රමණය කරමින් විවිධ  ආපදාවන්ට තමාවෙත ළඟාවීමට  අවකාශය සලසයි. අලි මිනිස් ගැටුමද  එවැනි තත්වයකි. කෙසේ නමුත් මෙම ගැටලුවෙන් උග්‍ර ලෙස පීඩා විදි පවුලක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වේ.


නිවේදක -:  ආයුබෝවන් අයෝමා මහත්මිය( මනඃකල්පිත නමකි)ඔබ ඇතුළු ඔබේ පවුලේ සියලු දෙනා මෙම අලි මිනිස් ගැටුමට වසර ගණනාවක් මුහුණදීලා අවසානයේ ඉතාම ඛේදනීය ඉරණමකට ගොදුරු වුනා. ඒ සිදුවීම මොහොතකට මතක් කළොත් ?


අයෝමා-: අද ඊයේ නෙවෙයි දැන් අවුරුදු ගානක් මං පොඩි කාලේ ඉදන්ම මේ ප්‍රශ්නෙන් අපි හැමදාම බැට කනවා .කොහොමහරි යන්තන් ජීවිතේ  බේරගෙන ඉන්නේ . ඒත් දරුවෝ දෙන්නා නිසා.නැත්තම් මගේ මහත්තයා අලියා ගහලා  නැති වුණු දවසෙම  මේ හැමදේම දාලා යන්න හිතුණා .එදා අපේ එක්කෙනයි තව මේ පල්ලෙහා   මල්ලිලා දෙන්නෙකුයි එක්ක මී කඩන්න කියලා ගියා කැලේට.ඒ වෙලාවේ තමා අලියා ගහලා තිබ්බේ.එක මල්ලි කෙනෙක් ඔන්න අලියා එනෝ කියලා එක පැත්තකට දුවලා, අපේ එක්කෙනයි අනිත් මල්ලී වෙනම පැත්තකට දුවලා  කොහොමහරි අපේ එක්කෙනාව අලියාට  අහුවෙලා.


නිවේදක -:  මේ  වගේ ජීවිත හානි , අබාධ වෙච්ච ප්‍රමාණය ගැන සදහන් කරන්න පුලුවන් ද?


අයෝමා -: දැනටනම් ගමේ දොළොහක් විතර අලියා ගහලා මැරිලා තියෙනවා .ගෙවල් නම් අනන්ත විනාශ  කරලා දානවා.


නිවේදකයා - මෙම අලිමිනිස් ගැටුමට රජයේ යම් විසදුමක් දීලා තියෙනවද?


අයෝමා - අපේ මහත්තයා නැති වෙලත් අවුරුදු එකහාමාරක් වගේ යද්දි අලි වැට ගහලා දුන්නා. කැඩුණු ගෙවල් ඉතින් අපි හදාගන්න ඔනි.වනජීවි එකට ගියාම කියනව රජයෙන් සල්ලි පාස් කරලා නැ කියලා.දැන් ඉතින් මිනිස්සු යන්නෙත් නැ ආධාර මොකුත් ඉල්ලන්න ලැබෙන්නේ නෑනේ මොකුත්.


නිවේදකයා - අලි මිනිස් ගැටුමෙන් ඔබේ ස්වාමියා අහිමි වෙනවා.ඔහුද පවුලේ ආර්ථික බර දැරුවේ?මේ අහිමි වීමත් එක්ක ආර්ථිකයට ලොකු බලපැමක් වෙන්න ඇති නේද?


අයෝමා - මහත්තයා කූලි වැඩතමයි කලේ අත්උදව්වට යනවා,හේන් වල වැඩ වලට යනවා.එදා වේල කන්නේ කොහොම හරි සල්ලි හම්බකරලා . ළමයින්ට නම් කිසිම අඩුවක් වෙන්න දුන්නේම නැ. සමහර වෙලාවට පොඩි දුව කියනව තාත්තා ඉදියනම් හවසට පාරෙ යන්න තිබ්බා ඔය එහා පැත්තේ කඩයක් තීනවා.ඒකෙන් ඔය හපන්න ජාති ගෙනත් දෙනවා බයිට් ජාති එහෙම.එයා නැති උනාට පස්සේ ඇත්තටම අපිට කරකියාගන්න දෙයක් නැතිඋනා.අපේ තාත්තා තමා මාස ගානක්ම අපිව බැලුවේ තාත්තත් වයසයි.පස්සේ ඉතින් මාත් පොඩි මහන තැනකට වැඩට ගියා එහෙම තමා ඉතින් ජීවත් වෙන්නේ.


නිවේදකයා - රජයේ ආදාර උපකාරවලට අමතරව වෙනත් බාහිර පාර්ශව වල ආදාර උපකාර ලැබුනද?


අයෝමා - ගමේ මිනිස්සු ඉතින් ගානක් එකතු කරලා දුන්නා. මරණාධාර සමිතියෙන් ආධාර ලැබුණා.පෙට්ටිය අරන් දුන්නා. එක පාරක් චැනල් එකකින් ආධාර  කලා ඒ ටික තමයි. 


නිවේදක - අලි මිනිස් ගැටුමෙන් පීඩා වීදි එක් පවුලක එක් ඛේදනීය  අහිමි වීමක් පමණි.මෙවැනි දුක්ඛිත කතා පුවත් කොතරම් වාර්ථා වෙනවාද? අනාගතයේදී වෙවැනි ඉරණමකට ගොදුරු වීම වලක්වා ගැනීම අප සියලු දෙනාගේ වගකීමක් .

 

🌊 The 2004 Indian Ocean Tsunami

The 2004 Indian Ocean Tsunami 🌊 The 2004 Indian Ocean Tsunami – A Global Tragedy and Catalyst for Change ...