කළුගගේ රුද්‍ර බව
ගනේතැන්න යනූ,බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 618 වගවත්ත ග්‍රාම නිලධාරී වසම කළු ගං මිටියාවතේ පිහිටි ඉතා අලංකාරවත් ප්‍රදේශයක් ඇති නමුත් වරින් වර අධික වර්ෂාපතනයත් සමඟ කළු ගඟ පිටාර ගැනීමත් සමග මෙම ප්‍රදේශයේ ජීවත් වන මිනිසුන් ගංවතුර ආපදා තත්ත්වයට ප්‍රබල වශයෙන් මුහුණ දෙනු ලබයි.මේ දිගහැරුම එලෙස මෙම ප්‍රදේශයේ ජීවත්වන මිනිසුන්ගේ ගංවතුරත් සමඟ පොර බඳින ජීවිතේ කඳුළු කතාවයි.
නිවේදකයා :ඔබ මුහුණ දී තිබේන්නේ මානුෂීය ආපදාවකටද නැත්නම් ස්වභාවික ආපදා තත්ත්වයකටද?
දත්ත දායකයා:අපට නිරන්තරයෙන් ස්වාභාවික ආපදාවක් වන කළුගඟ හේතුවෙන් ගංවතුර අවධානමට නිරන්තරයෙන් මුහුණදීමටට සිදුවෙනවා.සමහර කාල වලදී ගංවතුර විශාල වශයෙන් මහා පරිමාණ ගංවතුරක් තත්ත්වයක් ඇතිවෙනවා.ඊට අමතරව යම් කාලවල සුළු සුළු ගංවතුර තත්ත්ව පමණක් ඇතිවෙනවා .උදාහරණයක් ලෙස අවුරුදු 5,6ට වරක් විශාල පරිමාණය ගංවතුර තත්ත්ව ඇති වන අතර නිරන්තරයෙන්ම සුළු සුළු හා මධ්‍යමපරිමාණ ගංවතුරවලට මුහුණ දීමට සිදු වෙනවා.විශාල පරිමාණ ගංවතුර සඳහා උදාහරණ ලෙස 2002,2017 ගංවතුර තත්ත්වවලට මට මුහුණ දීමට සිදු වුණා .
නිවේදකයා: ආපදාවන් නිසා ඔබට අහිමිවීම් සිදුවී තිබේද?
දත්ත දායකයා: ගංවතුර නිසා මට මාගේ පවුලේ සාමාජිකයින්ගේ ජීවිතවලට මෙන්ම දේපළවලට හානි සිදුවුනොවුනත් අප අවට සිටින බොහෝ දෙනාටම දේපල වලට හානි සමහර අවස්ථාවන්වලදී ජීවිත හානි සිදුවීම දැකලා තියෙනවා.සමහරුන්ට ගෙවල් වලට වතුර දානකොට එම නිවාස වල තියෙන බඩු අනිත් ගෙවල් වලට අදිනවා .සමහර වෙලාවලට ඔය බත් පැකට් බෙදන්න යන මිනිස්සුන්ව එහෙම ගංවතුරට වැටිලා මැරිලා තියෙනවා.
නිවේදකයා : ආපදාව තුළින් ඔබට කුමන ආකාරයේ බලපෑමක් සිදුවුණිද?
දත්ත දායකයා:
ගංවතුර හේතුවෙන් අපිට නිරන්තරයෙන් ආර්ථික හානි සිදුවීම සුලභ සිදුවීමක් . අපගේ ප්‍රධාන ආර්ථික කටයුත්තක් වන තේ වගාව ගංවතුර නිසා හානි සිදුවේ උදාහරණ ලෙස ගංවතුර හේතුවෙන් තේ දළු නෙළීම සඳහා යෑම ප්‍රවාහන අපහසුතා ගමන ගමනාගමන ගැටලු එපමණක් නොව ගංවතුර වැඩිකල් පැවතීම නිසා තේ ශාකවල වර්ධනය අඩාල වීම මෙන්ම ආදායම් නොමැති තත්ත්වයට පත්වීම සමහර අවස්ථාවන් වලදී තේ වගාව විනාශ වීමටද මේ හේතුවක් වනුු ඇත.ඒ කාලෙට ඉතිං හිතාගන්න බැහැ කොහොම ජීවත් වෙනවද කියලා.
නිවේදකයා: කුමනාකරයේ ආබාධයන්ට ගොදුරු වූයේද?
දත්ත දායකයා: කායික ආබාධ ගංවතුර හේතුවෙන් මාගේ ජීවිතයට ඇති නොවුණත් , සමහර අවස්ථාවන්වලදී කාලයක් තිස්සේ ගංවතුර සති ගනනක් පාරවල් යටවීමේ හේතු කොටගෙන අනෙකුත් ප්‍රදේශවලට යාමට අවහිරවීම හේතුවෙන් නිසා ආර්ථික කඩා වැඩිවීම නිසාද,කාලයක් තිස්සේ ගෙදරට කොටුවිමත් සමඟ මානසිකව ගැටලු ඇතිවේ.දින ගණනක් විදුලිය බිඳ වැටීමුවෙන්ද රූපවාහිනිය ජංගම දුරකථන වැනි ඉලෙක්ට්‍රික් උපාංග වල භාවිතයට අවම වීම නිසා කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකි වීම අනේ කරුණු නිසා නිසා මානසික පිඩනයක් ඇතිවෙනවා .
නිවේදකයා: එම ආපදාවට ලක් වූ අවස්ථාවේ ඔබට දැනුණු හැඟීම් කුමන ආකාරයද?
දත්ත දායකයා: ගංවතුර සීග්‍රයෙන් වැඩවීමත් සමඟ හිතට ඇතිවන භය කියා නිම කිරීමට බැහැ .අපගේ නිවස යට වන තරමට ගං වතුර පැමිණෙයිද යන්න දෙගිඩියාවෙන් ජීවත්වෙන්නේ. 2002 මෙන්ම 2017 වසරේ කළු ගඟ ආශ්‍රිතව ඇති වූ ගං වතුර තත්ත්වයෙන් ඉතාමත් අවිනිශ්චිත භාවයක් ඇති කළ ගංවතුර තත්ත්වයන් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්. එමෙන්ම ජලය හේතුවෙන් අසල්වාසීන්ගේ නිවාස වලට හානි වන විට ශෝකජනක හැඟීමක් ඇතිවෙනවා .ඒගොල්ලන්ගේ ගෙවල් ගම් වතුරට යටවෙලා විනාශ වෙන එක ගැන දුකයි.
නිවේදකයා: ආපදාව අවස්ථාවේදී ජීවිතයට ලැබූ අධකීම් මොනවාද?
දත්ත දායකයා: ගංවතුර අවස්ථාවේදී ගංවතුරට ගෙවල් දොරවල් යටවුණ පුද්ගලයන්ට උදව් කිරීම උදව් කර යුත්තේ කුමන ආකාරයටද ,ගංවතුරේදී ක්‍රියා කළ යුතු ආකාරය, ගංවතුරට පෙර ආහාර ජලය සපයා අවශ්‍ය පමණ ළඟා කරගත යුතු බව, ගමනාගමනයට ආම්පන්න බෝට්ටු ඔ රු පාරු සකස් කළ යුත්තේ කෙසේද, මෙම කාල සමයේදී ලෙඩ රෝග වැළඳීම වළක්වා ගැනීමට කළ යුත් ඒ කෙසේද ,සතුන් සර්පයෙන් ඇතිවිය හැකි ගැටලු වළක්වා ගන්නේ කෙසේද ,විශාල අත්දැකීම් සමුදායක් ලෙසක් ජීවිතයට ළඟා කරගෙන හැකි වුණා. 2024ජුනි මාසය ඇති වූ ගං වතුර තත්ත්වයත් සමඟ අනුවේදනීය අත්දැකීමකට මුහුණ දීමට සිදුවවුණා.එනම් බෝට්ටුවක තරුණ පිරිසක් ගමන් කරනවිට රිටි ගැසීමේදී ක්‍රියා විරහිත නොකළ ලයිට් වයරයක වැඳී විදුලිසැර වැදීම නිසා ඒෂනයෙන් මරණයට පත් පත්වී ජලයට වැටුණා .එය අනුවේදනීයඅත්දැකීමක් අධකීමක් ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්.
නිවේදකයා : ආපදාවෙන් පසු ආර්ථිකමය වශයෙන් ඔබ්බට කවරක්කාරයේ බලපෑමක් සිදුවූයේද?
දත්ත දායකයා: ඇත්ත වශයෙන්ම ගංවතුර හේතුවෙන් ආර්ථිකමය හානි විශාල වශයෙන් සිදු වුණා .මටත් මගේ පවුලේ අයටත් ස්ථිර රැකියාවක් නෑ. එම හේතුවෙන් අප ජීවත් වන්නේ වාණිජ භෝගයක් වන තේ බෝගයෙනි. තේ භෝගය ගංවතුර ලක්වීම හේතුවෙන් ආදායම් නොමැති වුණා. සමහර අවස්ථාවලදී වී නැවත සිටුවීමටද සිදුවීඇත.
නිවේදකයා : ආපදාව තුළින් පාසල් ශිෂ්‍යයන්ට සිදුවූ බලපෑම කෙබඳුද?
දත්ත දායකයා:
ගංවතුර හේතුවෙන් ප්‍රවාහනයට බාධා ඇති වේ. එම හේතුවෙන් දරුවන්ට පාසල් යෑමට ගැටලු රාශියක් ඇතිවේ. සිසුන් පාසල් නොයා සිටීමට සුදු වුණා.එම නිසා පාසල් අධ්‍යාපනයට බාධා ඇතැයි ගුරුවරුන්ට පවා පාසල් වෙත ගමන් කිරීමට බාධා ඇතිවෙනවා .2017 වසරේ ඇති වූ ජුනි මාසේ ඇත්තේ වූ අතර තත්ත්ව හේතුවෙන් සමස්ත දිවයිනටම සතියක කාලයක් නිවාඩු ලබා දුන් අතර හැම හේතුවෙන් ගංවතුර සහිත ප්‍රදේශවලට පමණක් නොව සමස්ත ලංකාවටම බලපෑම් එල්ල වුණා. එමෙන්ම සමහර ශිෂ්‍යයන්ගේ පාසල් පෙළපොත්, පාසල් උපකරණ ගංවතුරට යට වීම නිසා හානි සිදුවුණා .ගංවතුර සහිත ප්‍රදේශවලින් ගමනාගමනය කිරීමේදී ඔරු පාරු භාවිතය කිරීමෙන් ඒවා පෙරළීම නිසා ශිෂ්‍යයින් මරණයට පත්වූ අවස්ථාද මගේ මතකයේ තියේ.
නිවේදකයා : රාජ්‍ය අංශය විසින් ලබාදුන් ක්‍රියාමාර්ග මොනවාද?
දත්ත දායකයා:රජය විසින් විශාල වශයෙන් ගංවතුර අවස්ථාවේදී මෙන්ම ගංවතුරකින් බැසගිය පසුව ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ව විශාල සහයෝගයක් ලබා දෙයි.ගංවතුර පවතින අවස්ථාවේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ග්‍රාමනිලධාරි විසින් සේවා සපයයි.එපමණක් නොව ගංවතුර හේතුවෙන් ආපදා කඳවුර තුළ තාවකාලිකව සිටින ජනතාවට මෙන්ම ගංවතුරන් වට වී සිටින ජනතාවට රජය සහන සේවා ලබාදුන්න.එපමණක් නොවෙයි නිවාස සඳහා ප්‍රවාහන කටයුතු සිදුකිරීමට මෝටර් බෝට්ටු ,ඔරු ,පාරු ලබා දුන්නා.ගංවතුර පහව ගිය පසු වන්ධි ලබාදීමද සිදුවේ. මටද 2017 වර්ෂයේ ගංවතුර තත්ත්වයත් සමඟ වී ගොවිතැන සඳහා වන්දි ලබා ගැනීමට හැකියාව ලැබුණා.
නිවේදකයා : ආපදා තත්ත්වයෙන් පසුව නැවත යථා තත්ත්වයට පත්වීමට කොපමණ කාලයක් ගත වුණිද?
දත්ත දායකයා:මාස 4පමණ
නිවේදකයා :යථා තත්ත්වයට පත් වූයේකෙසේද?
දත්ත දායකයා :තේ වගා බිමේ ගංවතුර බැස ගිය පසු තේ ගස් හොඳින් සෝදා මඩ ඉවත් කරනු ලැබුවා. ඉන්පසුව තේ මට්ටමට කපා එය නිසි ලෙස සකස් කරනු ලැබීය. එමෙන්ම පසේ ph අගය නිර්ණය කර අවශ්‍ය නම් පොහොර යොදා පසුු සාරවත් කරනු ලැබූ අතර මාස එකහමාරක් පමණ ඉක්මගියය පසුව නැවත වගාව යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වුණා.
නිවේදකයා : රාජ්‍ය අංශයට පරිභාහිරව පාර්ශ්ව විසින් දෙනු ලැබූ ආධාර
දත්ත දායකයා:පිසු අහාර ප්‍රදේශයේ ධානපතියන් විසින්, වියළි ආහාර ප්‍රදේශයේ ධානපතියන් විසින්,වියළි ආහාර සලාක රජය විසින් එමෙන්ම විදෙස් ආධාර මත මදුරු දැල්,ගෑස්උදුන්,උයන පියන උපකරණ ,හිරමණ ,පිහිටල වැනි උපකරණ ලබා දුන්නා.