Sunday, February 9, 2025

මග මරුවන්ගෙ අතීතාවර්ජනය


 තම යුග දිවිය කෙසේ හෝ පොදිබැදගෙන සිනහවෙන් ජීවිතය පුරවා ලීමට වෙර දැරීමට පියමං තබන්නා වූ  අවු.39 ක් පමණ වයැසැති යුවලකට   තලවතුගොඩ  ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරු අකරතැබ්බයේ අදුරු මතක මදක් ඔබ හමුවේ මෙලෙස දිහ හැරේ.(මෙය සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් ගෙතුනු සිදුවීමක් වන අතර මෙහි යෙදෙන නම් ගම් මනංකල්පිත වේ.)


නිවේදකයා : ආයුබෝවන් මහත්මිය..මට ප්‍රථමයෙන්ම  ඔබට සිදු වූ  මානූශීය ආපදාව කවරාකාරයේ ආපදාවක්ද යන්න දැන ගැනීමට පුලුවන්ද ?                       


මහේශිකා මහත්මිය: 2010 වර්ශයේ දී තලවතුගොඩ සිට 

කිඹුලාවලට යන මාර්ගයේ  මම සහ මගේ සැමියා රැකියාවට ගොස්  හවස 4 ට පමණ යතුරුපැදියෙන් නිවස බලා පිටත් වීමේදී මත්පැන් බී ධාවනය කල මෝටර් රථයක ගැටී මෙම අනතුරුට ලක් විය.                                                 


නිවේදකයා : එම ආපදාව සිදු වූ අවස්තාවේ ඔබට දැනුණු හැගීම කුමනාකාරයේද?        


මහේශිකා මහත්මිය  : ඇත්තටම මට ඒ වන විට වයස අවු 10 ක පුතෙක් සහ අවු.3 ක පුංචි පුතෙකුත්  හිටියා. මගේ ජීවිතයම එම අවස්තාවේ මට අහිමි වුනා යැයි හැගීමත් සමග මට මතක් වුනේ මගේ දරුවෝ දෙදෙනායි.                     


නිවේදකයා: එයින් ඔබට කුමනාකාරයේ අහිමිවීමක් සිදු වූයේද? (ජිවිතයට හෝ දේපළ,)            


මහේශිකා මහත්මිය  : ඒ අවස්තාවේ මම අඩි 10ක් පමණ ඉහළින් ඈතට විසි වී බිම වැටුණු අතර එයින් මාගේ දකුණු පාදයේ කලවා අස්ථිය බිදී ගියා. එමෙන්ම මගේ සැමියාගේ අතේ මැණික් කටුව ආසන්නයේ බිදී ගිය අතර පාදයේ වළලුකර ද බිදී ගියහ. අපි ගමන් කල යතුරු පැදිය නම් මුලුමුණින්ම ඒ අවස්තාවේ විනාශ වී තිබුනා.                                      


නිවේදකයා : ඔබලාට එයින් මානසිකව ආබාධයන් ඇති වූවාද?           


මහේශිකා මහත්මිය  : එම අවස්තාවේ වැඩි වශයෙන් මම අනතුරට ලක් වූ අතර එයින් විශාල කම්පනයකට ද මා භාජනය විය.එයට මා මානසික වෛද්‍යවරයෙකුගෙන්ද මාස 5ක් පමණ ප්‍රතිකාර ලබා ගත්හ.                             


නිවේදකයා : ඔබ දෙදෙනා එහිදී ශල්‍යකර්ම සදහා යොමු වූවාද?                                      


මහේශිකා මහත්මිය  : ඔව් අපි දෙදෙනාම එදිනම සැත්කමකට භාජනය වුනා.                                      


නිවේදකයා : දිගු කාලීනව ලෙඩ රෝග ඇති වූවාද?                                 


මහේශිකා මහත්මිය  : ඔව්.එයින් පසුකාලීනව ඇති වූ අතුරු ප්‍රතිඵලයක් ලෙස මාගේ පෙනහලු වල වතුර පිරී ඇති රෝගය වැළදුණි. මා තවමත් එම රෝගය සදහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටී.                  


නිවේදකයා: ආර්ථිකමය වශයෙන් ඔබ එම අවස්තාවේ කඩා වැටීමක් සිදු වූවාද?                 


මහේශිකා මහත්මිය  : ඔව්. රැකියාව කිරීමට හැකියාවක් නොහැකි වූ නිසා අර්ධ පඩි සහිත  නිවාඩු මටත්  මගේ සැමියාටත් හිමි විය. එහිදී විවිධ මූල්‍ය ආයතන මගින් ණය මුදල් ලබා ගත් අතර පොලී මුදල් ගෙවීමේදී ද අසීරුතාවයකට ලක් විය.                                          


නිවේදකයා : ආර්ථිකමය වශයෙන් නැවත් නැගී සිටීමට උදව් කරේ කවුරුන්ද?                                


මහේශිකා මහත්මිය  : මගේ සැමියගේ හිතවතුන් පිරිසක් අපිට මූල්‍යමය වශයෙන් එම ණය ගෙවා දැමීමට උදව් උපකාර කලා.                          


නිවේදකයා :  ඔබ දෙදෙනා නැවත යථා තත්වයට පත් වීමට කොපමණ කාලයක් ගත වුනිද?                                       


මහේශිකා මහත්මිය  : මගේ ශල්‍යකර්මයෙන් පසු වසර එකහමාරක්  ක් වගේ කාලයක් එයට ගත වුණා.නමුත් තවමත් ඒ පාදයේ වේදනාව තිබෙනවා. ඇවිදින්න තවමත් අපහසුයි. වැඩි වේලාවක් සිටගෙන සිටීමට හැකියාවක් නැත.                                        


නිවේදකයා :  එම අනතුරෙන් ඔබට කුමනාකාරයේ අත්දැකීමක් හිමිවූයේද?             


මහේශිකා මහත්මිය  : කොතරම් අසරණ වුවත්, අපි පෙර ජීවත් වුනා වගේ ජීවිතය සෑම පැතිකඩකින්ම නැවත ගොඩනගා ගැනීම කොතරම් අසීරුද යන්න වැටහුණා. ඒ අනතුරෙන් පසුව මම මගේ දරුවෙක්වත් යතුරු පැදියක් ධාවනය කරනවාට අපි දෙදෙනාම අකමැතියි.එය අපිට දැනුණු තත්වෙත් සමග ඒක අපි දෙදෙනාටම එතරම් අමිහිරි කම්පනයකට ලක් වූ අවස්ථාවක්  කිව්වොත් මා නිවැරදියි.                          


නිවේදකයා : ඔබ එම අවස්ථාවට අදාළ නීතිමය ක්‍රියාමාර්ග වලට යොමු වූයේද?           


මහේශිකා මහත්මිය : ඔව් අපි වසර 12 ක් පමණ  ඒ සදහා නඩු විභාග කර ඒ කටයුතු සමග පැටලී සිටියහ. අපිට වන්දි මුදල් ලැබුනත් අපි දෙදෙනාගේම ජීවිතයට සිදු වූ පාඩුව එයින් පරිපූර්ණ වූයේ නම් නැත.                                       


නිවේදකයා: එයින් ඔබට සාධාරණයක් ඉටු වූයේද?                                      


මහේශිකා මහත්මිය  : ඔව් එක් අතකින් අපට සාධාරණයක් ඉටු වුවත් එම වරදකරු පසුව අප සමග වෛරයෙන් පසු කාලීනව තරහ පිරිමැහීමට තර්ජනාත්මක තත්වයක් ද විටෙක ඇති විය.                                         


නිවේදකයා : නීතිමය පියවර ලබා ගැනීමේදී ඔබ මුහුණ දුන් ගැටලු පැවතියේද? ඒ මොනවාද?                               


මහේශිකා මහත්මිය  : ඔව් වරදකරු බීමතින් වාහනය ධාවනය කරත් ඔහුට තිබූ මුදල් බලය භාවිතා කොට නීතියේ රැහැනෙන් ඔහු ගැලවී සිටියහ. නීතියෙන් ද ඔහුට දඩුවමක් ලබා දුන්නේ නැත. නීතිය භාවිතා කරමින් ඒ පිටුපස සිටින බලධාරීන් සැබෑ වරදකරුවත් සමාජයෙන් වසන් කිරීමට තැත් කරන බව අපට එයින් අනාවරණය විය. අපට පසුව තර්ජනාත්මක තත්වයක් මත ද එයට නීතියෙන් සාධාරණයක් ඉටු වූයේ නැත.                 


නිවේදකයා : ඔබ මෙම අවස්තාවේ වර්තමානයේ ගෙවන මෙම ජීවිතය ඔබට හැගෙන්නේ කෙසේද?              


මහේශිකා මහත්මිය  : ආසාධාරණකම් සමාජයෙන් සිදු වුවත් අපට උපකාර කල පිරිසක් ද අප සමගම සිටියහ. එය අපිට අදටත් සතුටු විය හැකි කාරණාවක්. තවමත් එම රෝග වලින් පීඩාවන් වලට ලක් වුවත් අද අපි එය හොද අත්දැකීමක් කරගෙන සුදුසු ආර්ථික මට්ටමකින් අපි අද ජීවිතය ගොඩනගාගෙන ඉදිරියට යනවා.      

                                                                                                              නිවේදකයා   :  දැනට අවු.14 කට පමණ පෙර සිදු වූ ඔබ දෙපළගේ අදටත් සිහි කිරීමට අකමැති මෙම අනතුර පිළිබදව සහකම්පනයෙන් යුතුව අප හට කරුණු ඉදිරිපත් කිරීම පිළිබදව ඔබතුමියට ස්තූතිවන්‍ත වෙනවා..

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය

 *ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආගමික ඉගැන්වීම්වල සංස්කෘතික වැරදි අර්ථකථන ලොව පුරා සමාජ වල ව්‍යාප්ත වී ...