**ජාත්‍යන්තර කාන්තා දිනය**
මෙවර අපි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉදිරියට ගෙන යාමේ හදිසි අවශ්‍යතාවය අවධාරණය කරමින් "ක්‍රියාව වේගවත් කරන්න" යන තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දිනය (IWD) සමරමු.සෑම වසරකම මාර්තු 8 වෙනිදා, ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට ලෝකය එකතු වේ.සංස්කෘතීන්, කර්මාන්ත සහ පරම්පරාවන් හරහා කාන්තාවන්ගේ ජයග්‍රහණ, දරා ගැනීමේ හැකියාව සහ දායකත්වය හඳුනා ගන්නා දිනයක් ලෙස අද දිනය නම් කළ හැකියි. ජාත්‍යන්තර කාන්තා දිනයේ (IWD) මූලයන් 20 වැනි සියවසේ මුල් භාගයේ සිට, ලොව පුරා කාන්තාවන් සාධාරණ වැටුප්, වඩා හොඳ සේවා කොන්දේසි සහ ඡන්ද අයිතිය ඉල්ලා සිටීම ආරම්භ කළේය. පළමු නිල ජාතික කාන්තා දිනය 1909 දී නිව් යෝර්ක් හි ඇඟලුම් සේවකයින්ගේ වැඩ වර්ජනයෙන් ආශ්වාදයක් ලබා එක්සත් ජනපදයේ සමරනු ලැබීය. වැඩි කල් යන්නට මත්තෙන්, 1910 දී, කෝපන්හේගන්හි පැවති ජාත්‍යන්තර සමාජවාදී සමුළුවක් කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා ගෝලීය දිනයක් පිළිබඳ අදහස යෝජනා කළේය. 1917 මාර්තු 8 වන දින නිල වශයෙන් සම්මත කරන ලද්දේ රුසියාවේ කාන්තාවන් විසින් මෙහෙයවන ලද වැඩවර්ජනයක් හේතුවෙනි. එහිදී සාර් රජු බලයෙන් පහකිරීමෙන් පසුව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා වන අරගලයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස දිනයක් ලෝක ඉතිහාසයට එක් විය.
සැබැවින්ම කාන්තාවක් යනු කවුද ?
ඡන්ද අයිතිය වෙනුවෙන් සටන් කළ ඡන්ද දායකයින්ගේ සිට සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටින නූතන නායකයින් දක්වා සමාජ සම්මතයන්ට අභියෝග කිරීමට එඩිතර වූ සෑම කාන්තාවක්ම ඇයයි. ඇය රැකියාව සහ පවුල සමතුලිත කරන මවකි, බාධක බිඳ දමන ව්‍යවසායිකාවකි, සීමාවකින් තොරව සිහින දකින තරුණියකි, ඇය පීඩා හමුවේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටි මලාලා යූසුෆ්සායි කෙනෙකි, ඇය ගෝලීය දේශපාලනයේ ශක්තියෙන් නායකත්වය දුන් ඇන්ජෙලා මර්කල් කෙනෙකි. ඉතින් සෑම කාන්තාවක්ම රැජිනකි. ඇගේ ලෝකය තුළ වීරවරියකි. ඇය තනිවම කරන සටන්වල සටන්කාමීයෙකි.
එහෙත්, "ඇය" යනු අප අගය කරන නිරූපක පමණක් නොවේ. සමාජ සම්මතයන් තුළ හැලහැප්පිම්වලට ලක් වන කාන්තා භූමිකාව කෙබඳු ද යන්න අද ලෝකය තුළ අප කතා කළ යුතුම පැනයකි. සමකාලීන ලෝකය තුළ කාන්තාවන්ට ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන්ට බාධා කරන අභියෝග රැසකට මුහුණ දීමට සිදු වී තිබේ. ගෝලීය වශයෙන් තවමත් කාන්තාවන්ගේ මූල්‍ය ස්වාධීනත්වය සීමා කරමින් එකම රැකියාවක් සඳහා ඔවුන්ගේ පිරිමි සගයන්ට වඩා අඩුවෙන් වැටුප් ලබයි. එමෙන් ම වෘත්තීය අවකාශයන්හි සමාන අවස්ථා ලබා ගැනීමට කාන්තාවන් බොහෝ විට අරගල කරයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය ගෝලීය අර්බුදයක් ලෙස පවතී, එය පන්ති හෝ ජාතිකත්වය නොසලකා මිලියන ගණනක් කාන්තාවන්ට බලපාන තත්වයකි. ලොව පුරා නායකත්ව භූමිකාවන්, දේශපාලනය සහ තීරණ ගැනීමේ ප්‍රධාන තනතුරුවල කාන්තාවන්ගේ අවම නියෝජනය ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අභියෝගයකි. සැබැවින්ම කාන්තාවකට සාර්ථක නායිකාවක් වීමට නොහැකි ද ? අපේ රටේ පළමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ශ්‍රේෂ්ඨ නායිකාවක් ලෙස අදටත් ලොව පුරා ගරු බුහුමනයට ලක්වේ. බොහෝ කලාපවල, සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ භූමිකාවන් සහ සමාජීය අපේක්ෂාවන් දිගින් දිගටම කාන්තාවන්ගේ අභිලාෂයන් සහ තේරීම් සීමා කරයි.
කාන්තාවන් ලෙස අප ජය ගත යුත්තේ කෙසේද ?
කාන්තාවකට ඇය සතු උගත්කම යනු ඇයට ඇති වටිනාම ආභරණයකි. එබැවින් අධ්‍යාපනයට සමාන ප්රවේශයන් ඇති අද ලෝකයේ අධ්‍යාපනය තුළින් ලොව ජය ගැනීමට කාන්තාවන්ට මාර්ගයක් විවෘත වී තිබේ. අතීතය මෙන් නොව අද වන විට පුරුෂාධිපත්‍යය දැරූ ක්ෂේත්රවලත් කාන්තාවන් ඔවුන් හා සමානවම රැකියාවේ යෙදෙන ආකාරය දැකීමට පුළුවන. එමෙන්ම කාන්තාවක් ලෙස අපගේ නිර්මාණශීලි හැකියාවෙන් ව්‍යවසායිකාවක් ලෙස තමන්ගෙම ව්‍යාපාරයක් තුළින් මුල්‍ය සාක්ෂරතාවය වර්ධනය කර ගනිමින් ආර්ථික යැපීම්වලින් සමාජ සීමාවෙන් මිදීමට අපට හැකියාවක් තිබේ. උපතේ සිට තම පියාගේ රැකවරණයේ සිට විවාහ වූ පසුව තම සැමියාගේ රැකවරණයේත් වියපත් වූ පසුව තම පුත්‍රයන්ගේ රැකවරණයේත් සිටින සාම්ප්‍රදායික කාන්තාවකගේ ඒකාකෘතිය බිඳ දමමින් කාන්තාවන්ට ඔවුන්ගේ පෞද්ගලිකත්වය වැළඳ ගනිමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සම්මතයන්ට අභියෝග කළ හැකියි.
කාන්තාවන්ට සම තැන දිය යුතු බව මම පවසන්නේ නැහැ. කාන්තාවකට නිසි තැනදිය යුතු බවත් මා පවසන්නේ නැහැ. එය තීරණය කළ යුතු වන්නේ කාන්තාවමයි. ඇයට ඒ සඳහා නිදහස ලබාදීම පිරිමි පාර්ශවය සතු වගකීමක් ලෙස මම දකිමි. ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමකට වඩා වැඩි යමකි, එය ක්‍රියාත්මක වීම කැඳවීමකි. කාන්තාවන් නැඟී සිටින විට - ආර්ථිකයන් වර්ධනය වන විට, සමාජයන් දියුණු වන විට සහ නවෝත්පාදනයන් සමෘද්ධිමත් වූ විට සිදුවන දේ ලෝකය දැක ඇත.
මෙය කියවන සෑම කාන්තාවකටම ඔබ බලවත් ය, ඔබ සුදුසු ය, ඔබ නතර කළ නොහැක. නැගී සිටින්න, අභියෝග කරන්න, දිගටම ජයග්‍රහණය කරන්න. අනාගතය හැඩගැස්වීම ඔබ සතුයි!*சர்வதேச மகளிர் தினம்*
மகளிர் தினம், ஒவ்வொரு வருடமும் மார்ச் 8ஆம் திகதி, உலகம் முழுவதும் பெண்களின் சாதனைகள் மற்றும் உரிமைகளை கொண்டாடும் நாளாகக் கருதப்படுகிறது. 1900களின் ஆரம்பகாலத்தில் பெண்களின் தொழிலாளர் உரிமைகள் மற்றும் சமூக முன்னேற்றம் குறித்த ஆர்வத்துடன் தொடங்கிய இந்த நாள், இப்போது பெண்களின் சமவாய்ப்பு, கல்வி, அரசியல் பங்குபற்றல், மற்றும் பெண்ணுரிமைகளுக்கான அழைப்புக்களை முன்னிறுத்துகின்றது.
2025ஆம் ஆண்டு, உலக மகளிர் தினத்தின் கருப்பொருள் "அனைத்து பெண்களுக்குமான சம உரிமை ஆகும். இதன் மூலம் உலகம் முழுவதும் பெண்களுக்கு உண்மையான சமநிலையை வழங்க வேண்டிய முக்கியத்துவத்தை வலியுறுத்துகிறது. ஒவ்வொரு பெண்ணுக்கும் சம நியாயமும், உரிமைகளும் உறுதிசெய்யப்படும் வகையில் சமூக மற்றும் அரசியல் நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டிய அவசியம் முன்னிலை பெறுகிறது.
இன்றைய உலகில், பெண்கள் பல துறைகளில் மிகுந்த சிறப்பை அடைந்து வருகிறார்கள். கல்வி, மருத்துவம், அரசியல், தொழில்நுட்பம் போன்ற பல துறைகளில் அவர்கள் மாபெரும் வெற்றிகளை பெற்றுள்ளனர். இன்றைய பெண்கள் முன்னெப்போதும் அல்லாத அளவில் சாதனைகளை புரிந்துவருகின்றனர்.
2025 ஆம் ஆண்டில், பெண்கள் அரசியலில், வணிகத்தில், கல்வியில் முன்னேறி மிகப்பெரிய மாற்றங்களை ஏற்படுத்துகிறார்கள். உலகின் தலைசிறந்த இடங்களில் பெண்கள் தலைவர்களாகப் பொறுப்பேற்று பல மாற்றங்களைப் கொண்டு வந்துள்ளனர். பல தொழில்களில் இப்போது பெண்கள் முன்னணியில் உள்ளனர், குறிப்பாக அறிவியல், தொழில்நுட்பம் மற்றும் ஆராய்ச்சித் துறைகளில் மகிழ்ச்சிகரமான வளர்ச்சியை அவர்கள் சாதித்துள்ளனர்.
இன்றைய உலகில் பெண்கள் பல சாதனைகளை எட்டியுள்ள போதிலும், இன்னும் பல சவால்களை எதிர்கொள்கின்றனர். பல நாடுகளில் கல்வி வாய்ப்பு, வேலைவாய்ப்பு, சொத்து உரிமை ஆகியவைகளில் இன்னும் சமநிலை இல்லாமல் உள்ளது. பெண்கள் தங்கள் உரிமைகளை அடைய பல்வேறு நிலைகளில் போராடி வருகின்றனர். குடும்ப உறவுகள், வேலைகள், மற்றும் சமூகத்தில் பெண்களுக்கு எதிரான பேதங்கள் இன்னும் நீடிக்கின்றன. அதனை தீர்க்க அரசாங்கம், சமூக அமைப்புகள், மற்றும் உலக நாடுகள் மத்தியில் நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும்.
2025 உலக மகளிர் தினம், பெண்களின் உரிமைகளை உறுதி செய்ய வேண்டும் என்பதற்கான அழைப்பை அதிகரிக்கிறது. பெண்களுக்கு எதிரான ஒடுக்குமுறைகளை முடிவுக்குக் கொண்டு வருவதற்கான நடவடிக்கைகள் மிகுந்த அவசியம். உலக மகளிர் தினம் நாளுக்கு நாள் பெண்களுக்கான வாய்ப்புகளை அதிகரிக்க வேண்டும் என்பதில் முக்கிய ஊக்குவிப்பை ஏற்படுத்துகிறது.
மகளிர் தினத்தின் மூலம், நாம் பெண்களை விடாமல், அவர்களின் திறமைகளை அறிந்து, அவர்களுக்கு சமவாய்ப்பு அளிக்கவும், அவர்களின் உரிமைகளை மேம்படுத்தவும் குரல் கொடுக்க வேண்டும்.
𝗜𝗡𝗧𝗘𝗥𝗡𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 𝗪𝗢𝗠𝗘𝗡'𝗦 𝗗𝗔𝗬 -2025
March 8th marks International Women's Day globally as tribute to women's achievements throughout history.
Women demanded fair wages and voting rights in early 20th century labor movements.
First observance of National Woman's Day took place in United States on February 28 1909 inspired by protests against harsh working conditions.
Idea of International Women's Day was formalized during conference in Copenhagen Denmark in 1910.
It was first celebrated internationally in 1911 and later adopted by United Nations in 1975 as global call for gender equality.
Women have broken barriers in politics science arts and sports paving way for future generations.
Figures like Marie Curie and Malala Yousafzai remind us how women can reshape world when provided with opportunities to shine.
While much has been achieved challenges persist with women facing wage gaps underrepresentation in leadership roles and gender-based violence.
Theme for 2025 highlights need for inclusive policies and grassroots efforts to address systemic issues advocating for society that embraces equity and diversity.
Everyday heroes like mothers teachers healthcare workers entrepreneurs and activists make profound impact on families and communities often without recognition.
International Women's Day reminds us to honor contributions and empower women at every level.
As we celebrate International Women's Day in 2025 let us reflect on progress made while committing to further action.
Let us challenge stereotypes amplify diverse voices and ensure every woman can thrive.
Together we can build more equitable and inclusive world where women are free to dream excel and lead.