අද වන විට ලෝකයේ දුප්පත්කම හා අධ්‍යාපනය අතර පවතින සබදතාවය ඉතා තීරනාත්මකය වී ඇත දුප්පත්කමට ලක්වු කාණ්ඩවල පුද්ගලයින්ට ගුණාත්මක අධ්‍යාපනය ලබානැනීමේ අවස්ථා සීමා වී ඇත. නමුත් අධ්‍යාපනය යනු දුප්පත්කමින් මිදීමට අත්වැලක් සපයන සංකල්පයක් වන බැවින් දුප්පත්කම හා අධ්‍යාපනය අතර පවතින ඍජු සබදතාවය සැලකිල්ලට ගනිමින් සමාජය නගා සිටුවීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යය.
දුප්පත්කම මගින් අධ්‍යාපනයට ඇති කරනු ලබන බලපෑම පිලිබදව අවදානය යොමු කරනවිට කරුණු කීපයක් හදුනාගත හැකිය. ඉන් අරමුදල් හිගය යනු ප්‍රධාන ගැටලුවක් වේ .එහිදී පාසල් ගාස්තු,පොත්පත් ,විභාග ගාස්තු සහ ප්‍රවාහන වියදම් දුප්පත් පවුල් වලට දරාගත නොහැකි දැඩි බරක් වේ. එපමණක් නොව දරුවන්ගේ ශ්‍රමය සූරාකෑමක් ද මෙහිදී සිදු වී.දුප්පත් පවුල්වල සිටින දරුවන් තම දෙමව්පියන්ට බරක් විඉමට ඇති අකමැත්ත නිසාවෙන් ඔවුන්ගේ අධ්‍යාපනය අතහැර කිසියම් හෝ සේවයක දීමට උත්සහ කරයි. එහිදී විවිධ කර්මාන්තශාලා හිමියන් දිනකට ඔඋන්ට දරාගත නොහැකි අන්දමින් වැඩ පවරා දී එම දිනය අවසානයේදී ලබාගත ශ්‍රමයට වඩා සුළු වැටුපක් ලබා දේ. තවද අධ්‍යාපන ගුණාත්මකභාවය පිළිබද අසමත්වය ද සදහන් කළ යුතු සුවිශේෂී කරුණක් වේ. වැඩ දුප්පත් ප්‍රදේශවල නාගරික ප්‍රදේශවලට සාපේක්ෂව දරුවන්ට ලබා දෙන අධ්‍යාපනහි ප්‍රමාණාත්මක බව සහ ගුණාත්මක බව තුල දුර්වලතාවයක් හැකිය.
දුප්පත්කම මගින් අධ්‍යාපනයට පමණක් නොව දරිද්‍ර මගින්ද දුප්පත්කමට බලපෑම් කරන්හු ලබයි. එහිදී අධ්‍යාපනය ලද පුද්ගලයින්ට උසස් රැකියා අවශ්ථා ලැබිය හැකි ප්‍රවණතාවක් දක්නට හැකි වේ. එපමණක් නොව, අධ්‍යාපනය ලබමින් සිටියදී දරිද්‍රතාවයෙන් පෙළුනද එම අධ්‍යාපනයෙන් උසස් රැකියාවකට තේරී පත්වීම තුලින් ඉහළ ආදයමක් ලබා එම දුප්පත්කම තුරන් කළ හැකිය. තවද දැනුම හා නුපුණතා වැඩිදියුණු කරගැනීමට ද අධ්‍යාපනය උපකාරී වේ. ඵමගින් දරිද්‍රතාවය තුළින් අසරණභාවයට පත් වූ දරුවන්ට තමාගේ ජීවිතයේ ගුණාත්මක භාවය ඉහළ නංවා ගත හැකිය.
ඒ අනුව දුප්පත්කම සහ අධ්‍යාපනය එකිනෙකාට බලපෑම් කරනු ලබන ආකාරයක් හඳුනාගත හැකිය.එම බලපෑමෙහි දක්නට ලැබෙන විවිධාකාරයේ දුර්වලතා මගහරවා ගැනීමට පහත පරිදි විසඳුම් යෝජනා කළ හැකිය.
* අධ්‍යාපන ප්‍රවේශය සෑම දරුවකුටම ලබාදීම.
* රජය සහ අදාළ සංවිධාන අධ්‍යාපන පහසුකම් වැඩි කළ යුතු වීම.
* දුප්පත් පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව හා ආධාර ලබාදිය යුතු වීම.
( උදා ÷ මහපොළ සහනාධාරය ඇතුළු ශිෂ්‍යාධාර මුදල් ක්‍රමානුකූලව ලබාදීම.)
* ගුණාත්මක ගුරු මණ්ඩලයක් බිහි කිරීමට කටයුතු කොට පාසල් ඉගැන්වීම් කටයුතු ප්‍රවර්ධනය කිරීම.
මහාචාර්ය ඇල්බට් අයින්ස්ටයින් ප්‍රකාශ කළේ,
"ඔබ වරක් අධ්‍යාපනය ලැබීම නතර කිරීමෙන් අනතුරුව කෙමෙන් මිය යන බවයි".
ඒ අනුව කෙතරම් දරිද්‍රතාවයකින් පෙළුණද තමා හට ලැබෙන අධ්‍යාපනය තුළින් ගුණාත්මක ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීමට උත්සාහ කළ යුතු වන අතර පවතින සබඳතාවය අවම කරමින් සෑම දරුවකුටම සම අවස්ථා අධ්‍යාපනය මගින් පිරිනැමීමට කටයුතු කළ යුතුය.එතුළින් සෑම දරුවෙකුගේම ජීවන තත්ත්වය පමණක් නොව සමස්ත සමාජ ව්‍යුහයම සාර්ථකත්වයෙහි මං කරා යොමු කරලීමට හැකිවනු ඇත.