Sunday, April 6, 2025

විශ්වවිද්‍යාලයීය සිසුන්ට ඇති ආර්ථික අභියෝග


 විශ්වවිද්‍යාලයීය සිසුන්ට ඇති ආර්ථික අභියෝග


විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයා යනු බොහෝ දුරට තම පවුලෙන් දුරස්වී තම අධ්‍යාපන කටයුතු වල නියැළීමට සිදු වන පිරිසකි.. විශ්වවිද්‍යාලයීය සිසුන්ගෙන් දළ වශයෙන් ගත් කළ 97%ක්ම පාහේ නේවාසිකාගාර වල හෝ බෝඩිම් කාමර වල සිට තම අධ්‍යාපන කටයුතු සිදු කරයි..


අවුරුදු 20ක් පමණම දෙමාපිය ඇසුරෙහිම සිට හැදීවැඩුණු දරුවාට  එක්වරම තමන්ට නුහුරු නුපුරුදු පරිසරයක වාසයට යාමට සිදුවෙයි..


මෙසේ එක්වරම දෙමාපිය ඇසුරෙන් වෙන්වන විශ්වවිද්‍යාලයීය සිසුන් අති බහුතරයක්ම පාහේ මුහුණ දෙන ප්‍රධානතම අර්බුදය වන්නේ ආර්ථික අර්බුදයයි. නේවාසිකව සිටින්නවුන්ට ආහාර වේල් තුනම සපුරා ගත යුත්තේ මුදලටය.. බෝඩින්වාසීන් ගත් කළ, කෑම වියදමට අමතරව බෝඩිම් ගාස්තුද ගෙවිය යුතු වන්නේ ය... මේ සියල්ලත් විද දරාගෙන ඔවුන් පොදු ප්‍රවාහනයටද තම අතට ලැබෙන මුදලින් කොටසක් වෙන් කළ යුතුය.


මෙය වචන වලින් කියනා තරම් සරල දෙයක් නොවෙයි. සෑම දෙයකම මිල එකකට එකක් වැඩි වී තිබෙන මේ කාලයේ වැඩි වී නැති එකම දෙය නම් දෙමාපියන්ගේ වැටුපයි..


තම නිවසේ සහ අනෙක් දරුවන්ගේත් දහසකුත් වැඩ සදහා තම මාසික වැටුප වියදම් කරන දෙමාපියන් ඇතිහැකි උපරිමයෙන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා තම දරුවාටත් මුදලක් ලබා දෙයි..


අම්මා තාත්තා ස්ථිර පඩි සහිත රජයේ රැකියාලාභීන් වුවද ආර්ථික අපහසුතා යැයි කිය වස පානය කර දිවිනසාගෙන ඇතැයි පුවත් ඇසෙන දකින මේ වර්තමානයේ පුද්ගලික රැකියා කරන දෙමාපියන්ගේ ආර්ථික තත්ත්වය කීමට තවත් උපමා අවශ්‍ය නොවේ..


තමන්ට ඇති හැකි උපරිමයෙන් තම දරුවන් වෙනුවෙන් දෙමාපියන් වියදම් කළද ආදායම් විරහිත වියදම් පමණක් සහිත විශ්වවිද්‍යාලයීය සිසුන්ට තම මාසික වියදම සපුරා ගැනීමට එම මුදල ප්‍රමාණවත් නොවන බව කාටත් නොරහසකි..


දිනකට එක වේලක් පමණක් ආහාර ගෙන තම අධ්‍යාපන කටයුතු වල නියැලෙන විද්‍යාර්ථයි


Esala Full Moon Poya Day 2026

Esala Full Moon Poya Day 2026 ✦ Esala Poya Day 2026 ✦ The Spiritual &...