දුප්පත්කම හා ගුණාත්මක ජීවිතය
මානව ජීවිතයේ ගුණාත්මක භාවය සකසනු ලබන්නේ ආහාර, වාසස්ථාන, සෞඛ්‍ය සහ මූලික පහසුකම් ඇතිවීම මතය. මේ මූලික අවශ්‍යතා නැතිවීම මිනිස්සුන්ගේ දෛනික ජීවිතයට ගැටළු ගෙන ඒමක් පමණක් නොව, ඔවුන්ගේ ශාරීරික, මානසික හා සමාජීය සන්සුන්භාවයද බාධා කරයි. ආහාර හිඟය පෝෂණ හිඟයටද , සුදුසු වාසස්ථානයක් නොමැතිකම ආරක්ෂා හා ආතතියට ද, සෞඛ්‍ය පහසුකම් නොමැතිකම රෝග පාලනයට හා ජීවිත කාලයට මෙන්ම මූලික පහසුකම් හිඟය දිනපතා කටයුතු පවත්වා ගැනීමට දැඩි බාධාවක් වේ. එබැවින්, දුප්පත්කම පමණක් නොව ගුණාත්මක ජීවිතයකට ඇති කරන බලපෑම සැලකිල්ලට ගැනීම වැදගත් වේ.
දුප්පත්කම හා ගුණාත්මක ජීවිතය යන දෙකම පුද්ගලයාගේ ජීවන තත්ත්වය කෙරෙහි දැඩි ලෙස බලපාන අංග දෙකකි.
ගුණාත්මක ජීවිතයක් ගත කිරීම සඳහා මිනිසුන්ට ආහාර, වාසස්ථාන,සෞඛ්‍ය හා මූලික පහසුකම් වැනි මූලික අවශ්‍යතාවයන් අත්‍යවශ්‍ය වේ. දුප්පත්කම අතිශයින්ම ගැඹුරු සමාජ ගැටළුවක් වන අතර, එය මිනිස් ජීවිතයට සහ දේශීය ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කරයි.එසේම ගුණාත්මක ජීවිතය හරහා පුද්ගලයන්ගේ ශාරීරික, මානසික, සමාජීය සහ ආර්ථික පැතිකඩවල සමතුලිත හා තෘප්තිමත් ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය මඟ සකසයි. මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා පමණක් නොව, ඔවුන්ගේ ආකල්ප වල සන්සුන්භාවයද ජීවිතයේ තෘප්තිය කෙරෙහි බලපෑම් කරයි.
ආහාර, වාසස්ථාන, සෞඛ්‍ය සහ මූලික පහසුකම් හිඟ වීම ජීවන තත්ත්වයට ඇති කරන බලපෑම් මෙලෙසින් අධ්‍යයනය කළ හැක.
*ආහාර හිඟය* සහ එහි බලපෑම ප්‍රධාන වශයෙන්ම පෝෂණ හා සෞඛ්‍ය ගැටලු මතු කිරීමට හා මනුෂ්‍ය ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, විටමින් වැනි පෝෂ පදාර්ථ නොලැබීමෙන් අපහසුතා ඇති කරයි .තවද කායික හා මානසික ක්‍රියාකාරී මට්ටම පහත වැටීමක් සිදු වේ.දරුවන්ගේ වර්ධනය අඩාල වීම, මොළයේ සංවර්ධනය ප්‍රමාද වීම, අධ්‍යාපනයට ප්‍රධාන ලෙස බලපෑම් කරයි.තවද ආහාර හිඟවීම නිසා ආසාත්මිකතා සහ දියවැඩියාව, උදර ආසාදන වැනි රෝග වැඩි වේ.
මීට අමතරව *වාසස්ථාන හිඟය* සහ එහි බලපෑම සැලකිල්ලට ගතහොත්
ස්ථිර වාසස්ථාන නොමැති වීම හේතු කොටගෙන සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධ ගැටලු බොහොමයකට මුහුණ පෑමට සිතුවේ. මීට අමතරව නිවසක් නොමැතිකම හේතුවෙන් ආරක්ෂාව හා ස්ථාවරත්වය අහිමිවීම, මානසික ආතතිය සහ මානසික රෝගයන් වැඩිවීමක් දක්නට ලැබේ. එසේම සමාජ බලපෑම සැලකිල්ලට ගත්විට නිවසක් නොමැති අය වංචා සහ අපරාධ වලට ගොදුරු වීමේ ප්‍රමණතාව ඉහළය.
*සෞඛ්‍ය පහසුකම් හිඟය* සහ එහි බලපෑම
නිරෝගී ජීවිතයකට විශාල ලෙස බලපෑම් කරයි. වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම, දිගු ආසාදන සහ අනතුරු ජීවිත තර්ජනයක් බවට පත් විය හැක.දරු උපත් මරණය ඉහළ යාමට හේතුවක් ලෙස ගැබිණි මව්වරුන්ට ප්‍රමාණවත් වෛද්‍ය සහාය නොමැතිකම නිසා මරණ ප්‍රවණතාව වැඩිවීම මෙන්ම සෞඛ්‍ය පහසුකම් නොමැති වීමේ ප්‍රතිඵලයක් වශයෙන් රෝගීන් වැඩිවීම, නීරෝගීව වැඩ කටයුතු කිරීමේඅපහසුතාවය ප්‍රධාන ගැටළු බවට පත්වී ඇත.
*මූලික පහසුකම් හිඟය* සහ එහි බලපෑම සැලකිල්ලට ගත්විට ප්‍රධානන වශයෙන් පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව නොමැති වීම හේතු කොට ගෙන අසනීප සහ ආසාදන තත්ත්වයන් සමාජයේ උග්‍ර වෙමින් පවතී. වැසිකිලි පහසුකම් නොමැතිවීම නිසා පාචනය, කොළරාව වැනි රෝග පැතිරීම මෙන්ම සනීපාරක්ෂාව සුළු වීම නිසා දියුණු රටවලටආර්ථික හා සමාජ ක්ෂේත්‍රයන්හි වඩා පසුබැසීමක් දක්නට ලැබේ. මීට අමතරව විදුලිය සහ සන්නිවේදන පහසුකම්
අධ්‍යාපනයට හා වෘත්තීය ජීවිතයට බාධා ඇති කරන අතර විදුලිය නොමැතිවීම නිසා දරුවන්ට ඉගෙනීම අපහසු වීම, රැකියා අවස්ථා අඩු වීම වැනි ජීවන තත්ත්වය සම්බන්ධ ගැටලු සමාජය තුළින් මතුවේ.
දුප්පත්කම තුරන් කිරීම සඳහා පුද්ගලික මට්ටමින් සහ සමාජ මට්ටමින් ක්‍රියාමාර්ග ගත හැකිවේ.
අධ්‍යාපනය සහ දක්ෂතා වර්ධනය කිරීම,
කුඩා ව්‍යාපාරයක් ආරම්භ කර මූල්‍ය ස්වාධීනත්වය ලබා ගැනීම, එකම ආදායම් මාර්ගයකට පමණක් යටත්ව නොසිටි, විවිධ ආදායම් මාර්ග ඇතිකර ගැනීම, මූල්‍ය කළමනාකරණය කිරීම හා තමාගේ හැකියාවන් උපයෝගී කර ගැනීම තුළින් නිර්මාණාත්මක අදහස්, අන්තර්ජාලය හරහා ආදායම් මාර්ග ගොඩනැඟීම ආදී ක්‍රියාවලියන් පුද්ගලික මට්ටමෙන් දුප්පත්කම තුරන් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග වේ.
සමාජමය සහ රාජ්‍ය මට්ටමින් දුප්පත්කම තුරන් කිරීම සඳහා කාර්යක්ෂම අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීම, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා සහාය ලබාදීම, ව්‍යවසායකත්වය දිරිමත් කිරීම, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආයෝජන වර්ධනය, කුසලතා පුහුණුව හා වැඩිදුර අධ්‍යාපනය සහ මූල්‍ය සහය ලබාදීම, කෘෂිකාර්මික හා කර්මාන්ත ව්‍යාප්තිය වර්ධනය කිරීම තුලින් දුප්පත්කම යම් මට්ටමකට සමාජය තුළ පාලනය කිරීමට හැකිවේ.
ඒ අනුව දුප්පත්කම තුරන් කිරීම හා ගුණාත්මක ජීවිතයක් ඇති කිරීම තුළින් මිනිසුන්ගේ ජීවන තත්වය ඉහළ යන අතර ඒ සඳහා ආර්ථික සමාජයීය වශයෙන් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම වැදගත් වේ.