Sunday, June 15, 2025

ලෝක පියවරුන්ගේ දිනයයි....


 අද ලෝක පියවරුන්ගේ දිනයයි....


 රැකවරණයේ  

සංකේතය ඒ  නුඹයි  තාත්තේ.....


මෙම විශේෂ දිනයට තේමාවක් නොමැති වුවත් එයට හේතුව වන්නේ පියවරුන්ගේ නොනිමි ආදරයට තේමාවක් ,සීමාවක් අවශ්‍ය නොවන නිසයි.දුක සතුට මේ හැමදෙයක්ම සිත තුල රන්දාගෙන ජීවිතේ අරගලයන් හමුවේ තාත්තා සිංහයෙක් වගේ මුහුණ දුන්නේ ඒ අපිරිමිත සෙනෙහසේ උණුසුමටයි.ඒ සෙනෙහසට උපහාරයක් පිණිසම මේ දිනය ඔබට පුද දේවා තාත්තේ...


ලෝක පියවරුන්ගේ දිනය සමරන අද දවසේ මේ ලෝකයේ උතුම් පිය පදවිය දරන සෑම පියවරෙකුගේම සිහින සැබෑ වෙන සතුට පිරුණු සුබ පියවරුන්ගේ දිනයක් වේවා...


ජුනි 15 වන දින තාත්තාගේ ඒ නිහඬ ආදරයට උපහාරයක් පිණිස මෙම දිනය වෙන් වී තිබුණත් බොහෝ රටවල මෙය වාණිජ පරමාර්ථයෙන් වෙන් වූ දවසක් වී ඇත.නමුත් මෙය එසේ සැමරිය යුතු දිනයක් නොවේ...අද දිනය වෙනුවෙන් අදුරු නිම්නෙක එළිය දුන් තාත්තා ගැන මෙසේ පුංචි ඔවදනක් එකතු කරමු..


මහමෙරකටවත් උපමා කල නොහැකි දෝරේ ගලා නොයන්නට ඉඩ නොදී හදපත්ලේම මිහිදන් වූ ආදරයක් තිබුණානම් ඒ තාත්තාගේ ආදරයයි.ඉරට හදට මහ පොලොවටවත් තාත්තාව උපමා කල නොහැක්කේ ඒ නිසයි.මහ දවාලේත් රැය පුරාවටත් තාත්තාගේ සෙනෙහස හදවත පත්ලේ මා නමින් ලියවෙද්දී තාත්තාගේ උරහිසේ හයිය අපගේ වාරුව උනා.මෙලොව එලිය දුටු දුනයේ සිටම මා අනුකරණය කල මා අනුකමනය කල මගේ ලෝකයේ එකම වීරයා තාත්තේ ඒ ඔබයි.


ගොඩක් ආදරකතා හඩ නැගුවත් තාත්තාගේ ආදරය හැම තැනකදීම නිහඩ උනා.අඩන්න හේතු දහසක් මැද්දේ උනත් කදුලු හංගගෙන තාත්තා හිනාවුනා.ඒ තරම්ම ඒ ආදරය අපට නිහඩයි.


අප පුංචි කාලේ ඉදන් දාහක් දේවල් ඉල්ලලා අඩද්දී පුංචි දෙයකවත් අඩුවක් දැනෙන්න දුන්නේ නෑ.ඒ දවසේ ඉදන්ම ඇහෙන් කදුලක් වැටෙද්දී තාත්තාට දැණුනු වේදනාව හිතේ හිරකරගෙනම හිටියා.තාත්තා හිටපු හැමතැනකම අපිට දැණුනු රැකවරණය මහ පොලව අපව දරාගෙන සිටිනවා වාගේයී.


තාත්තාට අහිමි වූ යම් ලෝකයක් තිබුණානම්,ඒ ලෝකයේ මම රජවෙනවා දකින්න තාත්තා තරම් සිහින මැවූ තවත් මිනිහෙක් මේ ලෝකයේ අප දැක නැත.අම්මගේ ආදරය වගේම තාත්තගේ නිහඬ ආදරය මේ ලෝකය හැමදාම ලස්සන කරනවා.මම දිනද්දී,වැටුනු තැනින් නැගිටිද්දී තාත්තාගේ මුහුනේ ඇදෙන ඒ හිනාවේ අමුතුම ලස්සනක් තිබුණා.ඒයට හේතුව වෙන්න ඇත්තේ ඒ සැගවුණු අපිරිමිත ආදරයයී..තාත්තා වෙනුවෙන් මෙවන් දිනයක් මේ මිහිතලේ තිබිය යුතුමයි.මක්නිසාදයත් ඒ ආදරයේ නිහැඩියාව නිසයි.


ලෝක පියවරුන්ගේ දිනය සමරන අද දවසේ මේ ලෝකේ උතුම් පිය පදවිය දරණ සෑම පියෙකුගේම සිහින සැබෑ වෙන සතුට පිරුණු සුබ පියවරුන්ගේ දිනයක් වේවා!!!

Wednesday, June 4, 2025

ලෝක පරිසර දිනය


 ලෝක පරිසර දිනය


ප්ලාස්ටික් දූශණය අවම කරමු


ලෝක පරිසර දිනය සැමරෙන්නේ ජුනි මස 5 වන දිනයි.මෙම දිනය 1972 දී ජිනීවා හි පැවති ජාත්‍යන්තර පරිසර සමුළුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිහිටුවන ලදී.එය පසුකාලීනව වසරකට වරක් විවිධ රටවල සංවිධානය වන පරිසර සන්ධාන වැඩසටහන් සහ පුනරුත්ථාපන වැඩසටහන් සදහා ප්‍රමුඛ අවස්තාවක් වී ඇත.


ඔබ දන්නවාද?


පෘතුවි තලයේ තවත් එක් ජීවියෙකු පමණක් වන මිනිසා මහපොළවේ සාරය සූරාකෑම සහ පරිසරය් විනාශ කරමින් සිටින්නේ අදක් ඊයෙක සිට නොවේ.ගැනිය නොහැකි කාලයක් මුළුල්ලේ පරිසරය හායනය කරනු ලබන පිරිසක් අප හා සිටී.නමුත් තවත් පිරිසක් එය වැළැක්වීමට පියවර ගත්තද, පරිසර විනාශය අතින් අප තවමත් අන්තරායක අඩවියක සිටින් බැව් සෑම තත්පර තුනකට වරක් පාපන්දු පිටියක ප්‍රමාණයේ වන වැස්මක් ලොවෙන් ඉවත් වෙමින් අපට පසක් කරවයි.


මිනිසාගේ අහිතකර ක්‍රියා හේතුවෙන් 50% ක් පමණ ලෝකයේ තෙත් බිම් අපට මේ වන විට අහිමි වී තිබෙනවා.කොරල් පර පද්ධතීන් ද මේ වන විට 50% ක් පමණ විනාශ වී ඇත.මේ ආකාරයට තවත් ඉදිරියට මේ දූශිත ක්‍රියාවන ගලාගෙන ගියහොත් 2050 පමණ වන විට 90% ක් පමණ ඉතිරි කොරල් පර විනාශ වීමට බොහෝ ඉඩකඩ ඇත.එසේම අමතක නොකළ යුතු කරුණක් වන්නේ පසුගිය වසර සියය තුල ආසන්න වශයෙන් 1.5*C° ඉහළ ගොස් ඇති ගෝලීය උෂ්ණත්වය තව දුරටත් ඉහළ යාම අපට සිහිනයක් නොවේ.


එමෙන්ම දකුණු ඇමෙරිකාවේ ඇමේසන් වනාන්තරය ලෝකයාගේ අසාධූ ක්‍රියාවන් හේතුවෙන් විනාශ මුඛයට පාත්‍ර වන අන්දම අපට සියැසින් දැක බලා ගත හැක.ඔබ දන්නවාද?, ලොවා විශාලතම කොරල්පරය වන ඕස්ට්‍රේලියාවේ  'මහා බාධක පරය' 50% ක්ට වඩා අහිමි වී ඇත්තේ මිනිසාගේ අනිසි   ක්‍රියාකාරකම් හේතුවෙනි.ලෝක පරිසර දිනය තුල අප ඒ ගෝලීය තොරතුරු පිළිබදව දැනුවත් වීම නිසැකයෙන්ම අත්‍යවශ්‍ය වනවා නේද? 


මෙසේ අධිකව ලෝකය නැවතත් හරිත පැහැයෙන් ජීවයක් ලබා දීමට අත්වැල් බැදගෙන ඇති බව සතුටට කරුණකි.ඒ පිළිබදව නියමිත අවධානයක් ලබා දෙමින් නැවත වතාවක් පෘථිවියේ නිසි ජීවී ගුණය ලබා දී නැවත් ප්‍රතිශ්ථාපනය කිරීමට මූලික පියවර තබා ඇති බව සදහන් කල යුතුම කරුණකි.ඕසෝන් වියන රැක ගැනීමට මුල පුරා ඇති අතර , හෙක්ටයාර් දහස් ගණනකින් නැවතත් වනාන්තර සිටුවීමට අරඹා ඇත.කිලෝමීටර් සියගණනක කොරල්පර පද්ධතීන් නැවත පිළිසකර කිරීමට මුල පුරා ඇත.එසේම වද වී යාමට ආසන්නයේ සිටි ජීවී විශේශ විශාල සංඛ්‍යාවක් එම අනතුරෙන් මුදවා ගැනීමට කටයුතු කර ඇත.අධික සම්පත් පරිභෝජනය, පොසිල ඉන්ධන දහනය,ගෝලීය උණුසුම ඉහළ යාම වැළකීම වැනි ක්‍රියාවන් සදහා මුලිකව හඩ අවධි කොට ඇත.


2025 වසරේ ලෝක පරිසර දිනයේ ප්‍රධාන තේමාව වූයේ *ගෝලීය* *ප්ලාස්ටික්* *දූශණය* *අවසන්* **කිරීමයි* . ප්ලාස්ටික් දූශණය ජල මාර්ග,මිනිසුන්ගේ සෞඛ්‍යය සදහා දැඩි බලපෑම් ඇති කරවයි.මෙම තේමාව මගින් ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම,නැවත භාවිතා කිරීම සහ පරිසර හිතකාමී විකල්ප භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය මතු කරයි.මෙම වසරේ පරිසර දිනයේ ආයෝජක රට වන්නේ දකුණු කොරියාවයි.ආයෝජක ස්ථානය ජේජු දූපත,දකුණු කොරියාව.


මේ සදහා ඔබට කල හැකි දේ මොනවාද? 


☘️ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම.


එනම් එක් වරක් පාවිච්චි කරන ප්ලාස්ටික් භාණඩ නැවත භාවිතය හැකි තරම් අඩු කරන්න.


☘️සමෘද්ධිමත් පරිසරයක් සදහා කටයුතු කිරීම.


පරිසර හිතකාමී ක්‍රියාමාර්ග තව දුරටත් ගැනීම.


පොදුවේ සෑම වසරකම සමරනු ලබන ලෝක පරිසර දිනයේ අරමුණු මොනවාද? 


🍃පරිසරය රැක ගැනීම පිළිබද ජනතාව තුල අවබෝධය වැඩිදියුණු කිරීම.


🍃දූෂණය,වනාන්තර විනාශය,දූපත් ආපදා වැනි ගැටළු පිළිබද අවධානය යොමු කිරීම


🍃තිරසාර සංවර්ධනය උදෙසා ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආණුඩුව සහ ආයතන අවධානය යොමු කිරීම.


ඒ සදහා ජනතාව වන අපගේ වගකීම වනුයේ,


🌳 කසළ නිසි පරිදි නියමිත ස්ථානයන්ට බැහැර කිරීම.


🌳 දැව විනාශය වැළැක්වීම.


🌳 නව ආරක්ශිත තාක්ශණය භාවිතා කිරීම.


🌳 ජලය හා විදුලිය ඉතිරි කිරීම.


මේ ආකාරයට අප කොතරම් කරුණු පිලිබදව දැනුවත් වුවත් ලොක පරිසර දිනය සදහා අප වටිනා එක් ක්‍රියාවක් වත් කිරීම අගනේය.ඒ සදහා ලෝක වාසී අප සියලුම දෙනා එම දිනයට වටිනාකමක් එක් කල යුතුම වේ.

ලෝක තරුණ නිපුණතා දිනය

  "World Youth Skills Day" එනම්,"ලෝක තරුණ කුසලතා දිනය" සැමරෙන්නේ ජූලි 15 වනදායි. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් 2014 ව...