Sunday, June 15, 2025

ලෝක පියවරුන්ගේ දිනයයි....


 අද ලෝක පියවරුන්ගේ දිනයයි....


 රැකවරණයේ  

සංකේතය ඒ  නුඹයි  තාත්තේ.....


මෙම විශේෂ දිනයට තේමාවක් නොමැති වුවත් එයට හේතුව වන්නේ පියවරුන්ගේ නොනිමි ආදරයට තේමාවක් ,සීමාවක් අවශ්‍ය නොවන නිසයි.දුක සතුට මේ හැමදෙයක්ම සිත තුල රන්දාගෙන ජීවිතේ අරගලයන් හමුවේ තාත්තා සිංහයෙක් වගේ මුහුණ දුන්නේ ඒ අපිරිමිත සෙනෙහසේ උණුසුමටයි.ඒ සෙනෙහසට උපහාරයක් පිණිසම මේ දිනය ඔබට පුද දේවා තාත්තේ...


ලෝක පියවරුන්ගේ දිනය සමරන අද දවසේ මේ ලෝකයේ උතුම් පිය පදවිය දරන සෑම පියවරෙකුගේම සිහින සැබෑ වෙන සතුට පිරුණු සුබ පියවරුන්ගේ දිනයක් වේවා...


ජුනි 15 වන දින තාත්තාගේ ඒ නිහඬ ආදරයට උපහාරයක් පිණිස මෙම දිනය වෙන් වී තිබුණත් බොහෝ රටවල මෙය වාණිජ පරමාර්ථයෙන් වෙන් වූ දවසක් වී ඇත.නමුත් මෙය එසේ සැමරිය යුතු දිනයක් නොවේ...අද දිනය වෙනුවෙන් අදුරු නිම්නෙක එළිය දුන් තාත්තා ගැන මෙසේ පුංචි ඔවදනක් එකතු කරමු..


මහමෙරකටවත් උපමා කල නොහැකි දෝරේ ගලා නොයන්නට ඉඩ නොදී හදපත්ලේම මිහිදන් වූ ආදරයක් තිබුණානම් ඒ තාත්තාගේ ආදරයයි.ඉරට හදට මහ පොලොවටවත් තාත්තාව උපමා කල නොහැක්කේ ඒ නිසයි.මහ දවාලේත් රැය පුරාවටත් තාත්තාගේ සෙනෙහස හදවත පත්ලේ මා නමින් ලියවෙද්දී තාත්තාගේ උරහිසේ හයිය අපගේ වාරුව උනා.මෙලොව එලිය දුටු දුනයේ සිටම මා අනුකරණය කල මා අනුකමනය කල මගේ ලෝකයේ එකම වීරයා තාත්තේ ඒ ඔබයි.


ගොඩක් ආදරකතා හඩ නැගුවත් තාත්තාගේ ආදරය හැම තැනකදීම නිහඩ උනා.අඩන්න හේතු දහසක් මැද්දේ උනත් කදුලු හංගගෙන තාත්තා හිනාවුනා.ඒ තරම්ම ඒ ආදරය අපට නිහඩයි.


අප පුංචි කාලේ ඉදන් දාහක් දේවල් ඉල්ලලා අඩද්දී පුංචි දෙයකවත් අඩුවක් දැනෙන්න දුන්නේ නෑ.ඒ දවසේ ඉදන්ම ඇහෙන් කදුලක් වැටෙද්දී තාත්තාට දැණුනු වේදනාව හිතේ හිරකරගෙනම හිටියා.තාත්තා හිටපු හැමතැනකම අපිට දැණුනු රැකවරණය මහ පොලව අපව දරාගෙන සිටිනවා වාගේයී.


තාත්තාට අහිමි වූ යම් ලෝකයක් තිබුණානම්,ඒ ලෝකයේ මම රජවෙනවා දකින්න තාත්තා තරම් සිහින මැවූ තවත් මිනිහෙක් මේ ලෝකයේ අප දැක නැත.අම්මගේ ආදරය වගේම තාත්තගේ නිහඬ ආදරය මේ ලෝකය හැමදාම ලස්සන කරනවා.මම දිනද්දී,වැටුනු තැනින් නැගිටිද්දී තාත්තාගේ මුහුනේ ඇදෙන ඒ හිනාවේ අමුතුම ලස්සනක් තිබුණා.ඒයට හේතුව වෙන්න ඇත්තේ ඒ සැගවුණු අපිරිමිත ආදරයයී..තාත්තා වෙනුවෙන් මෙවන් දිනයක් මේ මිහිතලේ තිබිය යුතුමයි.මක්නිසාදයත් ඒ ආදරයේ නිහැඩියාව නිසයි.


ලෝක පියවරුන්ගේ දිනය සමරන අද දවසේ මේ ලෝකේ උතුම් පිය පදවිය දරණ සෑම පියෙකුගේම සිහින සැබෑ වෙන සතුට පිරුණු සුබ පියවරුන්ගේ දිනයක් වේවා!!!

ලෝක පියවරුන්ගේ දිනයයි....

 අද ලෝක පියවරුන්ගේ දිනයයි....  රැකවරණයේ   සංකේතය ඒ  නුඹයි  තාත්තේ..... මෙම විශේෂ දිනයට තේමාවක් නොමැති වුවත් එයට හේතුව වන්නේ පියවරුන්ගේ නොනිම...