Sunday, September 17, 2023

විවියන් ගුණවර්ධන

 


කාන්තා වීරවරියක වූ ඇයගේ කතාවෙන් මතකාවර්ජනයක්....

 

 ශ්රී ලංකාවේ දේශපාලන ක්රියාන්විතය තුළ ක්රියාකාරි සාමාජිකාවක් ලෙස විවියන් ගුණවර්ධන හදුන්වා දිය හැකිය. ඇය 1916 සැප්තැම්බර් 18 වන දින 'ගුණවර්ධන වයලට් විවියන් ගුණතිලක' නමින් ආචාර් දොන් ඇලසන් ගුණතිලක සහ එමිලි ඇන්ජලීන් ගුණවර්ධන නම් උසස් පවුල් පසුබිමක් සහිත දෙමාපියන් දාව උපත ලැබුවා .

'විවි' නමින් ආමන්ත්රණය කරන ඇය සූරිය මල් ව්යාපාරයට සම්බන්ධ වී අසාධාරණය වෙනුවෙන් පෙනී සිටියා . එය ඇගේ දේශපාලන දිවියේ ආරම්භය සනිටුහන් කිරීමට සමත් විය. ඇය විවාහ වූයේ ලංකාවේ පළමු දේශපාලන පක්ෂය වන, ලංකා සමසමාජ පක්ෂය ආරම්භ කළ ලෙස්ලි ගුණවර්ධන සමගින් . තුළින් විවියන් ගුණවර්ධන ලංකා සමසමාජ පක්ෂයේ නැගී සිටීම උදෙසා කටයුතු කළාය.

1934 කාලවකවානුව තුළ ඇති වූ දරුණු ව්යසන තත්ත්වය තුළදි ඇය ස්වේච්ඡාවෙන් සහාභාගි වී පීඩාවට පත් දුප්පත් ජනතාවට ඇගේ නිවස පවා රෝගින්ගේ රෝහලක් බවට පත් කළාය.

ඇයගේ දේශපාලන දිවිය තුළ ඇය 1950 සිට 1954 දක්වා 1960 සිට 1969 දක්වා කොළඹ මහ නගර සභාවේ මන්ත්රිවරියක ලෙස කටයුතු කළ අතර එහි දී ඇය දුප්පත් මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් සෑම මොහොතක පෙනී සිටි අතර ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමට මහත් වූ උත්සහයක් ගත්තා .

 එමෙන් ඇය සමස්ත ලංකා පළාත් පාලන සේවක සංගමයේ සභාපතිනිය ලෙස විශාල සේවයක් මිය යන තුරු ඉටු කරන ලදී. තව විවියන් ගුණවර්ධන ශ්රි ලංකා ස්ත්රීවාදි ව්යාපාරය තුළ ක්රියාකාරි සාමාජිකාවක් වූ අතර නිරන්තරයෙන් කාන්තාවන් උදෙසා හඩ නැගු ප්රබල චරිතයක් වූවා .

ඇය මෙරට ලාංකීය දේශපාලන ඉතිහාසය තුළ පළමු සහ එකම කාන්තා ජාතික වීරවරිය ලෙස සියලු දෙනාගේ සම්භාවනාවට පාත් විය. විවියන්ගේ දේශපාලන ඉතිහාසය තුළ ඇය සෑම සමාජ පැතිකඩක් එනම්, අධ්යාපන,බැංකු,වෙළද ආදි බොහෝ අංශයන් වැඩි දියුණු කීරිමට උත්සහ ගෙන ඇත.

 එමෙන් දේශපාලන ක්රියාන්විතය තුළ ඇය ස්වදේශ කටයුතු ලේකම් හා කනිෂ්ඨ සෞඛ්යය ඇමති යන ධුරයන් හොබවා ඇත.

මෙලෙස ශ්රී ලංකාවේ යටත් විජිත විරෝධී ක්රියාකාරිනියක සහ ශ්රී ලංකා වාමාංශික ව්යාපාරයේ ප්රමුඛතම කාන්තා චරිතය සේ දේශපාලන ක්රියාදාමය තුළ වටිනා චරිතයක් වූ විවියන් ගුණවර්ධන 1996 මාර්තු මස 10 වන දින ඇගේ දේශපාලන දිවියේ අවසානය සනිටුහන් කළා .

දේශපාලන වේදිකාවේ ප්රමුඛ සාමාජිකාවක් වූ විවියන් ගුණවර්ධන නම් වූ ඇය, කාන්තා චරිතයක් ලෙස දේශපාලන ක්රියාන්විතය තුළ කළා වූ වටිනා කර්තව්යය සැප්තැම්බර් 18 වන ඇගේ ජන්ම දිනය දා මෙලෙස ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.

Leo Umesha Hansanie

First Year

Faculty of Arts

Saturday, September 16, 2023

දේශයක් අවදිකල අනගාරික ධර්මපාලතුමාගේ ජන්මෝත්සවය

 


දේශයක් අවදිකල අනගාරික ධර්මපාලතුමාගේ ජන්මෝත්සව 

    " සිංහලයනි නැගිටිවව්

       බුද්ධගයාවබේරාගනිව් "

බුදු දහමත් ,දේශයත් බේරා ගැනීමට ජනතාවගේ හදවතට ආමන්ත්රණය කළ යුග පුරුෂයෙකු ලෙස ශ්රී මත් අනගාරික ධර්මපාලතුමා හදුන්වා දිය හැකිය. 1868 සැප්තැම්බර් මස 17 වන දා දකුණු ලක මාතර  හිත්තැටිය ප්රදේශයේ දී දොන් කරොලිස් හේවාවිතාරණ සහ මල්ලිකා ගුණවර්ධන යන දෙමව්පියන්ට දාව දොන් ඩේවිඩ් හේවාවිතාරණ  ලෙස උපත ලැබීය.දෙමටගොඩ බැස්ටිස් පාසල , කොළඹ ශාන්ත බෙනඩික්ස් විද්යාලය , කෝට්ටේ ක්රිස්තියානි විද්යාලය , මෝදර සාන්ත තෝමස් විද්යාලය සහ කොළඹ රාජකීය විද්යාලය එතුමන් අධ්යාපනය ලද විද්යාල විය.

උපතින් කිතුනුවෙකු වුවද බෞද්ධ ආගමට ඉතා ලැදි භක්තිවන්තයෙකු වූ ධර්මපාල තුමා 1833 පාස්කු දින ඇති වූ බෞද්ධ , කිතුනු අරගලයේ පසුව එතුමා කෙසේ හෝ බුදු දහම රැකගත යුතුව යන අදිටනින් සඳහා නිරතුරු කටයුතු කරන ලදි.පානදුරාවාදයත් සමග සිංහලයන්ගේ බුදු දහම බේරාගැනීමට පැමිණි ඇමරිකානු ජාතික ඕල්කට් තුමා සහ රුසියානු ජාතික බ්ලම්වස්කි  මැතිණියගේ ඇසුර නිසා බටහිර ගති සිරිත්වලින් සංකර වී සිටි එතුමා සියල්ලෙන්ම වියැකී බුදු දහම වැළඳ ගත්තේය.

එතුමා බුද්ධ ශාසනයටත් ,දේශයේ අභිවෘද්ධිය තකා විශාල සේවාවන් රාශියක් සිදු කරන ලදී.ඕල්කට්තුමා සමග මැදිහත්වී ලංකාව පුරා කොළඹ ආනන්ද විද්යාලය ,මහනුවර ධර්මරාජ විද්යාලය, ගාල්ලේ මහින්ද විද්යාලයේ ආදී බෞද්ධ පාසල් ආරම්භ කිරීම, සරසවි සඳරැස  නම් බෞද්ධ පුවත්ප්ත ආරම්භ කිරීම මෙන්ම ශ්රී ලාංකීය නිදහස් ව්යාපාරයත්, බුද්ධාගමේ පුනර්ජීවනයත්  සඳහා තවත් බොහෝ සේවා රාශියක් සිදුකර ඇත. අතර,

1.1891 දී කොළඹ දී මහාබෝධි සංගමය පිහිටවා බුද්ධගයාවේ මහාබෝධි පන්සල බෞද්ධ ආගමිකයින් යටතට ගැනීම .

2.ධර්මපාල තුමාගේ උත්සාහය නිසා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ භූමි භාගය නැවතත් බෞද්ධයන්ගේ ආකර්ෂනයට ලක්වීම

3.ඉන්දියාව තුල විහාර ඉදි කිරීම. උදාහරණ වශයෙන් බුදුරජාණන්  වහන්සේ පලමු දම් දෙසූ ස්ථානයේ ඉදිකල සාරානාත් විහාරය පෙන්වාදිය හැකිය.

4.පේෂ කර්මාන්තය ආදී කර්මාන්ත ඇරඹීම.

5.සිංහලයන්ට ජාතික සිරිත් විරිත් වල අගය පෙන්වා දීම.

6.අපරදිග බුද්ධිමතුන්ගේ සිත් සතන් බුදුසමය වෙත නැඹුරු කරවීමට නොයෙක් රටවල සංචාරය කිරීම. නිදසුන්  :  ජපානය

7.1891  මැයි 31 විද්යෝදය පිරිවෙණේ බුද්ධ ගයාමහා බෝධි සමාගම ඇරඹීම.

ආදිය ප්රමුඛ වේ.

මෙලෙස සුවිශාල මහඟු කාර්යයන් රාශියක්  රට ,දැය හා  ආගම වෙනුවෙන් සිදු කළ එතුමා වර්ෂ 1933 අප්රේල් මස 29 වනදා තම නාමය ජාතිය වෙනුවෙන් රන් අකුරින් සටහන් කර කලුරිය කළේය.සෑම වර්ෂයක එතුමාගේ ජන්ම දිනය අති උත්කර්ෂවත් ලෙස ශ්රී ලංකාව ඇතුළුව ලොව පුරා විවිධ රටවල සමරනු ලැබේ.මෙම වර්ෂයේ එතුමාගේ 159 වන ජන්ම දින සැමරුම යෙදී ඇත.දූරදර්ශී විචක්ෂණ නුවණින් ක්රියා කළ මේ යුග පුරුෂයා නොසිටින්නට දඹදිව බෞද්ධ උරුමය මුළුමහත් ලොවටම අහිමි වනු නියතය.ශ්රී ලාංකිකයන්ට පමණක් නොව ලෝක ජනතාවට අත්යුදාර මෙහෙවරක් ඉටුකළ අනගාරික ධර්මපාල  යුග පුරුෂයා ශ්රේෂ්ඨ පුද්ගලයකු ලෙස සැලකිය හැකිය.

Leo Nisansala Mihirani

Second Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...