දේශයක් අවදිකල අනගාරික ධර්මපාලතුමාගේ ජන්මෝත්සව
" සිංහලයනි නැගිටිවව්
බුද්ධගයාවබේරාගනිව් "
බුදු දහමත්
,දේශයත් බේරා ගැනීමට ජනතාවගේ හදවතට ආමන්ත්‍රණය කළ යුග පුරුෂයෙකු ලෙස ශ්‍රී මත් අනගාරික ධර්මපාලතුමා හදුන්වා දිය හැකිය.
1868 සැප්තැම්බර් මස 17 වන දා දකුණු ලක මාතර හිත්තැටිය ප්‍රදේශයේ දී
දොන් කරොලිස් හේවාවිතාරණ සහ මල්ලිකා ගුණවර්ධන යන දෙමව්පියන්ට දාව දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස උපත ලැබීය.දෙමටගොඩ බැස්ටිස් පාසල
, කොළඹ ශාන්ත බෙනඩික්ස් විද්‍යාලය , කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලය , මෝදර සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය එතුමන් අධ්‍යාපනය ලද විද්‍යාල විය.
උපතින් කිතුනුවෙකු වුවද බෞද්ධ ආගමට ඉතා ලැදි භක්තිවන්තයෙකු වූ ධර්මපාල තුමා 1833 පාස්කු දින ඇති වූ බෞද්ධ
, කිතුනු අරගලයේ පසුව එතුමා කෙසේ හෝ බුදු දහම රැකගත යුතුව යන අදිටනින් ඒ සඳහා නිරතුරු කටයුතු කරන ලදි.පානදුරාවාදයත් සමග සිංහලයන්ගේ බුදු දහම බේරාගැනීමට පැමිණි ඇමරිකානු ජාතික ඕල්කට් තුමා සහ රුසියානු ජාතික බ්ලම්වස්කි මැතිණියගේ ඇසුර නිසා බටහිර ගති සිරිත්වලින් සංකර වී
සිටි එතුමා ඒ සියල්ලෙන්ම වියැකී බුදු දහම වැළඳ ගත්තේය.
එතුමා බුද්ධ ශාසනයටත් ,දේශයේ අභිවෘද්ධිය තකා විශාල සේවාවන් රාශියක් සිදු කරන ලදී.ඕල්කට්තුමා සමග මැදිහත්වී ලංකාව පුරා කොළඹ ආනන්ද විද්‍යාලය ,මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ආදී බෞද්ධ පාසල් ආරම්භ කිරීම,
සරසවි සඳරැස නම් බෞද්ධ පුවත්ප්ත ආරම්භ කිරීම මෙන්ම ශ්‍රී ලාංකීය නිදහස් ව්‍යාපාරයත්, බුද්ධාගමේ පුනර්ජීවනයත්
සඳහා තවත් බොහෝ සේවා රාශියක් සිදුකර ඇත.ඒ අතර,
1.1891 දී කොළඹ දී මහාබෝධි සංගමය පිහිටවා බුද්ධගයාවේ මහාබෝධි පන්සල බෞද්ධ ආගමිකයින් යටතට ගැනීම
.
2.ධර්මපාල තුමාගේ උත්සාහය නිසා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ භූමි භාගය නැවතත් බෞද්ධයන්ගේ ආකර්ෂනයට ලක්වීම
3.ඉන්දියාව තුල විහාර ඉදි කිරීම.
උදාහරණ වශයෙන් බුදුරජාණන්
වහන්සේ පලමු දම් දෙසූ ස්ථානයේ ඉදිකල සාරානාත් විහාරය පෙන්වාදිය හැකිය.
4.පේෂ කර්මාන්තය ආදී කර්මාන්ත ඇරඹීම.
5.සිංහලයන්ට ජාතික සිරිත් විරිත් වල අගය පෙන්වා දීම.
6.අපරදිග බුද්ධිමතුන්ගේ සිත් සතන් බුදුසමය වෙත නැඹුරු කරවීමට නොයෙක් රටවල සංචාරය කිරීම. නිදසුන්
: ජපානය
7.1891 මැයි 31 විද්‍යෝදය පිරිවෙණේ බුද්ධ ගයාමහා බෝධි සමාගම ඇරඹීම.
ආදිය ප්රමුඛ වේ.
මෙලෙස සුවිශාල මහඟු කාර්යයන් රාශියක් රට ,දැය හා ආගම වෙනුවෙන් සිදු කළ එතුමා වර්ෂ
1933 අප්‍රේල් මස
29 වනදා තම
නාමය ජාතිය වෙනුවෙන් රන් අකුරින් සටහන් කර කලුරිය කළේය.සෑම වර්ෂයක ම එතුමාගේ ජන්ම දිනය අති උත්කර්ෂවත් ලෙස ශ්‍රී ලංකාව ඇතුළුව ලොව පුරා විවිධ රටවල සමරනු ලැබේ.මෙම වර්ෂයේ එතුමාගේ 159 වන
ජන්ම දින සැමරුම යෙදී ඇත.දූරදර්ශී විචක්ෂණ නුවණින් ක්‍රියා කළ මේ යුග පුරුෂයා නොසිටින්නට දඹදිව බෞද්ධ උරුමය මුළුමහත් ලොවටම අහිමි වනු නියතය.ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව ලෝක ජනතාවට අත්‍යුදාර මෙහෙවරක් ඉටුකළ අනගාරික ධර්මපාල යුග පුරුෂයා ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස සැලකිය හැකිය.
Leo Nisansala Mihirani
Second Year
Faculty of Arts