Sunday, September 8, 2024

මීතොටමුල්ල කුණුකන්දේ නායයෑම [ Safe Guard - Article 06 ]

 


Safe Guard

Phase - 1

Session - 1

දශක තුනකට වැඩි අතීත කතාවකට උරුමකම් කියන මේ මහා සුවිසල් කුණු කන්ද අප රටේජන ජීවිත වලට මහත් සේ පීඩාකාරි මෙන්ම දුක්ක දායක මතක ගොන්නක් ඉතිරි කිරීමට සමත් වූ ස්තානය කි..

මීතොටමුල්ල යනු කොළඹ දිස්ත්රික්කයේ කොළඹ නගර මායිමේ පිහිටි ග්රාමයකි. මෙම ගම කොලොන්නාව නගර සභාවට අයත් වන අතර කොලොන්නාව ඡන්ද කොට්ඨාසය තුළ පිහිටා තිබේ. දෙමටගොඩ කොලොන්නාව මාර්ගයේ කොලොන්නාව තෙල් සංස්ථා දොරටුව ඉදිරිපසින් හා ඔරුගොඩවත්ත වැල්ලම්පිටිය පරණ අවිස්සාවේල්ල මාර්ගයේ ප්රධාන දුම්රිය මාර්ගයට නුදුරින් මීතොටමුල්ලට ඇතුළු වන ප්රධාන මාර්ග දෙකකි.

මිනිස් ජීවිත , දේපල වලට පමණක් නොව සත්ව හා ස්වාභාවික පරිසර පද්දතියටද මහත් පිළිලයක් ලෙස වු මෙම කුණු කන්ද 2016 දී  නායයෑමට ලක් විය.නාය යෑමට පැය කීපයකට පෙර කුණු කන්දේ ගින්නක් හට ගෙන ඇති නමුත් අවට පදිංචිකරුවන් නිවාසවලින් ඉවත් නොවීම හේතුවෙන් මරණ සංඛ්යාව තවත් ඉහළ යාමට ඉඩකඩ ඇතිබව හදිසි ආපදා බලධාරීන් AFP පුවත් සේවයට පවසා තිබේ. මෙය අන්කිසිදු ස්වාභාවික සංසිදියක ප්රතිඵල යක් ලෙසින් බිහි වූවක් නොව දශක ගනනාවක  මානව බලපෑම මතම බිහි වූවකි.

අඩි තුන්සීයක් උස මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් විනාශයට පත් නිවාස සංඛ්යාව අවම වශයෙන් හතළිහකි.කුණු කන්ද හේතුවෙන් සෞඛ් ගැටලු පැන නැගී ඇති බවට මැසිවිලි නගන ප්රදේශවාසීහු එය වෙනත් ස්ථානයක් කරා රැගෙන යන ලෙස අවස්ථා ගණනාවකදීම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.වාර්තාවලට අනුව මීතොටමුල්ලට දිනකට බැහැර කරනු ලබන කසල ප්රමාණය ටොන් අටසීයකි.මීතොටමුල්ලට කසල බැහැර කිරීම ආරම්භ වන්නේ 2008 වසරේ දී කොළඹ 'බ්ලූමැන්ඩල්' කුණු කන්දට කසල බැහැර කිරීම නවතා දැමීමත් සමගය.

Ø මරණ දාසයයි, මීතොටමුල්ලට අදත් කුණු

මීතොටමුල්ල කුණු කන්ද හා සම්බන්ධ සමාජීය ගැටලු පිළිබඳ දීර්ඝ කාලයක සිට වාර්තාකරණයේ යෙදෙන මාධ්යවේදී කසුන් පුස්සෙවෙල බීබීසී සිංහල සේවයට කියා සිටියේ කුණු කන්ද පිහිටි භූමිය පැරණි කුඹුරක් බවය.

"ගම්වාසීන්ට අනුව 1989 වසර වනතෙක් පොතුවිල් කුඹුර ලෙස හඳුන්වපු කුඹුරු යායක් මෙතෙන තිබිලා තියෙන්නේ. නමුත් එම වසරේ කොළඹ නගරයට ආපු විශාල ගංවතුරෙන් මේ කුඹුරු යාය විනාශ වී තිබෙනවා" යනුවෙන් ඔහු කියා සිටියේය.

" කාලේදී තමයි මුල්ලේරියාව නගර සභාව විසින් මේ කුඹුර ගොඩ කරලා කොලොන්නාව කොටිකාවත්ත මුල්ලේරියාව නගර සභා සහ ප්රාදේශීය සභා තුනට අදාළ කසල බැහැර කිරීම ආරම්භ වෙන්නේ"

එවකට එම බල ප්රදේශවලට අයත් කැළිකසල පමණක් මීතොටමුල්ලට බැහැර කළ බව කී මාධ්යවේදී කසුන් පුස්සෙවෙල කුණු තට්ටු මත පස් තට්ටු අතුරමින් එවකට කසල ගොඩ කිරීම් සිදු වූ බව කියා සිටියේය.

Ø ශ්රේෂ්ඨාධිකරණ නියෝග

මාධ්යවේදී කසුන් පුස්සෙවෙල පවසන ආකාරයට ආරම්භයේ අක්කර දෙකක් පමණ වූ මීතොටමුල්ල කුණු කන්ද අද වනවිට අක්කර විස්සක් පමණ දක්වා වු භූමි ප්රදේශයක පැතිර තිබේ.ග්රාම සේවා වසම්අටකට අයත් මීතොටමුල්ල කුණු කන්ද අවට තිස්දහසකට ආසන්න පිරිසක් ජීවත්වන බවත් ඔහු කියා සිටියේය.

මීතොටමුල්ලට කුණු නොදමන ලෙස ශ්රේෂ්ඨාධිකරණය පසුගිය පාලන සමයේ නියෝගයක් දුන් නමුත් එවකට සිටි බලධාරීන් එම අධිකරණ නියෝගය නොතකා දිගටම කුණු බැහැර කළ බවත් මාධ්යවේදී කසුන් පුස්සෙවෙලවැඩිදුරටත් කියා සිටියේය.කොලොන්නාව මීතොටමුල්ල නායගිය කුණු කන්දට යට වීමෙන් මරණයට පත් සංඛ්යාව දහනවය දක්වා ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා යුද හමුදාව පවසයි.

හමුදා මාධ් ප්රකාශක බ්රිගේඩියර් රොෂාන් සෙනවිරත්න බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විනාශයට පත් නිවාසවල සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයන් බේරා ගැනීමට උපරිම උත්සහ දරන බවයි. මේ අතර කුණු කන්දට යට වීමෙන් පුද්ගලයන් ගණනාවක් මරණයට පත් වී ඇතත් අදත් (2017 අප්රේල්15) එතැනට කුණු දමමින් පැවති බව ප්රදේශවාසියෙක් බීබීසී සිංහල සේවයට ප්රකාශ කළේය.

කුණු කන්ද වෙනත් ප්රදේශයකට ගෙන යනමෙන් කොතෙක් ඉල්ලීම් කළත් සඳහා බලධාරීන් කිසිදු පියවරක් නොගත් බවට චෝදනා කරන ප්රදේශවාසීහු සම්බන්ධයෙන් ඔවුන්ගේ කෝපය පළ කරති.

Ø බේරා ගැනීමේ දිවා රෑ මෙහෙයුම්

ඒවන විටද( 2017 අප්රේල්15) නාය යාමට ලක් වූ කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්දට යට බොහෝ දෙනෙකු සිර වී සිටින බව ප්රදේශවාසීහු පවසති.

ජීවිත හානි හෝ තුවාල ලැබූවන් පිළිබඳව මෙතෙක් සනාථ වූ තොරතුරැ ලැබී නැති බව පවසන ආපදා කළමනාකරණ මධ්යස්ථානය, ත්රිවිධ හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව මෙහෙයුම්වල යෙදී සිටින බව කියා සිටියි.

එම ස්ථානයට සෙනග රැස්වීම සහන මෙහෙයුම්වලට බාධාවක් බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ නියෝජ් අධ්යක්ෂ ප්රදීප් කොඩිප්පිලි, එබැවින් එහි රැස්වීමෙන් වලකින මෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අනතුරට ලක්වූවන් පිළිබඳව තොරතුරු සොයා බැලීම සහ සහන සේවා ඇතුළු ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳව විමසීම පිණිස 117 දුරකථන අංකය  ක්රියාත්මක වේ.

Ø මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් 'නිවාස 60 ක් විනාශයි'

කුණු කන්දේ හටගත් ගින්න නිවා දැමීම පිණිස ශ්රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදාගෙන තිබේ.කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නාය යාම හේතුවෙන් අසල පිහිටි නිවාස 60 කට වැඩි ප්රමාණයක් යට වී ඇති අතර ජීවිත හානි සිදු වී ඇතැයි වාර්තා ලැබී තිබෙන බව එස්එම් මරික්කාර් මන්ත්රීවරයා පවසයි.

කුණු කන්ද නාය යාම හේතුවෙන් සියයකට අධික පිරිසක් පීඩාවට පත් වී සිටින්නේ යයි අනුමාන කළ හැකි බවත් මන්ත්රීවරයා බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.දහම්පුර ප්රදේශයේ හටගත් නාය යාමෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීම පිණිස හමුදාව සහ විශේෂ කාර්ය සාධක බලකාය කැඳවා තිබෙන බව ඔහු පැවසීය.කුණු කන්ද නාය යාම හේතුවෙන් ජීවිත හානි සිදු වී ඇති බව ස්වාධීන මාර්ගවලින් මෙතෙක් තහවුරු වී නැත.එය ඉවත්කරගන්නා ලෙසත්, තවදුරටත් එහි කසල බැහැර නොකරන ලෙසත් තමන් ඇතුළු ප්රදේශවාසීන් දිගින් දිගටම කළ ඉල්ලීමට ආණ්ඩුව සවන් නොදුන් බව පවසන එස්එම් මරික්කාර් මන්ත්රීවරයා, එම ඉල්ලීමට කන්දුන්නේ නම් මෙවැනි අනතුරක් වලක්වාගත හැකිව තිබුණු බවත් බීබීසී යට පැවසීය.

"මේක තමයි අපි පහුගිය කාලේ කිවුවේ. නියං කාලේ ආවහම කුණු කන්ද පුපුරනවා, වැස්ස ආවහම කඩන් වැටෙනවා කියල," ඔහු පැවසීය"පසුගිය දවස් ටිකේ කුණු ගේන එක නතර කළා නම් මේ වෙන්නේ නෑ.”  යැයි බොහො දෙනාගෙ මතයයි. කොළඹ නගර සීමාවට අයත් කොලොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද ජාඇල රජයේ ඉඩමකට බැහැර කිරීමේ සැලසුමට විරෝධය පා ජාඇල ඒකල ප්රදේශයේ ජනතාව විරෝධතාවක නිරත වූහ.

කුණු කන්ද සිය ප්රදේශයට බැහැර කිරීමේ සැලසුමට එරෙහිව පෙළ ගැසෙන බවයි මහජනයාට එක්ව සිටි ආගමික නායකයන් අවධාරණය කළේ. ඒකල මඩම මංසන්ධියේ පැවති විරෝධතා ව්යාපාරය සඳහා ප්රදේශයේ ආගමික නායකයන්, දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටියහ. එම විරෝධතාව හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් ගමනාගමනයට බාධා එල්ල වූ බවයි ප්රසාද් පූර්ණමාල් ජයමාන්න බීබීසී සිංහල සේවයට වාර්තා කළේ.

Ø මෙවන් ඛේදවාචක වලක්වා ගැනීමට අපට කල හැක්කේ මොනවාද?

    මූලිකවම කසල ප්රතිචක්රීකරණය , නිසි පරිදි බැහැර කිරීම , නොදිරන අපද්රව් භාවිතය හැකි උපරිමෙන්ම අවම කොට පරිසර හිතකාමි දිරාපත් වන නිශ්පාදන භාවිතය ආදිය  මානව ප්රජාවට සිදු කල හැක .මීට අමතරව මෙවැනි ගැටලු සම්බන්දව නීතිමය පියවර ගැනීම අත්යාවශ් කටයුත්තකි. මතු අනාගතයට මෙවැනි මානවයා විසින්ම ජනිත කරන්නා වූ ආපදා වලක්වා ගැනීමට මෙම මීතොටමුල්ල ඛේදවාචකය අප සැමට තරයේ අවධාරණය කරයි.


l

l

Saturday, September 7, 2024

Food waste and food insecurity [ Safe Guard - Article 05 ]

Safe Guard

Phase - 1

Session - 1


“Food waste is a global tragedy. Millions will go hungry today as food is wasted across the world.”

                                                         -Inger Anderson, Executive director of UNEP


Everyday food could disappear without any plants, insects, birds and mammals will have nothing to eat. Entire food chain could die out. But wasted food is not just a social or humanitarian concern, it is an environmental one. 

Reducing food waste is a big part of our climate strategy. A recent report from WWF has estimated that 2.5 billion tones food is wasted globally. That means 40% of the global food supply is never eaten. 1.2 billion tones food never makes it off the farms.

When we waste food, we waste the land, water and energy used to grow, harvest, transport and package it. It takes 4.4 million km of farm land to grow food which is wasted. 

If the wasted food goes to the land fill and rots, it produces methane- a greenhouse gas even more potent than CO2. It produces 8%-10% of global GHG emissions. 

For instance, In the US alone, the production of lost or wasted food generates more emissions than the entire airline industry.

While a third of humanity faces food insecurity, an equivalent of one billion tones meals go to waste every day, a new report by the UN environment agency revealed.

 The UN environment food waste index report 2024 highlights that latest data from 2022 shows 1.05 billion tones food went to waste. 

Some 19% of food available to consumers was lost overall at retail, food service and house hold levels. Most of the world’s food waste comes from households, totaling 631 million tones or up to 60% of the total food squandered.

 The food service and retail sectors were responsible for 290 and 131 million tones accordingly. That is in addition to around 13%of food lost in the supply chain, as estimated by the UN food and agriculture organization from post-harvest up to the point of sale. 

Around 8 343 700 000 tones food lost or wasted this year globally. On average, each person wastes 79Kg food annually. This is the equivalent of 1.3 meals every day for everyone in the world impacted by hunger.For instance, In the US alone, Americans waste 145 billion meals every year- making it challenging to sale imperfect produce, excess produce, feed hungry people and avoid the environmental impacts and improve postharvest handling. 

Around a million people die every year of hunger-related diseases. This more than from AIDS, Malaria and Tuberculosis combined. Around 5 776 350 people died from hunger this year. A child dies from hunger every 10 second globally. 1 in 9 people go to bed hungry.Besides this, 822 million people suffer from undernourishment. 

For instance, in 2017, over 20 million people in the African countries of Ethiopia, Malawi, Zimbabwe and Kenya experienced acute food insecurity. 

In my point of view, instead of wasting food, we can distribute them among hungry poor people. There are many families across the world living without food. Think about them and start feeding them whenever it is possible.


Leo Karishni Pulenthiran

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය


ජාත්‍යන්තර සාක්ෂරතා දිනය සෑම වසරකම සැප්තැම්බර් 8 වන දිනට යෙදී ඇත්තේ අපගේම ප්‍රාදේශීය ප්‍රජාවන් තුළ මෙන්ම ගෝලීය වශයෙන් පවතින සාක්ෂරතා ගැටලු පිළිබඳව දැනුවත් කිරීම සහ සැලකිල්ල දැක්වීම සඳහා ය.ජාත්‍යන්තර සාක්ෂරතා දිනය 1966 දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෝ යුනෙස්කෝව ප්‍රකාශ කිරීම මගින් ආරම්භ කරන ලද්දේ "ගෞරවය සහ මානව හිමිකම් පිළිබඳ කාරණයක් ලෙස සාක්ෂරතාවයේ වැදගත්කම මහජනතාවට මතක් කර දීම සඳහාය." ජාත්‍යන්තර සාක්ෂරතා දිනය සාක්ෂරතාවයේ අභියෝගවල හිමිකාරිත්වය සාක්ෂරතාවය ආරම්භ වන ප්‍රාදේශීය ප්‍රජාවන්ට, වරකට එක් අයෙකු ගෙන එයි.

⭕ජාත්‍යන්තර සාක්ෂරතා දිනය පිළිබඳ ඉතිහාසය

පළමු ජාත්‍යන්තර සාක්ෂරතා දිනයේ සිට වසර පනහකට වැඩි කාලයක් තුළ සාක්ෂරතා අනුපාත වැඩිදියුණු කිරීමේ ප්‍රගතියක් ලබා ඇතත්, නූගත්කම

ගෝලීය ගැටලුවක් ලෙස පවතී.ලොව පුරා කියවීමට නොහැකි වැඩිහිටියන් මිලියන 750කට වඩා සිටින බව සැලකේ. නූගත්කමේ ව්‍යසනය එක්සත් ජනපදය ඇතුළු පෘථිවියේ කිසිදු ජාතියක් හෝ සංස්කෘතියක් ඉතිරි නොකරයි, ඇස්තමේන්තුගත ඇමරිකානු වැඩිහිටියන් මිලියන 32 ක් නූගත් අයයි.

ඇත්තටම සාක්ෂරතාවය යනු කුමක්ද? Miriam- Webster ශබ්දකෝෂය සාක්ෂරතාවය නිර්වචනය කරන්නේ "සාක්ෂරතාවයේ ගුණාත්මක භාවය හෝ තත්වය: උගත්...කියවීමට සහ ලිවීමට හැකි" ලෙසය.

කියවීමට සහ ලිවීමට මූලික හැකියාවක් නොමැතිව නූතන ජීවිතයේ සැරිසැරීම ඔබට සිතාගත හැකිද? ලොව පුරා සෑම දේශීය ප්‍රජාවකම නූගත්කම අතුගා දැමීම ජාත්‍යන්තර සාක්ෂරතා දිනයයි.

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය ප්‍රථම වරට සංකල්පනය කරන ලද්දේ 1965 දී ඉරානයේ ටෙහෙරාන් නුවර පැවති "අක්ෂරතාවය තුරන් කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ ලෝක සමුළුවේදී" ය. ඊළඟ වසරේ යුනෙස්කෝව මූලිකත්වය ගෙන සැප්තැම්බර් 8 ජාත්‍යන්තර සාක්ෂරතා දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. "...

පුද්ගලයන්, ප්‍රජාවන් සහ සමාජයන් සඳහා සාක්ෂරතාවයේ වැදගත්කම ජාත්‍යන්තර ප්‍රජාවට මතක් කර දීම සහ වඩාත් සාක්ෂරතා සමාජයන් සඳහා තීව්‍ර ප්‍රයත්නවල අවශ්‍යතාවය." වසරකට පසුව, පළමු ජාත්‍යන්තර සාක්ෂරතා දිනයට සහභාගී වීමෙන් ගෝලීය ප්‍රජාව නූගත්කම අවසන් කිරීමේ අභියෝගය භාර ගත්හ. 

📌1965

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය සංකල්පනය වේ.

ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැත්වෙන නූගත්කම තුරන් කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ ලෝක සමුළුවේදී ජාත්‍යන්තර සාක්ෂරතාව පිළිබඳව සාකච්ඡා කෙරේ.

📌1966

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය පැමිණේ.

යුනෙස්කෝව සැප්තැම්බර් 8 ජාත්‍යන්තර සාක්ෂරතා දිනය ප්‍රකාශයට පත් කරයි

"... පුද්ගලයන් සඳහා සාක්ෂරතාවයේ වැදගත්කම ජාත්‍යන්තර ප්‍රජාවට මතක් කිරීමට,

📌1966

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය පැමිණේ.

යුනෙස්කෝව සැප්තැම්බර් 8 ජාත්‍යන්තර සාක්ෂරතා දිනය ප්‍රකාශයට පත් කරයි "... පුද්ගලයන්, ප්‍රජාවන් සහ සමාජයන් සඳහා සාක්ෂරතාවයේ වැදගත්කම ජාත්‍යන්තර ප්‍රජාවට මතක් කිරීම සහ වඩාත් සාක්ෂරතා සමාජයන් සඳහා තීව්‍ර උත්සාහයක අවශ්‍යතාවය සිහිපත් කිරීම."

📌1967

පළමු ජාත්‍යන්තර සාක්ෂරතා දිනය.

ලොව පුරා සිටින රජයන්, පාසල් සහ ප්‍රජාවන් අවසන් කිරීමට ඵලදායී ක්‍රම කෙරෙහි අවධානය යොමු කිරීමට සැලසුම් කර ඇති ක්‍රියාකාරකම්වලට සහභාගී වේ.

📌1967

ලොව පුරා සිටින රජයන්, පාසල් සහ ප්‍රජාවන් ප්‍රාදේශීය මට්ටමින් නූගත්කම අවසන් කිරීමට ඵලදායී ක්‍රම කෙරෙහි අවධානය යොමු කිරීමට සැලසුම් කර ඇති ක්‍රියාකාරකම්වලට සහභාගී වේ.

📌1990

සාක්ෂරතාවයේ තීරණාත්මක කාර්යභාරය තායිලන්තයේ ජොම්ටියන් හි සැමට අධ්‍යාපනය පිළිබඳ ලෝක සමුළුවේදී අවධාරණය කෙරේ.

📌2015

SLTM මොබිටෙල්

ඉන්චියොන් ප්‍රකාශය

කොරියානු ජනරජයේ ඉන්චියොන් හි පැවති ලෝක අධ්‍යාපන සංසදයේදී එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක ලෝක නායකයින් විසින් සම්මත කරනු ලැබේ.

📌2017

ඩිජිටල් ලෝකයක සාක්ෂරතාව

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය ඩිජිටල් මාධ්‍ය සමාජයන්හි සැරිසැරීමට අවශ්‍ය සාක්ෂරතා කුසලතා කෙරෙහි අවධානය යොමු කරයි.

⭕ජාත්‍යන්තර සාක්ෂරතා දින ක්‍රියාකාරකම්

1.දේශීය පන්ති කාමර සඳහා පොත් පරිත්‍යාග කරන්න

ප්‍රාථමික පාසල් පන්තිකාමර පුස්තකාලවලට සෑම විටම තරුණ සිසුන් කියවීමට උනන්දු කරවීමට නැවුම් කියවීම් ද්‍රව්‍ය අවශ්‍ය වේ. සිසුන් රසවිඳින බව ඔවුන් දන්නා පොත්වල කැමති ලැයිස්තුවක් ඔබේ දරුවාගේ ගුරුවරුන්ගෙන් ඉල්ලා ඒවා පන්තියට පරිත්‍යාග කරන්න. ඔබට පාසලේ දරුවෙකු නොමැති නම්, ඔවුන්ගේ දරුවන්ගේ පන්තිකාමර පුස්තකාලවලට පරිත්‍යාග කිරීම ගැන සගයන්ගෙන්, ඥාතීන්ගෙන් හෝ අසල්වාසීන්ගෙන් විමසන්න. ජාත්‍යන්තර සාක්ෂරතා දිනයේ ඔබ ඔවුන්ගේ වීරයා වනු ඇත.

2.පොතක් තෑගි කරන්න

ළමයින් තමන් අවට ලෝකය ගැන කුතුහලයෙන් සිටිති. කියවීම ඔවුන්ගේ ඉගෙනීමට ඇති ආශාව තෘප්තිමත් කරන අතර පරිකල්පනය අවුස්සයි.

⭕සාක්ෂරතාවය සෑම කෙනෙකුටම වැදගත් වන හේතු පහකි

1. මොළයේ සෞඛ්යය

අධ්‍යයනවලින් පෙනී යන්නේ මොළයට දිනපතා ව්‍යායාම කියවීම, ලිවීම සහ අංක සමඟ වැඩ කිරීම අප වයසට යන විට මොළයේ සෛල නිරෝගීව තබා ගන්නා අතර පසුව ජීවිතයේ ඇල්සයිමර් සහ ඩිමෙන්ශියාව වර්ධනය වීමේ සම්භාවිතාව අඩු කරන බවයි.

2. ප්‍රජා සහභාගීත්වය

සාහිත්‍ය කුසලතා නොමැතිකම සියලු වයස් මට්ටම්වල සමාජ නියැලීම සීමා කරන අතර වැඩිහිටියන්ට සහ ළමයින්ට සම්පූර්ණයෙන් සහභාගී වී සමාජයේ අභිවෘද්ධියට දායක වීමට නොහැකි වේ.

3. ඵලදායී සන්නිවේදනය

කියවීමට සහ ලිවීමට ඉගෙනීම වාචික භාෂාව වැඩිදියුණු කිරීම මගින් අන් අය සමඟ ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමේ හැකියාව වැඩි දියුණු කරයි, අපගේ හැඟීම්, සිතුවිලි සහ අදහස් අන් අය සමඟ වඩාත් පැහැදිලිව ප්රකාශ කිරීමට ඉඩ සලසයි.

4. රැකියා උසස්වීම්

අංක කියවීමට, ලිවීමට සහ වැඩ කිරීමට දැන ගැනීම සමාජ-ආර්ථික ඉණිමඟ ඉහළ නැංවීමට අවස්ථා සහිත රැකියා සඳහා තීරණාත්මක කුසලතා වේ. සාක්ෂරතාව දිළිඳුකමේ චක්‍රය බිඳ දමයි, වරකට එක ජීවිතයක්.

5. දැනුම යනු බලයයි

සාක්ෂරතාවය පුද්ගලික සවිබල ගැන්වීමේ යතුර වන අතර අපට පුද්ගලික ගෞරවය සහ ආත්ම-වටිනාකම ලබා දෙයි.

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අපට මතක් කර දෙන්නේ නූගත්කම තුන්වන ලෝකයේ රටවල පමණක් නොව ධනවත් සමාජවල පවතින බවයි. එය විසඳිය යුතු ගැටලුවක් වන අතර අපගේ අවධානය සහ සහභාගීත්වය ලැබිය යුතුය.

Leo Poornima Nethmini

Second Year

Faculty of Arts

Friday, September 6, 2024

2017 ශ්‍රී ලංකාවේ ගංවතුර තත්ත්වය [ Safe Guard - Article 04 ]


Safe Guard

Phase - 1

Session - 1


2017 ශ්‍රී ලංකාවේ ගංවතුර තත්ත්වය ඇති වූයේ මැයි 18,19 පමණ සිට ආරම්භ වූ නිරිතදිග මෝසම හේතුවෙනි.    ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ කෘෂි ආර්ථිකය රඳා පවතින හා ජල විදුලිබලාගාර ආශ්‍රිත ජලපෝෂක ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් ලැබෙන, දිවයිනේ බටහිර කලාපයට බලපාන්නාවූ නිරිතදිග මෝසමේ උච්චතම අවස්ථාව මැයි අග සිට ජූනි මස මුල දක්වා ය.මැයි 27 දින බෙංගාල බොක්කෙහි සංවහන ගිගුරුම් සහිත ප්‍රදේශයක් අභිසාරී වීමට පටන් ගෙන ඊසාන දෙසට ගමන් කර මැයි 28 දින මෝරා සුළි කුණාටුව බවට පත් වීම සමඟ උග්‍ර ගංවතුර තත්වයක් බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාතේ ප්‍රදේශවලට දැඩිව බලපෑවේය.

මැයි 25 වන විට පැය 24ක කාලයක් තුළ 300 mm – 500 mm අධික මෝසම් වර්ෂාවක් ලැබී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පුළුල් ගංවතුර තත්ත්වයක් ඇති විය. වාර්තාගත වැඩිම වර්ෂාපතනය කුකුළේගඟේ 533mmකි. මැයි 25 වැනි දින දිවයිනේ නිරිතදිග ජල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබිණි. කළු, නිල්වලා, ගිං ගංඟාවල නමුනුතැන්න (මි.මී. 619), බුලත්සිංහල (මි.මී. 419), මොරවක සහ වලස්මුල්ල ඇතුළු ගංඟා ප්‍රධාන ගංවතුර ප්‍රදේශවලට පැය 12 ක් ඇතුළත විශාල වර්ෂාපතනයක් ලැබිණි. ගාල්ලට 223mm  සහ රත්නපුරයට මැයි 27 සිට 30 දක්වා කාලය තුළ 453mm වර්ෂාපතනයක් ලැබී ඇති අතර කැලණි ගඟ මැයි 27, 28 වන විට උපරිම මට්ටමට ළඟා විය.එය දැඩි අභ්‍යන්තර ගංවතුරකට තුඩු දුන්නේය. කොළඹ-මාතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් ගංවතුර හේතුවෙන් කොටසක් වසා දැමේ.  

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 න් 15 ක්ම බලපෑමට ලක්ව ඇති බව වාර්තා වී ඇත. Al Jazeera පුවත් සේවයට අනුව ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 600,000ක් පමණ අවතැන් වී ඇත. වඩාත්ම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක වූයේ කළුතර, මාතර සහ රත්නපුර ය. කළුතර දිස්ත්‍රික් අගලවත්ත ප්‍රදේශයේ මැයි 29 වන විට මරණ 47 ක් සහ පුද්ගලයින් 62 ක් අතුරුදහන් වී ඇත.රත්නපුර දිස්ත්‍රික්කයේ මැයි 30 වන විට මරණ 79ක් වාර්තා වුණි. පුද්ගලයින් 717,622 ක් පමණ පීඩාවට පත්ව ඇත. 2017-06-04 පැය 1800 DMC විසින් නිකුත් කළ තත්ව වාර්තාවට අනුව මරණ 212 ක් වාර්තා විය. නිවාස 2,313 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවාස 12,529 ක් පමණ අර්ධ වශයෙන් හානි විණ. මියගිය සංඛ්‍යාවට අවම වශයෙන් පාසල් සිසුන් 45 ක් ඇතුළත් වේ. ජූනි 1 වනදා වන විට පුද්ගලයින් 95ක් පමණ අතුරුදන්ව සිටියහ. 

මෝසම් වර්ෂාව හේතුවෙන් දරුණු ගංවතුර සහ මඩ කඩා වැටීම් හේතුවෙන් මිලියන භාගයකට වඩා පීඩාවට පත් විය.මිනිසුන් වින්ද දුක්ගැහැට අපමණය.මන්ද, ජුනි මාසයේදී ගංවතුර බැස ගිය අතර විපතට පත් ජනතාව තම ගම්බිම් වෙත ආපසු ගිය ද ඔවුන්ගේ නිවාස මාස ගණන් පුරා ජලයෙන් පිරී තිබීම හා ජලපහරින් නිවාස බොහොමයක් විනාශ වීම නිසා තවදුරටත් අපහසුතාවයට ලක්විය. ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍ය, පාරිසරික ආදී සියලුම ක්ෂේත්‍ර ඇනහිටියේය. කුඹුරු විනාශ වීම සහ පශු සම්පත් මිය යාම නිසා කෘෂිකර්මාන්තය අඩාල විය. මේ වසරේ ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ වැඩි වීම පුද්ගලයින් 600 000කට බලපෑවේය. (WHO, 11 ජූලි 2017) මිනිසුන් මෙන්ම සතුන් ද අසරණ විය.මෙරට නාවික හමුදාව සහ සහාය වූ ඉන්දීය නාව්ක හමුදාව ගංවතුරට හසුවූ සුනඛයන් බේරාගත් මොහොතකි.

 මෙතෙක් ආපදා තත්ත්වයක විශාලතම හමුදා යෙදවීම ලෙස විපතට පත් ප්‍රදේශවල හදිසි සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාවත් විපතට පත් වූවන්ට ස්වේච්ඡාවෙන් ආධාර සපයන පුණ්‍යායතන සහ සහන සංවිධානත් එකට එක්විය. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සහන උපකාර සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා 10,000කට ආසන්න පිරිසක් සහ උපකරණ යෙදවීය. කමාන්ඩෝ, විශේෂ බළකා, යාන්ත්‍රික පාබල හා යුද හමුදා වෛද්‍ය නිලධාරීන් ඇතුළු බලඇණි 17කට අයත් යුද හමුදා සාමාජිකයින් 1700කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යොදවයි. ගලවා ගැනීමේ මෙහෙයුමට යුද හමුදාව විසින් BTRs, WMZs troop carriers සහ යුධ හමුදා බෝට්ටු 30 ක් සහ අනෙකුත් යන්ත්‍රෝපකරණ යොදවා ආරක්‍ෂාව සඳහා යුද හමුදාව වැලි කොට්ට යෙදවීය. නාවික හමුදාව සහන යාත්‍රා 116ක් සමඟ නාවික භටයින් 776කින් සමන්විත සෝදිසි සහ මුදවාගැනීමේ කණ්ඩායම් 110කට අධික සංඛ්‍යාවක් යොදවා ඇත. ගුවන් හමුදාව B200 Beechcraft සම්බන්ධ ගුවන් යානා විපතට පත් ප්‍රදේශවල අඛණ්ඩ නිරීක්‍ෂණ සඳහා යෙදවීය. ඒ අනුව, අවම වශයෙන් පුද්ගලයින් 77,000 ක් ගංවතුරෙන් ඉවත් කර ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත (Wikipedia contributors, 2024). UNICEF විසින් සුරක්ෂිත ජලය හා සනීපාරක්ෂක පහසුකම් ලබාදිණ. ජලය බැසයාමෙන් පසු පිරිසිදු කිරීමේ කටයුතුවලට Red Cross ආයතන සහාය හිමිවිය.

ඉන්දීය නාවික හමුදාවේ සිය වරින්වර නෞකා 3ක් යොදවා සහන ද්‍රව්‍ය, විශේෂිත ගලවාගැනීම්, කිමිදුම් සහ වෛද්‍ය කණ්ඩායම් සහ අමතර සහන ද්‍රව්‍ය මෙරටට එවීය. චීනය US$ මිලියන 2.2ක සහනාධාර එවීය.  මානුෂීය ආධාර මෙහෙයුම් වලදී එක්සත් ජනපද නාවික හමුදාවේ නාවිකයින් මාතර ශ්‍රී ලාංකික නාවිකයින් සමඟ වැඩ කරති.  සිංගප්පූරු රතු කුරුස සංවිධානය හරහා US$ 100,000ක් පරිත්‍යාග කර විපතට පත් ප්‍රජාවන් වෙත US$ 50,000ක් වටිනා සහන ද්‍රව්‍ය බෙදා හැරියේය.  පකිස්ථානය වෛද්‍යවරුන් සමඟ භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් දෙකක් හරහා රෝහල් සහ සහන ද්‍රව්‍ය යවා ඇත. ඔස්ට්‍රේලියාව විසින් හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා AUD $500,000 හා  සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉහළ ශ්‍රේණියේ පිම්බෙන බෝට්ටු ලබාදිණ. මාලදිවයින් රජය US$250,000 හා කොරියානු රජය US$250,000 සහ ගංවතුර සහනාධාර පරිත්‍යාග කළේය.  

2017 ගංවතුර සහ නායයෑම් සඳහා වැය වූ මුදල ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 415.5 කි. 2017 වැනි පසුගිය වසරවල නිරිත දිග මෝසම් තත්ත්වය යටතේ වූ ආපදා තත්ත්වයන් හා හානි පිළිබඳව අවධානය යොමු කරමින් 2024 මැයි මස 15 වන දින ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම වැනි අවශ්‍ය සැලසුම් සකස් විය. ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය විසින් 2024 වර්ෂය තුළ රුපියල් මිලියන 61 ක් පමණ දිස්ත්‍රික් ලේකම්වරු වෙත යොමු කිරීමේ තීරණය ඒ බව පැහැදිලි කරයි.

ශ්‍රී ලංකාවේ ආපදා අවදානම හා උපද්‍රව බලපෑම වැඩි කරන ජනගහන ගතිකත්වය නිසා නාගරික හා ග්‍රාමීය ජනාවාස ව්‍යාප්ත කිරීම සහ අවදානම් සහිත ප්‍රදේශවල ආර්ථික ක්‍රියාකාරකම් ව්‍යාප්තිය වැලැක්වීමට වූ ක්‍රියාමාර්ගවල අවශ්‍යතාවය ආපදාවට ලක් වූ සෑම ස්ථානයකම පාහේ පැහැදිලිව පෙනේ.  2017 ගංවතුර බැසයාමට ගතවූ කාලයෙන්ම ඒ බව තවදුරටත් පසක් වේ. මාස ගණන් වැසි ඇදහැලුන ද විධිමත් කාණු පද්ධතියේ සිට ක්‍රමවත් නාගරික සැලැස්ම දක්වා වූ ජාතික ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම හරහා මේ සා විශාල බලපෑම් වලකාගත හැක. සරලවම කිවහොත් මිනිසා යටතේ සොබාදහම නොව සොබාදහම යටතේ මිනිසා ජීවත්වන බව මිනිසා විසින්ම තේරුම්ගත යුතුව ඇත.                                               

 Leo Harindi Maheesha 

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...