Trash to Treasure (T2T)
Phase 1
Session 1
🍀♻️💎
Article 11 ✨
*ප්ලාස්ටික් හා පොලිතීන් ගෘහ අලංකරණ කටයුතු සදහා යොදා ගනිමු*
වර්තමානය වන විට ප්ලාස්ටික් පොලිතින් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම,නිසි කළමණාකාරීත්වයකින් තොරව සැකසීම මේ ආශ්‍රිතව වැඩෙන ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇත. ප්ලාස්ටික් අපද්‍රව්‍ය අපේ කාලයේ වඩාත්ම දැවෙන අභියෝගයක් බවට පත්ව ඇති අතර, පරිසර පද්ධතිවලට තර්ජනයක් වන අතරම භූමිය සහ ජල මාර්ග දූෂණය කරයි.
නමුත් ප්ලාස්ටික් පොලිතින් වැනි දිරාපත් නොවන අපද්‍රව්‍ය ගෘහ අලංකරණය සදහා යොදා ගත හැකි බව ඔබ විශ්වාස කරනවාද ?
ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවිචාරවත් ලෙස බැහැර කරනවා වෙනුවට, අපගේ නිවෙස් සඳහා අලංකාර සහ ක්‍රියාකාරී ද්‍රව්‍ය බවට පරිවර්තනය කළ හැකිය. සැබැවින්ම අප නව්‍ය ආකාරයකින් සිතා බැලුව හොත් මෙම අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම සිදු නොකර නිර්මාණාත්මක කාර්යයන් සදහා යොදා ගැනීමේ හැකියාව පවතී. අප එදිනෙදා ජීවිතයේ භාවිතා කර මුදා හරින බීම බෝතල්, පානීය ජල බෝතල් පොලිතින් , සිලිබෑග් ආදිය පරිසරය අවලස්සන කරනවා වෙනුවට තම නිවස අලංකාර කිරීමට යොදා ගත හැකිය.
*ප්ලාස්ටික් බෝතල් සැරසිලි*
ප්ලස්ටික් බෝතල් අඩක් වන්නට කපා ඒවායේ තීන්ත ආලේප කර, විවිද බෝග, වගා කළ හකිය. විසිතුරු මල් පැළ , ගොටුකොළ , සාරණ වැනි පලාවර්ග වගා කිරීම සදහා ආධාරකයක් ලෙස භාවිත කළ හැකිවේ.
එමෙන්ම මෙම ප්ලාස්ටික් බෝතල් ආදිය තීන්ත ආලේප කර හෝ වෙනත් දිලිසෙන රෙද්දකින් ආවරණය කර එය පෑන් රදවනයක් ලෙස බිත්ති සැරසිල්ලක් ලෙසද භාවිත කළ හැකිය.
*පොලිතින් බෑග් නිර්මාණ*
පොලිතින් බෑග්ද විවිධ නිර්මාණ කටයුතු සදහා උපයෝගී කරගත හැකිය. අප එදිනෙදා ජීවිතයේ දී පරිසරයට මුදා හරින කිරිපිටි කොල, ටිපි ටිප් කොල,බිස්කට් කොල ආදිය එකට තබා මසාගෙන එයට උඩින් විසිතුරු රෙද්දක් මසා ගනිමින් එය ග්‍රවුන්ඩ් ශීට් එකක් වශයෙන් භාවිත කළ හැකිය. එමෙන්ම විවිද උත්සව සැරසිරි සදහාද මෙම ඉවතලන පොලිතීන් භාවිත කළ හැකිය. තිර රෙදි වශයෙන්,පොලිතීන් මල් මාලා, ආදි ලෙස පොලිතීන් බෑග් නිර්මාණකරණය සදහා දායක කරගත හැකිය. එමෙන්ම නිවස තුළ තැබීම සදහා අලංකාර මල් බදුනන් ද පොලිතින් බෑග් වලින් සාදා ගත හැකිය.
*ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතයෙන් අලංකාර බිත්ති සැරසිලි නිර්මාණය කර ගැනීම.*
විවිධ වර්ණයෙන් යුත් ප්ලාස්ටික් කැබලි විවිධාකාර රටාවන්ට කපා ගනිමින් , ඒවා ලී කැබැල්ලක හෝ වෙනත් ඝනකමකින් ද්‍රව්‍යයක් මත අලවා කලාත්මක බිත්ති සැරසිලි නිර්මානය කරගත හැකිය.
එමෙන්ම පොලිතින් මගින් විවිධ ප්‍රමාන වල මල් සකසා ගනිමින් ඒවා ගෘහ අලංකරණය සදහා යොදා ගත හැකිය.
*විවිධ ආභරණ සැකසීම*
ප්ලාස්ටික් මගින් විවිධ ආභරණද සකසා ගත හැකිය. මුදු,මාල, කරාබු ආදිය වඩා විචිත්‍ර අයුරුන් ප්ලාස්ටික් භාවිතයෙන් සකසා ගත හැකිය. විවිධ වර්ණයන්ගෙන් යුතු විචිත්‍රවත් විනිවිද පෙනෙන ප්ලාස්ටික් කැබලි තෝරා ගෙන ඒවා පිරිසිදු කර හොදින් අව්වේ වියලා ගන්න. ඔබ සකසා ගැනීමට අපේක්ශා කරන ආභරන වර්ගයට සුදුසු හැඩයකින් වියලා ගත් ප්ලාස්ටික් කපාගන්න. මේ සදහා සුවිශේශී කතුරක් භාවිත කළ යුතු අතර ඔබ මට්ටම් කර ගැනීම සදහා වැලි කඩදාසියක් ගෙන හොදින් දාර පිරිමදින්න. ආරක්ශිතව ප්ලාස්ටික් උණු කිරීම තුලින් නව හැඩයක් ලබාගත හැකි අතර මේසදහා එලිමහන් ස්ථානයක් හා ආරක්ශිත ක්‍රියාමාර්ග අනුගමනය කල යුතුයි. මෙසේ සකසා ගන්නා ලද ප්ලාස්ටික් කැබලි තවත් අලංකාර කිරීම සදහා පබළු වැනිදේ භාවිත කරමින් අලංකාරව පින්තාරු කල හැකිවේ. ඉන්පසුව සාදා ගැනීමට අපේක්ශා කරන ලද ස්වර්ණාබරණයට ගැලපෙන පරිදි අවශ්‍ය කොකු , ගාංචු ආදිය ඉදිකටුවක් රත් කර සිදුරු සාදාගෙන අවශ්‍ය ආකාරයට අමුණා ගත හැකිය.
මේ අයුරින් විවිධ ආභරණ සැරසිලි ආදිය නොදිරන ප්ලාස්ටික් පොලිතින් ආදිය මගින් විචිත්‍රවත්ව සකසා ගත හැකිය. එමෙන්ම මෙවැනිදේ සිදුකිරීමේදී විශේශයෙන්ම ප්ලාස්ටික් උනු කිරීම වැනිදේ සිදු කරන විට මුව ආවරණ පැලදීම, අත් ආවරණ පැලදීම හා විවෘත ස්ථානයක් තෝරා ගැනීම වැනි උපදෙස් පිලිපැදිය යුතුය.
ඒ අනුව අප අපතේ හරින ප්ලාස්ටික් පොලිතීන් ද්‍රව්‍ය මෙවැනි සැරසිලි හා කලාත්මක කටයුතු සදහා යොදා ගැනීම තුලින් අපගේ නිර්මාණශීලීත්වය ගොඩ නගා ගැනීම මෙන්ම විවිධ ආර්ථික ප්‍රතිලාභයන් ලබා ගැනීම සදහාදා භාවිත කළ හැකිය.