Thursday, December 26, 2024

 








....හදවත් සසල කල

  රුදුරු ජල කදක

විසි වසරක

   අමිහිරි මතක අදෝනාව........


විහාර මහා දේවියගෙ සමයේ මුහුද ගොඩ ගැලූ බව ඉතිහාසයේ සඳහන් නමුත් ඉන් අනතුරුව මෙරට වැසියන් එවන් අත්දැකීමකට මුහුණදී සිටියේ නැත. එහෙත් 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වැනිදා කිසිවෙකු නොසිතු නොපැතූ ලෙස අතිශයින් භයංකර අත්දැකීමට මුහුණ පෑමට සිදුවූයේ මෙරට සිදුවූ බිහිසුණුම ඛේදවාචකයේ තරම කියාපාමිනි. ශ්‍රී ලංකාවේ වටිනා මිනිස් ජීවිත 31225 කට වැඩි ප්‍රමාණයක්ද ඇතුළුව ලොවපුරා 225000කට වැඩි පිරිසකට ජීවිත තත්පර කිහිපයකදී අහිමි කළ ඒ මහා සුනාමි ඛේදවාචකයට අදට හරියටම වසර 20 ක් සපිරෙයි. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත අසල මුහුදේ 2004 දෙසැම්බර් 26 වැනිදා ඉරිදා අලුයම 6.58 ට හටගත් භූමිකම්පාව හේතු කොටගෙන මහ සයුර ගොඩගැලීමෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, මාලදිවයින හා බුරුමය යන රටවල් ද අප්‍රිකාවේ සෝමාලියාව යන රටවල්වලට දරුණු ලෙස හානි සිදු විය. එදින අඩි තිහක් උසට සුනාමි රළ පැවති බව සඳහන් වේ. කිසිවෙකුට එය වැළැක්විය නොහැකි විය. යකඩ යකාට වුවද මේ රළ පහර දරන්නට අපහසු විය. එනිසාම පැරෑලියේ දුම්රිය අනතුරෙන් 1250කට අධික පිරිසක් මිය ගියහ. තනි දුම්රියක සිදු වූ ලෝකයේ දරුණුම දුම්රිය අනතුර මෙය ලෙස සැලකේ. වෙනදා සුන්දර මුහුද අතිශය ප්‍රචණ්ඩ විය. සුනාමිය අත්දකින්නට සිදු වූයේ උඳුවප් පොහෝ දිනකය. ඒ විපත නිසා මියගිය අය සිහි කිරීමට විවිධ පින්කම් පැවැත්වෙන දිනයකි. සුනාමි රළ පහර නිසා ගාල්ල, මාතර, හම්බන්තොට ආදී දිස්ත්‍රික්කවලට මෙය බලපාන ලදී.


ස්වභාවික ව්‍යසන මානව පරිණාමයේ මූලාරම්භයේ සිටම දක්නට ලැබුණු ක්‍රියාවලියකි. ස්වභාව ධර්මය පාලනය කළ හැකි කිසිවෙකු නැත. භූමිකම්පා, ගිනිකඳු පිපිරීම, කඳු කඩාවැටීම වැනි සිදුවීම් හේතුවෙන් ඇතිවන අධික කම්පනය නිසා සාගර ජලය ඉහළට එසවී විශාල තරංගයක් පැන නඟින අතර ඒ හේතුවෙන් දළ රළ පෙළ ගොඩබිමට කඩා වැදීම සිදුවේ. ආපදා හා ස්වභාවික විපත් ලෙස අප හඳුනාගෙන සිටි ආපදාවලට වඩා සුනාමි ව්‍යසනය වඩාත් බිහිසුණු වූ අතර සමාජීය මෙන්ම ආර්ථික වශයෙන් දීර්ඝ කාලීන දුෂ්කරතාවක ආරම්භයක් විය. 

සුනාමි තරංගය ගැඹුරු මුහුදේදී නිර්මාණය වුවද එහි විශාලත්වය හා බරපතළකම වර්ධනය වන්නේ වෙරළ තීරයට ආසන්න වනවිටය. වෙරළ තීරයට ළඟාවනවිට සාගර තීරයේ ගැඹුර අඩුවන නිසා තරංගයේ ශක්තිය ප්‍රබල බැවින් රළ පහර ඉහළට එසවේ. 

  හය හතර නොදත් කිරි දරුවන්ට දෙමාපියන් අමිහි කල , අසීමිත ස්නේහයෙන් යුතු දෙමාපියන්ට තම දරුවන් අහිමි කල, මානව ප්‍රජාවට මානසික මෙන්ම භෞතිකවද පීඩාගෙන දුන් මෙවන් විපතක් යලි සිදු නොවේවා යැයි සුනාමි ස්මරණ දිනයේදි මෙසේ  අප ප්‍රාර්ථනා කරමු.

වෙසක් පුර පසලොස්වක පොහොය🙏

 වෙසක් පුර පසලොස්වක පොහොය🙏       ලෝකවාසි සියලු බෞද්ධයන් ඉතාමත් ගෞරවයෙන් හා බැති සිතින් සමරන පොහෝදිනයක් වන වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබ...