Thursday, February 13, 2025

දේශපාලනයේ කාන්තා නියෝජනය


 දේශපාලනයේ කාන්තා නියෝජනය


*ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය තුළ ස්ත්‍රීපුරුෂ සමජභාවීය සමානාත්මතාව තහවුරු කරමින් කාන්තාවටද පුරුෂයා හා සමාන අයිතිවාසිකම් හිමි වී තිබේද?*

*දේශපාලන වේදිකාවේ කාන්තා නියෝජනය ප්‍රමාණවත් ද?*

*ඇයට තම අයිතීන් උදෙසා පාලන තන්ත්‍රය තුළ  හඩ නැගිය හැකිද?*



ලිංගික සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව ගන්නා උත්සාහයන් නොතකා, දේශපාලනයේ කාන්තා නියෝජනය අඩු වීම ලොව පුරා නිරන්තර ගැටලුවකි. ප්‍රතිපත්ති සම්පාදනය සහ සමාජ සංවර්ධනය සඳහා දුරදිග යන ඇඟවුම් ඇති පිරිමින්ට වඩා කාන්තාවන් සැලකිය යුතු ලෙස අඩු දේශපාලන තනතුරු දරති.


අඩු නියෝජනයට හේතු

මෙම විෂමතාවයට සාධක කිහිපයක් දායක වේ. පළමුව, වෙනස් කොට සැලකීමේ මැතිවරණ ක්‍රම සහ දේශපාලන පක්ෂ භාවිතයන් වැනි ව්‍යුහාත්මක බාධක බොහෝ විට කාන්තා සහභාගීත්වයට බාධා කරයි. බොහෝ දේශපාලන පරිසරයන් තවමත් පිරිමි අපේක්ෂකයින්ට අනුග්‍රහය දක්වන අතර එමඟින් කාන්තාවන්ට අරමුදල්, උපදේශකත්වය සහ ජාලකරණ අවස්ථා සඳහා ප්‍රවේශය සීමා කළ හැකිය.


දෙවනුව, සමාජීය සම්මතයන් සහ ඒකාකෘති තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. නායකත්වය බොහෝ විට පුරුෂ ලක්ෂණයක් ලෙස සලකනු ලබන බැවින්, ස්ත්‍රී පුරුෂ භූමිකාවන් පිළිබඳ සාම්ප්‍රදායික අදහස් කාන්තාවන් දේශපාලන වෘත්තීන් හඹා යාමෙන් අධෛර්යමත් කළ හැකිය. ඊට අමතරව, දේශපාලනයට පිවිසෙන කාන්තාවන්ට පරීක්ෂාවට සහ පක්ෂග්‍රාහීත්වයට මුහුණ දිය හැකි අතර, එය විභව අපේක්ෂකයින් තවදුරටත් වළක්වයි.


තෙවනුව, දැරිය හැකි ළමා රැකවරණය සහ නම්‍යශීලී වැඩ කිරීමේ විධිවිධාන වැනි ආධාරක පද්ධති නොමැතිකම, දේශපාලන වෘත්තියක ඉල්ලීම් සමඟ පවුලේ වගකීම් සමතුලිත කිරීම කාන්තාවන්ට අභියෝග කරයි.  මෙම ගැටළුව ඓතිහාසික වශයෙන් නායකත්ව භූමිකාවන්හි කාන්තාවන් නොමැතිකම නිසා සංකීර්ණ වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අපේක්ෂා කරන කාන්තා දේශපාලනඥයින් සඳහා ආදර්ශ අඩු වේ.


අඩු නියෝජනයේ ප්‍රතිවිපාක

දේශපාලනය තුළ කාන්තා නියෝජනය අඩු වීමේ ප්‍රතිවිපාක සැලකිය යුතු ය. තීරණ ගැනීමේ ක්‍රියාවලීන්ගෙන් කාන්තාවන් බැහැර කරන විට, ඔවුන්ගේ දෘෂ්ටිකෝණ සහ අවශ්‍යතා බොහෝ විට නීති සම්පාදනයේදී නොසලකා හරිනු ලැබේ. මෙය සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැනි ගැටළු ආමන්ත්‍රණය නොකරන ප්‍රතිපත්තිවලට හේතු විය හැකි අතර, අවසානයේ අසමානතාවය පවත්වා ගෙන යයි.


එපමණක් නොව, නායකත්ව භූමිකාවන්හි කාන්තාවන් නොමැතිකම දේශපාලනය පිරිමි ක්ෂේත්‍රයක් යන මතය ශක්තිමත් කළ හැකි අතර, අනාගත පරම්පරාවේ කාන්තාවන් සහභාගී වීම අධෛර්යමත් කරයි. මෙම විවිධත්වය නොමැතිකම පාලනයේ නවෝත්පාදනයන් අඩාල කරනවා පමණක් නොව, දේශපාලන ආයතනවල නීත්‍යානුකූලභාවයට ද හානි කරයි.


නිගමනයක් ලෙස, දේශපාලනය තුළ කාන්තා නියෝජනය අඩු වීම ආමන්ත්‍රණය කිරීම සඳහා මැතිවරණ පද්ධතිවල ප්‍රතිසංස්කරණ, කාන්තා අපේක්ෂකයින්ට සහාය වීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය දෙසට සංස්කෘතික මාරුවීම් ඇතුළු බහුවිධ ප්‍රවේශයක් අවශ්‍ය වේ. කාන්තාවන් පාලනයට ගෙන එන විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් සමාජවලට පූර්ණ ප්‍රතිලාභ ලබා ගත හැක්කේ ඇතුළත් දේශපාලන පරිසරයන් පෝෂණය කිරීමෙන් පමණි.

Wednesday, February 12, 2025

...නාය යෑමක අඳුරු ආදර මතක...


 ...නාය යෑමක අඳුරු ආදර මතක...




1.නිවේදකයා: ආයුබෝවන්, මට  කණගාටුයි ඔබේ පවුල මුහුණ දුන් අන්තරාව පිළිබඳව. ඇත්තට ම මොකක්ද ඒ අමිහිරි මතකය.

 

දත්ත සපයන්නා:

ඒ දවස දැනුත්  මතකෙට එනකොට  මට හරි වේදනාවයි. ඒ දවස් වැස්ස හොඳට ම වැඩියි. මගේ බිරිඳයි දුවයි තමයි එදා ගෙදර හිටියේ.මම එදා අපේ මහ ගෙදර ගිහින් හිටියේ අපේ අම්මට ටිකක් අසනීප වෙලා හිටපු නිසා. කොහොමහරි මට එදා පාන්දර 2ට වගේ අසල්වැසි නිවසකින් දුරකථන ඇමතුමක් ලැබුණා මගේ ගෙදර නාය ගිහින් කියලා.මම ඒත් එක්ක ම ආවා.ඒ වෙනකොටත් ඒ දෙන්නන ම මාව දාලා ගිහින් ඉවරයි.එයාලා ඒ වෙනකොට නිදා ගෙන තමයි ඉඳලා තියෙන්නේ.



2. නිවේදකයා: ගැටලුවට මුහුණ දෙන්න ඔබට අනිත් පාර්ශ්වයන්ගෙන්  ලැබුණු සහය කොහොමද?


දත්ත සපයන්නා:හමුදාවේ අයත්,  පවුලේම එකිනෙකාත් මට ගොඩක් උදව් කළා. නමුත් ඒ වෙලාවේ මට මගේ හදවතේ වේදනාවට ප්‍රතිකාරයක් කරන්න බැරිවුණා.හමුදාවේ අයයි , අසල්වැසි අයයි එකතු වෙලා පැය 7ක් 8ක් ගියාට පස්සේ තමයි හරියට ම එයාලගේ සිරුරු හොයා ගත්තේ.



3. නිවේදකයා: නාය යෑමෙන් පසුව ඔබගේ ආර්ථික තත්ත්වය කොහොමද?


දත්ත සපයන්නා: ගොඩක් ලොකු අර්බුදයකට මට මුහුණ දෙන්නට සිදු වුණා. ගෙදරත් , මගේ ව්‍යාපාරයත් නැති වුණා.ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ව්‍යාපාරයේ උපකරණ, ලියවිලි, සහ සොඳුරු මතකවලින් පිරුණු දේවල් එකටම නැති වුණා. එකම දුවත් අහිමි වුණ එක මට ලොකු වේදනාවක්. 


4.නිවේදකයා: මට තේරෙනවා ඔබ දරුණු කම්පනයකට ඒ අවස්ථාවේ පත් වෙන්න ඇති කියලා.ඔබ ඒ අවස්ථාවේ ඔබේ මනස හදාගන්න අනුගමනය කළේ මොනවාද ?


දත්ත සපයන්නා:බිරිඳයි දුවයි නැති වුණාට පස්සේ මට තවදුරටත් ජීවත් වෙන්න ලොකු ආසාවක් ඇත්තට ම තිබුණේ නෑ.ඒත් මගේ අම්මා ඒ වන විට ජීවතුන් අතර හිටියා.මට ජීවත් වෙන්න ලොකු ම ශක්තිය වුණේ එයා.මගේ යාළුවෝ සහ නෑදෑයෝ මාව තනි කලේ නෑ.එයාලා ළඟින් ඉඳලා මට අලුතෙන් ජීවීතේ පටන් ගන්න උදව් කලා.මට මානසික වේදනාවෙන් ගොඩ එන්න උදව් කලේ එයාලා.



5.නිවේදකයා: මේ අත්දැකීමෙන් ඔබට ලැබුණු අත්දැකීම් මොනවාද?


දත්ත සපයන්නා: ජීවිතේ තාවකාලික බවත් කල්පනා කරන්න හිතුනා. අමාරුකම් මැද්දෙදිත් ජීවිතේ සටන් කරන්න ඕනේ කියලා මට වැටහුණා.ඒ වගේ ම අපි ආපදා ගැන මීට වඩා හිතුවනම් අදත් ඒ දෙන්නා ජීවත් වෙනවා කියලා මට හිතෙනවා.මොකද අපේ පැත්ත නාය යෑම් අවදානම් කලාපයක් කියලා නම් කරලා තියෙනවා.ඒත් ඒවා ගැන අපේ තියෙන් අඩු සැලකිල්ල මේවාට හේතු වෙනවා දැන් මට හිතෙනවා.ආපදා සදහා සූදානම් විය යුතු බව මම දැන් ගොඩක් විශ්වාස කරනවා.


ආරක්ෂක රැකවරණ, රක්ෂණ සහ ආපදා කළමනාකරණය මේ වගේ අවස්ථාවක දී  වැදගත් බවද  දැකගත්තා.මොකද මට ජීවිතේ ඉස්සරහට ගෙනියන්න එයාලත් ගොඩක් උදව් කළා.


මට මානසික ප්‍රතිකාර වලට නම් යොමු වෙන්නට අවශ්‍යතාවක් ඇති වුණේ නෑ.


6.නිවේදකයා:දැන් ඔබතුමා අපදාවකට පෙර , ආපදා අවස්ථාවක දි සහ ආපදාවකට පසු කළ යුතු තත්ත්වයන් ගැන දැනුවත් ද?


දත්ත සපයන්නා:

ඔව්, දැන් මම ඒ ගැන හොඳටම දැනුවත්. නමුත් ඊට පෙර ඒ තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් තිබුණේ නෑ. නාය යෑමේ අත්දැකීමෙන් පසුව ඒවා පිළිබඳ වටහා ගත්තා.


7.නිවේදකයා:ඔබට පුළුවන් ද ඔබේ වචන වලින් ම ඒ ක්‍රියාදාමය මට පැහැදිලි කරන්න.


දත්ත සපයන්නා:ඔව්.මට පුළුවන්.


♦️අපදාවකට පෙර කළ යුත්තේ:


✔️ආපදා අවදානමක් ඇති ප්‍රදේශයක සිටිනවා නම් නාය යෑම් හෝ අනෙකුත් ස්වභාවික ආපදා ගැන සකසන රජයේ මාර්ගෝපදේශයන් පිළිබඳ ව අවබෝධයෙන් සිටීම.


✔️ගෙදර තිබෙන මූලික ලේඛන, මුදල් සහ දේපළ ආරක්ෂා කර ගැනීම.


✔️ආරක්ෂක රක්ෂණාවරණ ලබා ගැනීම.


✔️ආපදා සූදානමක්  සකස් කර ගැනීම.


✔️ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දුරකථන අංක, ආරක්ෂිත තැනන් පිළිබඳව දැනුවත් වීම.



♦️අපදාවකදි කළ යුත්තේ:


✔️ප්‍රථමයෙන්ම ආරක්ෂිත තැනකට ආරක්ෂා ලබා ගැනීම.


✔️පවුලේ සාමාජිකයින් එක් කරගෙන එකට සිටීම.


✔️ආපදා මධ්‍යස්ථානයේ සහය ලබාගැනීම.


✔️විශේෂයෙන් ආධාර සහ ප්‍රතිකාර සඳහා සූදානමක් තිබීම.



♦️අපදාවෙන් පසුව කළ යුත්තේ:


✔️රාජ්‍ය ආධාර ලබා ගැනීමට අවශ්‍ය ලේඛන සකස් කිරීම.


✔️ආධාර හා සහන ලබා ගෙන නැවත දිවි ගමන ආරම්භ කිරීම.


✔️නව ජීවිතයක් සඳහා ආර්ථික සැලැසුම් සැකසීම.


✔️පසුගිය දේවල් පසෙක තබා, ජීවිතය යළි ගොඩනැගීම සඳහා මනෝ ශක්තිය රැඳවීම.



දැන් මට මනා අවබෝධයක් තියනවා නාය යෑම් වැනි ආපදා වලින් වළකින හෝ මුහුණ දෙන ක්‍රියාමාර්ග ගැන.


8.නිවේදකයා:ඔබ කොහොමද ඔබේ ව්‍යාපාරය නැවත ගොඩනඟා ගත්තේ.


දත්ත සපයන්නා:මම ව්‍යාපාරය ගොඩනඟ ගන්න ණය ආධාර ලබා ගත්තා.ඒවගෙන් තමයි මම ආර්ථික පැත්ත නැවත හදා ගත්තේ.


9.නිවේදකයා: ඔබට මේ ආපදාවේ දී රාජ්‍ය අංශයෙන් ලැබුණු දායකත්වය කොහොමද?


දත්ත සපයන්නා:

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් අධික වර්ෂාව සහ නාය යෑම් අවසන් වූ පසු ආරක්ෂාව සඳහා සහන කඳවුරු සකස් කළා. මට  ආපදා ආධාර වශයෙන් මූලික ආහාර, ජලය, සහ ඇඳුම් ලබාදුන්නා.


ආරක්ෂාව සඳහා රජයේ පාසැල්වල නවාතැන් සලසා දුන්නා. එහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විවිධ පහසුකම් ලබා දුන්නා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් පලාතේ විශේෂිත ගිණුමකට පවුලකට රුපියල් 15,000ක් වගේ මුදලක් සීමිත සහනයක් විදියට ලබාදුන්නා. 

මගේ බිරිඳට සහ දුවට රජයේ විශේෂ ජීවිත රක්ෂණ වාසි තිබුනා. එමඟින් අයදුම් පත්‍ර ඉදිරිපත් කිරීමෙන් පසු මූල්‍යමය වන්දි ලබා දුන්නා. 


10. නිවේදකයා: ඔබට පවුලේ අහිමිවීම ගැන මට ඇත්තට ම කනගාටු යි.ඔබේ මේ අමිහිරි අත්දැකීම අප සමඟ බෙදා ගත්තට බොහොම ස්තුතියි.

සංස්කෘතිය හා සම්ප්‍රදාය මත පීඩිත කාන්තාව


 සංස්කෘතිය හා සම්ප්‍රදාය මත පීඩිත කාන්තාව


*කාන්තාව යනු කාන්තාවමය.ඇය ලෝකයේ බටහිර සිටියත් නැගෙනහිර සිටියත් ඇය ඇයමයි.නමුදු ඇගේ ජාතිය,ආගම,සම්ප්‍රදාය අනුව ඇයට අත්වන ඉරණම සමානද ?*



තම සැමියාට, තම දරුවන්ට, තම පවුලටම අති මහත් සේවයක් ඉටු කරන නමුත් කිසිදා කෙසේහෝ පැසසුම් නොලබන කොටසකි කාත්නාවන්. කාන්තාවන් ගත් කල කෙතරම් සේවයක් සමාජයට ඉටු කළද ඔවුන් ඈත අතීතයේ පටන්ම සමාජයේ මුල්ලකට කර තැබීමේ තත්ත්වයක් දක්නට ඇත. ලංකාවට පමණක් සීමා නොවූ මෙකී තත්ත්වය ආසියාතික රටවලද දැඩි වශයෙන් දක්නට ලැබෙයි. සංස්කෘතික කාරණා මෙන්ම ආගමික කාරණා මගින්ද කාන්තා නිදහස වාරණයන්ට ලක් වී තිබේ. 


1. සැමියා මිය ගිය විය බිරිද සමාජයෙන් කොන් කර තැබීම. 

ඉන්දියාවේ වෘන්දාවන් (Vrindavan) ජාතිකයින් ජීවත් වන නගරය වීධවාවන්ගේ නගරය ලෙස හැඳින්වෙයි. මේ නගරයේ සාම්ප්‍රදායිකව, සැමියා මියගියොත් බිරිදට සමාජයෙන් වෙන්වී ජීවත් වීමට සිදුවුණා.

එවිට එම කාන්තාවන් සුදු ඇඳුම් පැළඳීම, ආභරණ නොපළඳීම යනාදී සීමාවන්ට යටත්වීමට සිදු වුනි. 


2. සැමියා මියගිය විට බිරිඳත් මිය යාම

ඉන්දියාවේ පැරණි සිරිතක් ලෙස, ස්වාමිපුරුෂයා මිය ගියොත්, බිරිඳත් ඔහු සමඟම සියදිවි නසාගැනීමේ සාම්ප්‍රදායයක් තිබුණි. 19 වන සියවසේදී බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙම ක්‍රියාවලිය තහනම් කළද, ඇතැම් ප්‍රදේශවල එය සඟවා පවත්වාගෙන යමින් තිබෙයි. මෙම කාන්තාවන්ට විවාහය වෙනුවෙන්ම ජීවත් වීමට සිදුවී, සැමියා නැති වූ විට විවාහය වෙනුවෙන්ම සිය ජීවිතය පූජා කිරීමට සිදු වුණි. 


3. මාසික ඔපස් අවධියේදී කාන්තාවන් වෙන් කිරීම

නේපාලයේ ඇතැම් ගම්මානවල, කාන්තාවන්ට මාසික ඔපස් වීම ආරම්භ වූ (Periods) විට ඔවුන් කිලිටි යයි විශ්වාසයක් පවතියි. මේ හේතුවෙන්, ඔවුන් පවුලේ සාමාජිකයන්ගෙන් වෙන්වී, ගමෙන් පිටත හුදකලා ආශ්‍රමයක (Chhaupadi Huts) ජීවත් විය යුතුය. මෙහිදී, කාන්තාවන්ට ආහාරපාන අඩුවීම, පිළිකා ආසාදන/විසබීජ ආසාදන ඇති වීම ආදී හේතු නිසා තම ජීවිතයෙන් වන්දි ගෙවන්නටද සිදුවී තිබේ. 


4. ගැබ් ගත් කාන්තාවන්ට විශේෂ ආහාර නොදීම

දකුණු ආසියාවේ ඇතැම් සංස්කෘතීන්හි, ගැබ් ගත් කාන්තාවන්ට විශේෂ ආහාර ගැනීම නුසුදුසුයි යැයි විශ්වාසයක් තිබුණි. 

ඉන්දියාවේ හා නේපාලයේ ඇතැම් ගම්මානවල, ගැබ් ගත් කාන්තාවන්ට ශක්තිය වඩවන ආහාර (Eggs, Meat, Milk) ගැනීම තහනමට ලක් කර ඇත.  මෙයින්, ඔවුන්ගේ පෝෂණය පහළයාමත්, ගැබ් දරු මරණ සංඛ්‍යාව වැඩිවීමත් සිදුවුණි. 


5. පිරිසිදු බව තහවුරු කිරීමේ පැරණි සිරිත්

ඇෆ්‍රිකාවේ සහ මධ්‍යම නැගෙනහිර රටවල කාන්තා යොවුන් කලාප (Female Genital Mutilation - FGM) වල තවමත් සිදු කරයි. විවාහයට පෙර, කාන්තාවන් පිරිසිදු බව (Virginity) තහවුරු කිරීම අරමුණු කරගෙන ඔවුන්ගේ ශරීරයට සෝධන ක්‍රම සහිත ශල්‍යකර්ම සිදුකරයි. මෙකී ක්‍රියා හේතුවෙන් කාන්තාවන්ට ආශ්‍රිත සෞඛ්‍ය ගැටළු රැසක් ඇතිවිය හැකිය.


6. ගැහැනු දරුවන් විකිණීම 

අප්‍රිකාවේ ගානා, ටෝගෝ සහ බෙනින් වැනි රටවල මේ සිරිත අනුව පවුලක දැරියක් උපන් විට මෙම දැරියන් දේවස්ථානවලට විකිණීම සිදු කරයි. මෙයින් කාන්තා දරුවන්ට අධ්‍යාපනික, ආර්ථික සහ මානසික පීඩනයන්ද ඇති වෙයි. 


7. කාන්තා ලිංග කපාදැමීම (Female Circumcision) 

මධ්‍යම නැගෙනහිර සහ උතුරු ආප්‍රිකාවේ ඇතැම් මුස්ලිම් සහ කිතුනු ජනතාව අතර, කාන්තා ලිංගය කපා ඉවත් කිරීම සිරිතක් ලෙස පැවතිණි. මෙය  පිරිසිදු බව තහවුරු කිරීම නමින් සිදුකළත්, විවාහයට පෙර කාන්තාවන්ගේ ලිංගික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම අහිමි කරන ක්‍රියාවක් වෙයි. බොහෝවිට, මෙය අවුරුදු 5-10 අතර වයසැති දරුවන්ට සිදු කෙරුණි. මෙමගින් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවධානමක් පවතියි.


8. බාල වයසේ විවාහය

මලාවි, සම්බියාව සහ සිම්බාබ්වේ වැනි රටවල, කුඩා දැරියන් වයස අවුරුදු 12-14 වැනි අවධියේදීම විවාහවීමට බල කරන පුරුද්දක් පැවතුනි. විශේෂයෙන්ම “අකුසසා” (Akusasa) නැමති මේ දේශීය සිරිත, සිරිතක් ලෙස සලකා විරුද්ධ නොවී සම්මත කර ඇත. නමුත් මෙවැනි විවාහයන්හි, ගැබ් ගැනීමේ අවදානම, අධ්‍යාපනය නැතිවීම, සහ ගෘහස්ථ හිංසනයට ලක්වීම යන අවදානම් වැඩි වේ.

මරු කැඳවූ රිය අනතුරක අමිහිරි මතක සටහනක්


 මරු කැඳවූ රිය අනතුරක අමිහිරි මතක සටහනක්...

මිනිස් ක්‍රියාකාරකම් හේතු කොට ගෙන ජීවිත හා දේපල හානි සිදුවන අවස්ථා මානුෂීය ආපදා ලෙස හඳුන්වනවා. 

මෙහිදී වසර කීපයකට පෙර තමා මුහුණ දුන් අනතුරක මතකය අවදි කරමින් තොරතුරු ලබාදීමට මැදිවියේ කාන්තාවක් අප හා එක්වුණා. 


නිවේදකයා: ආයුබෝවන් මහත්මිය. ඔබතුමියට පුළුවන්ද ඔබ මුහුණ දුන් ඒ අනතුරේ ස්වභාවය විස්තර කරන්න?


දත්ත දායකයා: ආයුබෝවන්. ඔව් පුළුවන්. ඒක හදිසියේම සිද්ධවුණු රිය අනතුරක්.

පුතාලගේ තාත්තා පපුව අමාරුව හැදිලා ඉස්පිරිතාලේ නවත්තල ඉන්නකොට බලන්න ගිහින් ලොකු පුතත් එක්ක බයික් එකේ අනුරාධපුර පාරෙ අපි ආපහු එමින් හිටියේ. හැන්දෑවේ හය හමාරට විතර තමයි මේ අනතුරට මුහුණ දුන්නෙ. පුතා තමා බයික් එක පදවගෙන ආවේ. හදිසියේම මනුස්සයෙක් පාර හරහා පැන්නා. එතන කහ ඉරක් තිබුනෙත් නෑ. ඒ හරියේ පාරේ විදුලි ලාම්පු තිබුණේ නෑ. අඳුරු පාට ඇඳුමක් ඇඳලා හිටපු නිසා කළුවරේ ඒ මනුස්සයව අපි දැක්කේ නෑ. ඒ මනුස්සයා බයික් එකට හැප්පිලා විසික්ක වෙලා ගිහිල්ලා වැටුණා. බයික් එක පෙරලිලා පුතා පාරෙන් අයින පැත්තටත් මම පාරෙ මැද්දටත් විසික්ක වුණා. 

ඉස්සරහින් ලොකු වාහන ආවා. වාහන එනකොට අපිට නැගිට ගන්න බෑ. කකුල් වැදිල මම බොහොම අමාරුවෙන් හිටියේ. කොහොම හරි මම බඩගාගෙන පාර අයිනට  ගියා. නැත්තං එදා තමයි අපි මැරෙන්න ලියවෙලා තිබුන දවස. මම හෙමින් හෙමින් බඩගාගෙන පාර අයිනට ගියපු නිසා තමයි බේරුනේ.


නිවේදකයා: ඒ අනතුරට මුහුණ දුන්න අයට සිද්ධ වෙච්ච හානිය කොයි වගේද?


දත්ත දායකයා: එදා මගේ  දණහිස පැනලා තුවාල වෙලා සුමාන දෙකක් විතර බෙහෙත් කරා. පුතාගෙත් අත පය තුවාල වෙලා. කොන්දටත් හානි වෙලා තිබුණේ. කොන්දට බෙහෙත් කරන්න එයාට තුන් මාසයක් විතර ඇඳේ ඉන්න වුණා. මගේ දණහිස හොඳටම සුව වෙන්ඩ මාස දෙකක් විතර ගල් කන්දෙන් සිංහල බෙහෙත් කරා.


නිවේදකයා: ඒ සිද්ධිය ආර්ථිකයට බලපෑවේ කොහොමද? 


දත්ත දායකයා: ඒ වෙලාවේ මහත්තයත් අසනීප වෙලා හිටියේ. අපේ ව්‍යාපාරත් කරගන්න බැරුව කඩා වැටුණා. බෙහෙත් හේත් වලට ගොඩක් වියදම් වුණා. බයික් එක හදාගන්නත් තව වියදමක් ගියා. ඒ වෙලාවේ අපි ගොඩක් අසරණ වුණා. සමහර වෙලාවට ණයට මුදල් ගන්නත් සිද්ධ වුණා.


නිවේදකයා: එතකොට අනතුරට මුහුණ දුන්න අනෙක් පාර්ශවයට මොකද වුණේ? 


දත්ත දායකයා: ඒ මනුස්සයාට වයසයි. අවුරුදු හැත්තෑවක් විතර ඇති. අනතුරෙන් එයාටත් තුවාල සිද්ධ වුණා. එයාව මහව මහ රෝහලට ඇතුළත් කරා. එයාට සෑහෙන කාලයක් බෙහෙත් කරා.


නිවේදකයා: අනතුර සම්බන්ධව නීතිමය කටයුතු සිද්ධ වුණේ කොහොමද? 


දත්තදායකයා: අනතුරට පත් වුණු මනුස්සයාගේ පවුලේ උදවිය අපට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. අවසානයේදී නඩු මාර්ගයට ගියා. ඒගොල්ලන්ට වන්දි මුදලක් අවශ්‍යයි කියලා දැඩි තීරණයක හිටියේ. ඒ වෙලාවේ අපි ආර්ථික වශයෙන් කඩා වැටිලා වන්දියක් ගෙවන්න තරම් හැකියාවක් තිබුණෙ නෑ. අනතුරට පත්වෙච්ච මනුස්සයා අවුරුද්දක් විතර ජීවත් වෙලා ඉඳලා මැරුණා. එතනින් නඩුව අවසන් වුණේ නෑ. අපට රුපියල් 25000ක වන්දි මුදලක් ගෙවන්න සිද්ධ වුණා. අවුරුදු දහයකට විතර ඉස්සර අපි ණය වෙලා තමයි ඒ මුදල ගෙව්වේ.


නිවේදකයා: ඒ අනතුරට මුහුණ පෑමෙන් ඔබතුමියට ලැබුණු අත්දැකීම් මොනවද? 


දත්තදායකයා: තුවාල සිද්ධ වුණ නිසා ශාරීරිකවත් පවුලේ සාමාජිකයින්ගේ ලෙඩ රෝගත් ව්‍යාපාර කඩාවැටීම්, නීතිමය ප්‍රශ්න නිසා මානසිකවත් සෑහෙන කරදර වලට මුහුණ දුන්නා. ඊට පසුව ඉතාම සුපරික්ෂාකාරීව තමයි වාහනවල ගමන් යන්නේ. 


නිවේදකයා: වරද සිදුවුණේ ඔබතුමියගේ පාර්ශවයෙන් නේද? 


දත්ත දායකයා: ඔව්. අනතුරක් වළක්වා නොගැනීම යටතේ අපට වරද පැවරුණා. පදිකයින්ද මාර්ග නීතිවලට අනුගත වෙන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. ඒ වෙලාවේ නීතිඥවරුන්ටත් මුදල් ගෙවන්න සිද්ධ වුණා.


නිවේදකයා: මේ ප්‍රශ්නවලින් පස්සේ කොහොමද නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වුණේ? 


දත්ත දායකයා: අපේම ධෛර්යයෙන් තමා හැමදේම දරාගෙන හිටියේ. පසුව අසනීපෙන් හිටපු මහත්තයත් මිය ගියා. හැම දෙයක්ම ඉවසගෙන ජීවිතය ඉස්සරහට ගෙනියන්න මානසික ශක්තිය තමා උපකාර වුණේ.


නිවේදකයා: ඒ අවස්ථාවේ රාජ්‍ය හෝ පෞද්ගලික වශයෙන් රැකවරණයක් රක්ෂණාවරණයක් තිබුනද?


දත්ත දායකයා: ඔව්. මහත්තයාට රාජ්‍ය ආයතනයක ජීවිත රක්ෂනාවරණයක් තිබුණා. ඒකෙන් රුපියල් පනස්දාහක මුදලක් ලැබුණා. 


නිවේදකයා: අවසාන වශයෙන් වර්තමාන තත්ත්වය පිළිබඳව ඔබගේ අදහස් මොනවාද? 


දත්ත දායකයා: ඇත්තටම ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීලා හෙම්බත් වෙලා ඉන්නේ.  මහත්තයත් නැතුව දරුවන්ගෙ වගකීම මට පැවරිලා තියෙන්නේ. ලොකු පුතා ඉන්න එක මට ශක්තියක්. අනිත් දරුවො දෙන්නගේ අධ්‍යාපන කටයුතු අවසන් වෙනකන් වගකීම් ගොඩක හිරවෙලා ඉන්නේ. ජීවිතයේ ලොකු සතුටක් නෑ. 


නිවේදකයා: බොහොම කණගාටුයි ඒ පිළිබඳව. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට මේ තොරතුරු අප සමග බෙදා ගත්තට.

ප්‍රඥාවේ දොරටු විවර කළ නවම් පුන් පොහොය

 

ප්‍රඥාවේ දොරටු විවර කළ නවම් පුන් පොහොය


අද ශ්‍රී බුද්ධ වර්ශ 2568  ක් වූ නවම් පුර පසළොස්වක පොහෝ දින පෙබරවාරි 12 වෙනි  බදාදා දිනයයි.


අවුරුද්දේ දෙවැනි පොහොය ලෙස හැදින්වෙන්නේ නවම් පොහොය යි. 


දුරුතු පොහොය ශාසනයට වැදගත් වන්නේ යම් සේ ද නවම් පොහොයත් එසේම ය.මිනිසාගේ සිත්සතන්හි මෝක්ශ මාර්ගයට දොර විවර කරන්නට පාදම දමා ඇත්තේ ද නවම් පොහොය දා ය.


මෙහි සිදු වූ වැදගත් සිදුවීම් කිහිපයක් අප පහතින් විමසා බලමු.    

                                                                                             මෙහිදී සිදු වූ වැදගත් සිදුවීම්...


☑️ සැරියුත් - මුගලන්‍ රහතන් වහන්සේ දෙනමට අගසව් තනතුරු ලැබීම.

☑️ ඕවාද ප්‍රාතිමෝක්ශ දේශනා කිරීම.

☑️ බුදුරදුන් ආයු සංස්කාරය අත් හැරීම.

☑️සැරියුත් - මුගලන් දෙනමගේ පිරිනිවන් පෑමෙන් පසු රජගහ නුවරින් නික්ම බුදුරදුන් චාපාල චෛත්‍යය වෙත වැඩම කිරීම.


මේ නවම් පොහොය  සිද්ධි සමුදායකින් උපකල්ශිත වී ඇත.ඒ සිද්ධි අතර ප්‍රමුඛ වන්නේ සැරියුත් - මුගලන් මහ රහතන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ අගසව් තනතුරු ලැබීමේ සිද්ධිය යි. එමෙන් ම ප්‍රථම ධර්ම සංගානයනාව සිදු වූයේ ද නවම් පොහෝ දා ය.තව ද මහා සංඝ රත්නයට ඕවාද ප්‍රාතිමෝක්ශය දේශනා කළේත් නවම් පෝ දාකය.බුදුරදුන් පිරිනිවන් පෑමට තුන්මසකට ප්‍රථමයෙන් ආයු සංස්කාරය අත් හළේත් නවම් පුන් පොහෝ දිනක ය.


තරු පිරිවරා ගත් සද මඩල මෙන් බුදුරදුන් උරුවේල කස්සප,නදී කස්සප හා ගයා කස්සප යන තුන් බෑ ජටිල භික්ෂූන් ප්‍රධාන දහසක් භික්ෂු පිරිස ද, එක්දහස් දෙසිය පනසක් රහතන් වහන්සේද වේළුවනය එදා බබළවන්නට වූහ.මහා සගරුවන පිරිවරා ගත් බුදුරදුන් සාරිපුත්ත හා මොග්ගල්ලාන යන මහාක්ශීණාශ්‍රවයන් වහන්සේ දෙනම දකුණත් සහ වමත් සව්වන් වශයෙන් සංඝ සමාජයට හදුන්වා දුන්නේ මේ උතුම් නවම් පුන් පොහෝ දා ය.මෙම අග්‍ර ශ්‍රාවක තනතුරවලට පත් වීම මහත් අසිරියක් නොවන්නේද?


' *ඕවාද* *ප්‍රාතිමෝක්ෂය* ' දේශනා කළේද නවම් පුන් පොහෝදාක ය.එය බුදුරදුන්ගේ ශාසනයෙහි ප්‍රථම බෝධියෙහි ( විසි වසක්) පිරිසිදුව නොකැළැල්ව පැවැතුණි.එබැවින් මහ සගරුවන සම්බන්ධයෙන් විනය පැනවීමට කිසිදු අවශ්‍යතාවයක් නොවීය.ඉන් අනතුරුව කාලයාගේ ඇවෑමෙන් සංඝ සමාජයේ වැරැදි සිදු වන්නට විය.ඒ හේතුව මත ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නට විය.


බුදුරදුන් කිසිවකුට කිසිම දිනක විනයක් පනවන්නට ගියේ නැත.විනය පනවන්නට යොමු වූයේ වැරැද්දක් කළවිට දී ය.සංඝ සමාජයේ දැඩි නීති - රීති පනවා සගරුවන අතිශය අසීරුතාවට පත්කිරීමට බුදුන් වහන්සේ නොපෙළඹුණහ.එකිනෙකා අතින් සිදු වුණ වැරැදි පදනම් කරගෙන යළිත් එකම වැරැද්ද නොකිරීමට කටයුතු යෙදීම බුදුරදුන්ගේ පිළිවෙත විය.අපට විනය පිටකයක් ඇති වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.


බුදුරදුන්ගේ ආයුසංස්කාරය අත්හළේද නවම් පුන් පොහෝ දාක ය.බුදුරදුහු සැරියුත් හා මුගලන් දෙනමගේ පිරිනිවන් පෑමෙන් පසු රජගහ නුවරින් නික්ම චාපාල චෛත්‍යය වෙත වැඩියහ.එහිදී බුදුරදුහු ආනන්ද හිමියන් අමතා " *ආනන්දය* , *සතර* *ඉර්ධිපාද* *වැඩූවහුට* *කැමැති* *නම්* *ආයුස්කල්පයක්* *වුවද* *ජීවත්* *විය* *හැකි* *ය* " *යි* වදාළහ.බුදුරදුන් තෙවරක්ම මෙය අවධාරණය කළදා ආනන්ද හිමියන්ට මෙය නොවැටහිණි.ආයුස්කල්පයක් ජීවත් වීමට ඉඩකඩ තිබුණ ද අදහසක් ප්‍රකාශ කිරීම යටපත් වූ හෙයින් ආයුසංස්කාරය තුන් මසකින් හරින බව පැවැසීමෙන් අනතුරුව කල්පයක් වැඩ සිටින ලෙස ආනන්ද හිමියන් කීව ද එයින් පලක් වූයේ නැත.


ආයුසංස්කාරය අත්හළ කෙණෙහිම මහා භූම් චලනයක් එදා ඇති විය.එය සිදු වූයේ ද නවම් පෝ දා ය.චාපාල චෛත්‍යයයෙන් විසල් පුරයට වැඩම කළ තථාගතයන් වහන්සේ කූඨාගාරයට රැස් වූ භික්ශූන් අමතා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වදාරා අන්තිම අවවාද කළහ. ' *යො* *ධම්මං* *පස්සති* *සො* *මං* *පස්සති* ' යනුවෙන්  " යමෙකු ධර්මයට වදින්නේ නම් ඒ මට (බුදුරදුන්ට) වැදීමක් වන්නේ යි" යනුවෙන් වදාළහ.ධර්මය ප්‍රථම තැන තබා ජීවිතයට මෝක්ෂ මාර්ගය හෙළි කලේ සත්වයා සසරේ වැටී ඇති ආගාධයෙන් ගොඩගැනීම උදෙසා ය.


ප්‍රඥාවන්තයින්ගේ අරබයා දෙසූ දහම දුක්ඛ, සමුදය, නිරෝධ,මාර්ගය යන චතුස්සත්‍ය නුවණින් දැක නිවන දකින්නට ය.නවම් පොහොය අප ජිවිතයට කඩඉමක් කරගන්නේ ඒ හේතුව මතය.

Tuesday, February 11, 2025

කාන්තා නිදහස මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය*


 *කාන්තා නිදහස මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය*



*ලොවටම ආදරය*

 *බෙදන* ❤️

*ලොවටම සෙනෙහස බෙදන* 💁‍♀️

*ඈ හට*

*ඔබ කෙතරම් ආදරය*

*සෙනෙහස බෙදයි ද ??*




ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම්වූ ප්‍රචණ්ඩත්වය කාන්තා නිදහසට බාධාවකි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය ලොව පුරා කාන්තාවන්ගේ නිදහසට සැලකිය යුතු බාධාවක්වේ. ලොව පුරා කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ප්‍රමාණාත්මකව භයානක වන අතර එය බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. මේ හේතුවෙන් ගෝලීය වශයෙන් මිලියන සංඛ්‍යාත කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ ජීවිතවලට  බරපතල වශයෙන් ගැටලු ඇති කරයි. 

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචන්ඩත්වයට පිරිමි සහ ගැහැණුන් අතර සමාජීය වශයෙන් ආරෝපණය කරන ලද ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ පුද්ගලයකුගේ කැමැත්තට එරෙහිව සිදුකරන ඕනෑම හානිකර ක්‍රියාවක් ඇතුළත්වේ. ස්ත්‍රී පුරුෂ අසමානතාවය මුල් බැසගත් සමාජයක් තුළ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඔවුන්ගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම් සඳහා ප්‍රධාන බාධකයක්වේ. 

ස්ත්‍රී පුරුෂ අසමානතාවය එනම් කාන්තාවන් හා පිරිමින් අතර අසමාන බල ගතිකත්වයන් සහ කාන්තාවන් සඳහා සම්පත්වලට ප්‍රවේශ වීමට ඇති අසමානතාව ඉස්මතු කිරීම සඳහා කාන්තාවන් ප්‍රචණ්ඩත්වයට ලක්වීම බහුලවේ .පුරුෂාධිපත්‍ය හා ස්ත්‍රීත්වය පිළිබඳව සංකල්ප කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ මූලිකවේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව ශාරීරික හිංසනය, වාචික, මානසික ප්‍රචණ්ඩත්වය,  ලිංගික හිංසනය, සමාජ, ආර්ථික හිංසනය,  බලහත්කාරයෙන් ගබ්සා කිරීම, කාන්තා ලිංගික අවයව ඡේදනය, ස්ත්‍රී දුෂණය, බලහත්කාර විවාහ ආදිය ලෙස ප්‍රචණ්ඩත්වයන් සිදුවිය හැකිය.

කාන්තාවන්ට එරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයේ ව්‍යාප්තිය පිළිබඳ සංඛ්‍යා තැතිගන්වන සුළුය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව, ගෝලීය වශයෙන් කාන්තාවන්ගෙන් තුනෙන් එකක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ ප්‍රචණ්ඩත්වය අත්විඳිති.

 කාන්තාවන්ට එරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයේ ව්‍යාප්තිය පිළිබඳ සංඛ්‍යා තැතිගන්වන සුළුය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව, ගෝලීය වශයෙන් කාන්තාවන්ගෙන් තුනෙන් එකක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ ප්‍රචණ්ඩත්වය අත්විඳිති. පසුගිය වසරවලදී Covid 19 වසංගතය හමුවේ වැඩි වන ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය ඉහළ ගියේය. තිදෙනෙකුගෙන් එක් අයෙකු පමණ තම ජීවිත කාලය තුළ ලිංගිකව සමීප සහකරුවෙකු අතින් ප්‍රචණ්ඩත්වයට ලක්ව ඇත.ඉන්දියාවේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට පත් වූවන් හඳුනා ගැනීමේදී  පිළිසුම් තුවාල  හේතුවෙන් වාර්ෂිකව කාන්තාවන් 91000ක් මිය යයි. UNFPAහි වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගෙන් 90%ක් පොදු බස් රථ සහ දුම්රියවල ලිංගික හිරිහැරයන්ට මුහුණ දී ඇති අතර කාන්තාවන්ගෙන් හතර දෙනෙක්ගෙන් එක් අයෙකු වයස අවුරුදු 15 සිට ශාරීරික හෝ ලිංගික හිංසනයන්ට මුහුණ දී ඇති බව වාර්තා කරයි.


මෙම ප්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවා ගත් අය විනාශකාරී ප්‍රතිවිපාකවලට මුහුණ දෙති. බොහෝ දෙනෙකුට දරුණු ශාරීරික තුවාල, අනවශ්‍ය ගැබ් ගැනීම් සහ HIV හෝ වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවලට නිරාවරණය වීම අත්විඳිය හැකිය. ස්වයං-හානිකර ගැනීම, මානසික අවපීඩනය, කාංසාව සහ පශ්චාත් කම්පන ආතති ආබාධ ද සුලභ වේ. 


ස්ත්‍රීන් ලිංගික ප්‍රචණ්ඩත්වයට පත්වීමෙන් පසු ලක්වී දිවි ගලවා ගත් අය නිතරම වින්දිතයින්ට දොස් පැවරීමට හෝ සමාජීය වශයෙන් නෙරපා හැරීමට ලක් වන අතර, එමඟින් ඔවුන් දරිද්‍රතාවය, හුදකලාව සහ තවදුරටත් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීමේ අවදානමට ලක්වීම සුලභය.  විටෙක සමහරුන්ට තම අපරාධකරුවන් සමඟ විවාහ වීමට බල කෙරෙයි. තවත් සමහරු තම අත්දැකීම් වාර්තා කිරීම සඳහා පළිගැනීම්වලට මුහුණ දෙති . නිර්දෝෂි කාන්තාව නිරපරාදේ සමාජ සංස්කෘතිය තුළ පීඩාවට පත්වේ.

 

ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ ප්‍රචණ්ඩත්වය අත්විඳින පුද්ගලයන් ජීවත්වීමට ඇති අයිතිය, වධහිංසාවලින් සහ අවමන් සහගත සැලකීමෙන් නිදහස, වෙනස් කොට සැලකීමෙන් නිදහස සහ  ආරක්ෂාව සඳහා ඇති අයිතිය ආදි වශයෙන්  මානව හිමිකම් උල්ලංඝනයෙන් පීඩා විඳිය හැකිය. මේ හේතුවෙන් ඔවුන්ගේ නිදහසට අභිමානයට සහ පුද්ගලික සහ වෘත්තීය වර්ධනයට ඇති අවස්ථා සීමාවේ. ඇතැම් විට හුදෙකලා භාවය මානසික අවපීඩනය නිසා සියදිවි නසා ගැනීමටද ඔවුන් පෙළඹෙයි.

කාන්තාවන්ට එරෙහි හිංසන නැවැත්වීමට දරන ප්‍රයත්නයන්හිදී බොහෝවිට නීතිමය හිඩැස් සහ සමාජ අපකීර්තිය ඇතුළු බාධක වලට මුහුණ දෙයි.  ප්‍රචණ්ඩත්වය සඳහා පුළුල්ව දඬුවම් ලැබිය යුතුය. කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ ස්වාධීනත්වය සහ නිදහස ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර ජීවිතයක් සඳහා කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ අයිතිය සාක්ෂාත් කර ගැනීම සහතික කිරීම සඳහා සැලකිය යුතු උත්සාහයන් තවමත් අවශ්‍ය වේ.

ස්ත්‍රී පුරුෂ සමාජතාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ ඇති ආකල්ප, ස්ත්‍රී පුරුෂ භාවයේ භූමිකාවන් සහ ඒකාකෘති වෙනස් කිරීම සහ විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමයි. අධ්‍යාපන ක්‍රමය තුළ, වින්දිතයන් සමඟ වැඩ කරන වෘත්තිකයන් අතර සහ රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය සහ පෞද්ගලික අංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම හා මහජනතාව වෙත ළඟා වීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතුය

ලෝකය පුරා රටවල් සහ සංවිධාන සම්මුති තුළින් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් තුරන් කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත.

ඇල්ෆා පිරිමි

 විවිධාකාර පෞරුෂයන්ගෙන් සපිරුණු මිනිසුන් ජීවත් වන ලෝකයක “The Lion of Modern Society” ලෙස හඳුන්වන ඇල්ෆා පිරිමි (Alpha Male) නායකත්වයේ හා විශ්වාසයේ නවීන මූලාකෘතිය වේ.

ඇල්ෆා පිරිමි (Alpha Male) යනු කවුද?

ඇල්ෆා පිරිමියා යන පදය මූලික වශයෙන්ම පැමිණ ඇත්තේ සත්ත්ව රාජධානි හරහාය. සත්ත්ව කණ්ඩායමක සිටින වඩාත්ම බලවත් හා ප්‍රබල සත්ත්වයා “ඇල්ෆා” ලෙස සඳහන් කර ඇත. මෙහිදී ඉහළ තත්ත්වය, හොඳම සහකරුවන් හා ආහාර මොහුට හිමි වූ අතර කණ්ඩායම මෙහෙයවීම හා ආරක්ෂා කිරීමේ වගකීම ද පැවරී තිබුණි. මේ ආකාරයටම සමාජයේ දක්නට ලැබෙන වඩාත් සාර්ථක, ශක්තිමත් සහ ප්‍රබල ආකර්ශණීය පුද්ගලයින් ඇල්ෆා පිරිමි ලෙස හඳුනා ගත හැකි ය. ඇල්ෆා පිරිමියෙකු බොහෝ විට දක්නට ලැබෙන්නේ ආත්ම විශ්වාසය, ඔරොත්තු දීමේ හැකියාව සහ තම අරමුණු මත කැපවී ක්‍රියාකරන්නෙකු ලෙස ය. ආක්‍රමණශීලීත්වයෙන් තොරව අන් අයට මඟ පෙන්වීමක් ලබා දෙන හා චිත්තවේගීය බුද්ධිය සමඟ තම බලය තුලනය කරන්නෙකු ලෙස ද කැපී පෙනේ. මොවුන්ගේ මූලික අරමුණ තම දියුණුව සාක්ෂාත් කර ගැනීම වන අතර බිය, සැක හා අනාරක්ශිතභාවය පිළිබඳව මොවුන් තම අවධානය යොමු නොකරයි. ඇල්ෆා පිරිමින් තම අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී අන් අයගේ අවසරය හා කැමැත්ත මත රඳා නොපවතින අතර තමාටම ආවේණික වූ නීති රීති හා සාරධර්ම මත කටයුතු කරයි. කාන්තාවන් ආකර්ෂණය කර ගැනීමට හා වසඟ කර ගැනීමට මොවුන් දක්ෂ වේ. ඇල්ෆා පිරිමි පුද්ගලයෙකු උපතින්ම මෙම ගුණාංග වලට උරුමකම් නොකියන අතර කාලයත් සමඟ එම ගුණාංග වර්ධනය කර ගනු ලබයි.

ඇල්ෆා පිරිමි පුද්ගලයෙකු සතු ගති ලක්ෂණ ප්‍රධාන වශයෙන් පහත පරිදි හඳුනා ගත හැකිය.

ඉහළ ආත්ම විශ්වාසය

ඇල්ෆා පිරිමියෙකු සතු ප්‍රධානම ලක්ෂණයක් වන්නේ තම අරමුණු හා හැකියාවන් පිළිබඳ ඉහළ විශ්වාසයකින් යුක්තව කටයුතු කිරීමයි. තමා ලබා ගත් ජයග්‍රහණයන් පිළිබඳව අධිතක්සේරුවෙන් කතා කිරීමට ඇල්ෆා පිරිමින් කිසිම අවස්ථාවකදී කැමැත්තක් නොදක්වන අතරම ඔවුන්ට ඒ සඳහා අවශ්‍යතාවයක් ද නොමැත. තම වටිනාකම් ඉතා හොඳින් හඳුනන අතරම තම ආත්ම විශ්වාසය බිඳ දැමීමට කිසිම අයෙකුට මොවුන් විසින් ඉඩ දෙන්නේ ද නැත. එමෙන්ම ඇල්ෆා පිරිමින් සතු ප්‍රධානතම ලක්ෂණයක් වන්නේ කටහඬ, ශරීර භාෂාව ( Body Language) සහ අක්ෂි සබඳතා (Eye contacts) හරහා තමා තුළ ඇති විශ්වාසය ප්‍රදර්ශනය කිරීමයි. ඒ හරහා ස්වාභාවිකවම සෙසු අය තමා වෙත ආකර්ෂණය කර ගැනීමට මොවුන් සමත් වේ. සැබෑ ආත්ම විශ්වාසය ඇල්ෆා පුරුෂයාට පීඩනය යටතේ වුව ද සන්සුන්ව සිටීමට උපකාරී වන අතර අවදානම් තත්ත්ව පාලනය කර ගැනීමට සහ ඔහු වටා සිටින අය කෙරෙහි විශ්වාසය හා ගරුත්වය ඇති කිරීමටද ඉඩ සලසයි.

නායකත්වය

ඇල්ෆා පිරිමියෙකු ස්වභාවිකවම වගකීම් හා නායකත්වය භාර ගන්නා අයෙකි. තමාගේ කාර්යයන් සිදුකිරීමට අන් අය පසුපස හඹායාම සිදු නොකරන අතර තමාගේම දැක්මක් සමඟ අධිෂ්ඨානයෙන් යුතුව කැපකිරීම් සමගින් තම අරමුණු කරා ගමන් කරයි කරයි. තම ආදර්ශමත්භාවයෙන් නායකත්වය ලබාදෙන අතර අන් අයගේ අදහස් සහ යෝජනාවලට ගරු කරයි. නමුත් එම අදහස් හෝ යෝජනා තම ඉදිරි දැක්ම කෙරෙහි බලපෑමක් කර නොගනියි. ඔහු අන් අය තමා පසුපස ගෙන්වා ගැනීමට හෝ බලහත්කාරයෙන් තම බලය පැතිරවීමට උත්සහ නොකරයි.

අධිෂ්ඨානශීලීබව

ඇල්ෆා පුරුෂයෙකු තම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට කිසිසේත් මැලි නොවන අතර ඔහු තම වටිනාකම් පිළිබඳව විශ්වාස කර‍යි. අයුක්තියට හා අසාධාරණයට එරෙහි වන අතරම ඔහු තම කාර්යවලදී අන් අයගේ අදහස් හා විවේචන නොසලකා හරිමින් අධිෂ්ඨානශීලීව තම අරමුණු කරා ගමන් කරයි.

ස්වයං පාලනය

ඇල්ෆා පිරිමියෙකුට තම හැඟීම් සහ ආවේග පාලනය කිරීම හා නියාමනය කළ හැකිය. ඔහු කෝපයට, බියට හෝ කලකිරීමට පත් නොවේ. ආවේගශීලීව හෝ නොසැලකිලිමත්ව ක්‍රියා නොකරන අතර තම අවධානය සහ පරීක්ෂාවන් වෙනතකට යොමු කිරීමේ විශේෂ හැකියාවක් පවතී. අනවශ්‍ය ඇබ්බැහිවීම් වලට හසු නොවෙයි. තම ශක්තිය හෝ කාලය සුළු කාරණා සඳහා වැය නොකරන අතරම වගකීම් පැහැර හැරීම හෝ කල්දැමීම සිදු නොකරයි.

ආශාවන්

ඇල්ෆා පිරිමියෙකුට ජීවිතයේ අරමුණු හා ඉලක්ක පවතින අතර ඒවා සාක්ශාත් කර ගැනීමට දැඩි ආශාවකින් යුක්තව කැපවීමෙන් හාඅධිෂ්ඨානයෙන් ක්‍රියා කරයි. ඔහු සෑම විටම අලුත් දේවල් ඉගෙන ගැනීමට හා අත්හදා බැලීම් සිදු කිරීමට ආශා කරයි. ඔහු තමාටම අභියෝග කරගන්නා අතර උද්‍යෝගයෙන් යුතුව තම ආශාවන් පසුපස හඹා යයි.

ඇල්ෆා පෞරුෂයන් සහිත වර්තමාන ලෝකයේ උදාහරණ බොහෝ ය.

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මේ සඳහා එක් නිදසුනකි. ඔහු ලෝකයේ තම දැක්ම හා අරමුණු, කඩවසම්භාවය, කථන විලාශය හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා ආකර්ශණය දිනා ගත් පුද්ගලයෙකි. ඔහුට එල්ල වන විවේචන හමුවේ නිර්මාණාත්මකව හා දූරදර්ශී ආකාරයට ක්‍රියා කරමින් තම නායකත්වය විදහා පෑමට ඔහු දක්ෂයෙකි. එමෙන්ම දුෂ්කර අවස්ථා වලදී දැඩි තීරණ ගැනීම තම අරමුණු කරා නොබියව ගමන් කිරීම ද ඔහුගේ ලක්ෂණයකි.

එමෙන්ම ටෙස්ලා සමාගමේ ව්‍යවසායකයා හා නිර්මාතෘ වන එලෝන් මාස්ක්ද උද්‍යෝගිමත් ඇල්ෆා පිරිමියෙකු සඳහා කදිම නිදසුනකි. දේශගුණික විපර්‍යාස, අභ්‍යවකාශ ගවේෂණය හා කෘතිම බුද්ධිය පිළිබඳ නව අත් හදා බැලීම් සිදු කරන ඔහු තම අරමුණු යථාර්තයක් කර ගැනීමට මහත් පරිශ්‍රමයක් දරන පුද්ගලයෙකි.

එමෙන්ම සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ද මේ සඳහා තවත් නිදසුනකි ඔහුගේ අධිෂ්ඨානශීලීබව, ආචාර ධර්ම හා නායකත්වය දීමට ඇති හැකියාව ඇල්ෆා පිරිමියෙකුගේ ලක්ෂණ මනාව ලෝකයට විදහා දක්වයි.

තවද රංගනය තුළින් ලෝක ප්‍රසිද්ධියට පත් විල් ස්මිත්, ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි වැනි ලෝකයේ ආකර්ෂණය හා අවධානය දිනා ගත් සුවිශේෂ පුද්ගල චරිතයන් ද ඇල්ෆා ලක්ෂණ සහිත පෞරුෂයන් සඳහා නිදර්ශන සපයයි.

ඇල්ෆා පිරිමියෙකු යනු විශ්වාසය, ආත්ම දමනය, කැපවීම හා ආශාව සංකලනය කරගත් පෞරුෂත්ව සංකලනයකි. මෙම ලක්ෂණ හරහා ඔහුව සමාජයේ අනෙකුත් පුද්ගලයන් අතර කැපී පෙනීමට සලස්වන අතර අන් අයගේ ආකර්ෂණය හා අවධානය දිනා ගැනීමටද උපකාරී වේ. තම අරමුණු වෙනුවෙන් කැපවී ක්‍රියා කරන මොවුන් හොඳ නායකයෙක්, උපදේශකයෙක්, මිතුරෙක් ලෙස සමාජයේ කැපී පෙනේ.

ඇල්ෆා පිරිමියෙකු වීම යනු “ ඔබ තුළ සිටින හොඳම කෙනා ඔබ විසින්ම එළියට ගැනීමයි”


ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය

 *ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආගමික ඉගැන්වීම්වල සංස්කෘතික වැරදි අර්ථකථන ලොව පුරා සමාජ වල ව්‍යාප්ත වී ...