Thursday, August 10, 2023

W3 Article 02


 

W3

Waste | Wise | Waves

Phase I

 

Article 2

 

අද අපි කතා කරන්නේ පරිභෝජනයෙන් පසු ඉවතලන ප්ලාස්ටික්  නැවත භාවිතයට ගත හැකිද? යන මාතෘකාව ඔස්සේ යි.

 

ඒ සදහා අපි කොළඹ විශ්වවිද්‍යාලයීය ZeroPlastic Colombo Communityහි සාමාජිකාවක් වන කවීෂා හංසි සොයුරියව සම්බන්ධ කරගත්තා.

 

ආයුබෝවන් කවීෂා  - ආයුබෝවන් ශානි

 

ඇත්තටම කවීෂා  අපි එක්වරක් භාවිතා කරලා ඉවත් කරන දේවල් නැවත භාවිතයකට ගන්න පුලුවන් කියන කතාව ඇත්තක් ද?

 

ඔව් අනිවාර්යයෙන් , හැම දෙයක් ම නෙමෙයි නමුත් බොහෝ ද්‍රව්‍ය එක් වරකට වඩා භාවිත කරන්න පුළුවන්.

 

එවැනි අවස්ථාවන්ට උදාහරණ කිහිපයක් කිව්වොත්?

 

ප්ලාස්ටික් , රෙදි , ලී ,වීදුරු වගේ අමුද්‍රව්‍යවලින් නිපදවන  භාණ්ඩ නැවත භාවිතයට ගන්න පුළුවන් සහ ඒවා ප්‍රතිචක්‍රිකරණය කරලා නව නිෂ්පාදන කරන්න පුළුවන්.  විශේෂයෙන් ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන බොහොමයක් ප්‍රතිචක්‍රීකරණය හරහා නව නිෂ්පාදන හදලා නැවත භාවිත කරන්න පුළුවන්.

 

අපේ රට තුළත් එවැනි ආයතන, සංවිධාන හෝ පුද්ගලයන් දැකගන්න පුලුවන් ද?

 

ඔව් , රාජ්‍ය හා පෞද්ගලික ආයතන කිහිපයක් ම මේ ප්ලාස්ටික්  ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය හරහා නව නිෂ්පාදන කරන්න පටන් අරන් තියෙනවා. නමුත් තවම ඒක ප්‍රමාණවත් මට්ටමකින් සිද්ධ වෙනවා අඩුයි.

 

ඔබ කිව්වත් වගේ සළකා බැලිය හැකි මට්ටමකින් එවැනි අවස්ථා මෙරට තුළ නොතිබෙන නිසාම මම කැමැතියි ඔබගෙන් විමසන්න, සංවිධානයක් විදියට ඔබලා සතුව පවතින රට තුළ පවතින මෙකී තත්ත්වය වෙනස් කිරීමට සුදුසු යෝජනා අදහස් මොනවාද යන්න?

 

අනිවාර්යයෙන් ශානි, ZeroPlastic Colombo Community විදියට අපි උත්සාහ කරනව ශ්‍රී ලංකාව තුළ මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා සිදුවන විනාශය පිළිබඳ නිර්මාණශීලී ප්‍රවේශවලින් ප්‍රජාව දැනුවත් කරන්න සහ මේ ප්ලාස්ටික් දූෂණයට එරෙහි විසඳුම් යෝජනා කරන්න.

 

එතනදි අපි කතා කරන්න කැමති 3R සංකල්පය ගැන. අපිට පුළුවන් ප්ලාස්ටික් භාවිතය අඩු කරන්න ,Reduce. ඊළඟට ප්ලාස්ටික් නැවත භාවිත කරන්න , Reuse. ඒවගේ ප්‍රතිචක්‍රිකරණය කරන්න , Recycle. මේ විදියට භාවිතය අඩු කිරීම , නැවත භාවිතය හා ප්‍රතිචක්‍රිකරණය තුළින් අපට පුළුවන් මේ ගැටළුවට යම්කිසි තිරසාර විසඳුමක් හොයාගන්න. ඉතින් ප්‍රමාණවත් තරම් විධිමත් ආයතනික යාන්ත්‍රණයක් තවමත් රට තුළ නිර්මාණය වෙන මොහොතක තනි පුද්ගල ක්‍රියාකාරීත්ව ඉහළ නැංවීම ගොඩක් වැදගත්. මේවා ඒ තරම් අපහසු දේවල් නෙමෙයි. අවශ්‍ය වෙන්නෙ ජීවන රටාවෙ පොඩි වෙනසක්.

 

තනි තනි පුද්ගලයන්ට පවා මෙහෙදී සුවිශේෂි කාර්යභාරයක් හිමිවෙන බවද ඔබ අදහස් කරන්නේ?

 

ඔව් ඇත්තටම. ශ්‍රී ලංකාව තුළ පමණක් ගත්තත් ඒක පුද්ගල ප්ලාස්ටික් භාවිතය ඉතා ඉහළයි. ශානි අහල තියෙනවා නෙ කතාවක් මම හැදුනොත් අපි හැදේවි   කියල . අපි තනි තනිව තිරසර ජීවන රටාවක් වෙත යොමු වෙනවා නම් අවසානයේ මුළු සමාජයම මේ තිරසර ඉලක්ක වෙත ළඟා වෙලා තියේවි.

 

ඔව් ඔබ හරි. මම හිතනවා මෙය කියවන පාඨකයන්ට පවා මේ හරහා ඉතා වටිනා පණිවුඩයක් සම්ප්‍රේෂණය වෙන්න ඇති කියලා. ඉතින් කවීෂා අවසාන වශයෙන් ඔයාට අපිත් එක්ක බෙදාගන්න සුවිශේෂි පණිවිඩයක්  තියෙනවද?

 

මං කැමතියි මෙහෙම කියන්න.

 

මේ අපි ඉපදුණු පොළව. අපට සියල්ල ලබා දුන් පොළව. ඉතින් අපේ අත්වලින් ම ඒ මව් පොළව විනාශ කරන්නෙ ඇයි? අපි අපේ ජීවන රටාව පොඩ්ඩක් වෙනස් කරමු. 3R සංකල්පය සමඟ එකතු වෙමු.

 

එහෙනම් කවීෂා ඔබටත් ZeroPlastic Colombo Community එකටත් බොහොම ස්තූතියි අද අපිත් එක්ක එකතුවීම සම්බන්ධව.

 

අපට ආරාධනා කිරීම වෙනුවෙන් ස්තූතියි !

 

අපගේ මීළග ලිපිය හරහා ආහාර හා ජලය ක්‍රමවත්ව හා අරපිරිමැස්මෙන් භාවිතය යන මාතෘකාව ඔස්සේ වැඩි දුරටත් කතා කිරීමට සුදානම් වන බව දන්වමින් සමුගනිමු.

 

ස්තූතියි!

 

By ,

Leo Shani Batuwanthudawa

 

#leo_uoc_foa

#LeosofUOCFOA

#leodistrict306A1

#LeoMD306

#leosOfSriLankaMaldives

 



වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...