W3
Waste | Wise | Waves
Phase I
Article 3
ආහාර සහ ජලය
මිනිසාගේ යහ පැවැත්මට මෙන්ම සෞඛ්‍ය සම්පන්න දිවියට අත්‍යවශ්‍යම සාධක දෙකකි. ඒවා ක්‍රමවත්ව
හා අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව අප දැනුවත් වූවද, අප ඒවා සැබවින්ම
ක්‍රියාත්මක කරනවාද?
කෑම මේසයකදී
ආහාර බෙදා ගත් පසු, “මට තව කන්න බෑ, මේක රහ නෑ, මට ඇති” ලෙස සිතා හෝ පවසා
කෙතරම් ආහාර ප්‍රමාණයක් විසිකර ඇත් ද?
එක්සත්
ජාතීන්ගේ පරිසර වැඩසටහනේ 2021 ආහාර අපද්‍රව්‍ය දර්ශකයට අනුව, ලෝකයේ සෑම වසරකම ආහාර
අපද්‍රව්‍ය ටොන් මිලියන 931ක් නිෂ්පාදනය කරන අතර එයින් ටොන් 569ක් පැමිණෙන්නේ
කුටුම්භවලිනි.
පොදු ජල නළයක
හෝ නිවසේ ජල කරාමයක ඉඳුල් සේදීමේදී, රෙදි සේදීමේදී අපි නොදැනුවත්වම ජල කරාමය අධික
ලෙස විවෘත කිරීම, අවශ්‍ය ප්‍රමාණයට වඩා දෙවතාවක් තෙවතාවක් සේදීම සහ ජල කරාමය
නිසිලෙස නොවැසීම අනන්ත වතාවක් සිදු වෙයි.
පාරිසරික
ආරක්ෂණ ඒජන්සිය (EPA) ඇස්තමේන්තුවට
අනුව සාමාන්‍ය නිවසක දිනකට ජලය ගැලුම් 90ක් අපතේ යන බව දක්වයි.
මෙම නාස්තිය
වළක්වා ගැනීමට අපට කළ හැකි සරල දේවල් ,
දිනකට හෝ
වේලකට සරිලන පරිභෝජනයට ප්‍රමාණයවත් ආහාර
පිස ගන්න.
ආහාර අවශ්‍ය
ප්‍රමාණයට පමණක් බෙදා ගන්න.
ජලය පුරවා
ගැනීමෙන් පසු ජල කරාමය හොඳින් වසා ඇද්දැයි පරික්ෂා කරන්න.
පෞද්ගලික ජල
පරිභෝජනයේදී, නාස්තිය අවම කිරීම.
මෙවැනි කුඩා
පියවර කිහිපයක් තුළින් අත් කර ගත හැකි ප්‍රතිඵල බොහොමයකි.
අපගේ මීළග
ලිපිය හරහා “ආහාර කල්තබා
ගන්නා ඉපැරැණි ක්‍රම” යන මාතෘකාව
ඔස්සේ වැඩි දුරටත් කතා කිරීමට සුදානම් වන බව දන්වමින් සමුගනිමු.
ස්තූතියි!
By ,
Leo Fathima Nehala
#leo_uoc_foa
#LeosofUOCFOA
#leodistrict306A1
#LeoMD306
#leosOfSriLankaMaldives