W3
Waste | Wise | Waves
Phase I
Article 1
මොකක්ද මේ,
Responsible Consumption එහෙමත් නැත්තන් වගකිවයුතු
පරිභෝජනය කියන්නෙ
මෙය පාරිසරික, සමාජීය සහ දේශපාලන සංවිධාන විසින්
ඉදිරිපත් කරන ලද සංකල්පයක් වන අතරම එමගින් මිනිසා තම පරිභෝජන පුරුදු වෙනස් කර, තම සැබෑ
අවශ්‍යතාවලට ගැලපෙන පරිදි පරිසර සංරක්ෂණය සහ සමාජ සමානාත්මතාවය ප්‍රවර්ධනය කරන
වෙළඳපොලේ ඇති විකල්ප සඳහා යොමුවීම පිළිබඳව අදහසක් විදිහට අපට හදුනාගන්නට පුළුවන්.
නමුත් මෙහි සරලම අදහස වන්නෙ,
ඔබ යම් දෙයක් පරිභෝජනය කරන්නේ නම් එය වඩාත් පරිසර
හිතකාමී විය යුතු බවත්, එසේම එමගින් සිදුවන සමාජ හා ආර්ථික බලපෑම් පිලිබඳවද මනා
සැලකිල්ලක් දැක්විය යුතු බවත්ය…
අපට වගකිවයුතු පරිභෝජනය සිදුකිරීමට හැකිද ❔
සැබවින්ම ඔබට කිරීමට ඇත්තේ ඉතාමත් කුඩා කාර්යයන්
කිහිපයක් පමණයි
ඔබ
යමක් මිල දී ගන්නා විට එය නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය මොනවාද, එහි නිෂ්පාදන ක්‍රියාවලිය
පරිසරයට බලපාන්නේ කෙසේද සහ එයින් සමාජය (සමාජ සම්මතයන්ට) කෙරෙහි අහිතකර බලපෑමක්
සිදුවන්නේ දැයි හොඳින් බලන්න.
අළුතින් මිලදී ගැනීමට පෙර, ප්‍රතිචක්‍රීකරණය කරන ලද,
නැවත නැවත භාවිතා කළ හැකි භාණ්ඩ පරිභෝජනය කරන්න.
ඇසුරුමට වඩා අන්තර්ගත ද්‍රව්‍ය පිලිබඳ අවධානයක් දෙන්න.
ඔබ යමක් මිල දී ගන්නා සෑම අවස්ථාවකම අපද්‍රව්‍ය හා කසළ
නිසා ඇතිවන බලපෑම ද සලකා බලන්න.
නිෂ්පාදන ආපසු ලබා දිය හැකි හෝ නැවත භාවිත කළ හැකි
බහාලුම්වලට ප්‍රමුඛත්වය දෙන්න.
නොමිලේ භාවිත කල හැකි දේවල් සඳහා නිතරම යොමුවන්න.
ඔබ පරිභෝජනය කරන සියලු දේ සඳහා මෙම ප්‍රමුඛතාවයන් ලබා
දෙන්න (ආහාර, ඇදුම්, උපාංග, ...)
ඉතින් තවත් කල් නොයවන්න ඔබෙන් පටන් ගන්න වගකීමෙන් භාණ්ඩ
පරිභෝජනය කරන්නට හුරු වන්න එවිට ඔබද මුළු මහත් සමාජයද රැකෙන බව මතකයෙහි තබාගන්න
අපගේ මීළග ලිපිය හරහා “පරිභෝජනයෙන්
පසු ඉවතලන දෑ නැවත භාවිතයට ගත හැකිද?” යන
මාතෘකාව ඔස්සේ වැඩි දුරටත් කතා කිරීමට සුදානම් වන බව දන්වමින් සමුගනිමු.
ස්තූතියි!
By ,
Leo Malshan Fernando
#leo_uoc_foa
#LeosofUOCFOA
#leodistrict306A1
#LeoMD306
#leosOfSriLankaMaldives