Friday, August 11, 2023

W3 Article 04


 


W3

Waste | Wise | Waves

Phase I

 

Article 4

 

ආහාර කල් තබා ගන්නා ඉපරැණි ක්‍රම

 

අප පරිභෝජනයට ගන්නා සෑම ආහාරයක් ම නරක් වීමට භාජනය වන අතර ආහාරයක් නරක් වීමට ජීව විද්‍යාත්මක මෙන් ම රසායනික සහ ⁣භෞතික හේතු වැනි හේතූන් ගණනාවක් ම බලාපනු ලබයි. මෙලෙස පරිභෝජනය කරනු ලබන ආහාර නරක් වීම වළක්වා ගැනීමට විව්ධ ක්‍රම භාවිත කරයි. මෙලෙස විවිධ වූ ක්‍රම උපයෝගි කර ගනිමින් ආහාර නරක් නොවී කල්තබා ගැනීමට  අපේ පැරැන්නන් කාලයේ සිට ම කටයුතු කර තිබේ.

 

මෙලෙස පරිරක්ෂණ ක්‍රම සරල සහ නවීන තාක්ෂණික ආදී වශයෙන් හැදින්විය හැකි අතර තක්ෂණික ක්‍රම වෙනුවට සරල පරිරක්ෂණ ක්‍රම විශාල වශයෙන් ගෘහණියන් අතීතයේ සිට ම උපයෝගි කර ගෙන තිබේ. ඒ අනුව කොස්, දෙල් වැනි ආහාර වැඩි වශයෙන් ඵලදාව දරන කාලවල ඒවා වියළා අටු කොස්, දෙල් වියළීම ආදි වශයෙන් නවීන ආහාර වර්ග සෑදීම අතීතයේ පටන් පැවති කල්තබා ගන්නා ක්‍රමයකි. එසේ ම ඇතැම් කාලවල දෙහි ඵලදාව අතිරික්ත වූ විට ලුණු දෙහි දැමීම අතිරික්ත දෙහි ප්‍රමාණයෙන් සිදු කරයි. මෙය අතීතයේ භාවිතා කරන ලද ඉතාමත් ජනප්‍රිය පරිරක්ෂණ ක්‍රමයකි.

 

මීට අමතර ව අලවලින් දෝසි සෑදීම ද අතීතයේ දී භාවිත කරන ලද්දකි. මෙය විශේෂයෙන් ම ස්වයං රැකියාවල නිරතවන්නන් බහුල ව භාවිත කරන්නකි. ඒ හා සමාන ව චට්නි සෑදිම, සෝස් සෑදීම ද ඉපැරණි සමයේ සිට අද වන තෙක් භාවිත කරන ලද පරිරක්ෂණ ක්‍රමයකි. මෙය ද ස්වයං රැකියාවල නිරතවන කාන්තාවන්, පිරිමින් විසින් සිදුකරනු ලද කටයුත්තකි. මෙලෙස ආහාර කල්තබා ගැනීම සදහා උපයෝගි කරගන්නා පරිරක්ෂණ ක්‍රම නිසා ම ඇතැමුන්ට ඒ හරහා අමතර ආදායමක් ඉපයීමට ද හැකියාව ලැබේ. එය මෙම පරිරක්ෂණ ක්‍රම මගින් සැලසෙන තවත් වාසියකි.

 

එසේ ම මුහුදු බඩ ප්‍රදේශවල මෙන් ම අනෙකුත් ප්‍රදේශවල ද භාවිතා කරන තවත් ඉපරැණි ආහාර කල්තබා ගන්නා ක්‍රමයක් ලෙස ඇඹුල් තියල් නම් කළ හැකිය. මාළු ඇඹුල් තියල් යනු නම් ඇසු පමණින් කටට කෙළ උනන ප්‍රණීත වූ ආහාරයකි. ඇඹුල් තියල් සෑදීම තුළින්ද මාළු නරක් නොවී කල් තබා ගත හැකිය.

 

ඉහත සදහන් කළ සෑම ආහාරයකින් ම වනුයේ ආහාර නරක් වීමට බලපාන හේතු පාලනය කිරිමක් වන අතර ඒ හරහා ආහාරවල සිටින ක්ෂුද්‍ර ජීවීන් විනාශ වී ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය අක්‍රිය වීමක් ද ආහාරයේ අඩංගු එන්සයීන විනාශ විමක් ද සිදු වී ආහාර දිගු කලක් නරක් නොවී කල්තබා ගත හැකි තත්ත්වයට පත් වේ.

 

විශේෂයෙන් ම අතීතයේ පුද්ගලයින් ආහාර නරක් වීම පාලනය කිරිම උදෙසා පමණක් නොවන අතර අතිරික්ත ආහාර කල්තබා ගැනීමට ද මෙලෙස මෙම පරිරක්ෂණ ක්‍රම උපයෝගි කරගෙන තිබේ. අද වනවිට එම ඉපරණි කල්තබා ගන්නා ක්‍රම හරහා අමතර ආදායමක් ලබන තත්ත්වයට පවා ඇතැම් පුද්ගලයින් පත් ව තිබීම රටේ ආර්ථිකයට සේ ම තමන්ට ද සැලසෙන වාසියකි. එනම් අද පටන් ඔබත් ආහාර ඉවත නොදමා කල්තබා ගැනීමට උචිත ක්‍රම උපයෝගි කරගනිමින් ඒ හරහා රටට සේ ම තමන්ට ද වැදගත් වූ යමක් සිදුකිරිමට අදිටන් කරගත යුතු ය.

 

අපගේ මීළග ලිපිය හරහා E-Waste” යන මාතෘකාව ඔස්සේ වැඩි දුරටත් කතා කිරීමට සුදානම් වන බව දන්වමින් සමුගනිමු.

 

ස්තූතියි!

 

By,

Leo Pavani Kasuntha

 

#leo_uoc_foa

#LeosofUOCFOA

#leodistrict306A1

#LeoMD306

#leosOfSriLankaMaldives


වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...