Friday, August 11, 2023

W3 Article 05

 


W3

Waste | Wise | Waves

Phase I

 

Article 5

 

 

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නොහොත් විද්‍යුත් අපද්‍රව්‍ය ලොව පුරා වේගයෙන් වර්ධනය වන අපද්‍රව්‍ය ධාරාවන්ගෙන් එකක් බව ඔබ දන්නවාද? එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ( UNEP) ගණන් බලා ඇති ආකාරයට වාර්ෂිකව විදුලි උපකරණ මිලියන 50ක් ලෝකයේ විද්‍යුත් අපද්‍රව්‍ය බවට පත්වේ. වේගවත් සමාජ ආර්ථික සංවර්ධනය සහ තාක්ෂණික දියුණුව මෙම ප්‍රවණතාවේ ප්‍රධාන ධාවකයන්වේ. මෙම ප්‍රමාණයෙන් 32% නිෂ්පාදනය කරනු ලබන්නේ විශාලතම ආර්ථිකයක් ඇති රටවල් වන එක්සත් ජනපදය සහ චීනය විසිනි.

 

 

මොනවද මේ විද්‍යුත් අපද්‍රව්‍ය? විද්‍යුත් අපද්‍රව්‍ය හෝ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය යනු ඉවත ලන ,විසිරුවා හරින ලද, විනාශ කරන ලද හෝ බැහැර කරන ලද ඉලෙක්ට්‍රොනික උපාංග වේ. ඔබ මේ ලිපිය කියවන ජංගම දුරකථනය හෝ පරිගණකය, එහි චාජරයේ සිට කෙතරම් ඉලෙක්ට්‍රොණික උපාංගයන් අපි භාවිතා කරනවා ද? මොකද එතකොට කරන්නේ.. කැඩෙන කැඩෙන ප්‍රමාණයට තව තවත් අලුතින් භාණ්ඩ මිලට ගැනීමට හා භාවිතා කිරීමට සිදුවෙනවා.. එතකොට පරණ ඒවට මොනවද කරන්නේ…සරලව සහ බහුලව සිදුවන දේ තමයි කුණුගොඩට ඒවා විසි කරලා දාන එක. සමහර විට ඒවා ගිනි තියෙනවා.

 

 

මේ භාණ්ඩවල අනතුරුදායක තත්ත්වය මොකක්ද එතකොට,,  මේ භාණ්ඩ සකසලා තියෙන්නේ විවිධාකාරයේ රසායනික ද්‍රව්‍ය භාවිත කරලා. සාමාන්‍යයෙන් ලෝහ වර්ග, බැර ලෝහ වර්ග ,ක්ෂාර ලෝහ වර්ග, විෂ සහිත හයිඩ්‍රොකාබන(ප්ලාස්ටික්) වගේ විවිධාකාරයේ අමුද්‍රව්‍ය වලින්. මේ සමහර රසායනික කුඩා ප්‍රමාණයකින් හෝ පරිසරයකට එකතු වීම ඉතාම අනතුරුදායක වන්නට පුළුවන්. වාතය, ජලය, පස දූෂණය වීම හරහා ශාක, සතුන්, මිනිසා කියන හැම ජීවියෙකුටම හානිදායක වෙන්නට පුළුවන්.

 

 

ඔබම සිතා බලන්න ඔබ කෙතරම් ඉලෙක්ට්‍රොනික කසළ ප්‍රමාණයක් වසරකට, අනාරක්ෂිත ආකාරයට පරිසරයට මුදා හරිනවාද කියල. එය ඉතා විශාල මෙන්ම ගණනය කළ නොහැකි  හානියක් බව ඔබට පෙනෙනවා ඇති.

 

අපගේ මීළග ලිපිය හරහා වසරක් පාසා ගොඩගැසෙන ඉ-අපද්‍රවය නිසි පරිදි බැහැර කිරීම හා ප්‍රතිචක්‍රීකරණය යන මාතෘකාව ඔස්සේ වැඩි දුරටත් කතා කිරීමට සුදානම් වන බව දන්වමින් සමුගනිමු.

 

ස්තූතියි!

 

By ,

Leo Idunil Bhagya

 

#leo_uoc_foa

#LeosofUOCFOA

#leodistrict306A1

#LeoMD306

#leosOfSriLankaMaldives


වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...