සාමයේ පණිවුඩය ලොවට දායාද වූ ජේසු බිලිඳාගේ උපත සමරන අසිරිමත් නත්තලේ සෑම අංගයකටම පාහේ ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි.ඒ අතරින් නත්තල් ගීතිකා වලට ලැබෙන්නේද ප්‍රමුඛ තැනකි.
ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන ප්‍රීතිමත් ආගමික ගීත නත්තල් කැරොල් ලෙස අර්ථ දැක්වේ.නත්තල් කැරොල් ගායනය යුරෝපයෙන් ආරම්භ වී ඇති අතර වර්තමානයේ කැරොල් ගීත වලට සමාන ගීතිකා අතීතයේදී ගායනා කර තිබේ. අද මෙන් නත්තල් සමයේදී විශේෂයෙන්ම ඒවා ගායනා කර නැති අතර එකල එම ගීතිකා ඍතු හතරේදීම ගායනා කළ බවත් සදහන් වේ.ඊට අනුකූලව යමින් වර්තමානයේ නත්තල් කැරොල් නිර්මානය වී ඇති බව බොහෝ දෙනාගේ මතයයි.
129 දී රෝමානු බිෂොප්වරයෙකු රෝමයේ නත්තල් දේව මෙහෙයකදී "දේවදූතයන්ගේ ගීතිකාව" නම් ගීතයක් ගායනා කළ යුතු බව පවසා ඇති අතර ඉක්බිතිව යුරෝපය පුරා සිටි නිර්මාපකයින් නත්තල් කැරොල් ලිවීමට පටන් ගෙන තිබේ. නමුත් සෑම කෙනෙකුටම නොතේරෙන භාෂාවක් වූ ලතින් භාෂාවෙන් ලියා ගායනා කළ නිසා බොහෝ දෙනෙක් ඒවාට කැමති වී නැත.
හතරවන සියවසේ සිටි ශාන්ත හිලරි විසින් ලතින් බසින් නිර්මාණය වූ ප්‍රථම නත්තල් ගීතිකාව වන jesus,light of all the nations (ජේසුස්, සියලු ජාතීන්ගේ ආලෝකය) යන ගීතිකාව ලියා ඇති අතර ඉංග්‍රීසි බසින් ලියැවුනු නත්තල් කැරොල් මුල්වරට දක්නට ලැබී ඇත්තේ 1929දී ෂ්‍රොප්ෂයර් දේව ගතිවරයෙකු වූ ජෝන් අවුඩිලේගේ කෘතියකය.
නත්තල් කැරොල් ගායනා කරන්නේ එය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත පිළිබඳ කතන්දර කීමේ මාර්ගයක් ලෙසත් උන්වහන්සේගේ උපතේ ප්‍රීතිය, භක්තිය හා විශ්මය ප්‍රකාශ කිරීමේ මාර්ගයක් ලෙසත්ය.නත්තල් ගීතිකාවල තනු හා පද රචනය බොහෝ විට ප්‍රීතිය,ආදරය හා සාමයේ පණිවිඩවලින් පිරී තිබේ.
අද දක්නට ලැබෙන ජනප්‍රිය නත්තල් කැරොල් ගීතිකා වලට උදාහරණ ලෙස,
• Holy Night…
•Silent Night…
•In the Bleak Mid-Winter...
Hark! ...
O Come All Ye Faithful. ...
O Come, O Come Emmanuel. ...
Coventry Carol…ආදිය දැක්විය හැකිය.
සාමයේත් ප්‍රේමයේත් වටිනාකම් පිලිබද පනිවුඩය ලොව පුරා ගෙනයන නත්තල් කැරොල් ප්‍රීතිමත් නත්තලක අසිරිය පෙන්වාදෙන සුවිශේෂි අංගයක් ලෙස අවසන් වශයෙන් පෙන්වා දිය හැකිය.
Leo Madhavi Maheshika
First Year
Faculty of arts