Wednesday, December 27, 2023

ජේසු බිළිඳුන්ගේ උපතේ කතාව.


ඔගස්ටස් සීසර් අධිරාජ්‍යාගේ පාලනයට නතුව පැවැති රෝමය තුල කාරුණික දිවියක් ගත කළ මරියානම් යුවතියක් වාසය කර ඇත. විවාහ ගිවිසගෙන සිටියද විවාහ වී නොසිටි ඇය දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් පුතකු පිළිසිඳගෙන ඇත. ඔහුට ජේසුස් යන නාමය තබන ලෙස දේවදූතයන් විසින් ඇයට පවසා ඇත. මේ අතර ඇය ගිවිසගෙන සිටි ජෝසප් නොහොත් ජුසේ තුමන්ට දේවදූතයෙකු විසින් මෙය පැහැදිලි කර දීම නිසා ඔහුද දේව කැමැත්තට අනුව දේව දරුවා රක්ෂා කිරීමට කැප වී ඇත. 

මෙලෙස කාලය ගෙවීයත්ම සීසර් අධිරාජ්‍යයා විසින් ජන සංගණනයක් සඳහා සියලු දෙනා තම තමන්ගේ නුවරවලට යායුතු බව පවසා ඇත. එබැවින් මෙම ජෝසප් සහ මරියා දෙපලට බෙත්ලෙහෙම් නුවර බලා යාමට සිදුවිය.  දරුගැබ නිදහස් වීමට කාලය ආසන්නව තිබුණද රාජ අණ කඩ කළ නොහැකි නිසා ඔවුන් ගමන පිටත්ව ඇත.

බෙත්ලෙහෙමට ළඟාවත්ම රෑ බෝවීම නිසා රාත්‍රී නවාතැන් ගැනීමට තැනක් සෙවූවද සියලු තානායම් මිනිසුන්ගෙන් පිරී ගොස්ය. අවසන ගවමඩුවක් රාත්‍රී නවාතැන ලෙස තෝරා ගැනීමට ඔවුන්ට සිදුවිය. එදින අධික සීතලෙන් පිරි  නිසංසල රාත්‍රියක් විය. එම රාත්‍රියේ ගවමඩුව තුළ මරියා විසින් පුතෙකු බිහි කර ඇත. ඒ අතර තම බැටළුවන් රකිමින් ගිනි මැලයක් වටා රොක්ව සිටි එඬේරන්ට දේවදූතයෙකු දර්ශනය වී "ඔබලාට ගැලවුම්කාරයෙක් උපන්නා" යැයි පවසා ඇත. දේවදූතයා පැවසූ මග සලකුණු ඔස්සේ ගිය එඬේරන්ට ජේසු බිළිඳා දැක ගැනීමට හැකි විය. එදින රාත්‍රියේ කෙදිනක හෝ නුදුටු තාරකාවක් පායා තිබෙන දුටු ශාස්ත්‍රඥයන් පවා එහි අරුත වටහාගෙන ඔවුන්ගේ ගැලවුම්කරු සොයා පැමිණ ඇත. 

මේ අයුරින් සියලු දනන් සතුටු වන මෙම පුවත තුඩින් තුඩ රැව් දෙන්නට විය. දෙවියන් විසින් මවන ලද මිනිසුන්ගේ නොනැවතුණු පව්කාර දිවියෙන් මුදවා යහමගට යොමු කිරීමේ අදහසින් සාමයේ පණිවිඩය රැගෙන දයාව, කරුණාව, මානව හිතවාදී ගුණාංගයන් සියලුදෙනා වෙත පතුරුවාලීම සඳහාම දේවපුත්‍රයකු මෙලොවට ජනිත වීම මේ ආකාරයෙන් සිදුවිය.

Leo Nisansala Pathirana

First Year

Faculty of Arts

Bak Full Moon Poya Day 2026

Bak Full Moon Poya Day 2026 – A Sacred Day of Peace, Wisdom & Reflection ☸ ✦ ✦ ✦...