Saturday, December 30, 2023

භාරතයේ ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර්


ලතා මංගේෂ්කාර් හේමා මංගේෂ්කාර් ලෙස උපත ලැබීය.1929 සැප්තැම්බර් 28 දින ඇගේ උපත සිදු විය.ඇය ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම සහ බලවත්ම ගායිකාව ලෙස සැලකේ.දශක හතක් පුරා දිවෙන වෘත්තිය ජීවිතය තුළ ඉන්දියානු සංගීත ක්ෂේත්‍රයට ඇයගෙන් වූ දායකත්වය නිසා ඇයට ස්වර මාධූර්යයෙහි රැජිණ , දේශයෙහි හඩ, සහස්‍රයෙහි හඩ, ඉන්දියාවේ ගීත කෝකිලාවිය වැනි ගෞරවනීය නම්බුනාම වලින් හැදින්වීය.

ඇය මූලික වශයෙන් හින්දි, බෙංගාලි, සහ මරාති වැනි භාෂා තිස් හයකට අධික සංඛ්‍යාවකින් සහ විදේශීය භාෂා කීපයකින් ගීත පටිගත කලාය.ඇයගේ වෘත්තිය ජීවිතය පුරාවට ඇයට සම්මාන සහ ගෞරව කීපයක්ම හිමි විය.1989 දී දඩාඕහේබ් ෆාල්කේ සම්මානය ඇයට ඉන්දියානු රජය විසින් පිරිනමන ලදි.2001 දී ජාතියට ඇය කල දායකත්වය අගයමින් ඇයට ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය වන භාරත් රත්න පිරිනමන ලදි.ඇය එම්.එස්.සුබ්බුලක්ෂ්මිට පසුව මෙම ගෞරවය හිමි කරගත් දෙවන ගායිකාවයි.ප්‍රංශය 2007 දී ඉහළම සිවිල් සම්මානය වන ලීජන් ඔෆ් ඔනර් සම්මානය ඇයට පිරිනැමීය.

⭕ගායන දිවිය⭕

1940 ගණන්වල මුල් වෘත්තිය ජීවිතය ගත් විට 1942 දී මංගේෂ්කාර්ට වයස අවුරුදු 13 දී ඇගේ පියා හෘද රෝගය හේතුවෙන් මිය ගියේය.ඔවුන් බලාගත්තේ නවයුග් චිත්‍රපට සමාගමේ අයිතිකරු සහ මංගේෂ්කාර්ගේ පවුලේ සමීප මිතුරෙකු වන විනායක දමෝදර් කර්නාටකී විසිනි.ගායිකාවක් සහ නිළියක් ලෙස වෘත්තිය ජීවිතය ආරම්භ කිරීමට ඔහු ඇයට උදව් කලේය.එකලදී ඇය ගායනා කල ගීත කීපයක් මෙසේය.

  ➡️ "කිට් හසාල්"සදහා සදාශිව් රාඕ රචනා කරන ලද "නාචු යා ගදේ" "චේලු සාරි මනි හවුස් භාරරී".

 ➡️ඩාඩා චන්දේකර් විසින් රචිත "භටාලී චෙයිත්‍රාචි නාවලයි" ගීතය 

 ➡️ ඇගේ පලමු හින්දි ගීතය වූයේ මරාති චිත්‍රපටයක් වන ගජබාවු සදහා වූ "මාතා එක් සපූට් කි දුනියා බඩල් දේ ටූ"ගීතයයි.

1948 විනායක් අභාවයෙන් පසුව සංගීත අධ්‍යක්ෂක ගුලාම් හයිඩර් ඇයට ගායිකාවක් ලෙස ගුරුහරුකම් දුන්නේය.ඔහු ෂහීඩ් චිත්‍රපටයේ එවකට වැඩ කරමින් සිටි නිෂ්පාදක සෂධර් මුඛර්ජි හට ලතා හදුන්වා දුන්නේය.නමුත් මුඛර්ජි ලතාගෙ කටහඩ ඉතා සිහින් ලෙස නම්කර බැහැර කලේය.කෝපයට පත් හයිඩර් ප්‍රතිචාර දැක්වූයේ ඉදිරි වසර කිහිපය තුල නිෂ්පාදකයන් සහ අධ්‍යක්ෂකවරුන් ලතාගේ පාමුල වැටී ඔවුන්ගේ චිත්‍රපටවල ඇයට ගායනා කරන ලෙස ඇයට කන්නලව් කිරීමට සිදුවන බව සනාථ කරමිනි.හයිඩර් ලතාට ඇගේ පලමු ප්‍රධාන ගීතය ලබා දුන්නේ මජ්බූර්(1948) චිත්‍රපටයේ "දිල් මේරා තෝදා,මුජේ කාහින් කා චෝරා" ගීතය සමගිනි.2013 සැප්තැම්බරයේ ඇගේ 84 වැනි උපන් දිනයේදි සම්මුඛ සාකච්ඡාවකදී ලතා විසින්ම ප්‍රකාශ කලේ "ගුලාම් හයිඩර් සැබවින්ම මගේ ගෝඩ් ෆාදර්ය.මගේ දක්ෂතාවය කෙරෙහි පූර්ණ විශ්වාසය තැබූ පළමු අධ්‍යක්ෂවරයා ඔහුය" යනුවෙනි.

ඇගේ පලමු ප්‍රධාන ගීතවලින් එකක් වූයේ "මහල්"(1949)චිත්‍රපටයේ ගීතයක් වන "ආයේගා ආනේවාලා" ගීතයයි.

1950 ගණන්වලදී වෘත්තිය ජීවිතට දෙස බැලු විට ඇය 1955 දි  ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වන සැඩ සුළං සදහා "ශ්‍රී ලංකා මා ප්‍රියදරා ජය භූමිලා"නම් සිංහල ගීතය ගායනා කලාය.1956 දී වනරාධම් සමගින් දමිළ පසුබිම් ගායනයට පිවිසියේ තවුෂාඩ් විසින් රචිත "නිම්මි" සදහා වූ "එන්කන් කන්නලන්" යන දෙමල ගීතය සමගිනි.

1960 ගණන්වලදී ඇය කිෂෝර් කුමාර්, මුකේෂ් මන්නා ඩේ, මහේන්ද්‍ර කපූර්, මොහොමඩ් රාෆි සමග යුගල ගීත පටිගත කලාය.2001දී ඉන්දියාවේ ඉහලම සිවිල් ගෞරවය වන භාරත් රත්න සම්මානයද ඇයට පිරිනමන ලදි.

1970 දශකයේ සිට ඇය පුණ්‍ය ප්‍රසංග කීපයක් ඇතුලුව ඉන්දියාවේ සහ විදේශයන්හි ප්‍රසංග රාශියක් වේදිකාගත කලාය.ඇගේ පළමු විදේශ ප්‍රසංගය 1974 දී ලන්ඩන් නුවර රෝයල් ඇල්බට් ශාලාවේදි පැවැත්වීය.

⭕ ගායනයෙන් ඔබ්බට වෘත්තිය ජීවිතය⭕

  ➡️සංගීත අධ්‍යක්ෂනය

ලතා ප්‍රථම වරට සංගීත අධ්‍යක්ෂනය කලේ 1955 දී මරාති චිත්‍රපටයක් වන "රාම් රාම් පව්ගානේ" සදහාය.පසුව 1960 ගණන්වල ඇය ආනන්ද් ගන් යන අන්වර්ථ නාමයෙන් මරාති චිත්‍රපට සදහා සංගීතය රචනා කලාය.

      ▶️1960 - රාම් රාම් පවානා 

      ▶️1963 - මරත ටිටුක මැල්වාව

      ▶️1963 - මොහිත්‍යාංචි මංජුලා

      ▶️1965 - සාධි මනසේ

      ▶️1969 - තම්බඩි මට්

ඇය සාධි මනසේ චිත්‍රපටය සදහා මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජයේ හොදම සංගීත අධ්‍යක්ෂ සම්මානය දිනා ගත්තාය.එම චිත්‍රපටයේම "අයිරනිච්‍ය දේවා තුලා" ගීතය හොදම ගීතයට හිමි සම්මානය අත් කරගත්තේය.

➡️චිත්‍රපට නිෂ්පාදනය

ලතා චිත්‍රපට හතරක් නිර්මාණය කර ඇත.

       ▶️1953 - වාදල් (මරාති)

       ▶️1953 - ජන්ජාර් (හින්දි)

       ▶️1955 - කාංචන් ගංගා(හින්දි)

       ▶️1990 - ලෙකින් (හින්දි)

⭕ඇයගේ ජනප්‍රියත්වයට පත් ගීත කීපයක්⭕

➡️Laga Ja Gale = (Woh Kahun Thi 1964)

  එදා මෙදා තුර ඇගේ අතිශය ජනප්‍රියත්වයට පත් ගීතයකි.

➡️Dekha Ek Khwab = ( Silsila 1981)

➡️Jiya Jale = ( Dilse 1998)

➡️Sathyam Shivam Sundaram = ( 1978)

➡️Thujhe Dekha Toh Ye Jaana Sanam = (Dilwale Dulhaniya Le  Jayenge 1955)

බොලිවුඩ් සිනමාවේ වැඩිම ජනප්‍රියත්වයක් වැඩිම සම්මාන ගණනක් හිමිකරගත් සිනමාපට අතර ඉහලින්ම වැජඹෙන Dilwale Dulhaniya Le Jayenge සිනමා පටයේ ජනප්‍රියම ගීතය වන මෙය ලතා මංගේෂ්කාර් විසින් ගයනු ලැබුයේ කුමාර් සානු සමගිනි.1955 වසරේ සිට 2014 දක්වා සති 1000ක් සිනමාහල්වල නොකඩවා ධාවනය වූ ලොව එකම සිනමා පටය වූ මෙහි සාර්ථකත්වයට බොලිවුඩයේ ගීත කෝකිලාවියගේ කිසිදා වියපත් නොවූ තුරුණු ප්‍රේමණීය  හඩ මනා  පිටිවහලක් වු බව නිසැකය.

➡️Ajeeb Dastaan Hai Yeh =( Dil apna Aur Preet Parai 1960)

➡️Aaja Re Pardesi (Madumathi 1958)

⭕අසනීපය සහ මරණය⭕

2022 ජනවාරි 8 වන දින ලතා මෘදු රෝග ලක්ෂණ සහිතව Covid-19 ආසාදිත වූ අතර මුම්බායිහි බ්‍රීච් කැන්ඩි රෝහලේදී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලදි.ඇය දැඩි සත්කාර ඒකකයේ රැදී සිටියේ ඇගේ සෞඛ්‍ය තත්වයේ  ආන්තික දියුණුව පෙන්නුම් කරමිනි.ඇයට ප්‍රතිකාර කරන වෙද්‍යවරුන් ඇයගේ ජනවාරි 28 වන දින කෘතීම ශ්වසන ආධාරක ඉවත්කර ඇත්තේ ඇයගේ සෞඛ්‍ය තත්වය ආන්තික ලෙස වැඩිදියුණු වීමෙන් පසුවය.කෙසේවෙතත් ඇයගේ සෞඛ්‍ය තත්වය නරක අතට හැරීමෙන් පසුව 2022 පෙබරවාරි 6 වන දින බොලිවුඩයේ ගීත කෝකිලාවිය මෙලොවින් සමුගත්තාය.

Leo Poornima Nethmini

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...