Friday, January 5, 2024

එහෙම වෙන්නෙ ඇයි ?


🤔නිදිකුම්බා ශාකයක් ස්පර්ශ කල විට එය හැකිලෙන්නෙ ඇයි ?

නිදිකුම්බා ශාකයේ අතු මුල මහත් වූ තැන් හි ජලය තැන්පත් වී තිබේ.ගසක යමක් ස්පර්ශ වූ විට ඒ පනිවිඩය ගසේ මහත් වූ කොටසට දැනෙ.එවිට ඒ මහත් වූ කොටසෙ ඇති ජලයෙන් කොටසක් ඉට යාබද සෙයිල  කරා ගමන් කරයි.එනිස ජලය අඩු සෙයිල  හැකිලෙන්නට පටන් ගනී.මේ නිස නිදිකුම්බා පත්‍ර හැකිලෙයි.එමෙන්ම  ආලෝකය අඩු වන විටද මෙවැනි ම දෙයක් සිදුවෙ.

🤔ඉස්සාගෙ රුදිරය නිල් පාට ඇයි ?🦐🦐

ඉස්සාගෙ රුදිරයේ ඇත්තෙ හිමෝසියනින් ය.ඒව ඔක්සිජන්  සමග එක් වූ විට නිල් පාට වෙ.

🤔බාගෙට තැම්බූ එලවලු ආහාර යට ගැනිමට වඩාත් යෝග්‍ය ඇයි ?

ඒවාගෙ අඩංගු සමහර විටමින් හා කනිජ වර්ග පිසීමෙන් ඉවත් වෙ.එලවලු මෙලෙක් වීමට හා විශබීජ ඉවත් වීමට අර්ද ලෙස තම්බා ආහාර යට  ගැනීම යෝග්‍ය  වෙ.

🤔 මහලු වෙනකොට සම රැලි වැටෙන්නෙ ඇයි ?

සම යට  ඇති තෙල් හෙවත් මේද තට්ටුව ශක්තිය  ලබා ගන්නට දියවෙ.එවිට පිරුනු පෙනුම  නැති වෙන නිස සම රැලි වැටෙ.

🤔කන්දක් බැසීමට වඩා කන්ද නැගීමට අපහසු ඇයි ?

කන්දක් නැගීමේදී ඝර්ශන බලයටත් තමන්ගෙ බරටත්  විරුද්ද්ව ශක්තිය යෙදිය යුතුය. එහෙත් කන්ද බැසීමෙදි තමාගෙ බර පහලටත් ඝර්ශන බලය ඉහලටත් ක්‍රයා කරන නිස බැසිම පහසු වෙ.

🤔 වී කෙටීමට පෙර  තම්බන්නෙ ඇයි ? 

වී කෙටීමට පෙර තැම්බිමෙන් සහල් ඇටය මතුපිට ඇති පෝශය කොටස් සහල් ඇටය තුලට උරා ගනි., සහල් කැඩෙන්නෙ නැත.

🤔ගස් වල පොත්තේ මැලියම් හට ගන්නෙ ඇයි ?

ගසේ ආරක්ශක උපක්‍රමයයි.පොත්තේ කැඩුනු  තැනින් ගසට විශබිජ ඇතුලුවීම වැලක්වීමට මේව හට ගනි

🤔මුහුදු ජලය ලුනු රස ඇයි ?

අනාදිමත් කාලයක සිට පොලොවේ ඇති ලවන දියවී ගංග ඇල දොල මාර්ගයෙන් ඒව මුහුදට එක්වෙ.මුහුදෙ ඇති ජලය , වාශ්ප වුවත් ලවන බර වැඩි නිස මුහුද තුලම තැන්පත් වෙ.මෙසේ දිගු කාලීන ලවන වර්ග මුහුදු තුල තැන්පත් වීම නිස මුහුදු ජලය ලුනු රස වෙ.

🤔 මත් පැන්පානය කල පුද්ගලයකුට කෙලිං ගමන් කල නොහැක්කෙ ඇයි ? 

අපගේ සිරුරේ සමබරතාව ය ඇති කරන්නෙ මොලයෙ ඇති අනුමස්තිශ්කය මගිනි.මත්පැන් පානය කල විට එහි ඇති එතිල් ඇල්කොහොල් අනුමස්තිශ්කයෙ සෙයිල තාවකාලිකව අක්‍රිය කරයි.එහෙයින් සිරුරෙ සමබරතාව අඩුවෙ.

🤔 පොල් ගෙඩිය තුල ජලය පිරී  ඇත්තෙ ඇයි ? 

පොල් ගෙඩිය යනු බීජයකි.ඉන් පැලයක් හට ගැනීමට නම් එම බීජයට ආහාර අවශය වෙ.එම ආහාර ද්‍රාවනයක් ලෙසින් තැන්පත් වෙ.

Leo Nadeesha Mayomi

First Year

Faculty of Arts

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය

 *ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආගමික ඉගැන්වීම්වල සංස්කෘතික වැරදි අර්ථකථන ලොව පුරා සමාජ වල ව්‍යාප්ත වී ...