Friday, January 5, 2024

ගෝලිය පවුල් දිනය


  මනුෂ්‍යත්වය එක පවුලක් සේ එකට එකතු වුවහොත් ගෝලිය සාමය උදා වේ..

  එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2001 වර්ෂයේ දී ගෝලිය පවුල් දිනය ප්‍රකාශයට පත් කරන ලදී. ලෝක සාම දිනය ලෙස ද හඳුන්වන ගෝලිය පවුල් දිනය ලෝකයේ සමගිය සහ එකමුතුකම පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය කිරීම සඳහා සමරනු ලබයි. 2024 වර්ෂයේ 'විවිධත්වය වැළඳ ගැනීම, පවුල් ශක්තිමත් කිරීම' තේමාව බවට පත් වී ඇත.

 මෙහි දී සංස්කෘතික හෝ ආගමික භේදයකින් තොරව සියලු ජාතින් සාමයෙන් ජීවත් වීමේ අවශ්‍යතාවය මූලික වශයෙන් පෙන්වා දෙයි. මෙලෙස ජනවාරි 1 වෙනි දා ට යෙදී ඇති ගෝලිය පවුල් දිනය සැමරීම සඳහා වඩාත් සුදුසු ම ක්‍රමය නම්, පවුලේ සාමාජිකයක් සමඟ දවස ගත කිරීමයි. ඒ තුළින් පවුල් සබඳතා ශක්තිමත් කරමින් එකමුතුකම , සමගිය යන හැඟීම් ප්‍රවර්ධනය කිරීමට අවස්ථාව ලැබේ. වසරේ පළමු දිනයේ දී ම මෙලෙස ගෝලිය පවුල් දිනය සංකේතවත් කීරිම තුළින් ධනාත්මක ලෝකයක් බිහි කර ගැනීමේ පණිවිඩය ලෝකයට ලබා දිය හැකිය.

  ගෝලිය පවුල් දිනය ආදරය, සිනහව, සෙනෙහස තුළින් සම්බන්ධතා අලුත් කිරීමට අවස්ථාව ලබා දෙයි. කායික, චිත්තවේගි සහ ආර්ථිකමය වශයෙන් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන ප්‍රජාව තුළින් ලෝක සාමය නිරතුරුවම ගොඬනඟා ගත හැකිය. ලෝක සාමය ,ප්‍රජාවන් සහ පවුල් අතර සම්බන්ධය ගෝලිය පවුල් දිනය මෙලෙස නිර්වචන කරන අතර ලෝකය තුළ සාමය ස්ථාපිත කිරීමට නම්, ප්‍රජාව එය තම පවුල තුළින් ආරම්භ කළ යුතු අතර ඒ තුළින් ගෝලිය පවුල නිර්මාණය කර ගැනීමට අවස්ථාව උදා වේ. එනම්, ලෝක සාමයට මංපෙත් විවිර වේ.

Leo Umesha Hansanie

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...