පොදු නාමය - ශ්‍රී ලංකා පඬුවන් බස්සා
විද්‍යාත්මක නාමය
- Serendib scops owl
English Name - Otus thilohoffmanni
ශ්‍රී
ලංකා පඬුවන් බස්සා ජාත්‍යන්තර සංරක්ෂණ ආයතනය විසින් ප්‍රකාශයට පත්කර ඇති වඳවීයාමේ තර්ජනය
යටතේ ඇති රතු ලැයිස්තුවට
අනුව දැඩි සේ තර්ජනයට
ලක්වී සිටින පක්ෂියෙකි .රතු ලැයිස්තු වර්ගීකරණයට
අනුව ඉංග්‍රීසි අක්ෂර "EN" කාණ්ඩයට මෙම පක්ෂියා අයත්
වේ.මෙම පක්ෂියා ශ්‍රී
ලංකාව තුළින් සොයාගන්නා ලද නවතම පක්ෂි
විශේෂය ලෙස හඳුනා ගත හැකිය
.මෙම පක්ෂියා මුල් වරට නිරීක්ෂණය
කර ඇත්තේ පක්ෂිවේදී දීපාල් වරකාගොඩ මහතා විසිනි .
ඒ
අනුව එතුමා විසින් එම පක්ෂියා සොයාගත්
ආකාරය දැනගැනීම ඔබට
ද කුතුහලය දනවන කරුණක් වනු
නිසැකය .
දීපාල්
වරකාගොඩ මහතා යනු පක්ෂිවේදීයෙකි.ඒ අනුව ඔහු
කුඩා කල සිටම කුරුල්ලන්
පිළිබඳව නිරීක්ෂණයට ,අධ්‍යයනයට කැමැත්තක් දැක්වූ අයෙකි.
ඒ
අනුව වර්ෂ 1995 පෙබරවාරි මාසයේ ඔහු කිතුල්ගල වනාන්තරයේ
රාත්‍රී පක්ෂීන් නිරීක්ෂණ කටයුතුවල නිරතවෙමින් සිටියදී ඔහුට හඳුනා ගත
නොහැකි ,මින් පෙර ඔහු
අසා නොමැති හඬක් අසන්නට
ලැබී ඇත .එය මින්
පෙර ඔහු අසා නොමැති
හෙයින් එය පටිගත කිරීමට
ඔහු තීරණය කළේය .ඒ අනුව හඬවල් පිළිබඳව
සලකා බලන විට මෙය
බොහෝවිට කුරුල්ලෙකුගේ හඬක් විය
යුතු යැයි ඔහු තීරණය
කළේය .ඒ වනවිට ආසියාවේ
සිටින නිශාචර කුරුල්ලන්ගේ හඬ පටිගත
කිරීම් ගෙන්වාගෙන ,ඔහු පටිගත කරගත්
හඬත් සමග සංසන්දනාත්මක අධ්‍යයනයක
නිරත විය.ඉන්පසුව මෙම
සංසන්දනාත්මක අධ්‍යයනය සිදු කරන විට
ඔහුට මේ හඬ ආසියානු කලාපීය මැලේසියාව හා ඒ ආශ්‍රිත
රටවල වැසි වනාන්තරවල ජීවත්වන
බස්සන් වර්ගයක්වන "Rufescent
Scops Owl" නමින් හඳුන්වන බස්සාගේ හඬට බොහෝ දුරට
සමාන බව ඔහුට අවබෝධ
විය.ඒ අනුව ඔහු
විසින් සොයා ගන්නා ලද මෙම
හඬ කිසිවෙක් නොදන්නා බස්සෙකුගේ හඬක් විය යුතුයි
යන පූර්ව නිගමනයකට පැමිණීමට ඔහුට හැකියාවක් ලැබුණි.ඒ අනුව ඒ
හඬ ඔස්සේ මෙම පක්ෂියා නිරීක්ෂණය
කිරීමට මොහුට අවශ්‍යතාව ඇති වූ නමුත්
මුල් අවුරුදු කීපයේ එය නොහැකි විය.
එවකට
දකුණු ආසියානු රටවල කුරුල්ලන් පිළිබඳව
අධ්‍යයනයක නිරත වී ග්‍රන්ථයක්
නිෂ්පාදනය කරමින් සිටි " ආචාර්ය පැමලා සී. රස්මුසෙන් ( Pamela C.Rasmussen) නම් ඇමරිකානු ජාතික
පක්ෂිවේදීවරිය හඳුනා ගැනිමට මෙතුමාට හැකියාව ලැබුණි .පසුව ඔහු පටිගත
කරගන්නා ලද හඬ හා
ඒ වනවිට ඔහු ලබාගත් සියලු
තොරතුරු එතුමිය වෙත යවනු ලැබීය
.ඒ අනුව ඇයද මෙම
හඬ "Rufescent
scops owl "ගේ හඬට සමාන බව
පවසනු ලැබුවාය.
ඒ අනුව මෙම පක්ෂියාව
කෙසේ හෝ දැකබලා ගැනීමට
මොහු අදිටන් කරගත්තේය.ඒ අනුව වර්ෂ
2001 ජනවාරි
23 වන දින සිංහරාජයේ දී විදුලි
පන්දමක් ආධාරයෙන් මෙම පක්ෂියා නිරීක්ෂණය
කිරීමට මෙතුමාට හැකියාව ලැබුණි .ඒ අනුව නිරීක්ෂණය
තුළින් එම පක්ෂියා නියත
වශයෙන් ම බස්සෙකු බව
තහවුරු කරගැනීමට මොහුට හැකිවිය.පසුව මොහුට ඇති
වූ අනෙක් අභියෝගය වූයේ මෙම පක්ෂියා
ඡායාරූපගත කිරීමයි.ඒ අනුව මෙම
බස්සාගේ ඡායාරූපකරණය් මුලින්ම 2001 පෙබරවාරි මාසයේදී සිදුකර ඇත .
මෙම
පක්ෂියාගේ වර්ණය පඬු පැහැයට
හුරු වර්ණයක් ගැනීම හේතුවෙන් "පඬුවන් බස්සා " යන නම ව්‍යවහාරයට
යොදාගෙන ඇත.සත්ත්වයෙක් විග්‍රහ
කරන විට වඩාත් වැදගත්
වනුයේ විද්‍යාත්මක නාමයයි.ඒ අනුව මෙම
ශ්‍රී ලංකා පඬුවන් බස්සාට
හිමි විද්‍යාත්මක නාමය වනුයේ
"Otus thilohoffmani" වේ.මෙය Thilo W. Hoffman යන
ස්විස් ජාතිකයාට උපහාර වශයෙන් යොදා ඇති අතර
එයට ප්‍රධාන වශයෙන්ම බලපානු ලැබූ හේතු සාධක
දෙකකි.ඒ අනුව ලංකාවේ
ජීවත් වුණු විදේශිකයන්ගෙන් ලංකාවේ
පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදු කළ පුද්ගලයකි.එමෙන්ම සිංහරාජ වනාන්තරය දැව සඳහා යොදා
ගනිද්දි එය ආරක්ෂා කිරීමට
දැඩි සේ කැප වූ
පුද්ගලයෙක් ලෙසද මෙතුමා පෙන්වා
දිය හැකිය.
මෙම ශ්‍රී ලංකා පඬුවන් බස්සා
17 cm ක්
පමණ තරම් කුඩා පක්ෂියෙක්
වන අතර පඬු පැහැයට
හුරු ශරීරය පුරා කළු පැහැති
කුඩා තිත් ඇත.මෙම
පඬුවන් බස්සාගේ හඬ රාත්‍රි කාලයේ
ඇසෙන අනෙකුත් පක්ෂීන්ගේ හඬවල් අතර ප්‍රමුඛව නොඇසෙයි.එමෙන්ම මෙම පක්ෂියා සුලබ
ද නොවේ.ශ්‍රී ලංකා
මුදල් නෝට්ටු අතරින් රුපියල් විස්ස නෝට්ටුව තුළ දක්නට ලැබෙනුයේ
මෙම පඬුවන් බස්සාගේ රූපයයි.
ශ්‍රී
ලංකාවේ පහතරට වර්ෂා වනාන්තර කීපයකින් පමණක් මෙම පක්ෂීන් වාර්තා
වේ.වර්ෂා වනාන්තරවලද යටි රෝපණයේ මොවුන්
ජීවත් වෙයි.වනාන්තරවල වාසය
කරන කෘමි විශේෂ මෙම
ශ්‍රී ලංකා පඬුවන් බස්සාගේ
ප්‍රධාන ආහාරය වේ.සිංහරාජ,කන්නෙළිය
රක්ෂිතය තුළත් කිතුල්ගල මොරපිටිය රූන කන්ද වන
ප්‍රදේශවලත් එරත්ත ගිලීමලේ රක්ෂිත ප්‍රදේශවලත් ජීවිත් වේ.මොවුන් ඉතාමත්
විරල පක්ෂී විශේෂයකි.ඇස්තමේන්තු වලට
අනුව මොවුන් 200 කටත් අඩු බව
පැවසේ.
තෙත්
කලාපීය වනාන්තර විනාශ වීම ,තෙත් කලාපීය
වනාන්තර කුඩා වීම හා
වනාන්තර එකිනෙකින්
වෙන් වීම මෙම පක්ෂීන්ගේ
වඳවීයාමේ තර්ජනයට ප්‍රධාන හේතු වේ.